Tuesday, July 31, 2012

Ubuntu Skin Pack


    ලෝකයේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන ඔපන් සෝස් මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් තමයි උබන්ටු කියන්නේ.උබන්ටු කියන්නේ දකුනු අප්‍රිකානු වචනයක්.එකේ ඉංග්‍රිසි තේරුම තමයි "humanity towards others". උබන්ටු වලත් නවතම සංස්කරණය වන උබන්ටු 12.04 නිකුත් උනා.වින්ඩෝස් භාවිතා කරන ඔබටත් පහල ලින්ක් එකෙන් උබන්ටු ස්කින් පැක් එක බාගත කරගන්න පුලුවන්.
                                      Download link

Monday, July 30, 2012

Mountain Lion Skin Pack 2.0


   පසුගිය දවසක ඇපල් සමාගම තමන්ගේ නවතම ඇපල් මෙහෙයුම් පද්ධතිය මහජනයාට නිකුත්කලා.ඒ  OS X Mountain Lion (version 10.8) නමින්.මේය නවතම අංග රාශියකින් යුතු මෙහෙයුම් පද්ධතියක්.ඔබට මේ අත්දැකිම ලබාගන්න Mac පරිගණකයක් අවශ්‍යයම නැහැ.වින්ඩෝස් භාවිතා කරන ඔබටත් පහල ලින්ක් එකෙන් Mountain Lion බාගත කරගන්න පුලුවන්.
                                         Download Here

SLPL තරඟ කාල සටහන


Date and TimeMatchWeather The Weather Channel
Sat Aug 11          
10:30 GMT | 16:00 local
16:00 IST
Nagenahira Nagas v Ruhuna Royals
R Premadasa Stadium, Colombo
N/A
Sat Aug 11          
14:30 GMT | 20:00 local
20:00 IST
Basnahira Cricket Dundee v Kandurata Warriors
R Premadasa Stadium, Colombo
N/A
Sun Aug 12          
10:30 GMT | 16:00 local
16:00 IST
Uthura Rudras v Wayamba United
R Premadasa Stadium, Colombo
N/A
Sun Aug 12          
14:30 GMT | 20:00 local
20:00 IST
Uva Next v Basnahira Cricket Dundee
R Premadasa Stadium, Colombo
N/A
Mon Aug 13          
14:30 GMT | 20:00 local
20:00 IST
Kandurata Warriors v Nagenahira Nagas
R Premadasa Stadium, Colombo
N/A
Tue Aug 14          
14:30 GMT | 20:00 local
20:00 IST
Ruhuna Royals v Uthura Rudras
R Premadasa Stadium, Colombo
N/A
Fri Aug 17          
10:30 GMT | 16:00 local
16:00 IST
Wayamba United v Uva Next
Pallekele International Cricket Stadium
N/A
Sat Aug 18          
10:30 GMT | 16:00 local
16:00 IST
Kandurata Warriors v Uthura Rudras
Pallekele International Cricket Stadium
N/A
Sat Aug 18          
10:30 GMT | 16:00 local
16:00 IST
Basnahira Cricket Dundee v Nagenahira Nagas
Pallekele International Cricket Stadium
N/A
Sun Aug 19          
10:30 GMT | 16:00 local
16:00 IST
Wayamba United v Basnahira Cricket Dundee
Pallekele International Cricket Stadium
N/A
Sun Aug 19          
14:30 GMT | 20:00 local
20:00 IST
Uthura Rudras v Uva Next
Pallekele International Cricket Stadium
N/A
Mon Aug 20          
10:30 GMT | 16:00 local
16:00 IST
Kandurata Warriors v Ruhuna Royals
Pallekele International Cricket Stadium
N/A
Mon Aug 20          
14:30 GMT | 20:00 local
20:00 IST
Nagenahira Nagas v Wayamba United
Pallekele International Cricket Stadium
N/A
Tue Aug 21          
10:30 GMT | 16:00 local
16:00 IST
Ruhuna Royals v Uva Next
Pallekele International Cricket Stadium
N/A
Tue Aug 21          
14:30 GMT | 20:00 local
20:00 IST
Uthura Rudras v Basnahira Cricket Dundee
Pallekele International Cricket Stadium
N/A
Fri Aug 24          
10:30 GMT | 16:00 local
16:00 IST
Wayamba United v Kandurata Warriors
R Premadasa Stadium, Colombo
N/A
Fri Aug 24          
14:30 GMT | 20:00 local
20:00 IST
Uva Next v Nagenahira Nagas
R Premadasa Stadium, Colombo
N/A
Sat Aug 25          
10:30 GMT | 16:00 local
16:00 IST
Basnahira Cricket Dundee v Ruhuna Royals
R Premadasa Stadium, Colombo
N/A
Sat Aug 25          
14:30 GMT | 20:00 local
20:00 IST
Kandurata Warriors v Uva Next
R Premadasa Stadium, Colombo
N/A
Sun Aug 26          
08:30 GMT | 14:00 local
14:00 IST
Nagenahira Nagas v Uthura Rudras
R Premadasa Stadium, Colombo
N/A
Sun Aug 26          
14:30 GMT | 20:00 local
20:00 IST
Ruhuna Royals v Wayamba United
R Premadasa Stadium, Colombo
N/A
Tue Aug 28          
14:30 GMT | 20:00 local
20:00 IST
1st Semi Final - TBC v TBC
R Premadasa Stadium, Colombo
N/A
Wed Aug 29          
14:30 GMT | 20:00 local
20:00 IST
2nd Semi Final - TBC v TBC
R Premadasa Stadium, Colombo
N/A
Fri Aug 31          
14:30 GMT | 20:00 local
20:00 IST
Final - TBC v TBC
R Premadasa Stadium, Colombo
N/A

Sunday, July 29, 2012

රෝහල් කවුලුව


   හොදටම අසනිප වුනු මිනිසුන් දෙදෙනෙක් රෝහලේ එකම කාමරයේ ප්‍රතිකාර ලබමින් සිටියා.එක මිනිසෙක්ට සෑම සවසකම පැයක් පමණ ඇදෙන් නැගිට සිටිමට අවසර තිබුනා ඒ පිරිසිදු වාතය ආශ්වාස කිරිමට.ඔහු සිටියේ කාමරයේ තිබු ඒකම ජනේලය ලග.යාබද ඇදේ සිටි කෙනාට ඇදේම කාලය ගත කිරිමට සිදූනා.ඔවුන් බොහෝ දේ පිලිබදව කතාකලා.
   සෑම සවසකම ජනේලය ලග ඇදේ සිටි කෙනා නැගිට සිටින පැයේදි ඔහු ජනේලයේන් පිටත දකින දේ තම සගයාට විස්තර කිරිමට පුරුදු උනා.ජනේලයෙන් බලපු ගමන් පේන්නේ උද්‍යානයක්,තාරාවො, හංසයෝ වතුරේ පිනනවා,ළමයි සෙල්ලම් කරනවා,ආදරවන්තයන් අත්වැල් පටලාගෙන ඇවිදිනවා හරියට පාරාදිසයක් වගේ.අනෙකා මෙය නොදැක්කත් මවාගන්න පුලුවන් උනා.ඔහුට හිතුනේ ඔහු එහි ජිවත් වෙනවා වගේ.
   මෙසේ දින සති ගත උනා.එක් උදැසනක සාත්තු සේවිකාව  පැමිනෙන විට ජනේලය ලග සිටි රොගියා මියගොස් තිබුනා,ඔහුව එතනින් ඉවත් කලා.අනෙක් මිනිසා සාත්තු සේවිකාවගේන් ඉල්ලිමක් කරා තමාව ජනේලය ලග ඇදට මාරු කරන ලෙස.ඔහුගේ ඉල්ලිම ඉටු කල සේවිකාව පිටවි ගියා.
   ඔහු සෙමින්,වේදනාව නොතකා වැලමිටෙන් එසවි ජනේලයෙන් පිටත බැලුවා,තිබුනේ හිස් බ්ත්තියක් පමණයි.ඔහු මියැදුනු රෝගියා පැවසු   සියල්ල සාත්තු සේවිකාවට පැවසුවා.ඇයගේ පිලිතුර උනේ "ඔහු කොහොමද ඒවා දකින්නේ  ඔහු  අන්ධ පුද්ගලයයෙක්නේ".
ඇය මෙසේද පැවසුවා
"සමහර විට ඔහුට උවමනා වෙන්න ඇති ඔබව ධෙර්යමත් කරන්න"

Friday, July 27, 2012

Google Fiber(සුපිරි අන්තර්ජාල සබදතාවක්)

  ගූගල් සමාගම දිර්ග කාලයක් පර්යේශණ ල,බලාපොරොත්තුවෙන් සිට් Ultra-fast අන්තර්ජාල සම්බන්දතා අත්දැකිම ලබා දිමට සුදානමින් ඒ ගුගල් ෆයිබර් (Google Fiber) නමින්.හැබැයි තාම මේ සේවාව ලබා දෙන්නේ කැන්සාස් නගර වාසින්ට පමණයි.

  ගුගල් සමාගම අන්තර්ජාල සේවා සපයන්නකු බවට පත් ව්මේ පලමු පියවර තබමින් "Google Fiber" හදුන්වාදි තිබෙනවා.ගුගල් ෆයිබර් මගින් ගිගාබයිට් එකක ඩවුන්ලොඩ් සහ අප්ලෝඩ් වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවක්  මාසිකව 70$ කට ලබාදෙනවා.ඒ සමගම Fiber TV  සේවයද අමතර මුදලකට ලබා ගන්න පුලුවන්.
  ඇමෙරිකාවේ දැනට භාවිත වන බ්‍රොඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවා වල වේගය 5.8Mbps. ඒ අනුව බලන කොට ගුගල් ෆයිබර් එමෙන් 100 ගුණයකටත් වඩා වේගවත්.
මේ ගැන ගුගල් සමාගම කියලා තිබුනේ මෙහෙමයි..


  “No more buffering. No more loading. No more waiting.


 Gigabit speeds will get rid of these pesky, archaic 


problems and open up new opportunities for the web,”


  වචනයේ පරිසමාප්තාර්තයෙන්ම අධ්වේගි අන්තර්ජාල සබදතාවක් වන මෙය අන්තර්ජාලය නවමානයන් කරා ගෙන යාව්.


Stixy(නොමිලයේ වැඩ සිහිගන්වා ගැනිම)


  ඒදිනදා කල යුතු වැඩ විස්තර දැන්විම් පුවරුවක,දිනපොතක සටහන් කර ගන්නවාක් මෙන් පරිඝණකයේදි කරන කියන දේ මතකයට ගන්නට පහසුකම් ස්ට්ක්සි සපයයි.
  නෝට්ස්,ෆොටොස්,ඩොකියුමන්ට්ස් යනාදිය ඔනෑ තැනකින් ඇදගෙන විත් තබා ගන්නට ස්ටික්සි ඉඩ දෙයි.

Thursday, July 26, 2012

Captcha puzzles(කැප්චා පස්ල්ස්)



    ගුගල්,යාහු හෝ වෙනත් ඉ-මේල් සේවාවක ගිණුමක් ඇරඹිමට යන විට එම සේවාව මගින් සපයන ප්‍රහේලිකාවකට අප පිලිතුරු දිය යුතුය.ඇද විගිය ඉංග්‍රිසි වචනයක හෝ දෙකක ඉමේජයක් දි එහි පෙනෙන වචනය ටයිප් කිරිමට කොටුවක් දිම ප්‍රහේලිකාවයි.එතනින් ඉදිරියට යා හැක්කේ එය පිරවු විට පමනි.
  දැනට නොයේක් සෙවා සපයන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරන මෙවැනි ප්‍රහේලිකා කැප්චා (CAPTCHA:Completely Automated Public Turing Test to tell Computer and Humans ) නමින් හදුන්වයි. මේවායින් බලාපොරොත්තු වන්නේ වෙබ් අඩවියට පිවිසෙන්නා ජිවමාන පුද්ගලයකු දැයි තේරුම් බේරුම් ගැනිමයි.
   ගුගල්,යාහු,ලයිව්,ෆේස්බුක්,යු ට්යුබ් ආදි වෙබ් සේවා තම සේවාදායකයින් ස්පෑම් වලින් ආරක්ශාකර ගැනිමට කැප්චා ප්‍රහේලිකා යොදා ගනි.
  කැප්චා සහ රිකැප්චා ක්‍රමයේ නිර්මාතෘවරයා වන්නේ ගෝතමාලා ජාතික පරිඝනක විද්‍යාඥයකු වන ලුවිස් වොන් ආන් ය.ඒ වසර 2000 දි පමන ය.කැප්චා නිර්මාණය කිරිමට මුලික ක්‍රමවේදය වන්නේ,අකුරු පෙළ මතුපිටින් ග්‍රිඩ් එකක් යොදා ස්වරුපය විකෘති කිරිමය.එයින් උපදින අකුරු කියවිය හැක්කේ මිනිසෙකුටම පමනි.

  ලොව පුරා සෙනග සෑම මොහොතකම පාහේ කැප්චා ප්‍රහේලිකා විසදමින් පවති.දිනකදි නිවරදිව විසදන කැප්චා ප්‍රහේලිකා ගණන කෝටි 20 කි.සාමාන්‍යයෙන් කැප්චා ප්‍රහේලිකාවක් හදුනාගෙන ටයිප් කිරිමට තත්:10 පමණ ගතවේ.ඒ අනුව මේ කාර්යය සදහා දිනකට මිනිස් පැය ලක්ෂ 5 ක් වැය වේ. මේ ගතවන විශාල කාලයෙන් ප්‍රයොජනයක් ගැනිමට ක්‍රමයක් සොයා ගත්තේද ලුවිස් වොන් ආන්ය.ඒ රිකැප්චා ක්‍රමය හදුන්වා දිම මගිනි.



මොකක්ද මේ රිකැප්චා...ලගදිම කියනවා.

Wednesday, July 25, 2012

Youtube/edu(යුටියුබ් එඩ්යු)


   ලෝකයේ තිබෙන කීර්තිමත් විශ්ව විද්‍යාලයක ඉගන ගැනිම පහසු කාර්යක් නොවේ. මන්ද ඒ  සදහා විශාල ධනස්කන්දයක් වැයවන බැවිනි.ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක දේශනවලට ඔබට ගෙදර සිටම නොම්ලේම නැරඹිමට හැකිනම්,ඔබට එම අවස්තාව ගූගල් සමාගමේ යුට්යුබ් සේවය මගින් ලබා ගැනිමට පුලුවන්.
  www.youtube.com/edu හරහා ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාල 200 කට අධික සංඛ‍යාවක දේශන අඩංගු විඩියෝ ක්ලිප් මෙමගින් නැරඹ්ය හැක.ඒ ලෝකයේ ඇති හොදම මිලට හෙවත් නොමිලේය. මැසචුසෙට් තාක්ෂන ආයතනය,බර්කලි,ස්ටැන්ෆර්ඩ්,හාවඩ්,යේල් ආදි විශ්ව විද්‍යාල ගණනාවක් යුටියුබ් එඩ්යු වෙත දේශන අඩංගු විඩියො ක්ලිප් එක් කරමින් පවති.
  පුලුල් පරාසයක විහිදියන පරිදි විශයන් ආවරණයක් කරමින්  යුටියුබ් එඩ්යු දැනුම සපයයි.ගූගල් සමාගම යුටියුබ් එඩ්යු පටන් ගත්තේ 2009 මාර්තු 26 වදාය.මේ වන විට ඒය ජනප්‍රියතාවයේ ඉහලම පවති.නොමිලයේ විශ්ව විද්‍යාලයක දේශන දෙන එකම තැන යුටියුබ් එඩ්යු නොවේ. නමුත් ජනප්‍රියම තැන යුටියුබ් එඩ්යු ය. 

                                                    ex:Olympic Torch Technology


Must-See Photos


                 July 24, 2012: Photograph captures the split second before a wave breaks on a beach in Hawaii as the sun shines in the background. 
(© CJ Kale/Lava Light Gallery/Caters News Agency)

Tuesday, July 24, 2012

Galaxy Nexus(ගැලැක්සි නෙක්සස්)

   ගැලැක්සි නෙක්සස් කියන්නේ ගූගල් සමාගම හදුන්වා දෙන නවතම ස්මාර්ට් ෆෝන් එක.ඒ සමගම මෙයට හොද ගුගල් දුරකතන සේවාවක්,කෙලින්ම ලබාගත හැකි වේගවත් අප්ඩේට්ස්,සහ දැනට භාවිතයේ පවතින හොදම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය "Android 4.1, Jelly Bean" ද අන්තර්ගතයි. 
  


Simply touch the microphone on the keyboard and start talking to write emails, SMS, or any other text—more than 30 languages supported.














Monday, July 23, 2012

Torrent files(ටොරන්ට් ෆයිල්ස් යනු මොනවාද?)


   ටොරන්ට් ෆයිල්ස්(Torrent files) යනු කිලොබයිට් කීපයක හෙවත් ඉතා කුඩා ධාරිතාවකින් යුතු .torrent නම් ෆයිල් එක්ස්ටෙන්ෂන් එක සහිත ගොනු වර්ගයකි. ටොරන්ට් ෆයිල්ස් මගින් කරන්නේ,විශාල ධාරිතාවකින් යුතු වෙනත් ෆයිල්ස් ඉන්ටනෙට් හෝ වෙනත් නෙට්වර්ක් එකකින් ඩවුන්ලෝඩ් කිරිම පහසු කිරිමයි.සැබැවින්ම මෙය ව්ශාල ෆයිල්ස්,වේගවත්ව ඩවුන්ලෝඩ් කල හැකි තාක්ෂණික උපක්‍රමයකි.මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ එකම ෆයිල් එකක් කීප දෙනෙක් ඩවුන්ලෝඩ් කරන විට එහි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩු නොවි වැඩි වීමයි.
ටොරන්ට් ෆයිල්ස් ආධාරයෙන් චිත්‍රපට,ගීත ඇල්බම,මෘදුකාංග,පරිගණක ක්‍රිඩා හෝ වෙනත් ගොනු ඉන්ටනෙට් තුලින් ඩවුන්ලෝඩ් කර ගැනිමට පුලුවන. ටොරන්ට් ෆයිල් ඒකක් තුල එමගින්  ඩවුන්ලෝඩ් කළ යුතු ෆයිල් එකේ Pieces ගණන Speed,Server details  ආදි බොහෝ තොරතුරු අඩංගු වේ.ටොරන්ට් ෆයිල්ස් භාවිතා කිරිමට මෘදුකාංගයක් පරිඝණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය.මෙවා නොමිලයේ ලබා දේ.
www.Torrentsdownload.net යනු මෙවැනි ටොරන්ට් ෆයිල්ස් නොමිලේ ලබාදෙන ජනප්‍රිය වෙබ් අඩවියකි.

Microsoft Office 2013(ඔෆිස් 2013)

  මයික්‍රොසොෆ්ට් සමාගම තමන්ගේ නවතම ඔෆිස් සංස්කරණය ඉදිරිපත් කර තවම වසර 3 වත් ගතවි නැහැ.එසේම ඔවුන් ගේ නවතම මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරිමටත් ආසන්නයි.මේ සියල්ල අතර ඔව්න් තම නවතම ඔෆිස් සංස්කරණය ලෙස ඔෆිස් 2013 හි අත්හදා බැලිමේ සංස්කරණය නිකුත් කර තිබෙනවා.
    මෙතනින් ගොස් ඔබටද මෙම අත්දැකිම ලබා ගත හැක. 
#ඔෆිස් 2013 පරිගණකයේ ස්ථාපනය කරගැනිමට තිබිය යුතු දෘඩාංග අවශ‍යතා.
  • 3.5GB of free disk space
  • X86 or X64 system clocked at 1GHz or higher
  • DirectX10 graphicsalong with a minimum resolution of 1024 x 576
  • 1GB of RAM for 32-bit systems, and 2GB for 64-bit machines.
  ඔෆිස් 2013 හිත් මුලික පදනම තමයි රිබන් ඉන්ටර්ෆේස් එක.ඒ කියන්නේ දැනට ඔෆිස් 2007 පාවිච්චි කරන අයට වැඩි අමාරුවක් නැතුව මෙකේ වැඩ කරගෙන යන්න පුලුවන් වේවි.
1.Ms Office Word

  ඉහත ආකාරයට තමයි වර්ඩ් වල ආරම්භක පිටුව පෙන්වන්නේ.එහි වම් පැත්තෙ recent document වගෙම දකුණු පැත්තේ template's දිස් වන ලෙස සකසා තියනවා.ඔවුන් පවසන පරිදි නව වර්ඩ් සංස්කරණය ඇසට පැහැදිලි සහ පහසු දර්ශණයක් සපයන අතර පරිපුර්ණ නිමාවක් ඔබේ ඩොකියුමන්ට් එකට ලබා දෙනවලු.මේ තියෙන්නේ වර්ඩ් වල නව ගතිගුන කිපයක්,

  • Tracking changes



  • 2.Live layout and adding online video

  මෙමගින් ඔබට අන්තර්ජාලයේ  හෝ වෙනත් ඔනැම වෙබ් අඩවියකින් කෙලින්ම විඩ්යෝ ක්ලිප් ඇඩ් කරගන්න පුලුවන්
  • 3.Editing PDF's
  මිට පෙර වර්ඩ් වලින් පුලුවන් උනේ PDF වලින් ෆයිල් සේව් කරන්න විතරයි.2013 හිදි PDF FILES එඩ්ට් කරන්නත් පුලුවන්.හරියට වර්ඩ් ඩොකියුමන්ට් එකක් වගේ.
  • 4.Reading mode
 ටැබ්ලට් පරිගණක භාවිතා කරන්නන් සදහාම මෙය හදුන්වා දී තිබෙනවා.මෙමගින් full-screen readonly view එකක් ලබා ගන්න පුලුවන්.
2.Ms Office Excel
  • Flash fill  

  ඔබ ඇතුලත් කරන Data pattern ඒක හදුනා ගෙන,blank cells වලට ඇතුලත් විය හැකි දෑ ඔබ වෙනුවේන් පුරවා දිම මෙමගින් ඉටු වේ.
  • Suggestions for visuals



















  • Timeline slicer


  නිශ්චිත කාල සිමාවකට අයත් දත්ත පෙරා ගැනිමට උදවු වේ
  • Quick Analysis



















3.Ms office Power point

  පවර්පොයින්ට් වල ඇනිමේශන් වලට වඩා නිර්මාණාත්මක ලක්ශන වලට මුලිකත්වය ලබා දි තිබෙනව.ඔබ ඉදිරිපත් කිරිම සිදුකිරිමට සුදානම් විට Presentation view කියන ඔප්ෂන් එක මගින්,කාල ගණනයක්,අවශ‍ය සටහන්,ඉදිරිපත් කිරිම අතර තුරම යම් සටහනක් කුරුටු ගා ගන්නත් හැකියාව ලබා දී තිබෙනවා.විශේෂත්වය තමයි එය ඔබට පමනක් දැක ගත හැකි වීම.


4.Outlook

5.Onenote


Saturday, July 21, 2012

Firefox(ෆයර් ෆොක්ස් ) 14


   ඔපන් සෝස් වෙබ් බ්‍රවුසර් නිපදවන සමාගමක් වන මොසිල්ලා ඔවුන්ගේ නවතම ෆයර් ෆොක්ස් සංස්කරණය වන ෆයර් ෆොක්ස් 14(Firefox 14) නිකුත් කිරිමට සුදානම් වනවා.එය වැඩ්දියුණු කරන ලද ආරක්ෂක උපක්ක්‍රම(Enhanced security),හදුනාගැනිම තහවුරු කරන ලක්ෂන(verified identity features) සහ මවුසය වඩාත්  හොදින් ක්‍රියාකාරිවන ලෙස(better mouse performance) නිපදවා තිබෙනවා.

   ෆයර් ෆොක්ස් කරල තියන ලොකුම වෙනස්කම තමයි ගුගල් සචස්(Google Searches) ආරක්ෂාකාරි කිරිම.ඒ සදහා ස්වයංක්‍රියවම Https වලට මාරුවිම සිදුවනවා.එමගින් පොදු වයිෆයි නේට්වර්ක් වලදි(shared or public WiFi networks) දත්තවල ආරක්ෂාව තහවුරු වෙනවා.මොසිල්ලා මේසේ එය විස්තර කරනව "ඔබට ඔබේ සෙවුම් වලදි කිසිම වෙනසක් තේරෙන එකක් නෑ,නමුත් ඔබේ සියලුම ගුගල් සෙවුම් යෝජනා සහ සෙවුම් ප්‍රතිපල ඉදිරිපත් වෙන්නේ ආරක්ෂාකරිව". දැනට මෙම යාන්ත්‍රනය ක්‍රියාත්මක වන්නේ ගූගල් සෙවුම් වලට පමණයි,ඉදිරියෙදි අනෙක් සෙවුම් යන්ත්‍රවලටත් මෙය භාව්තා කිරිමට බලාපොරොත්තු වෙනවලු. 
   වැඩ් දියුණුකල අතිරේක අංගයක් ලෙස සුමට මවුස පාලනයක් දි තිබෙනවා.එය වේබ් ඇප්ස් සහ ගේම්ස් වලදි අමතර සහයක් ලබා දේ.තවද යුර්ල්(URL) එකට වම් පැත්තේ තිබෙන නව(verified identity icons) අයිකනය මගින් ඔබ පිවිසෙන වෙබ් අඩවිය කෙතරම් ආරක්ෂාකාරි දැයි ඔබට තහවුරු කරගත හැකියි.
  2012 ජුනි වන විට වෙබ් බ්‍රව්සර් යුද්ධයේ පෙරමුණ ගූගල් ක්‍රොම්(32.76%) ලබා සිට්නවා.ඉන්පසුව පිලිවෙලින් එක්ස්ප්ලොර (32.31%),ෆයර් ෆොක්ස්(24.56%), සෆාරි (7.00%) සහ ඔපෙරා(1.77%) ද සහිතව තවම තරග කරනවා.

Software freedom day(මෘදුකාංග නිදහස් කිරිම)


   මම අද ටිකක් වෙනස් දෙයක් ගැන බ්ලොග් එකේ ලියන්න හිතුවා.ගොඩක් අය නිදහස් මෘදුකාංග ගැන අහල තිබුනට පාවිච්චි කරන්නේ නැතුව ඇති.සමහරු නොදැන උනත් නිදහස් මෘදුකාංග භාවිතා කරනවා ඇති.කොහොම හරි නිදහස් මෘදුකාංග නැත්නම් ගොඩාක් අය දන්නේ ඔපන්සෝස් මෘදුකාංග(Open-Source software) කිව්වම.ඇත්තටම නිදහස් මෘදුකාංගයක් කියන්නේ ලොකයේ ඔනෑම කෙනෙකුට නොම්ලේම ලබාගන්න පුලුවන් වගේම ඒවා තමන්ට ඔනෑ පරිදි පහසුවෙන්ම Modify කර ගන්න පුලුවන් මෘදුකාංග වර්ගයකට.මෙම නිදහස් මෘදුකාංග නිශ්පාදනය කරල Promote කරන්නේ ලාභ නොලබන ආයතන මගින්.
  මෙහෙම නිපදවන නිදහස් මෘදුකාංග රාශියක් අද ලෝකයේ පුරාම මිනිස්සු භාවිතා කරනවා.මොකක් හරි දෙයක් ගැන විශේෂයක් කරලා ජනතාවගේ අවධානය අරගෙන ඒ පිලිබද දැනුමක් දෙන්න ඔන උනාම ඒ සදහා දිනයක් වෙන් කර ගන්න එකනේ ලෝක චාරිත්තරේ.නිදහස් මෘදුකාංග ගැනත් සලකල දිනයක් යොදාගෙන තියනව.මේ දිනය යෙදේන්නේ සෑම වසරකම සැප්: මාසයේ 3 වන සෙනසුරාදාට.මේ වසරේ ඒ දිනය යෙදෙන්නේ සැප්: මස 15 වනදාට.2004 තමයි නිදහස් මෘදුකාංග දිනය සමරන්න පටන් අරන් තියෙන්නේ.
  නිදහස් මෘදුකාංග ගැන ජනතාව පුලුල්ව දනුවත් කිරිම මෙහි අරමුණු අතර ප්‍රදානයි.ලංකාව වගේ රටකට තමයි නිදහස් මෘදුකාංග වල වටිනාකම වැඩිපුරම දැනෙන්නේ.මොකද අද භාවිතා වන මෘදුකාංග වැඩි ප්‍රමානයක් මුදල් ගෙවල ගන්න ඔන ඒවා.අපි වැඩි දෙනෙක් ඒවගෙ Pirate copies තමයි දාල තියෙන්නේ.අද තියන නිදහස් මෘදුකාංග අපි භාවිතා කරන මුදල් ගෙවන්න ඔන මෘදුකාංග තරම්ම දියුණුයි.සමහර ඒවා ඊටත් වඩා වේන්න පුලුවන්.
  මේ නිදහස් මෘදුකාංග  වල තියන තවත් වාසියක් තමයි ඒවායේ කේත සටහන් වෙනස් කරල අපිට,අපේ රටට ගැලපෙන මෘදුකාංග නිත්‍යානුකූලව සාදා ගන්න පුලුවන් විම.
 මෙන්න නිදහස් මෘදුකාංග  කිපයක්
1.OS :- Linux /Ubuntu
2.Web server :-Apache
3.Player :- VLC
4.E-mail :- Sendmail
5.Programming :- Perl
6.Office Package:-      Openoffice

Friday, July 20, 2012

Aurora(ඌෂාලොකය)


  ඇන්ටාක්ටික් පර්යේශණ ආයතනයේ සිටි අතලොස්සක් වු පිරිසට මෑත දිනකදි ඕස්ට්‍රේලියනු ශිතඍතුවෙදි බල පැවැත්වෙන පැය 24 අදුරේන් මිදිමට සිදු උනා.එයට හේතුව තමයි අයිස් වලින් ආවරනය වු නැගෙනහිර දක්ෂින ධ්‍රැවයේ දිලිසෙන ඌෂාලොකයක්(Aurora) අහස් කුස ආලොකමත් කිරිම.
  මේ පින්තුර වලින් පෙනෙන ලෙසට අද්භුත කොලපාට ආලොකයක් අහස ආලොකමත් කලා.

In a July 18 photograph, an aurora dances over Concordia Station in East Antarctica. (Photo By ESA/A. Kumar & E. Bondoux)
  ඌෂාලොකයට, Northern lights or Aurora borealis (අවුරෝරා බොරියලිස්) කියලත් කියනවා.අවුරෝරා ඇතිවෙන්නේ සුර්ය‍යාගේ සිට නික්මෙන ආලෝක අංශු අපේ වායුගොලයේ ගැට්ම නිසා කියලා ඔයාලා දන්නවනේ.
මෙන්න තව ලස්සන පින්තුර ටිකක්

FotoFlexer

      FotoFlexer වෙබ් අඩවිය කියන්නේ ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන සයිට් එකක්. FotoFlexer  අඩවියට ගියාම තමන්ගේ පරිගණකයේ තිබෙන ෆෝල්ඩරයක ඇති ඔනෑම ඉමේජයක් ඒ වෙත අප්ලෝඩ් කොට නොයේක් ක්‍රමයට එඩ්ට් කර ගත හැක.පසුව ඒවා ෂෙයාර් කරන්න පුලුවන්,නැත්නම් පරිගණකයේ සේව් කරගන්නත් පුලුවන්... 
                                     Login Here

Thursday, July 19, 2012

Orbit Downloader(ඕබ්ට්)


         ඉන්ටනෙට් තුලින් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කර ගන්න නම් ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් වර්ගයේ මෘදුකාංගයක් භාවිතා කරන්න ඔන.මේ වගේ ගොඩක් මෘදුකාංග අද තියනවා.මේසේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගත හැකි හොද ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් වර්ගයේ මෘදුකාංගයක් ලෙස ඕබ්ට්(orbit Downloader) හදුන්වන්න පුලුවන්. මේක නොමිලේ දෙන ඔපන් සෝස් වර්ගයේ මෘදුකාංගයක්.
                    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..
Click Here
    ඕබිට් ඩවුන්ලෝඩ් ඩවුන්ලෝඩ් කර ගත්තම Orbit Downloader Setup.exe සෙටප් එක ලැබෙනවා.ඒක ඩබල් ක්ලික් කරලා මෘදුකාංගය පරිගණකයේ ඉන්ස්ටෝල් කරගන්න.අඩු කාලයකින් වැඩ් ෆයිල් ප්‍රමාණයක් මෙන්ම විශාල ව්ඩ්යෝ ෆයිල් එකක් උනත් ඉක්මනින් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. 

Wednesday, July 18, 2012

Spam(ස්පෑම්)


    1978 මැයි මස 3 වනදා,ඇමෙරිකාවේ ඩෙක් කොම්පියුටර් සමාගමේ අලෙවිකරුවෙක් අමුතු ඉ-මේල් පණිවුඩයක් යැවිය.සැබැවින්ම ඒ කාලයේ තිබුනේ දැන් තිබෙන අන්තර්ජාලය නොවේ.එහි මුලාරම්භය වු ආපානෙට් ජාලයයි.ආපානෙට් ජාලය භාවිතා කල සැමටම ලැබෙන සේ,නැවත නැවත හැරි හැරි ලැබෙන සේ,යෑවු මෙයින් කියවුනේ ඩෙක් සමාගමේ නවතම පරිගණක මාදිලි ප්‍රදර්ශණයට සහභාගි වන ලෙස කල ආරාධනයයි.එය ලෝකයේ පලමු ස්පෑම් වර්ගයේ ඉ-මේල් පණිවුඩයයි.
   මේ කරදරකාරි එසෙම එවන්නා නොදන්නා ඉ-මේල් වලට ස්පෑම් යන නම පටබැන්දේ ඇමෙරිකාවේ ජොයෙල් ෆර් විසින් 1993 දීය.ස්පෑම් වලට වසර 30 හා ස්පෑම් යන නම යොදා වසර 15 යෙදුනු 2008 වසරේ දි බ්බ්සි ඔන්ලයින් පුවත් සේවයට අදහස් දක්වමින් ජොයෙල් ෆර් පවසා තිබුනේ " ස්පෑම් වලින් මහජනයට සිදුවන පීඩාව,ඉන්ටනෙට් වේගයට සිදුවන හානිය සලකන විට කියන්න තියෙන්නේ ස්පෑම් භන්ගවේවා කියායි".
   ස්පෑම් වලකන්නට සහ ස්පෑම් එවන්නන් සොයන්නට වෙහෙසෙන ප්‍රමුක සංව්ධානයක් වන The Spamhaus Project  අනුව අද ලෝකයේ දිනකට ඉ-මේල් බිලියනයකට වඩා හුවමාරු වේ.ඉන් 90% ම ස්පෑම් බව ඔවුන් කියයි.මෙම ස්පෑම් වලින් වැඩි පංගුව ච්නයෙන් හා රුසියාවේන් පැමිණෙන විවිධ නිශ්පාදන මිලට ගන්නා ලෙස කියවන ස්පෑම් ඉ-මේල් ය.
   ස්පෑම්කරුවන් අල්ලා ගන්නට පහසු නැත්තේ  ඔවුන් ඉන්ටනේට් සේවා සපයන්නන් විසින් පවත්වගෙන යන ආරක්ෂක උපක්‍රම වලින් රින්ගා යන්නට සුක්ෂම නිසා බව කියයි.එසෙම ඔව්න් එම ක්‍රම දිනෙන් දිනේ වෙනස් කරන බවද The Spamhaus Project කියයි.

Apple.inc

     ඇපල් පරිගණක සමාගම නමින් ආරම්භ වු මෙම සමාගම ඇමෙරිකානු බහු ජාතික සමාගමකි. මෙම ආයතනය මඟින් වැඩි වශයෙන් පරිභෝජනයට ගැනෙන විද්‍යුත් උපාංග සහ ඊට අදාළ මෘදුකාංග නිර්මාණය සහ නිෂ්පාදනය කරනු ලබයි. 1976 වර්ෂයේ අප්‍රේල් 1 දින කැලිෆෝනියා ප්‍රාන්තයේ කපර්ටිනෝ නගරයේ ස්ථාපිත වු, Apple සමාගම පරිගණක, I - pod උපකරණ, ජංගම දුරකථන, පරිගණක මෘදුකාංග, පරිගණක දෘඩුකාංග, පරිගණක අනුපුරක කොටස් නිෂ්පාදනයේ යෙදේ. 2007 වසරේ සැප්තැම්බර් වනවිටදී Apple සමාගමට අයිති ප්‍රදර්ශනාගාර 200 ක් රටවල් 5 ක් දුර විසිරි ඇති අතර අන්තර්ජාල අළෙවි සැලක්ද වේ.I - funs store හි ගීත විඩියෝ පට, රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට, I - pod පරිගණක ක්‍රීඩා සහ ග්‍රාම්‍ය ග්‍රන්ථ යනාදිය බාගත හැකිය. මෙම සමාගම වැඩිම පාරිභෝගික ප්‍රසාදයට ලක් වු නිෂ්පාදන වනුයේ. Macintosh පරිගණකය, I - pod යන්ත්‍රය සහ අයි ෆෝන් දුරකථනයයි. ඔවුන්ගේ ජනප්‍රියතම මෘදුකාංගය වනුයේ Mas - OS X මෙහෙයුම් පද්ධතිය සහ I life බහු මාධ්‍ය උපකරණයි.
  1977 වසරේ ජනවාරි 3 වැනි දින සංස්ථාගත වු මෙම සමාගම මුල් වසර 30 දී ඇපල් පරිගණක සමාගම නමින් හැදින්වු අතර ඔවුනගේ නිෂ්පාදන පරිගණකයෙන් ඔබ්බට ගිය නිසා සමාගම් නම ඇපල් සමාගම නමින් හදුන්වන ලදී.
  ලොව වටා පුර්ණ කාලීන හා සමාකාලීන සේවයක් සපයන මෙම ආයතනයේ සේවක සංඛ්‍යාව 20,000 ට අධික වේ. ඇපල් සමාගම විසින් 2007 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 24.01 විකුණුම් ළගා කර ගන්නා ලදී.
  ඇපල් සමාගම සෞන්දර්යාත්මක හා පරිභෝගිකයාට පහසු වන ආකාරයට උපකරණ නිෂ්පාදනය කර ඇත. මේ නිසා මෙම සමාගමේ සන්නම් භාවිතා උපකරණ සදහා විශේෂ ඉල්ලුමක් සහ එම සමාගමේ භාණ්ඩ මත පමණක් පරිභෝජනය කරන පාරිභෝගික කොටසක් ඇත. මේ හේතුවෙන් Apple සමාගම ඉතා උසස් තත්තවයේ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමක් ලෙස ලොව වටා සහ විශේෂයෙන්ම එක්සත් ජනපදයේ නම් දරා සිටී.
නිෂ්පාදන
Moc (පරිගණක), mac OXS, Mac OS X server pod, QuickTime, Infuses, Life, Work, Sadori, Apple Remote Desktop,Xsan, Final cut Studio, Air Poort, Ipod, අයි ෆෝන් , Mighty mouse, Apple TV

Tuesday, July 17, 2012

World wide telescope..


   අන්තර්ජාලයේ ගති ගුණ සහිත සේවා වලින් ඔබ්බට ගිය වෙනස්ම ඔන්ලයින් සේවයක් Microsoft සමාගම WWT ( World wide telescope  )නම්න් හදුන්වාදුනි.මෙය මුලු විශ්වයම පරිගණක තිරයේ පෙන්වන දැවැන්ත දුරදක්නයකි.
   මුලින්ම වර්ල්ඩ් වයිඩ් ටෙලස්කෝප් වැඩසටහන පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගත යුතුය.පසුව ඉන් ලොකයේ නොයෙක් තැන් වල තිබෙන විශාල ටෙලස්කෝප්වලින් ලද ඉමේජ් යොදා තැනු රුපාවලීන් ලැබේ. සරලවම ලෝකයේ නගර 550 අධික ගණනකට ඉහල රෑ අහස මෙයින් පෙන්වයි.
   සඳ සහ වෙනත් ග්‍රහලෝක වල පෙනුම සූම් කරම්න් බලන්නට පුලුවන් හරියට ගූගල් අර්ත් (Google Earth)තුලින් ලෝකය බලන්නාක් මෙන්.හබ්ල් දුරේක්ෂයෙන් ලබා ගත් ඈත විශ්වයේ ඡයාරූප බලන්නත් පුලුවන්.මේක නොම්ලේ දෙන සේවයක් නිසා ඔන කෙනෙකුට භාවිතා කරලාතොරතුරු සපයා ගන්න පුලුවන්.මෙමගින් ලබෙන අධ‍යාපනික අත්වැල තාරකා විද්‍යාවට කැමති අයට ලොකු අත්වැලක්....
www.Worldwidetelescope.org තමයි ලින්ක් එක.