Tuesday, September 25, 2012

අන්තර්ජාලයේ දශකයක ගමන් මග...



  අන්තර්ජාලය කියන්නේ විශ්මිත නිර්මාණයක්.අද වන විට මිනිසාට අන්තර්ජාලය නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා.නිරන්තරයෙන් වෙනස්වීම් වලට අලුත්විම් වලට ලක්වෙමින් ඒය දිර්ග ගමනක් පැමින තිබෙනව.ඔයාලටත් තෙරිලා ඇති කොච්චර දේවල් නිර්මාණය වෙලා තියනවද,ඒවා ඔයාලගේ නිදහස් ජීවිතයෙන් කොපමන කොටසක් අත් කරගැනිමට සමත් වෙලා තියනවද කියල.
   Bestedsites.com කියන වෙබ් අඩවියේ පසුගිය දිනක රූපසටහනක් මගින් ඉදිරිපත් කලා පසුගිය දශකය තුල ඒනම් 2002 සිට 2012 මේ දක්වා අන්තර්ජාලය කොහොමද වෙනස් විමට ලක් උනේ කියල.මෙමගින් ඔයාලට අවබොධ කරගන්න පුලුවන් වසර 10 තුල අන්තර්ජාලයේ පුලුල් වීම.





Monday, September 24, 2012

Cool Mouse Tricks..

   පරිගණක මවුසය කියන්නේ අපුරු උපකරණයක්.මෙය පලමුවෙන්ම නිපදවුයේ 1964 දි Douglas Englebartin විසින්.ඒදා සිට අද දක්වා මවුසය වේගයෙන් දියුණුවට ලක් වුනා.මවුසයෙන් කල හැකි දේවල් රාශියක් තිබුනත් අවාසනාවකට වගේ අපි තවමත් මවුසයෙන් කරන්නේ left click,right click,move වගේ මුලික ක්‍රියාකීපයක් පමනයි.මවුසයෙන් කලහැකි tricks හරිම පහසුයි.මේ සදහා භාවිතා කරන්න ඔන keyboard ඒකේ යතුරු 3 පමනයි.අපි බලමු මවුස් ඒකෙන් කරන්න පුලුවන් මොනවද කියල.


01)Left-Mouse click
  • වෙබ් පිටුවක හෝ ලිපියක අඩංගු කොටසක් select කිරිම.
          තොරාගැනිමට අවශ්ය ජේදයේ පලමු අකුර ලග ක්ලික් කරල [SHIFT]ඒක තදකරගෙන තොරාගැනිම අවසන්වෙන තැන ක්ලික් කරන්න.ඒවිට ඔබට අවශ්‍යය කොටස නිල් පාටින් සලකුණු වී තියේවි.
  • ලිපියක කොටසක් සම්පුර්ණයෙන්ම තොරා ගැනිම.
           මේ සදහා [CTRL]ඒක තද කරගෙන Right mouse button ඒකෙන් අවශ්‍යය කොටස් තොරාගන්න.සෑම තැනකම මෙය වැඩ නොකලත් බොහො අවස්තාවල වැඩ කරනව.
මේ Windows7භාවිතා කරන අයට කරන්න පුලුවන් උපක්‍රම කීපයක්.
  •  සිරස් අතට text තොරාගැනිම
         මෙය වර්ඩ් තුලදි කරන්න පුලුවන් දෙයක්.වර්ඩ් වලදි [ALT]තදකරගෙන අවශ්‍යය text සිරස් අතට select කරගන්න පුලුවන්.

අපි දන්නවනේ මවුසය මගින් drag&drop කරන්න පුලුවන් කියල.ඒ අතර key ඒකක් press කිරිමෙන් ඒහි අරමුණ වෙනස් කරන්න පුලුවන්.
  • යමක copy යක් drag&drop කිරිම.
[CTRL]+ Left mouse button ඒකෙන් drag&drop කිරිම.
  • යමක් වෙනත් ස්තානයකට move කිරිම
[SHIFT]+Left mouse button ඒකෙන් drag&drop
  • ඔයාල දන්නවනේ window ඒකක දකුණු පැත්තේ button  තියනව.ඒ වින්ඩො ඒකක් close,maximize,minimize කරන්නනේ,නමුත් title bar ඒක මැද double click කරල maximize කරන්නත්,දකුණු පැත්තේ කොනේ double click කරල window ඒක close කරන්නත් පුලුවන්.
02)Right-Mouse click
  • මම කලින් කිව්වනේ කොහොමද left-mouse button ඒක භාවිතා කරල drag&drop කරන්නේ කියල.ඒකම Right-click ඒක භාවිතා කරල කරන්න බලන්න
                   [SHIFT]or[CTRL]+ Right-click ඒතකොට ඔයාලට පහත තොරාගැනිම් කරන්න වෙනව.
 i.e-copy here,move here,create a shortcut
  • හැමොම Right-click කරල files/folders open කරනවනෙ.[SHIFT] ඒක තද කරගෙන Right-clickකරල තියනවද?ඒතකොට ඔයාලට මීට පෙර නොලැබුන සැගවුන options කිපයක්ම ලැබේවි.
03)Scroll wheel or Middle mouse button
  • Middle mouse button ඒක භාවිතා කරල වෙබ් පිටුවක link ඒක මත click කලාම ඒ page ඒක අලුත් window ඒකකින් open වෙනව.ඉතින් left/write click කර කර ඉන්නේ නැතුව middle wheel ඒක click කරන්න.ඒතකොට අලුත් tab ඒකකින් වෙබ් පිටුව ආරම්භ වේවි.
  • ඊලග Middle button trick  ඒක කරන්න පුලුවන් වෙබ් බ්‍රවුසරයක පමණයි.open කරල තියන tab ඒකක් close කරන්න ඔන නම් ඒ tab ඒක මත Middle-click කරන්න.ඒවිට ඒය close වේවි.
  • මේක තමයි scroll wheel ඒකෙන් කරන්න පුලුවන් trick ඒකක්.ඔයාල දන්නවද Windows application ඔයාගේ web browser ඒකත් ඇතුලුව,zoom කරන්න පුලුවන් කියල මවුස් ඒකෙන්?
                  Hold [CTRL]+Scroll up zoom in /scroll down zoom out

Friday, September 21, 2012

විශිෂ්ටතම විදි බිතුසිතුවම්..

  මේ ලොකේ කොච්චර දක්ශ කලාකරුවො හිටියද,තාමත් ඉන්නවද කියන ඒකේ කිසිම විවාදයක් නැහැ.සමහර නිර්මාණ කොතරම් අරුම පුදුම ඒවාද.කළා කෞතුකාගාරයක උනත් පාරෙදි උනත් දකින චිත්‍රයක් අපේ හිතට වදින්න නම් ඒකේ ප්‍රමාණය වැදගත් වෙන්න පුලුවන්ද?
   දැනට ලොකයේ බොහො රටවල් වල පාරේ ගමන් කරන කොට ඉතා විශාල බිත්ති වල අලංකාර චිත්‍ර ඇදල තියනව දකින්න පුලුවන්.අපිට ඒව ගිහිල්ල බලන්න බැරි උනත් දකින්න ලැබෙන ඒකත් ලොකු දෙයක් නේ.මේ තියෙන්නේ ඒ වගේ ලොකයේ තියන විශිෂ්ටතම විදි බිතුසිතුවම් කිපයක පින්තුර....

1.Ordes, Spain

 2.Moscow, Russia

3.Baltimore, USA

4.New York, USA

 5.Berlin, Germany

 6.Pittsburgh, USA

 

Related posts:
  1. 70 Amazing Examples of Street Art
  2. 36 Crazy and Unbelievable Google Street View Images

Thursday, September 20, 2012

Browser 'cache' ගැන නොදන්නා දේ..



  ඔබ යම් කිසි වෙබ් අඩවියකට පිවිසිමේදි ගැටලුවකට මුහුණ දුන්නොත් ඔබේ IT supporter ගෙන් ලැබෙන පලමු ප්‍රතිචාරය තමයි,"browser 'cache' ඒක clear කරල බලන්න,ඒත් එක්කම 'cookies' ටිකත් මකලා දන්න" කියන කාරණය.ඇත්තටම මොකක්ද මේ browser 'cache'  ඒක කියන්නේ?ඒහි වැදගත් කම කුමක්ද?වගේ ප්‍රශ්ණ රාශියක්ම ඔයාලට ඇති.

browser 'cache' යනු කුමක්ද?
  ඔබ වෙබ් අඩවියකට පිවිසිමේදි ඔබේ බ්‍රවුසරය මගින් අදාල වෙබ් අඩවිය අපට දර්ශණය කිරීමට අදාල තාවකාලික ෆයිල්ස් වගයක් පරිගණකයට ඩවුන්ලොඩ් කරගන්නව.මේවට තමයි කියන්නේ browser 'cache' කියල.මෙලෙස සගවා තබාගන්නා ෆයිල් ඒකක වෙබ් අඩවියක් සෑදිමට ගන්නා ඔනෑම ගොනුවක් තියෙන්න පුලුවන්,හරියට html files,CSS,Java script,Graphic images වගේ ඔනෑම දෙයක්.
  ඔබ නැවත නැවත ඒකම වෙබ් අඩවියට පිවිසෙනවනම් සෑම විටම බ්‍රවුසර් ඒක  'cache'  ඒක පරික්ශා කරල දැනට 'cache'  ඒකේ ඒ වෙබ් ඒකට අදාල ෆයිල් store වෙලාද කියල බලනව.ඒහෙම store වෙලානම් ඒ වෙබ් අඩවියට අදාල අලුතින් ඒකතු වු ෆයිල් විතරක් ඩවුන්ලොඩ් කර ගන්නව.මෙමගින් පාර්භොගිකයාගේ මෙන්ම සේවාදායකයාගේද bandwidth usage  ඒක අඩු කරල ඉක්මනින් වෙබ් පිටුවක් load කර ගැනිමට ලැබෙනව.ඔබ භාවිතා කරන්නේ slow internet සම්බන්දතාවක් නම් මේය 
'cache' ඒක clear කල යුත්තේ ඇයි?
  සමහර විට ඔබ නැවත පිවිසිමට බලාපොරොත්තු නොවන අනවශ්‍ය වෙබ් අඩවිවලට අදාල බාගත් ෆයිල් ප්‍රමාණය විශාල විම මගින් ඔබේ hard disk ඒකේ අනවශ්‍ය ලෙස ඉඩ අපතේ යන්න පුලුවන්.මේයට විසදුමක් ලෙස ඔබට  'cache'  ඒකට ලබාදිය යුතු ඉඩ ප්‍රමාණය සීමාකරන්න පුලුවන්,ඒ වගේම 'cache' ඒක clear කිරිම මගින් browser  ඒකේ වේගය වැඩිකර ගන්නත් පුලුවන්.
  ඇතැම් අවස්තාවල  'cache'  මගින් නොසිතන ප්‍රශ්න වලට මුහුණදෙන්න පුලුවන්.

  • සමහර අවස්ථාවල browser ඒක නිතර යන වෙබ් අඩවියක අලුත්ම තත්වය නොපෙන්වන්න පුලුවන්.
  • සමහර වෙබ් අඩවිවල යම් ප්‍රමාණයකට පමණක් ලෝඩ් විම සිදු වෙන්න පුලුවන්.මෙවැනි අවස්ථාවක  'cache'  ඒක clear කර නැවත load කිරිම වැදගත්.
  • මේ  'cache'  ඒක මගින් ඔබ මීට පෙර පිවිසි වෙබ් අඩවි පිලිබද අනාවරණය කර ගැනිමට භාවිතකරන්න පුලුවන්.මෙය පෞද්ගලිකත්වයට බාධාවක් වෙන්න පුලුවන්.

ඔබට පහසුවෙන්ම යතුරු පුවරුවේ shortcut භාවිතා කරල  'cache'  ඒක clear කරගන්න වගේම  'cache'  ඒක මගහැරල පිටුවක් reload කරගන්නත් පුලුවන්.පහත තියෙන්නේ ඒක ඒක බ්‍රවුසර් වලදි ඒක කරගන්න ආකාරය.

Firefox
    reload page and bypass cache: [Ctrl] + [F5] or [Ctrl] + [SHIFT] + [R] or [Shift] + browser Reload button
    clear cache: [Ctrl] + [Shift] + [Del]

Google Chrome

    reload page: [Ctrl] + [F5] or [Shift] + [F5] or [Ctrl] + browser Reload button
    reload page and bypass cache: [Ctrl] + [Shift] + [R] or perform above page reload twice in a row
    clear cache: [Ctrl] + [Shift] + [Del]

Internet Explorer 9

    reload page and bypass cache: [Ctrl] + [F5] or [Ctrl] + browser Refresh button
    clear cache: [Ctrl] + [Shift] + [Del]

Tuesday, September 18, 2012

'Wireless Internet' වැඩකරන හැටි..


  මොකක්ද රැහැන් රහිත අන්තර්ජාල සම්බන්දතාවක් කියන්නේ?ගොඩක් අයට මේ ප්‍රශ්ණය තියෙන්න පුලුවන්.
  රැහැන් රහිතව අන්තර්ජාලයට සම්බන්ද වීම රේඩියො තරංග මත පදනම් වු ක්‍රියාවක්.ඔයාලා දැකලා ඇති සමහර අයගේ නිවාස වල වහලවල් වල සවිකරල තියන සුදුපාට උපකරණය.ඒය රැහැන් රහිතව අන්තර්ජාලයට සම්බන්දවෙන්න භාවිතා කරන උපකරණයක්.
  ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා නැත්නම් Internet Service Provider (ISP) රේඩියො සංඥා හරහා හෝ කේබල් හරහා සංඥා කුලුණු වලට ලබාදෙනව.මේ උස කුලුණු මගින් තමයි Wireless Internet සංඥා විසිරුවා හරින්නේ.ඒවා කුලුණු කිපයක් හරහා හෝ පලමු කුලුණෙන්ම හෝ ඔබේ නිවසට ලග වෙනව.ඒය තිරණය වන්නේ ඔබ ප්‍රධාන කුලුණේ සිට කොපමණ දුරකින් සිටිනවද යන්න මතයි.
  මේ සංඥාව ඔබට ලගම කුලුණට පැමිණි පසු ඒම සංඥාව ඔබේ නිවසේ පිහිටි ඇන්ටෙනාව මගින් ලබාගන්නව.ඒය Network කේබලය මගින් මොඩමයට ලගාවෙනව.දන්නවනේ මොඩමය/ Modem (Modulation/demodulation)  කියන්නේ මොකද්ද කියල.Modulation  විමේදි සිදු වන්නේ ඔබේ පරිගණකය ලබාදෙන තොරතුරුWireless Network ඒකට තෙරුම්ගත හැකි තත්වයට පත් කරණ ඒක.ඒතකොට  demodulation කියන්නේ  Wireless Network   ඒක මගින් ඒන තොරතුරු පරිගණකයට තේරුම්ගත හැකි තත්වයට පත් කරන ඒක.

  කලින් කියපු විදිහට මේ සෑම දෙයක්ම සිද්ද වෙන්නේ රේඩියො තරංග සංඛ්‍යාත හරහා.ඔයාලට තියනවද 'cordless phone' ඒකක් .ඒහෙනම් බලන්න ඒකේ මේ සංඛ්‍යාත තියනවද කියල.900MHz,2.5GHz,5.2GHz,5.7GHz.මේ සංඛ්‍යාත වලින් තමයි ඔබේ  'cordless phone'  ඒක වැඩ කරන්නේ.ඒ වගෙම තමයි Wireless Internet වැඩ කරන්නෙත්.
Wireless Internet Service Providers(WISP's) ලා භාවිතා කරන්නේත් මේ සංඛ්‍යාතම තමයි.මොකද මේවා භාවිතා කරන්න ලයිසන් ගන්න ඔනේ නැති විම.මේවා පොදු සංඛ්‍යාත.ඒ කියන්නේ මුදල් ගෙවිමක් කරන්න අවශ්ය නෑ කියන ඒක.
  ඉතින් ඇයි හැමොම මේ පොදු සංඛ්‍යාත භාවිතා නොකරන්නේ?ඒකට හේතුව තමයි ආරක්ශාව පිලිබද තියන අවධානම.නමුත් තවමත් මේ සංඛ්‍යාත හරහා පණිවුඩ හුවමාරුව තරමක් දුරට ආරක්ශිතයි.ඒකට හේතුව තමයි ඒම තරංගයට encryption ඒකක් ඇතුල් කරල සංඥාව ආරක්ශා කිරිම.අදාල පුද්ගලයාට හැර වෙනත් කෙනෙකුට ඒය ලිහාගැනිමට අපහසු ආකාරයකට පත් කිරිම තමයි මෙහිදි සිදු වන්නේ.DES encryption ඒක තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ.
  සමහර කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ සදහා විවිද සංඛ්‍යාත භාවිතා කරන්නේ ඇයි කියන ඒක.හේතුව තමයි තදබදය අඩු කිරිම.මේ කාරණය හැරුනම  Wireless Internet වල මේ ලෙස සංඛ්‍යාත කිපයක් තිබිමේ අරමුණ තමයි ඒවායේ ගතිගුන විවිද වීම.මෙහිදි මුලිකවම ඒම සංඛ්‍යාත විහිදි යන පරාසය වෙනස් වීම.
   උදා:900MHz 40Miles පමණද,2.5GHz 5Miles පමණද,5.7GHz 2Miles පමණද දුරකට  තමයි විහිදි යන්නේ.
  කෙසේ නමුත් 900MHz මගින් නිකුත් කරණ සංඥා බොහෝ දුරකට පැතිරුනත් අවට තිබෙන අනෙකුත් සංඥා සමග ගැටිමකට ලක්වෙනව.ඒ නිසා මේවායේ තියන ගුණාත්මක බව අඩුයි.

Monday, September 17, 2012

ඉ-මේල් ගැන දැනගත යුතුම කරුණු...

   අන්තර්ජාලය පරිහරණය කිරිමේ දි ආරක්ශාවට මුල් තැන දෙන්න ඔන කියන කාරණය අපි හැමොම දන්න දෙයක්.ඒත් සමහර වෙලාවල් වලට අපේ මනසින් ඔය කාරණය ගිලිහි යනව."මට අවුලක් වෙන ඒකක් නෑ" අපි හිතන්නේ ඒහෙමයි.නමුත් මතක තියා ගන්න සෑම විටම ඔබ වෛරසයකින්,හැකර් කරුවකුගෙන් හානියක් වෙන්න පුලුවන් බව ඒක 'click' ඒකකින්.මේ කාරණය අපේ ඉ-මේල් ගිණුමටත් අදාලයි.
   මම අද කියන්න යන්නේ ඔබ ඉ-මේල් ගිණුමක් පවත්වාගෙන යාමේදි සැලකිලිමත් විය යුතු කරුණු කිපයක් ගැන.

1.ඉ-මේල් ගිණුම් කිපයක් පවත්වාගෙන යාම.

  ඔබේ මෙන්ම බොහො දෙනාගේ ඉ-මේල් ගිණුම තමයි සියලුම පෞද්ගලික මෙන්ම රාජකාරි කටයුතු වල ප්‍රධාන කෙන්ද්‍රස්තානය.ඒ කියන්නේ ඔබගේ Facebook notifications,website registrations,Newsletters,Massages,etc: ආදි බොහො තොරතුරු ඒන්නේ ඒකම ඉ-මේල් ගිණුමට.ඒක හරියට ඒකම බාස්කට් ඒකේ බිත්තර ඔක්කොම දාගෙන ඉන්නව වගේ වැඩක්.බාස්කට් ඒක පෙරලුනොත් බිත්තර ඔක්කොම ඉවරයි.
  ඒ කියන්නේ කවුරුහරි ඔබේ ඉ-මේල් ගිණුම අත්පත් කර ගත්තොත් ඔබට ඉහත සදහන් කල සියලුම සේවාවන් අහිමි වී යනව.
  ඉ-මේල් ගිණුම් කිපයක් පවත්වා ගැනිම ඔබේ ආරක්ශාව තර කරනවා පමනක් නෙවෙයි ඔබේ ඵලදායිතාවත් වැඩිකර ගන්න පුලුවන් වෙනව.හිතන්න ඔබ රාජකාරි සදහා වෙනමත්,පෞද්ගලික භාවිතයට වෙනමත් ඉ-මේල් ගිණුම් පාවිච්චි කරනව කියල,කවුරුහරි ඔබේ රාජකාරි ඉ-මේල් ගිණුම හැක් කලත් ඔබට පෞද්ගලික තොරතුරු අහිමි වෙන්නේ නැහැ.
2.අනන්‍යය මුරපදයක් සාදා ගැනිම.

  විවිද ඉ-මේල් ගිණුම් සාදා ගැනිමත් සමග ඒකටම යන දෙයක් තමයි ඒවායේ මුරපද"password" නිර්මාණය කර ගැනිම.ඔබේ සෑම ඉ-මේල් ගිණුමකටම 100% ආවේනික මුරපදයක් සාදා ගැනිම වැදගත්.සියලුම ඉ-මේල් ගිණුම් වලට ඒකම password ඒක භාවිතා කිරිම අත්වැරැද්දක් වගෙම,ලොකු අවදානමක්.



3.Phishing scams ගැන අවධානයෙන් සිටිම.

  ඔබ යම් කිසි නිශ්පාදනයක් හෝ සේවාවක් ලබා ගන්න විට සමහර අය ඔබගේ ඉ-මේල් ගිණුමේ විස්තර ලබා ගැනිමට අවසර ඉල්ලනව,ඒමෙන්ම සමහර අය ඉ-මේල් පණිවුඩ මගින් ඔබේ පුද්ගලික තොරතුරු විමසා සිටිනව.මෙවැනි සමහර සේවා ගැන අවදානයෙන් සිටින්න.
  ඒමෙන්ම  ස්පෑම් වල තවත් ආකර තියනව."phishing" කියල කියන්නෙ ඒ වගේ දෙයක්.මෙහිදි 'malicious' භාවිතා කරන්නන් ඔබේ eBay,Facebook,amazon වගේ ගිණුම් අනුකරණය කරමින් වංචනිකව වෙබ් අඩවිවල පෙනි සිටිනව.ඔව්න් ඔබට පණිවිඩ ඒවනව ඔබේ වෙබ් අඩවියේ වරදක් ඇති බවත් ඒය නිරාකරණය කර ගැනිමට ඔබේ username සහ password ලබාදෙන ලෙසත්.මෙවැනි දෙ ගැන අවදානයෙන් සිටිමයි වැදගත්.
4.ඉ-මේල් කල ලින්ක් මත ක්ලික් නොකිරිම

  ඔබ ඔබේ ඉ-මේල් ගිණුමේ යම් කිසි වෙබ් අඩවියකට යන ලින්ක් ඒකක් දුටුවොත් ඒමත ක්ලික් කිරිමට පෙර දෙවරක් සිතන්න.ඒමෙන්ම ඒය ඔබ බලාපොරොත්තු වු ලින්ක් ඒකක්(වෙබ් අඩවියක ලියාපදින්චි විමකට,ගේම් ඒකකට ලියාපදින්චි වීමක් වගේ) නොවෙ නම් ක්ලික් නොකිරිමයි වඩා හොද.විශේෂයෙන්ම ස්පැම් වර්ගයේ ඉ-මේල්.
  ඔබට යම් කිසි ඉ-මේල් ඒකක් පැමිණුනොත් බැංකුවකින්,යම් සේවාවකින් ඔබ ඒ ලින්ක් ඒක මත ක්ලික් නොකර ඒ අවවියටම ගොස් ඒ ගැන සොයා බැලිම වැදගත්.No copy/past,No clicking.
5.නොහදුණන Attachment විවෘත නොකිරිම.

  Attachment කියන්නේ තරමක් පරිස්සමෙන් ගණුදෙනු කරන්න ඔන දෙයක්.ඔබ යාලුවකුගෙන් හෝ යම් කෙනෙකුගෙන් Attachment ඒකක් බලාපොරොත්තු නොවෙනම් අනවසරයෙන් පැමිණ ඇති Attachment විවෘත කිරිමෙනුත්,ඩවුන්ලොඩ් කිරිමෙනුත් වලකින්න ඔන.මොකද Attachmentසමග පහසුවෙන්ම වෛරස් වැඩසටහන් අමුණා ඒවන්න පුලුවන් වීම.ඒවා සමහර විට පරිගණකයට බාගත වු වහාම ඉබේම ක්‍රියාකරිවෙන්න පුලුවන්.මේක ලොකු ෆයිල් ඒකක් වගේම පොඩි ඉමේජ් ඒකක් වෙන්නත් පුලුවන්.

6.Viruses සහ Mal-ware පරික්ශා කිරිම.

සැක සහිත ඉ-මේල් ඒකක් open කරන සෑම විටම viruses සහ Mal-ware තිබේදැයි පරික්ශාකර ගන්න.සියලුම ස්පෑම් වල වෛරස් නොතිබෙන්න පුලුවන්,නමුත් ආරක්ශාවිම හොදයිනේ පසුතැවිමට වඩා.








7.පොදු Wi-Fi ජාල මග හරින්න.

  පොදු Wi-FI ජාල වලදි ඔබගේ ඉ-මේල් පරික්ශා කිරිමෙන් වලකින්න.දන්නවනේ Airport වලදි Hospitals වලදි ඔබ පොලිමේ ඉන්නා ගමන් ඔබේ smartphone ඒකෙන් laptop ඒකෙන්  අලුතෙන් ඉ-මේල් ඇවිල්ලද කියල බලනවනේ.අවාසනාවකට වගේ Wi-FI ජාල අතිශය අනාරක්ශිතයි.
  Wi-FI ජාල වලදි තියන අනතුර තමයි "Network sniffers" ලා ඔබගේ තොරතුරු විවිද වැඩසටහන් ඔස්සේ ඒකතු කරගන්න පුලුවන්.ඒ අතර ඔබගේ ගිණුම් වල පාස්වර්ඩ් ආදියත් තියෙන්න පුලුවන්.