Friday, August 31, 2012

පළමු Windows Phone 8 උපකරණය...

  Samsung සමාගම ඔවුන්ගේ පළමු Windows Phone 8 උපකරණය හදුන්වා දි තිබෙනවා.ඒ  ATIV S  නමින්.මෙය Windows Phone 8   සමග පැමිණිමට නියමිත දෘඩාංග උපකරණ පෙලේ පලමු පියවර ලෙස හදුන්වන්න පුලුවන්. Samsung  සමාගම  ATIV S  නිපදවා තිබෙන්නේ නවතම සහ හොදම තාක්ෂණික දැනුම භාවිතා කරමින්.විශේෂයෙන්ම සුපිරි දුරකතනයක් අවශ්ය අයට සරිලන ලෙසින්.
















මේ සුපිරි දුරකතනය පහත අංග වලින් යුක්තයි.

  • 8.7mm brushed aluminum chassis.
  • huge 4.8” HD Super AMOLED display.
  • 1.5Ghz dual-core processor.
  • 1GB of onboard RAM.
  • 8MP autofocus rear camera. 
  • 1.9MP front-facing camera.
  • two storage capacities – 16GB or 32GB.
  • MicroSD slot for expanded storage.
  • massive 2300mAh battery.             








ඉලෙක්ට්‍රොනික් කුණු කන්දල් වලටත් මුදල් !!


  පරිසරය ගැන කතා කරන සමාගම් ආයතන අනතුරු අගවා තිබෙනවා බටහිර රට වලින් ඒන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය අප වැනි දුප්පත් රටවලට ඒවිම පිලිබදව.මෙසේ පැමිනෙන අපද්‍රව්‍යය රටවල ගොඩ ගැසිම නිසා සිදුවන විපාක පිලිබදව.මෙසේ ඒවන e-අපද්‍රව්‍යය සතියක කාලයක් භාවිතයේදි ඒහි ඇතුලත කොටස් වලට වන හානිය 2% පමණලු.ඒකෙන් අදහස් වනවා සති 50 විතර යන කොට පරිගණක උපකරණයක වටිනාකම 0 බහිනවා කියන ඒක.ඒතකොට මේ යල් පැන ගිය ගැජට් වලට මොකද කරන්නේ?
  සමහර අය ඒවා ප්‍රතිචක්‍රිකරණය කරලා ඒවායේ අඩංගු තඹ,ඊයම්,වගේ ලොහ ලබා ගන්නවා.ඒත් වැඩි කොටස අපද්‍රවය ලෙස ගොඩගැහෙනව.ඒත් අලුත්ම ආරංචිය තමයි,ඒව දැන් මුදලට හුවමාරු කරගන්න පුලුවන් කියන ඒක.
  http://www.gazelle.com කියන වෙබ් අඩවිය cell phone,digital camera,laptop, ආදි පාවිච්චි කල electronic අපද්‍රව්‍යය මිලදි ගන්නා සමාගමක්.ඔව්න් මේ අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රිකරණය කරලා ඒවායේ ජිවිත කාලය දිගු කරල අලෙවි කරනවා.
 http://www.buymytronics.com,http://www.flipswap.com,http://www.greenphone.comආදි වෙබ් අඩවිද පාවිච්චි කල හෝ කැඩ් බිදි ගිය ipod,cellphone,iphone,apple compuers,e-book readers ආදි උපාංග වලට මුදල් වටිනාකම ලබාදෙනවා. 

Thursday, August 30, 2012

නොමිලයේ අන්තර්ජාලයට සම්බන්ද විම..


  Wi-Fi යනු Wireless fidelity යන සම්පුර්ණ වචනයෙන් සකසා ගත් කෙටි යෙදුමකි.මෙම යෙදුමෙන් Wireless network ඒකක් හරහා තොරතුරු පතුරවා හැරිමේ ප්‍රමිතියක් හදුන්වයි.1991 දි Wi-Fi  තාක්ෂණය සොයා ගත්තේ AT&T සහ NCR Corporation නම් ආයතන දෙක ඒක්ව කල පර්යේශණයක ප්‍රතිපලයක් ලෙසය.මෙහි පුරෝගාමියා වු වික් හේයස් Wi-Fi  තාක්ෂණයේ පියා ලෙස සලකයි.
  රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ රේඩියෝ තරංග වලිනි.මෙම රේඩියෝ තරංග සම්ප්‍රේශණයට තිබිය යුතු මුලික ඔනෑකම වන්නේ වයර්ලස් රවුටරයකි.මෙය මගින් පරිගණක දත්ත රෙඩියෝ තරංග බවට හරවනු ලබයි.පරිගණකයේ තිබිය යුතු අවශ්යතාව Wi-Fi   ඇඩැප්ටරයකි.මෙම අවශ්යතා සැපිරු Wi-Fi  ජාලයක් අන්තර්ජාලයට සම්බන්ද විමේදි මුලිකව ක්‍රියාවලි 2ක් සිදුවේ.

  • පරිගණකය Wireless Adapter මගින් දත්ත රේඩියො තරංග බවට හරවා ඇන්ටෙනාව මගින් සම්ප්‍රේශණය කරයි.
  • රැහැන් රහිත රවුටරය ඒම දත්ත ලබගෙන ඒවා පරිගණක දත්ත බවට හරවා සාමාන්‍යය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ද කරයි.

  මෙලෙස රවුටර මගින් තරංග සම්ප්‍රේශණය හා ලබා ගන්නා බල ප්‍රදේශයක් Wi-Fi  Hotspots ලෙස හදුන්වයි.ඒ කියන්නේ Wi-Fi  ඇඩැප්ටරයක් සහිත උපකරණයක් රැගෙන යන්නේකුට hotspots තුලදි wireless ක්‍රමයට අන්තර්ජාල සම්බන්දතාව ලබා ගන්නට පුලුවන.
  Wi-Fi ජාලයකදි දත්ත හුවමාරු කරන්නේ ලොක මට්ටමේ තාක්ශණික ප්‍රමිති සාදන IEEE ආයතනයේ නියමයන්ට අනුවය.ඔවුන් සැකසු 802.11 networking standard මෙහිදි යොදා ගැනේ.80211g කියා හදුන්වන ප්‍රමිතියට අනුව 2.4GHz ක සංඛයාත පරාසයේ දත්ත සම්ප්‍රේශණය කරයි.ඒහි වේගය 54Mbpsය.802.11a හිදිද 54GHz දත්ත හුවමාරු වේගයක් තිබුනද ඒහි සංඛයාත පරාසය 5GHz ය.Wi-Fi  තාක්ෂණය තිබෙන සුවිශේෂිත්වය මෙයයි.Wi-Fi  තාක්ශණයේන් දත්ත සම්ප්‍රේශණය කරන 2.4GHz හා 5GHz සංඛයාත පරාසය සහිත රේඩියො තරංග පරාසය සදහා බලපත්‍ර ලබාගත යුතු නැත.ඒ කියන්නේ විදුලි සංදේශන ආයතන වලට බදු මුදල් ගෙවිය යුතු නැත.

Wi-Fi  ජාලයක වාසි.

  • කේබල් නැති නිසා ජාලය ස්තාපිත කිරිම පහසුය.
  • බොහො උපකරණවල  Wi-Fi  ඇඩැප්ටර තිබෙන නිසා ඉන්ටනෙට් හා සම්බන්ද විමට යන මුලික පිරිවැය අඩුය.
  • Wi-Fi  ජාලයක් ස්ථාපිත කර පවත්වා ගෙනයාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.


Wednesday, August 29, 2012

Quick stories:

Intel Silvermont: Quad-core 22nm Atom SoC leaked  

   According to leaked roadmaps, Intel (NASDAQ:INTC) is readying a super-speedy new system-on-a-chip design, based on next-generation Atom cores. Targeted at traditional PCs, as well as smartphones and tablets, it promises some impressive levels of performance


Mainframes dead? Not on your Nelly! 

   IBM (NASDAQ:IBM) proudly announces its latest big, blue baby, the zEnterprise EC12 mainframe. Yes, Virginia, it's still totally relevant in today's great green, virtualized, consumerized, cloud-computing paradise -- or so IBM says: You decide!


New Microsoft logo: Rants and raves

  Microsoft (NASDAQ:MSFT) has a new logo. Yawny snooze-fest? Or 'incredibly exciting new era'?

දුවගෙන් තැග්ගක්...


   මේ කතාව පුංචි ගැණු ළමයෙක් ගැන.දවසක් මේ පුංචි ගැණු ළමයා Gold paper රොලක් අරගෙන ඒකෙන් කැලි කපලා පොඩ් කාඩ්බෝඩ් පෙට්ටියක අලවනවා.මෙක දැකපු මෙයාගේ තාත්තට ටිකක් කේන්ති ගියා.ආර්ථික අමාරුකම් තියන මේ කාලේ දරුවගේ නාස්තිකාර වැඩේට තාත්තා මෙයාට දඩුවමකුත් කලා.කොහොමහරි මේ පුංචි ගැණු ළමයා ඊලග දවසේ උදේ තාත්තා ළගට ඇවිල්ලා අර ලස්සන කර කර හිටපු පෙට්ටිය දිලා කිව්වා "මේක ඔයාට තාත්තා කියලා"
   තාත්තට හරියට දුක හිතුනා ඒයාට දඩුවම් කරපු ඒකට.ඒයා තැගි පෙට්ටිය ඇරලා බැලුවා.හැබැයි ඒක හිස්.තාත්තා පුංචි ගැණු ළමයට කතා කලා,"දුව ඔයා දන්නැද්ද කාට හරි තැග්ගක් දෙනවනම් ,ඒක ඇතුලේ මොනවහරි තියෙන්න ඔන නේද?.පුංචි ගැණු ළමයා ඇස්වල කදුලු පුරවගෙන තාත්තා දිහා බලලා කිව්වා "අනේ තාත්තා,ඒක හිස් නෑනේ,මම ඒක හාදු වලින් පිරෙව්වනේ.දන්නවද ඒ ඔක්කොම ඔයාට,තාත්තේ."තාත්තා හරි ආදරෙන් දරුවව තුරුලු කරගෙන සමාව ඉල්ලුවා ඒයා අතින් වෙච්ච වැරැද්දට.
   ටික කාලෙකින් පුංචි ගැණු ළමයා අනතුරකින් මිය ගියා.ඒත් වසර ගණනාවක් යනකම්ම ඒයාගේ තාත්තා  අර පුංචි පෙට්ටිය ඇදේ පැත්තකින් තියාගෙන හිටියා.දුකක් පසුතැවිල්ලක් ඒන හැම වෙලාවකම තාත්තා අර පෙට්ටියෙන් හාදුවක් අරගෙන මතක් කරනවා ඒයාගේ දුවව ඒයාට ගොඩාක් ආදරය කරපු.  
"In a very real sense, each one of us, as humans beings, have been given a gold container filled with unconditional love from our children, family members, friends, and God. There is simply no other possession, anyone could hold, more precious than this."

Saturday, August 25, 2012

සර්වලෝක කම්ප්‍රෙස්(7-Zip)


  ෆයිල් කම්ප්‍රෙස් කිරිමෙන් බලාපොරොත්තු වන්නේ ඒම ෆයිල්වල මෙමරි ධාරිතාව අඩු කිරිමයි.ඒනම් අඩු Memory ඉඩක වැඩි file ප්‍රමාණයක් රැදවිය හැකි තාලයට විශාල ධාරිතාවක් සහිත file වල ධාරිතාව අඩු කිරිමයි. මේ සදහා විශේෂයෙන් සැකසු මෘදුකාංග තිබේ.Winzip,Winrar යනු එවැනි ජනප්‍රිය මෘදුකාංග කිපයකි.ඒහෙත් 7-Zip මෘදුකාංගය ඒ හැමටම වඩා හොදය.ඒ අනේක් කිසිදු මෘදුකාංගයකට වඩා හොදින් ෆයිල් කම්ප්‍රෙස් කර දෙන බැවිනි.
Earn Money   7-Zip මගින් CD image ඒකක් පවා විවෘත කර ගත හැක.ඒ තුල ඇති ෆයිල් අන්කම්ප්‍රෙස් කරමින් විවෘත කල හැක.7-Zip වලටම ආවේනික 7z ෆොමැට් ඒක යටතේ පමණක් නොව ZIP,GZIP,BZIPZ,TAR format යටතේද ෆයිල් කම්ප්‍රෙස් කිරිමටද පුලුවන.ඒසෙම විවිධ ෆයිල් format වලින් කම්ප්‍රෙස් කර ඇති ෆයිල් වර්ග අන්කම්ප්‍රෙස් කරගැනිමටද පුලුවන.ඒනම් ARJ, CAB, CHM, CPIO, CramFS, DEB, DMG, FAT, HFS, ISO, LZH, LZMA, MBR, MSI, NSIS, NTFS, RAR, RPM, SquashFS, UDF, VHD, WIM, XAR and Z. යන ෆොමැට්ය.

7-Zip වැඩසටහන නොමිලයේම ලබා දෙන Open-Source වර්ගයේ මෘදුකාංගයකි.http://www.7-zip.org/ අඩවියෙන් නවතම සංස්කරණය ලබා ගත හැක.
7-Zip මගින්
  • ෆයිල් කම්ප්‍රෙස් කිරිම.
  • කම්ප්‍රෙස් කිරිමේදි පාස්වර්ඩ් යේදිම.
  • self-extract ගොනුවක් සැකසිම.
  •  කම්ප්‍රෙස් file ඒකක් විවෘත කිරිම.
  • CD ඉමේජ් ෆයිල් extract කිරිම.
  • self-extract file's අන්සිප් කිරිම.
  • කම්ප්‍රෙස් කල ෆයිල් ඒකක් පරික්ශා කිරිම.


Friday, August 24, 2012

දන්නවද FAT සහ NTFS ෆයිල් සිස්ටම් අතර වෙනස?


   මුල් කාලයේ Microsoft සමාගම මෙහෙයුම් පද්ධති සංවර්ධනය කලේ DOS මෙහෙයුම් පද්ධති මුලික කොට ගෙනය.මේ නිසා ඒහි හාඩ් ඩිස්කය හැඩහැස්සවිය යුතු වුයේද DOS මෙහෙයුම් පද්ධතියට ගැලපෙන සේය.මෙසේ ඩොස් පාදක කරගෙන මෙහෙයුම් පද්ධති නිර්මාණයේදි මුලික දුර්වලතා කිපයක් මතු වුනි.

  • ෆයිල් වල ආරක්ෂාව අඩුවිම.
  • පාට්ශන් ඒකක තිබිය යුතු උපරිම ඉඩ සිමා වීම.
  • පාට්ශන් ඒකක ගබඩා කලහැකි ෆයිල් ගණන සිමා වීම
  • ඒක ෆයිල් ඒකක උපරිම ධාරිතාවක් පැවතිම.

   මෙම දෝශ මගහරවා ගැනිමට DOS වලින් මිදුනු මෙහෙයුම් පද්ධතියක් Microsoft සමාගම හදුන්වා දුන්නා.මෙය Windows NT (New Technology).ඒහිදි අලුත් ෆයිල් සිස්ටම් ඒකක් හදුන්වා දුන් අතර ඒයNTFS(New technology file system) ය.ඒතෙන් පටන් ආ වින්ඩොස් මෙහෙයුම් පද්ධති වල ෆයිල් සිස්ටම් ඒක වන්නේ NTFS ය.
   FAT 32 ෆයිල් සිස්ටම් ඒක ඇති Windows 98 මෙන් නොව NTFS ෆයිල් සිස්ටම් ඒක ඇති  වලදි හාඩ් ඩිස්කය තුල ඇති දත්ත සම්බන්ධයෙන් විශේෂ ක්‍රමයක් අනුගමනය කෙරේ. 

  1. User account අනුව hard disk ඒකෙන් දත්ත ආරක්ශා කිරිම.මෙහිදි ඔනෑම folder ඒකක් file ඒකක්හෝ program ඒකක් ඒ මොහොතේ log වී ඇති user ට අනුව කෙසේ ක්‍රියාකල යුතු දැයි NTFS file system ඒක තුල අඩංගුය.
  2. විදුලි ඇන හිටිමකදි හෝ වෙනත් දොශයක් නිසා හාඩ් ඒකේ දත්ත විනාශ විම වැලැක්විමට අවශ්ය තොරතුරු NTFS files වල අඩංගුය.
Invest Money
   හාඩ් ඩිස්ක් ඒකේ යම් පාට්ශන් ඒකක FAT ෆයිල් සිස්ටම් ඒකට අනුව රදවා ඇති දත්ත ඊට වඩා ආරක්ශාකාරි ෆයිල් සිස්ටම් ඒක වන NTFS system ඒකට පරිවර්ථනය කිරිමෙන් පාට්ශන් ඒකක රැදවිය හැකි ෆයිල්ස් ගණන වැඩි කර ගත හැකිවාක් මෙන්ම යම් ෆයිල් ඒකක ප්‍රමාණය අපට ඔනැ හැටියට වෙනස් කරගත හැක.ඒ සියල්ලටම වඩා වැදගත් වාසිය ආරක්ශාවයි.FAT file system ඒකේ දත්ත මැකි යා හැකි වුවත් NTFS file system ඇති දත්ත පහසුවෙන් මැකි යන්නේ නැත.
Earn Money

Thursday, August 23, 2012

ලිනක්ස් ඩ්ස්ට්‍රෝස්(Linux distros)



      ලිනක්ස් මෙහෙයුම් පද්ධති කර්නලය සුවිශේෂි ඒකකි.ඒ ඒය ඔනෑම කෙනෙකුට නොමිලයේ ගෙන තමන්ට ඔනෑ ලෙස වෙනස් කල හැකි නිසාම පමණක් නොවේ.ලොව ජනප්‍රියම පරිගණක මෙහෙයුම් පද්ධති ගණනාවක්ම ලිනක්ස් කර්නලය මත පිහිටා නිර්මාණය කර තිබෙන නිසාය.
  Microsoft සමාගමේ Windows හා ඇපල් සමාගමේ Mac OS යන මුදලට විකුණන මෙහෙයුම් පද්ධති හැරුන විට ලොව වැඩිම දෙනෙක් පාවිච්චි කරන්නේ Linux පාදක  මෙහෙයුම් පද්ධති වර්ගයි.
  Linux කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහන (Source code) පදනම් කරගෙන නිර්මාණය කර තිබෙන මෙම නොයේක් මෙහෙයුම් පද්ධති හදුන්වන්නේ කෙටි නමකිනි.Linux distros යනු ඒයයි.මෙහි දිග නම නම් Linux distribution යන්නයි.
  මිට අමතර වශයෙන් ව්‍යාපාරික ප්‍රජාවකත් ඊට කැමති ප්‍රජාවකත් අනුග්‍රහය සහිතව Linux  මෙහෙයුම් පද්ධති ඉදිරිපත් කර තිබේ.ඒවා Slackware ලෙස හදුන්වයි.මෙලෙස ලොව පුරා සෙනග පාවිච්චි කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධති  ගණන විශාලය.පහතින් ජනප්‍රිය කීපයක් දක්වා ඇත.

  • www.ubuntu.com
  • www.opensuse.org
  • www.linuxmint.org
  • www.fedoraproject.org
  • www.debian.org
  • Pinguy OS
  • Hybryde Evolution

   අද ලොව ප්‍රධාන මූල්‍ය සමාගම් සහ රාජ්‍ය ආයතන වල වැඩිමනක් පරිගණක මෙහෙයවනු ලබන්නේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති  වලිනි.අන්තර්ජාලය මෙහෙයවන සර්වර්ස් වැඩි හරියක්ම,සුපිරි පරිගණක රාශියක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙන් පන ලබයි.ඒමෙන්ම ගූගල් සර්ච් ඒන්ජිම සම්පුර්ණයෙන්ම පාහේ මෙහෙයවන්නේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති  වලිනි.

Wednesday, August 22, 2012

යාලුවෝ දෙන්නෙක්..

  යහලුවන් දෙදෙනෙක් කාන්තාරයක් මැදින් ගමන් කරමින් සිටියා.අතර මගදි යම් කාරණයක් නිසා දෙදෙනා වාදයකට පැටලුනා.ඒක් යහලුවෙක් අනෙකාගේ කම්මුලට පහරක් ගැසුවා.කම්මුල් පහර වැදුනු කෙනාට හොදටම රිදුනා.ඔහු කිසිවක් නොපවසා වැල්ලේ මෙසේ ලිවා "අද මගේ හොදම යාලුවා මට කම්මුල් පහරක් ගැහුවා"
 ඔවුන් දිගටම ගමන් කල විට ක්ෂේම භුමියක් හමුවුනා.ඔවුන් ඒතන ටිකක් ගිමන් හරින්න තිරණය කලා.ඒතන තිබුනු වතුර වලේ නාන්න ගිය කම්මුල් පාර කාපු යලුවා,වතුරේ ගිලෙන්න ගියා.මේක දැකපු අනෙක් කෙනා ඔහුව බේරාගත්තා.ගිලෙන්න ගිහිපු කෙනා ගොඩ ඇවිල්ලා ලොකු ගලක ලිව්වා."අද මගේ හොදම යාලුවා මගේ ජිවිතය බේරුවා".
  අර කලින් ගහපු පස්සේ ඔහුගේ හොදම යාලුවව බේර ගත්තු කෙනා අහනවා "මම ඔයාට ගැහුවට පස්සේ ඔයා ඒක වැල්ලේ ලිවා,හැබැයි දැන් ඔයා ඒක ගලක ලියනවා.ඒ මොකද?". අනෙකා පිලිතුරු දෙනවා "කවුරුහරි අපිට රිදෙව්වොත් අපි ඒක වැල්ලේ ලියන්න ඔනේ මොකද දයාව කියන සුලගින් ඒක මැකිලා යන නිසා,හැබැයි කවුරු හරි අපිට හොදක් කලොත් ඒක අපි ගලක කොටන්න ඔන,මොකද කිසිම සුලගකින් ඒක කවදාවත් නොමැකෙන නිසා"

Do not value the things you have in your life. But    value who you have in your life.

ගිගාබයිට්(GB),ටෙරාබයිට්(TB),පෙටාබයිට්(PB)...


   අගලක්,මිටරයක්,සැතපුමක් වගේ මිනුම් අපට අපට දකින්න පුලුවන්.හැබැයි ගිගාබයිට්(GB),ටෙරාබයිට්(TB),පෙටාබයිට්(PB) වගේ ධාරිතාව මනින ඒකක කොච්චර ලොකුද කියලා අපට හිතා ගන්න බැ.
අපේ තාක්ෂණය පසුගිය දශක කීපයේදි සෑහෙන වෙනස් වෙලා තියනවා.ඒත් ඒක්කම ගබඩා කරන දත්ත ප්‍රමාණය හිතාගන්න බැරි තරමට වැඩි වෙලා.අද ලොකයේ පරිගණක සියල්ලේම තැම්පත් කරලා තියන දත්ත වල ඒකතුව කොපමණ විශාල ඇත්ද?අපි ඒ ගැන දැනෙන විදියට බලමු.
   දත්ත ප්‍රමාණය මනින පොඩිම ඒකකය තමයි Byte ඒක.ඒ කියන්නේ ඒක අකුරක් ගබඩාකරන්න වැයවෙන ඉඩ ප්‍රමාණය.ඒතකොට අකුරු 6 ක වචනයක් ලියන්න 6Byte වැය වෙනවා

  1024byte=1Kb, සාමාන්‍යයේන් අපි Kilo කියන උප සර්ගය 1000 ලෙස භාවිතා කලාට පරිගණක වලදි නම් ඒ සංඛ‍යාව 1024 වෙනව.

  • වචන 500 ක් 3000 Byte(2.94Kb) ප්‍රමාණයකුත් වචන 200000 ක නවකතාවක් 10172Kb(1.14Mb) ඉඩ ප්‍රමාණයකුත් ගන්නවා.

ගිගාබයිට්1ක්(1GB) කියන්නේ'මෙගාබයිට්'1024(MB) ක්.

  • ඒය ආසන්න වශයේන් යාර 10 උසට ගොඩගැසු පොත් ගොඩක තියන දත්ත ප්‍රමාණයට සමාන වෙනවා.
  • නැත්නම් විනාඩි 5 ක් පුරා දිවෙන Mp3 සිංදු 200 ප්‍රමාණයකට ඒය සමාන වෙනවා.


ගිගාබයිට් වලට පස්සේ තියෙන්නේ ටෙරාබයිට්(TB). 1TB=1024GB වලට.
  තවත් කුඩා කලොත් 1.048,576MB=1,073,741,824Kb=1,099,511,627,776Byte වලට සමාන වෙනවා.ඒ කියන්නේ 1TB හාඩ් ඩිස්ක් ඒකක් බයිට්(Byte) ට්‍රිලියනයකට ආසන්න ප්‍රමාණයක් තියනවා කියන ඒක.

  • සාමාන්‍යය CD ඒකක 700Mb ධාරිතාවක් තියනවා ඔයාට ඔනේ නම් 1TB CD වල ගබඩාකරන්න ඒ සදහා CD 1500 පමන අවශ්‍ය වෙනව.

1024TB=1PB(පෙටාබයිට්).දන්නවද මිනිස් මොලයට පුලුවන් 2.5PB ධාරිතාවක දත්ත ගබඩා කරල තියා ගන්න.
        පෙටාබයිට් ඒකක් කොච්චර ලොකුද?


  • අපේ ක්ෂිර පතයේ ආසන්න වශයේන් තරු බිලියන 200 පමණ තියනවලු.මේ ඒක තරුවක් 1Byte කියලා ගත්තොත් ඒ වගේ ක්ෂිරපත 5000 අවශ්ය වනවලු 1PB දත්ත හදා ගන්න.
  • රූපවාහිනි වැඩසටහනක් දත්ත විදියට ගබඩාකලොත් පැය 10000 ක TV Program ඒකක් ඔන වෙනවා 1PB පුරවන්න.මේක බලන්න වසර 2 ගත වෙනවා.ඒකත් නොකා,නොබි වෙන කිසිම වැඩක් නොකර බැලුවොත් තමයි.

ලොකයේ සිදුවන තාක්ශණ වෙනස් වීම් සමග දත්ත ගබඩා කරණයද සිඝ්‍රයෙන් දියුණු වෙන ඒක වලක්වන්න බැරි දෙයක්.


Tuesday, August 21, 2012

සින්සිං වලින් වැඩ ගැනිම...(Sync)


   අපි හැමොම අපේ පෞද්ගලික පරිගණක වලින් කරපු වැඩ තවත් පරිගණකයකට ගෙන යන්න භාවිතා කරන්නේ සිඩ් ඒකක්,ෆ්ලෑෂ් ඩ්‍රයිව් ඒකක් වගේ දේයක්.හැබැයි දැන් නම් මේ ක්‍රමය ටිකක් පරණ තාලයේ ක්‍රමයක්.ඒකට හේතුව තමයි තම පරිගණකයේ තිබෙන තොරතුරු ලොකයේ ඔනෑම තැනකදි ලබාගත හැකි ලෙස ඉන්ටනෙට් පදනම් වෙච්ච සේවා කරලියට පැමිනිම.මේම සේවා වලට කියන්නේ "සින්ක්" (Sync) කියලා.
   ගෙදරදි කරන වැඩ අන්තර්ජාලය හරහා හුවමාරු කර ගැනිම අලුත් දෙයක් නෙවෙයි.අපි දැනටමත් ඉ-මේල්(e-mail) හරහා ඔන්ලයින් බැකප් සේවා හරහා ඒ දේවල් කරගන්නවා.හැබැයි සින්ක් සේවාව ඊට වඩා වෙනස් පහසු ආකාරයක්. දැනට අන්තර්ජාලයේ සින්ක් සේවා සපයන වෙබ් අඩවි රාශියක් තිබෙනවා.
   ගෙදර හෝ යම් තැනක ඉදලා කරන වැඩ,මේ සේවා සපයන වෙබ් අඩවිය හරහා කලාම ලෝකේ ඔනෑම තැනකදි ඔනෑම වේලාවක ලබා ගන්න පුලුවන් ව්ම මෙහි සුවිශේෂිත්වය නෙවෙයි,සුවිශේෂිත්වය තමයි මේ සේවාවට සම්බන්ද කරලා තියන ලිපි ලේඛන හෝ වෙනත් ඔඩියෝ,විඩ්යෝ ගොනුවක කරන වෙනස් කම් ඉබේටම uptade විම.තවත් දේයක් තමයි ලොකයේ ඔනෑම තැනක ඉන්න කිපදේනෙකුට උනත් ඒකවර වැඩ කරන්න පුලුවන් විම,හරියට පරිගණක ජාලයක වගේ.
   "ඒකවර ඒකිනෙකට සමගාමීව වැඩ කරන්නේය" යන තේරුම දේන(Synchronization) යන ඉංග්‍රිසි වචනයේන් බිදගත් "Sync" යන නමින් මේ සේවාව හදුන්වන්නේ ඒ නිසාය.මෙම සේවාවකින් වැඩ ගැනිම "Syncing" සින්සිං යන නමින් හදුන්වයි.

  දැනට සින්ක් සේවා සපයන වෙබ් අඩවි රාශියක් ඇති අතර ඉන් සමහරක් නොම්ලයේද සේවා සපයයි.පහල තියෙන්නේ ඒවගේ ජනප්‍රිය සින්ක් සේවා කිපයක්..

  • Dropbox:2GB of free storage
  • Windows Live SkyDrive : 25GB for free (and allows you to sync 5GB)
  • SugarSync: 5GB for free
  • Google Drive: 5GB for free

Monday, August 20, 2012

හබ්(Hub),ස්විච්(Switch) හා රවුටර්(Router) අතර වෙනස?

  හබ් හා ස්විච භාවිතා කරන්නේ ඒකම IP ප්‍රමිතියක් සහිත නෙට්වර්ක් (LAN)  උපකරණ කීපයක් ඒකිනෙක හා සම්බන්ධ කිරිමටය.මේවා කොම්පියුටර්,ප්‍රින්ටර් හෝ නෙට්වර්ක් සමග සම්බන්ද වන ඒවැනි උපාංග වේ.
  හබ්(Hub) ඒකක් මගින් ඒහි සම්ප්‍රේශණ මාර්ගය පොදුවේ විවෘතව තැබේ.ස්විච(Switch) යක් මගින් ඒ ඒ උපාංග සදහා වෙන් වෙන්ව සම්ප්‍රේශණ කටයුතු සිදුකරයි.මේ නිසා හබ් ඒකකදි  දත්ත හුවමාරු වන කොටස් හෙවත් data පැකට් විනාශ විමට ඉඩ තිබේ.ඒ නිසා ඒවා නැවත නැවත සම්ප්‍රේශණය කල යුතුය.ස්විච් ඒකකදි මේ දොශය නැත.ඒබැවින් හබ් ඒකකට වඩා ස්විච් ඒකක් වේගවත්ව නෙට්වර්ක් සබදතා ඇති කරයි.
  රවුටර් Router ඒකක ක්‍රියාකාරිත්වය ස්විචයක ක්‍රියාකාරිත්වයට සමානය.ඒහෙත් ඒමගින් විවිධ ප්‍රමිති වල නෙට්වර්ක් වුවත් ඒකිනෙක සම්බන්ධ කරයි.කාර්යාලයක ඇති නෙට්වර්ක් ඒකක් ඉන්ටනෙට් හා සම්බන්ධ කිරිම ස්විච් ඒකක් භාවිතා කරා නොහැකි විමත්,ර්වුටර් ඒකක් යොදා ගෙන කල හැකි විමත් උදාහරණයකි.
මොඩෙම්(MODEM) ඒකක්`හා`රවුටර්(Router) ඒකක්`වෙනස් වන්නේ`කෙසේද?
  Internet Modem යක් සෑම විටම තනි පරිගණකයකට ඉන්ටනෙට් ලබා ගැනිමට භාවිතා කෙරේ.ඒය dial-up modem ඒකක් සේම,පරිගණක මෘදුකාංග හරහා ඩයල් කරන නිසා,ඉන්ටනෙට් වලට කනෙක්ට් විමට නම් ඊට පෙර ඩයල් කර ඉන්ටනෙට් කනෙක්ෂන් එක ලබා ගත යුතුය.
  ඒහෙත් රවුටර් ඒකක් ඔන්වු විට username,password ආදිය රවුටරය තුලම සේව් කොට තැබෙන නිසා ඒය ස්වයංක්‍රියවම ඉන්ටනෙට් හා සම්බන්ද වේ.ඒ නිසා ඩයල් කිරිම අවශ්ය නොවේ.ඊට අමතරව රවුටර් ඒකක් තනි පරිගණකයකට මෙන්ම නෙට්වර්ක් ස්විච් හරහා පරිගණක කිපයකටම ඉන්ටනෙට් සබදතාව ලබා දිමට භාවිතා කල හැකිය.

Thursday, August 16, 2012

ඔයා මොනවටද කැමති?කියන්න ගුගල්ට.

Blogvertise  ගුගල් මේ වන විට සේවා රාශියක් ලබා දෙනවා.ඒ හැම දෙයක්ම මතක තියාගන්න ඒක හරි අමාරු දෙයක්.ඒ හැම සේවයකටම අඩංගු අපට අවශ්ය තොරතුරු සොයා බලන ඒක ඊටත් වඩා අමාරු දෙයක්.ඒකට හොද පිලිතුරක් දැන් තියනවා.ඒ තමයි 'What Do You Love' කියන සයිට් ඒක.මෙතනින්ම බලන්නකො මොකක්ද මේ කියලා.ඊට පස්සේ Search box ඒකේ සොයන්න ඔන දේ ටයිප් කරන්න.ඒතකොට පහල තියන රූපයේ විදියට ලින්ක් රාශියක් ලබා දෙනවා.


Click Advertise on My Blog

Wednesday, August 15, 2012

ඉ-මේල් ඒකවුන්ට්ස් ඒකම තැනක..


   තම්න් සතුව තිබෙන ගූගල්,යාහු,වින්ඩොස් ලයිව් ආදි නොමිලේ දෙන ඉ-මේල් ඒකවුන්ට්ස් වෙතින් ලබා ගන්නා ඉ-මේල් සියල්ල ඒකම ඉන්බොක්ස් ඒකකට සංවිධානය කරදිම Fuser මගින් සිදුකරදේ. ඒවිට සියලුම ඉ-මේල් ඒකවුන්ට්ස් වලට ලැබෙන කැලැන්ඩර්,ටාස්ක්ස්,කමෙන්ට්ස් සියල්ල ඒකම තැනක තිබේ.
  ඒමෙන්ම Facebook MySpace  වැනි සමාජජාල අඩවිවල profile messages  ද මෙමගින් සංවිධානය කර ගත හැක.
Visit Fuser [www.fuser.com]
Visit mail collector [http://www.mail.com/mail/mail-collector/  ]

Tuesday, August 14, 2012

ජිවිතේ....


   දිනක් මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාල දේශණයක් සදහා සහභාගි වුනා.ඒයාගේ මේසය උඩ තිබුනා ගොඩාක් දෙවල් ඒයා අරගෙන ආපු.ළමයි පන්තියට ආවම මහාචාර්යවරයා නිශ්ශබ්දවම වැඩ පටන් ගත්තා.ඒයා ලොකු භාජනයක් අරගෙන ඒකට අගල් 2 විතර ගල්කැට උඩටම පිරෙව්වා.
පස්සේ ඒයා ළමයිගෙන් ඇහුවා බදුන පිරිලද කියලා?
ළමයි කිව්වා, ඔව් ඒක පිරිලා.
   මහාචාර්යවරයා නැවත පබලු ටිකක් අතට අරගෙන ඒ බදුනටම පිරෙනකම් දැම්මා.ආයේත් ඒයා අර ප්‍රශ්ණෙම ළමයිගෙන් ඇහුවා.
ඔවුන්ගේ පිලිතුර උනේ ඔවු කියන ඒකමයි.
   මහාචාර්යවරයා ඊලගට අතට ගත්තේ වැලි භාජනයක්.ඒයා ඒකත් අර භාජනයටම දැම්මා.ආයේත්  ඇහුවා බදුන පිරිලද කියලා?
ඒවිට නම් හැමොම ඒකමතිකව කිව්වා දැන්නම් පිරිලා කියල.
  "හොදයි" මම කියන්න හැදුවේ ඔයාලගේ ජිවිතයත් මේ භාජනය වගේ කියලා මහාචාර්යවරයා කිව්වා.ගල් කැට තමයි ජිවිතේ වැදගත් දේවල් හරියට ඔයාලගේ පවුල,ළමයි,හවුල්කාරයා,අධ‍යාපනය,සෞඛය වගේ අනිත් හැමදේම නැතිඋනත් නැති නොවන දේවල්.ඔයාගේ ජිවිතය සම්පුර්ණකරන දේවල්.
පබලු කියන්නේ අමතර දේවල් රැකියාව වගේ.
වැලි කියන්නේ පොඩි පොඩි හැමදේම.
"ඔයා ඔයාගේ භාජනයට ඉස්සෙල්ලම වැලි දාගත්තොත්,ගල්කැට,පබලු වලට ඉඩ නැතිවෙනවා.ඔයාගේ ජිවිතෙත් ඒ වගේ"
ඔයා කාලය සහ ශක්තිය පොඩ් පොඩි දේවල් වලට වැයකලොත්,ජිවිතේ වැදගත් දේවල් වලට දෙන අවදානය අඩුවෙනව. ඒ නිසා අවදානය වැඩිපුර ඔයාගේ සතුට වෙනුවෙන් යොදවන්න.

Thursday, August 9, 2012

සිනාසෙන මුහුණු

   ෆයිල් ඒකක්,ප්‍රොග්‍රෑම් ඒකක් පෙන්වන්නට ඩෙස්ක්ටොප් මත සාදාතියන ඉමේජයකට අයිකන (Icon) කියා කියනව.මෙලෙසම යම් හැගිමක් දනවන්නට විශේෂයෙන් සාදන අයිකන වලට කියන්නේ ඉමෝට්කොන්ස්(Imoticons) කියායි. වචන සිය ගණනකින් කියන්නට බැරි අදහසක් සැනින් කියන්නට යොදා ගත හැකි ඉමෝට්කොන්ස් දහස් ගණනක් දැනට තිබේ.
   නමුත් 1982 සැප් 19 සිට සැහෙන කාලයක් යනතුරු තිබුනේ මහාචාර්ය ස්කොට් ෆෝල්මන් විසින් නිර්මනය කරන ලද ඉමෝට්කොන්ස් ඒකක් පමණි.ඔහු නිර්මාණය කලේ තිත් දෙකකට පසුව කඩ ඉරක් සහ යතුරු පුවරුවෙන් ටයිප් කල වරහනක්  සමග තැනු සිනාසෙන මුහුණක් සහිත ඉමෝට්කොනයකි.
  
මේ ඉමෝට්කොන්ස් ඉන්ටර්නෙට් ජනප්‍රිය විමත් සමග ලොව පුරා කෝටි ගණනක් සෙනග පාවිච්චි කරන්නක් බවට පත්විය. දැනට ඒහි වයස ආසන්න වශයෙන් වසර 30 පමණ වේ.සිනාසෙන මුහුණ රැගත් ෆෝල්මන්ගේ ඉමෝට්කොනය ලොකයට අලුත් සංකල්පයක් හදුන්වාදුනි. ඒනම් ඉලෙක්ට්‍රොනික් මාධ‍යයෙන් භාශාව හැසිරවිමේදි හැගිම් දනවන්නට වචන සහ වාක්‍යය වලින් ඔබ්බට ගිය සම්ප්‍රදායක් ලොවට හදුන්වා දිමෙනි.
   පසුගිය කාලය තුල පරිගණක මෘදුකාංග වල දියුණුවත්,සමාජයේ පරිගණක ආශ්‍රිත සංස්කෘතිය මුල් ඇද ගැනිමත් සමග ෆෝල්මන්ගේ පලමු ඉමෝට්කොනයට ලැජ්ජා හිතෙන තරමට අද ඉමෝට්කොන්ස් ලස්සන වි වර්ණවත් වි තිබේ,සජිව්කරණය කර තිබේ. ඩ්ජිටල් යුගයේ වචන නැති භාශාවක් තරමට ඉමෝට්කොන්ස් දියුණු වි හමාරය.


Wednesday, August 8, 2012

Curiosity's mission: Pictures

The trip will take over eight months...The rover will travel about 354 million miles (570 million kilometers).
The spacecraft enters the Martian atmosphere 78 miles above the planet. The rover will take approximately seven minutes to reach the ground.
The spacecraft can steer its way through the turbulent atmosphere so it can land more accurately.
The friction of the atmosphere slows the spacecraft from 13,000 mph to about 900 mph.
The heat shield may reach 3,800 degrees Fahrenheit!
While slowing down using the parachute, the heat shield is popped off, exposing the rover to the Martian atmosphere.
The rover´s descent camera begins taking a movie of the remaining five-mile flight to the ground.
The engines on the descent stage roar to life and fly the rover down the last mile to the surface.
As it descends, the rover uses radar to measure its speed and altitude, which it uses to land safely.
By the time Curiosity touches down, the rover is going about two miles per hour.
Less than seven minutes before, it was traveling at 13,000 miles per hour!
For the first time, a Mars rover will land with wheels touching down first, instead of airbags.
Curiosity will start exploring Mars after raising its “head” and doing a “self-check” to make sure all systems are go. Driving could take several days to a few weeks after landing.
Curiosity will tell us about what it finds through the Deep Space Network...Three centers with large communications antennas receive the signals: in California, Spain, and Australia.
Curiosity will send data back to Earth´s Deep Space Network through Mars orbiters.
It takes about 5 to 20 minutes for a signal to travel between Earth and Mars, depending on where the planets are in their orbits.
Curiosity´s schedule will vary based on what she finds. She may take pictures one day, use her laser the next, drill into a rock for a sample, or simply drive to a new place.
Curiosity is expected to work for one Martian year, or about two Earth years.
Don´t miss the adventure on Mars, beginning August 2012!
Artist´s Concept. NASA/JPL-Caltech