Wednesday, October 31, 2012

Windows 7 වල Blu-ray කියවීම..

 Blu-ray කියන්නේ DVD වලට පස්සේ අපු ප්‍රබල ගබඩා කිරිමේ මාධ්‍යක්.ඒය ඔබට DVD ඒක වගේ 6 ගුණයකටත් වඩා විශාල ධාරිතාවක් ගබඩා කිරිමට අවස්ථාව සලසා දෙනව.Blu-ray වල DVD/CD වලට වඩා වෙනස් තරංග ආයාමයක් තමයි භාවිතා වෙන්නේ.හැබැයි මේකත් ඩ්ව්ඩ් ඒක වගේමයි.Blu-ray භාවිත කිරිමේ ප්‍රධාන වාසි දෙකක් තියනව. 
  • විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැකි වීම. 
  • ගබඩා කරන ව්ඩ්යෝ සහ ඔඩ්යෝ වල ඉහල ගුණාත්මක බවක් තිබිම.
     ඒ වගේම තමයි අවාසි කීපයකුත් තියනව.ඒවා අතර ප්‍රබලම වෙන්නේ කාරණා 2 තමයි,
  • මිල අධික වීම.
  • DVD/CD ධාවක වල මෙය ක්‍රියාත්මක නොවීම.
   ඒනිසා ඔබට Blu-ray ධාවනය කරන්න Blu-ray ක්‍රියත්මක වන ධාවක(Optic Drives) මිලට ගන්න වෙනව.
   Blu-ray ධාවක codecs වගයක් භාවිතා කරනව.ඒවා දත්ත තැටිගත කර අවසන් වීමට පෙර කුඩා ඇල්ගොරිතම වැඩසටහනක් මගිනුයි ඇතුලත් කරන්නේ.මෙලෙස භාවිතා කරන codecs ආකාර 2ක් තියනව.මේ codecs කියවන්න පුලුවන් විවිධ මෘදුකාංග සහිත ප්ලේයර්ස් තියනව. නමුත් Windows 7 වල තියන Media Player ඒකේදි ඒවා කියවීමේ හැකියාව නැහැ.
   අවාසනාවකට වගේ Microsoft ලා Windows 7 Media Player ඒක Blu-ray Supported කරල නැහැ.ඒ නිසා Windows 7 වල Blu-ray දාවනය කරගන්න තුන්වන පාර්ශවයක සහයෝගය ලබා ගන්න ඔන.නමුත් දැන් Microsoft මගින් Blu-ray Supported Windows 7 ලබා දෙනව හැබැයි ඒ වැඩිපුර මුදලකට.
නමුත් Blu-ray Supported ඒක ලබා ගන්න පුලුවන් වෙනත් ආකාරත් තියනව.මේ තියෙන්නේ ඒකට හොදම විසදුම්  කීපයක්.


Blu-ray තාක්ශණය ගැන සම්පුර්ණ ලිපියක් ළගදිම...

Monday, October 29, 2012

මිඩියා ප්ලේයරයෙන් උපසිරසි කියවවීම...

   උපසිරසි කියන්නේ චිත්‍රපටයක හෝ විඩියෝ ඒකක ඇති දෙබස් තිරය මත මුද්‍රිත ආකාරයට ලබා ගැනිම.ඒවා ඒකම භාශාවේ හෝ වෙනත් භාශාවක පරිවර්ථිත ආකාරය වෙන්න පුලුවන්.අපි බොහෝ විට උපසිරසි භාවිතා කරන්නේ චිත්‍රපටයේ අඩංගු භාශාව අපට නොතේරෙන විටදි.ඒක හරියට අපි දෙමළ චිත්‍රපටියක් සිංහල උපසිරසි සහිතව බලනව වගේ.
   උපසිරසි සාමන්‍යයෙන් .SRT සහ .SUB කියන ආකාර දෙකෙන්ම පවතිනවා.ඒවා ඔබට විවිධ වෙබ් අඩවි වලින් ලබා ගන්න පුලුවන්.ඔබට අවශ්‍ය්ය චිත්‍රපටයේ නම Subtitle යන්න සමග ගුගල් කර ඔබට විවිද භාශා වලින් ඒහි උපසිරසි ලබා ගන්න පුලුවන්.මේ තියෙන්නේ ඔබට නොමිලයේම උපසිරසි ලබාගත හැකි වෙබ් අඩවි කීපයක්.

  1. Open Subtitles Database -
  2. My Subtitles -
  3. DivX Subtitles -
  4. Movie Subtitles - 
  5. බයිස්කෝප් සිංහලෙන්-
   උපසිරසි සහිතව චිත්‍රපටියක් නැරබිමට VLC,GOM වගේ Players භාවිතා කරනව.නමුත් සාමාන්‍යය තත්ව යටතේ Windows Media Player ඒක .srt , .sub වගේ ෆයිල් වලට සහය දක්වන්නේ නැහැ.ඒ සදහා පිලියමක් ලෙස ඔබට Media Player ඒකට කුඩා මෘදුකාංගයක් ඇතුල් කල යුතු වෙනව.
   මේ කුඩා මෘදුකාංගය තමයි Direct vobsub codec.ඒය පරිගනකයේ ස්ථාපනය කර ගැනිමෙන් ඔබට  පහසුවෙන්
Media Player ඒක හරහා උපසිරසි සහිතව චිත්‍රපටි බලන්න පුලුවන්.450kb පමණ ඉතා කුඩා මෘදුකාංගයක් නිසා මෙය පහසුවෙන් බාගත කර ගන්න පුලුවන්.
                             DOWNLOAD HERE
  දැන් ඔබට උපසිරසි සහිතව චිත්‍රපටයක් බැලිමට අවශ්‍යය වු විට උපසිරසි ෆයිල් ඒක බාගත කරගෙන ඒය චිත්‍රපටය අඩංගු ෆෝල්ඩරයටම ඇතුල් කර ඒ දෙකටම ඒකම නම ලබා දෙන්න ඔන.ඒ කියන්නේ ඔබ නරඹන චිත්‍රපටය Abc.avi නම් උපසිරසි ෆයිල් ඒක Abc.srt ලෙස සකසා ගත යුතුයි.ඉන්පසු media player  ඒක විවෘත කරගෙන play--->captions & subtitles යන්නට ගොස් 'on if available" සක්‍රිය කරන්න.දැන් ඔබට ඔනම අවස්තාවක උපසිරසි සහිත චිත්‍රපට
Media Player හරහා නරඹන්න පුලුවන්.

 Old Posts

Sunday, October 28, 2012

අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය;සරලව...


  මට හොදටම විශ්වාසයි අන්තර්ජාලයේ ක්‍රියාකරිත්වය පිලිබදව ඔයාලා තුල ලොකු කුතුහලයක් ඇති.සමහරු ඩවුන්ලොඩ් වේගය අඩුවීම ගැන,මේල් ඒකක් මගහැරි තිබිම වගේ පොඩි කාරනාගැන පැමිණිලි කලාට අන්තර්ජාලයේ ක්‍රියාකරිත්වය කොයි වගේද කියල හිතලවත් නැතුව ඇති.
  මීට වසර 10 පෙර ඔයාල හැමොම වගේ පුවත්පත් මිලදි ගත්තා,වීඩියො ඒකක් රෙන්ට් ඒකට ගෙනත් බැලුව,ලියුමක් යවන්න තැපැල් කාර්යාලයට ගියා,හැබැයි දැන් ඒ හැමදේම ගෙදර ඉදන්ම කරනව නේද?
  බලන්න අන්තර්ජාලයේ සිතියම දිහා,ඒක හරියට අධ්වේගි මාර්ග මිලියන ගණනක ඒකතුවක් වගේ.මොඩමයකට සම්බන්ද වුන පරිගණකයක් දුරකථන මාර්ගයකට,කේබල් ඒකකට,චන්ද්‍රිකවකට , දුරකථන ජාලයකට සම්බන්ද වෙලා තියනව.ඒය තවත් පරිගණකයකට,සර්වර් ඒකකට,රවුටරයකට,මොඩමයකට ආදි ලෙස.ඒහි ආරම්බයක් අවසානයක් දැකගන්න නැහැ.
Internet Map

  අන්තර්ජාලය ක්‍රියාකරවන්නේ Internet Protocol කියන දේ මගින්.මතකනේ මම IP Address ගැන කිව්වා.protocol ඒකක් කියන්නේ යම්කිසි වක් කිරිමට ඇති නිශ්චිත ක්‍රමවේදයට.
  උදා:ෆෝන් කොල් ඒකක් ඒමේදි සිදුවන ආකාරය- පළමුව දුරකථනය නාද වෙනව,ඔබ ඒය ගන්නව,හේලො කියනව,..... ආදි ලෙස.
  ඔබ ඔබේ පරිගණකයෙන් Google.com කියන වෙබ් අඩවියට පිවිසෙනව කියල හිතන්න.මේහි Google.com  කියන්නේ මිනිසාට කියවා ගත හැකි ලෙස තියන ආකාරය.නමුත් ඒහි IP ලිපිනය 215.096.56.101 වගේ ඒකක්.ඒක මතක තබා ගැනිම අපහසු නිසා තමයි Google.com  කියන ඒක අපි භාවිතා කරන්නේ.

  අපි දන්නවා URL(Universal Resource Locator) ඒක ගැන.Google.com කියන්නේ URL ඒකක්.ඒවගේම DNS(Domain Name Server) කියල ඒකකුත් තියනව.මේ DNS ඒක මගින් ඔබේ URL ඒක දිහා බලලා ඒයට අදාල IP Address ඒක සොයා ගන්නවා.හරියට අපි දුරකථන නාමාවලිය දිහා බලලා දුරකථන අංකයක් හොයාගන්නව වගේ.
  මෙතන ඉදල වැඩේ ටිකක් සංකිර්ණයි.ඔබ යවන සෑම දත්තයක්ම කුඩා පැකට් වලට කඩනව.හිතන්න ඔබ යාලුවෙකුට පොතක් යවනව කියල,පිටුවෙන් පිටුව;සෑම පිටුවකම ඔබ විසින් යවන්නාගේ ලිපිනය,නැවත සකසා ගන්න පහසු විදියට පිටු අනුපිලිවෙල,පොතේ පිටු කියක් තිබුනද කියල කියන්නත් අවශ්‍යයි.ඊට අමතරව සෑම පිටුවකම ඔබේ ලිපිනයත් සටහන් වෙන්න ඔන ඒ යම් හේයකින් යවන්න බැරි උනොත් ආපසු ඔබටම ලැබෙන්න.මේ සියල්ල දත්ත පැකට් වලත් සිදු වෙනව.
  ඉතින් සෑම පැකට් ඒකක්ම යවන්නගේ,ලබන්නාගේ IP ලිපින,යවන පැකට් ගණන,ඒවා සම්බන්ද විය යුතු පිලිවෙලත් අඩංගු වෙනව.

මේ පැකට් රවුටරය කියන උපකරණයට තමයි යන්නේ.ඒතනින් තවත් රවුටරයකටත් තවත් ඒකකටත් ලෙස ලබන්නා දක්වා ගමන් කරනව.මෙලෙස ගමන් කරන්නේ බාධාව අඩුම මාර්ගයේ.මාර්ගය සොයා ගන්නේ IP ඒකේ තියන සංඛයා අනුව ගමන් කරල.පළමු අංක තුනෙන් විශාල ප්‍රදේශයත්,ඉතිරි අංක වලින් නිශ්චිත ප්‍රදේශයකුත් හගවනව.ඒකත් හරියට දුරකථනයක වගේ.
  දත්ත පැකට් විවිද මාර්ග ඔස්සේ ගමනාන්තයට ලගා වෙන්න පුලුවන්.ඒය අනුපිලිවෙලටම ඒන්නෙත් නැහැ.පැකට් සියල්ල පැමිණි පසු පරිගණකය පිටු සියල්ල පිලිවෙලට තියල පොත හදා ගන්නව. අවසානයට දත්ත සම්ප්‍රශණය නවතා දමනව.
මේක තමයි අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය  පැහැදිලි කරණ සරලම ආකාරය. 

free web site traffic and promotion 
Read More:

Thursday, October 18, 2012

Internet & The World Wide Web...




   Internet සහ WWW කියන වචන දෙක අන්තර්ජාලය මහජනයා අතර රූපවාහිනිය වගෙම ප්‍රචලිත උන කාලයේ පටන්ම භාවිතා වන නම් දෙකක්.අපි නිතරම කියන "surfing the web" සහ "searching the Internet" කියන කියමන් දෙකම ඒකම අර්ථය සහිත ඒවාද?
   ගොඩක් අය පුදුම වේවි ඉහත වැකි දෙකේ පැහැදිලි වෙනසක් තියනව කිව්වොත්.ඔවු Internet සහ WWWකියන්නේ ඇත්තටම වෙනස් කොටස් දෙකක්.

  • Internet නිරූපණය කරන්නේ ජාලය තුල තියන දෘඩාංගමය කොටස.සියලූම දේ ක්‍රියා කරන්නේ Internet  කියන යටිතල වියුහය මත.
  • WWW  මගින් නිරූපණය වෙන්නේ ජාලය තුල තියන මෘදුකාංගමය පැත්ත.application සහ protocol ඒකිනෙක අතර සන්නිවේදනය කරගන්නා විශාල ජාලය නිර්මානය වන්නේ මෙයින්.

Internet vs WWW
   මුලිකවම අපි Internet කියල හදුන්වන ලෝක ව්‍යාප්ත ජාලය කොටස් 2 කින් සමන්විතයි.ඒහි ශක්තිමත්ම කොටස විදියටwires,servers,routers,hub,switches,computers ආදි භෞතික දේවල් අඩංගු ලොකය පුරාම විසිරී තියන කොටසට කියන්නේ Internet කියල.
         Internet නිර්මණය උනේ කොහොමද?
                මෙය 1969 දක්වා දිව යනව.ඒ කාලයේ තිබු යුධ වාතාවරණය නිසා ඇමෙරිකානු Advanced Research Project Agency's කියන ආයතනය ශක්තිමත් සන්නිවේදන ජාලයක් නිර්මාණය කරා.ප්‍රමුක පෙලේ විශ්වවිද්‍යාල කීපයයක් සමග භෞතිකව සම්බන්ද වුනු ජාලයක් තනාගෙන රජය සහ හමුදාව ආරක්ශාව සම්බන්ද ව්‍යාපෘති දියත් කලා.මුල් කාලයේදි "ARPAnet" කියල හදුන්වපු මෙය අපි අද දන්නා "Internet" බවට පත් වුනා.

   මේ හැම දේකම මොලය බවට පත් උනේ www ඒය සියලූම දෘඩාංගමය ව්‍යුහයන් ඒක් තැන් කරමින් සම්බන්දතාව ගොඩනගනව.ඒ මෘදුකාංග මගින්.Internet browsers,TCP/IP මගින් සන්නිවේදනය කරගන්නා මෘදුකාංග ආදි බොහොමයක් මෙයට අයිතියි.
       WWW නිර්මාණය වුනේ කොහොමද?
                www කියන ඒක දෘඩාංග හෝ ජාලගත කේබල් වලට සීමා වෙලා නැහැ.සත්‍ය වශයෙන්ම වෙබ් ඒකක් කියන්නේ links ජාලයකට .අන්තර්ජාල සබදතාව සහිත pages,files,music,media,video,downloads වගේ සර්වර්ස් වල ගබඩා කරල තියන දේවල්,අන්තර්ජාලයට සම්බන්ද වෙලා තියන පරිගණක වල තියන දේවල් ඒකට සම්බන්ද වෙන්නේ  links මගින්.
               සර්වර් ඒකක අඩංගු සෑම වෙබ් පිටුවක්ම පරිගණක ජාල වල සංරචකයන්.ඒක පිටුවක මේ වගේම තවත් ජාල සංරචක වලට පිවිසෙන  links රාශියක් අඩංගු වෙන්න පුලුවන්.සෑම  link ඒකකම අන්තර්ජාලයට සම්බන්දිත තොරතුරු අඩංගු වෙනව.හරියට text,media වගේ.
               මේ ඒකිනෙකට සම්බන්ද වුනු links මගින් තමයි 'www'කියන දේ නිරූපණය වෙන්නේ.වෙබ් ඒක නිතරම වර්ධනයට සහ විශාලනයට ලක් වෙනව අන්තර්ජාලය කියන භෞතික ජාලයේ වර්ධනයට වඩා වේගයෙන්.
  ඊලග පාර කවුරුහරි Internet සහ WWW  ඒකක් කියල කතා කලොත් ඔබ ඔවුන් නිවරදි කිරිම අත්‍යවශ්යම නැහැ,හැබැයි මතක තියා ගන්න Internet කියන්නේ ලොක ව්‍යාප්ත ජලයේ දෘඩංග කොටස බවත් www කියන්නේ ඒහිම මෘදුකාංගමය කොටස බවත්.මේ දේකෙම ඒකතුවෙන් ලොකය විශාල පරිණාමයකට ලක් වු බව සහ ලක්වෙමින් පවතින බව.


Monday, October 15, 2012

ෆයර්වොල් ඒකක වැදගත්කම...


  අපගේ පරිගණක වල ආරක්ශාව තහවුරු කරන කොදු නාරටිය ලෙස ක්‍රියා කරන්නේ ප්‍රධාන මෘදුකාංග 3 ක්.ඒවා නම් Anti-virus,Firewall සහ Password manager යන මෘදුකාංගයි.මේවා අතරින් ෆයර්වොල් කියන්නේ අඩුවෙන්ම මතක් වෙන හැබැයි වැදගත්ම දේ.ෆයර්වොල් ඒකට තියන අවදානය අදුවීමට ප්‍රදාන හේතුවක් වෙන්නේ අපි භාවිතා කරන වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය තුලම ෆයර්වොල් ඒකක් ස්තාපනය කර තිබිම.
ෆයර්වොල් වල ආරම්භය.

   ෆයර්වොල්කියන නමේ තෙරුමත් ඒ වචනයේම අඩංගු වෙනව.ඒ කියන්නේ ගින්නෙන් ආරක්ශාව දෙන බිත්ති කියන ඒක.මේ බිත්ති භාවිතා වුනේ උපද්‍රව සහිත අන්තරාදායක දේවල ගබඩා කරල තියන ගොඩනැගිලි වල සිදුවන ගිනිගැනිම් වලින් සිදුවන හානිය පිටතට පැතිරිම වැලැක් වීම.මේවා තාමත් සමහර ගොඩනැගිලි වල භාවිතාවනවා.
   1980 ගණන් වල අවසාන භාගයේ සිටම මේ ෆයර්වොල් කියන නම භාවිතා කලා අන්තර්ජාලයෙන් ඒන බලපැම අවම කරන මෘදුකාංග හෝ දෘඩාංග කොටස් වලට.Morris Worm  වගේ Malware වැඩසටහන් සිදුකල විශාල හානිය නිසා විවිද සමාගම් සහ පුද්ගලයින් ඔවුන්ගේ පරිගණක වල ආරක්ශාව තහවුරු කරගැනිමට විවිධ ක්‍රම සොයන්න වුනාඒයට හොදම විසදුම වුනේ මේ ෆයර්වොල් ඒක.
ෆයර්වොල් වර්ග
1)Packet Filters
   ආරම්භයේදි භාවිත වු ෆයර්වොල් වල පරික්ශාකලේ data packet වල Header ඒක විතරයි.ඒතුල තමයි යවන්නාගේ සහ ලබන්නාගේ ලිපින අඩංගු වුනේ.මෙය ඉතාම කාර්යක්ශමයි,වේගවත්.නමුත් ඒය විවිධාකාරයෙන් අනතුරු වලට නිරාවරණය වුනා
උදා:"Spoofing attacks"-වන්චාසහගත පහරදිම් නැමති මේ ක්‍රමය Packet filter වලදි අති සාර්තක උනා.ඒනිසා වඩාත් හොද ෆයර්වොල් ඒකක අවශ්‍ය තාව මතු උනා.
2)Circuit Gateways
    ඊලගට පැමිනි ෆයර්වොල් වර්ගය මෙයයි.මෙමගින් data packet ඒකේ header ඒක පමනක් නොවේ data packet ඒක පැමිනි ස්ථානයද (නිත්‍යානුකූල තැනක්ද ) පරික්ශාකරනව.මේ සදහා Circuit Gateways ඒක විසින් data packet සහ ඒහි සිදුවන වෙනස්වීම් ද අධ්‍යනය කරනව.ඒය පැමිනියේ අසාමාන්‍යය IP Address ඒකකින්ද,ඒහි Destination Port ඒක අසාමාන්‍යද අදිය ඒතුල ඇතුලත්.මෙසේ සොයා ගන්නා කරුනු අනුව ඒය invalid නම් ෆයර්වොල් ඒක මගින් ඉබේටම ඒ data packet ඒක ප්‍රතික්ශේප කරනව.
3)Application Level Gateways
                                                  
   මේ ෆයර්වොල් වල Circuit Gateways  වල ගතිගුණම අඩංගුයි.නමුත් ඒය තියුණු ලෙස ෆයර්වොල් ඒක හරහා ගමන් කරණ තොරතුරු පිලිබද සොයාබැලිමකට ලක් කරනව.ඒ අදාල application ඒකට අදාල තොරතුරුමද ෆයර්වොල් ඒක හරහා ගමන් කරන්නේ කියල.
උදා:Application Level Gateways ඒකට පුලුවන් web traffic  ඒක රැගෙන ඒන packets හදුනාගෙන ඒම වෙබ් අඩවියෙන් ඒන traffic ඒක නවතා දමන්න.ඒමෙන්ම පරිශිලකයාගේ අවශ්‍යයතා අනුව විවිද වෙබ් අඩවි බ්ලොක් කරන්න.
මෘදුකාංගමය ෆයර්වොල්

  ඔබේ පරිගණකයට ෆයර්වොල් ඒකක් ඇතුලත් කරල තියනවනම් බොහෝ විට ඒය application level ෆයර්වොල් ඒකක්.ඒමගින් ඔබට නිශ්චිත වෙබ් අඩවියක් බ්ලොක්  කිරිමට මෙන්ම,නුපුරුදු application පරිගණකයට පැමිනිම වලක්වන්නත් පුලුවන්.
මෘදුකාංගමය ෆයර්වොල් ඒකක තියන වාසිය තමයි පරිගණකයට ඇතුල් කරල තියන්න කොඩ් ඒකක් මගින් ඔබට අවශ්‍යය ඔනෑම මොහොතක ෆයර්වොල් ඒකේ සෙටින්ස් වෙනස් කර ගත හැකි වීම.නමුත් විවිධ හේතු නිසා මේ ෆයර්වොල් අනතුරුවලට නිරාවරණය වෙන්න පුලුවන්.
ex: ZoneAlarm Free Firewall
     Windows 7 Firewall Control
     TinyWall
     Comodo Firewall
දෘඩාංගමය ෆයර්වොල්
තම ෆයර්වොල් ඒක අනාරක්ශිත වීම වැලැක් වීමට විශාල සමගම්,සංවිධාන ඔවුන්ගේ පරිගණක වලට දෘඩාංගමය ෆයර්වොල් භාවිතා කරනව.මෙවැනි සමාගම් භාවිතා කරන දෘඩාංගමය ෆයර්වොල් නිවෙස් වල ප්‍රායොගිකව භාවිතා කරන්න බැහැ.නමුත් ඊට විකල්ප ලෙස විවිධ උපකරන භාවිතා කරන්න පුලුවන්.සෑම Broadband router ඒකක්ම දෘඩාංගමය ෆයර්වොල් ඒකක් සහිතව තමයි ඒන්නේ.ඒහෙම නැත්නම් ඔබට විවිද කුඩා Home hardware firewall උපාංග මිලදි ගන්නත් පුලුවන්.


Read More:

Wednesday, October 10, 2012

මොඩමයක් සහ රවුටරයක් අතර වෙනස..


  අන්තර්ජාල සේවා සපයන ආයතනයකින් (ISP) අන්තර්ජාල සම්බන්දතාවක් ලබාගැනිමේදි සාමාන්‍යයෙන් ඔවුන් ඔබට උපකරණ කට්ටලයක් ලබා දෙනව.ඒ ඔබගේ දුරකථන මාර්ගය පරිගණකයට සම්බන්ද කරගෙන අන්තර්ජාලයට සම්බන්දතාව ලබා ගැනිමටයි.මේ උපකරණ අතර අනිවාර්යයෙන්ම තියන්නේ රවුටරයක් සහ මොඩමයක්.
  
මොඩමය කියන උපකරණය තමයි දුරකථන මාර්ගය හරහා අන්තර්ජාල සේවා සපයන්න සමග ඔබව සම්බන්ද කරන්නේ.රවුටරය මගින් සිදුවන්නේ පරිගණක ජාලය ඔබගේ මොඩමය සමග සම්බන්ද කිරිම.
  සාමාන්‍යයෙන් මොඩමය කියන්නේ තනි උපකරණයක්,ඒයට කෙලින්ම ඔබගේ පරිගණකය සමග හෝ රවුටරය සමග සම්බන්ද විය හැකියි.ඒය සම්මතයක් විදියට රවුටරය සමග RJ45 කියන කේබලය මගිනුත්,දුරකථන ජාලය සමග RJ11 කියන කේබලය මගිනුත් සම්බන්ද වෙනව.මොඩමයේ කාර්යය වන්නේ protocol අතර දත්ත හුවමාරු කිරිම.ඒයට හේතුව තමයි දුරකතන මාර්ගයේ සහ පරිගණක ජාල වල  භාවිතා වන සංඥා වල තියන නොගැලපීම.මේ නොගැලපීම මගහරවා මොඩමය තුලින් දෙපසට සංඥා ලබා දෙනව.මෙහිදි මොඩමය දත්ත කියවීමක් කරන්නේ නැහැ.ඒ නිසා මොඩමය තුලින් ඔනෑම අනතුරක් ඔබගේ පරිගණකයට ලගාවීමේ අවදානමක් තියනව.
network-modem
  රවුටරය පරිගණකය සමග සම්බන්ද වෙන්නේ RJ45 කියන කේබලය මගින්.ඒහි කාර්යය තමයි පැමිනෙන දත්ත පැකට් පරීක්ශාකරල,ඒය යායුතු තැන නිවරදිව තහවුරු කරගෙන ඒය ඒ ස්ථානය කරා මෙහෙය වීම.රවුටරය තුල firewalls ස්ථාපනය කර තියනව,ඒමගින් රවුටරය හරහා ගමන් කරන දත්ත කියවා පරිගණක ජාලයට ඇතුල්වීමට උත්සාහ කරන වෛරස් වැනි අනතුරුදායක වැඩසටහන් නවතා දැමිමක් සිදු කරනව.
  මතක තියාගන්න මොඩමය කියන්නේ ඔබව අන්තර්ජාලයට සම්බන්ද කරන උපකරණය.නමුත් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට රවුටරයක් අත්‍යවශ්යම නැහැ.ඔබට රවුටරක් නැතිව මොඩමයකින්  අන්තර්ජාලයට ප්‍රවේශ වීමට පුලුවන්.නමුත් රවුටරයේ ප්‍රධාන කාර්යය ආරක්ශාව සැලසවීම කියන ඒක අමතක කරන්න ඒපා.ඒය ඔබව වෛරස,මැල්වෙයා වගේ අනතුරුදායක දේ වලින් ආරක්ශා කරාවි.


Read More:

Monday, October 8, 2012

නොමිලයේ ජායාරූප සංස්කරණය කරදෙන හොදම වෙබ් අඩවි 10ක්..

   ඔයාල හැමොම සාමාන්‍යයෙන් ෆොටො සංස්කරණය කරගන්න ඒහෙම නැත්නම් විශේෂ ප්‍රයොග යොදන්න භාවිතා කරන්නේ Photoshop වගේ මෘදුකාංගයක්.නමුත් කාටහරි ෆොටො ඒකක් සංස්කරණය කරගන්න Photoshop හරි වෙන මොකක් හරි මෘදුකාංගයක් තිබ්බේ නැත්නම්.
  ඒකට හොද විසදුමක් තියනව.අද වන විට ඔන තරම් online web applications තියනව.ඒවා මගින් පින්තුර සංස්කරණය කරගන්න පුලුවන්.ඒ සදහා ඔබට ජායාරූප සංස්කරණය පිලිබද විශාල දැනුමක් අවශ්‍යය නැහැ.ජායාරූප සංස්කරණය සෑම විටම විනොදාත්මක වැඩක්.ඒමෙන්ම ඒය ඔබගේ ජායාරූප ලස්සන කරගැනිමට අවශ්‍යය අවස්ථා වලත් උපකාරී වෙන්න පුලුවන්.
  ජායාරූප සංස්කරණය වීමේදි භාවිතා වන ශිල්පීය උපක්‍රම වන 3D effects, adding textures, adjusting backgrounds, editing text සියල්ල මේවායේ අඩංගුයි.ඔබට තියෙන්නේ ඔබට අවශ්‍යය ජායාරූප තොරාගැනිම පමනයි.මේ තියෙන්නේ ඒ වගේ ජායාරූප සංස්කරණයට භාවිතා වන නොමිලයේ සේවා ලබාදෙන වෙබ් අඩවි 10 ක්.

01.Flauntr.com


02.Pixlr.com


03.Lunapic.com


04.BeFunky.com


05.FunPhotoBox.com


06.Blingee.com


07.Photovisi.com


08.Pizap.com


09.Picnik.com


10.Drpic.com



Sunday, October 7, 2012

MP3වල උත්පත්ති කතාව..

  සංගිතය කියන වචනය භාවිතා වන සෑම තැනකදිම ඇහෙන අනෙක් වචනය තමයි mp3 කියන්නේ.කොහොම නමුත් ශබ්දය ගබඩා කරන විවිධ ෆයිල් ආකෘති තිබුනත් mp3 තරම් ඒ කිසිවක් ජනප්‍රිය නැහැ.
mp3 කියන්නේ මොකක්ද?
    සරළවම කියනවනම් mp3 කියන්නේ ශබ්ද ගොනු ගබඩා කරල තියාගන්න extension ඒකක්.තවත් හොදට කියනවනම් ඩිජිටල් ශබ්ද කේතිකරණය කරන ක්‍රමයක්.ඒමගින් ශබ්ද ගොනු කාර්යක්ශමව හකුලනව,ඒ ගොනුවේ ලක්ශණ වලට අවම හානි සිදුවන ලෙස.  mp3 මගින් නිරූපණය කරන්නේ 'MPEG-1 Audio layer 3' කියන වචනයේ කෙටි කිරිම.mp3 වල වැදගත් කාරනයක් තමයි ඒමගින් කේතිකරණය (encoding) කල හැක්කේ ශබ්ද ගොනු පමණක් වීම.
mp3 වල නිශ්පාදකයා?
  මෙය සැලසුම් කරන ලද්දේ ඔඩියෝ විඩියෝ කේතිකරණ ප්‍රමිතින්ට වග කියන 'Moving picture experts group' කියන ආයතනය.
mp3 ෆොමැට් ඒක නිර්මාණය කල දිනය හරියටම කියන්න අපහසුයි.නමුත් ඒය ජනප්‍රිය වී තිබෙන්නේ 1990 වේ මුල් කාලයේදි බව පැහැදිලියි.  mp3 මේ තරම් ජනප්‍රිය විමට හේතුව තමයි මුල් කාලයේ තිබු හාඩ් වල ඉඩ සීමාසහිත වීම.mp3 මගින් ඔර්ජිනල් ෆයිල් ඒක මෙන් 10 ගුණයක් දක්වා කුඩා කරන්න පුලුවන් වීම,mp3 ෆයිල් ඒකක් නිර්මාණය පහසු විම,ශබ්ද ගොනුවේ තත්වයට කිසිම හානියක් සිදු වන බවට සාක්ශියක් නොමැති වීම ආදි කරුණු.
කොහොමද
mp3 හැදෙන්නේ? 
   mp3 කේතිකරණයට පදනම් වෙන්නේ සංජානක ශබ්ද හැඩ ගැන්වීම කියන ක්‍රමය.ඒය පහත පියවර 3 මගින් සිදුවෙනව.
1.මිනිස් කනට ශ්‍රවනය නොවන ශබ්ද ඉවත් කිරිම.
2.ඝොශාකාරි ශබ්ද සහ සුමට ශබ්ද ඒකම වේලාවක ඇසිමට සැලැස්වීම.
3.මිනිස් කනට විශේෂයෙන්ම ශ්‍රවනය වන ශබ්ද කේතිකරණ ක්‍රියාවලියේදි අනිවාර්යයෙන් ඇතුලත් කිරිම.
  සියලු කාරනා මෙහෙම තියෙද්දිත්
mp3 වලට 'lossy' ආකෘතියක් යැයි කියනව.ඒකට හේතුව තමයි ඒය තුල සත්‍ය පිටපත තුල තිබු සියලු දත්ත අඩංගු නොවීම.නමුත් හැකිතරම් දත්ත අඩංගු වන පරිදි mp3 වලට ශබ්ද ගොනු හරවන්න පුලුවන්.මේ සදහා 'bit rate' ඒක වැඩි කරන්න ඔන.ඒවිට ගොනුවේ ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනව.

Saturday, October 6, 2012

අගහරු ගවේශණය:පස් සාම්පල පරීක්ශාව..


  Mars Curriosity යානය අගහරු ග්‍රහයාගේ දුවිලි සාම්පල පරීක්ශා කිරිමේ පලමු පියවර තැබිමට සුදානමින්.නාසා ආයතනය පවසන පරිදි ඔව්න් මෙය කිරිමට බලාපොරොත්තු වන්නේ වියලි දුවිලි සෙමින් කම්පණය කිරිම මගින්.
  රෝවර් යානය සතු විශාල ඉස්කොප්පයක් වැනි යමකින් වැල්ල හැරිමට නියමිතයි.ඒහි ඇති රාත්තල් 220 බර අතක් වැනි උපකරණය මගින් පොලව පැය 8 පමණ කම්පනය කරනවලු.ඉතා බර මෙහි සෙලවිම නිසා කම්පනය වු තුනි දුවිලි රෝවරය සතු රසායනද්‍රව්‍යය පරික්ශාකරන පද්ධතිය තුලට ඇතුල් වෙනව.ඒහිදි දුවිලි වල අඩංගු ලිහිසි ද්‍රව්‍යය සහ අනවශ්‍යය අවශේෂ පිරිසිදු කරනව.මෙය 2.5$ බිලියන වටින යානයේ ඇති අති සන්වේදි උපකරණ වල ආරක්ශාවට වැදගත්.
  පසුගිය අගෝස්තු මාසයේ අගහරු මත ගොඩබැමෙන් පසුව රෝවර් යානය සැතපුම් 3\10 පමන ගමන් කරමින් පින්තුර ගනිමින්,ග්‍රහයාගේ වායුගොලය අධයනය කරමින් සිටියා.
  ඒලඹෙන සතියක දෙකක කාලය තුල යානය අගහරුගේ පස හාරමින්,දුවිලි කම්පනය කර ඒවා ඒකතු කරමින්,ඉවත් කරමින් පරික්ශණ වාර 3 පමණ කිරිමට නියමිතයි.හරියට mouthwash ඒකකින් කට හෝදනව වගේ.හතරවැනි වාරයේදි තමයි ඉතාම ප්‍රවේසම් සහිතව පර්යේශණා ගාරය තුලට දුවිලි ඇතුල් කරගෙන අධ්‍යනයන් කිරිමට බලාපොරොත්තු වන්නේ.
  කාරයක් තරම් වු රෝවරය සතු සංකීර්ණ රසායනාගාරය තුලදි ජිවයේ පැවැත්මට අදාල මුලික අමුද්‍රව්‍යය අගහරු මත ඇත්දැයි පරික්ශා කරාවි.කාබන් ආශ්‍රිත සංයොග,නයිට්‍රජන්,පොස්පරස්,සල්ෆර් සහ ඔක්සිජන් ඒ අතරින් ප්‍රධානයි.මේ යානයේ රසායනාගාරය භාවිතා වන පලමු අවස්තාව.මාසයකට පසු නැවත තවත් ස්තානයකට ගොස් තවත් පස් සාම්පල් පරික්ශාකිරිමට නාසා ආයතනය කල සැලසුම් වල අඩංගුයි.
-Internet-
///////Do you want to read sinhala novels/////
           ------------click here-----------

Friday, October 5, 2012

ජාත්‍යන්තර ගුරු දිනය ඇගයිම..{Google in Education}

  ජාත්‍යන්තර ගුරු දිනය සැම වර්ශයකම ඔක්:5 වැනිදාට යෙදි තිබෙනව.ඒ 1994 UNESCO  සංවිදානය ඉදිරිපත් කල අදහසක් විදියට.මෙය ජාත්‍යන්තර දිනයක් බවට පත් කලේ ලොව පුරා සිටින ගුරුවරුන් ඇගයිම සදහායි.ඒහි අරමුණ අනාගත පරපුරේ අවශ්‍යයතා ගුරුවරු අතින් ඉටුවීම සහතික කිරිම සහ ඒ සදහා ගුරුවරුන්ට අවශ්‍යය සංවිධානාත්මක අනුග්‍රහය දැක්වීමටයි.
  World Teachers' Day 2012
"Take a stand for teachers!"
  ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව ගූගල් ඔව්න්ගේ නිල බ්ලොග් අඩවිය මගින් ගුරුවරුන්ට උපහාර කරන්න ක්‍රමයක් ඒලි දැක්වුවා.ඔබ ශිෂ්‍යයෙක් අධ්‍යාපනඥයෙක් නොවේ නම් Google Apps for Education ගැන නොදන්නවා වෙන්නත් පුලුවන්.ඔක්:1 වනදා වන විට ලොව පුරා සිටින මිලියන 200 අධික පිරිසක් ඒක් වි තිබෙන මේ සේවාව අන්තර්ජාලය මත පදනම් වු email, calendar සහ documents සේවයක්.
  ගුගල් සමාගම කියන්නේ ගුරුවරුන්ට උපහාරක් ලෙස මේ සතියේ ඒය Google in Education Google+ හරහා ඒය highlight කරණව කියල.ඒ දැනට මේ සේවය ගුරුවරු කීප දෙනෙක් භාවිතා කරන ආකාරය දක්වමින්.                                                                                               
Google Apps for Education  තුල ගුගල් මගින් සපයන බොහෝ සේවා අඩංගුයි.ඒ අතර Gmail, Docs, Google Drive, Google Sites, and Calendar ප්‍රධානයි.මීට අමතරව අධ්‍යාපනඥයන්ට 25GB ධාරිතාවක් වෙළද දැන්විම් රහිතව ලබාදිමටත්,පාසල් වලට Google’s cloud Vault භාවිතා කරමින් ඔව්න්ගේ ලේඛන සංරක්ශණය කර ගන්නටත් අවස්ථාව ලබා දෙනව.
  ගූගල් සමාගම මගින් පවත්වාගෙන යන YouTube Education හරහා විශ්වවිද‍යාල 400 කට අධික සංඛ‍යාවක දේශණ නැරඹිමේ අවස්ථාවත් ලබා දෙනව.මේ ගැන මීට කලින් ලිපියක සදහන් කලා.මෙතනින් බලන්න.
  ලෝක ගුරු දිනයේ අංගයක් ලෙස ගුගල් මගින් සම්මුඛ සාකච්චාවක් සංවිධානය කර තියනනව.ඒ ජනප්‍රිය Khan Academy ඒකේ Salman Khanසමග.ඒය ඔක්:17 වනදා live hangout කරන්න ඔබටත් පුලුවන්.

පරිගණකයේ දත්ත ගබඩාවේ පැටිකිරිය..


   අපි හැමොම පරිගණක වල හාඩ් ඒකක් තියනව.අපි ලග තියන සිංදු , පින්තුර , ලිපි,චිත්‍රපට ආදි සැම දෙයක්ම ගබඩා කරල තියා ගන්නේ හාඩ් ඩ්‍රයිව් ඒක තුල.නමුත් ඔබ කවදාවත් හිතල තියනවද මේ හැමදෙම මේක ඇතුලට පිරෙන්නේ කොහොමද කියල?1950 ගණන් වල නිපදවු මේ නිර්මාණය පළමුවෙන්ම සංවර්ධනය කලේ කැසට් පටි විදියට.
හාඩ් ඒකේ ක්‍රියාකාරිත්වය.

  හාඩ් ඩ්‍රයිව් ඒක ගැන දැනගන්න ඉස්සෙල්ලා භෞතිකව ඒය ක්‍රියා කරන ආකාරය බලමු.මුලිකවම මෙහි අඩංගු වෙන්නේ තැටි.මිලිමිටර් කිපයක පරතරයක් සහිතව ඒක මත ඒක තැබු තැටි කීපයක් අඩංගු වෙනව.මේ තැටි වලට කියන්නේ platter's කියල.අති විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැකි මේවා කන්නාඩියක් තරමට ඔප දැමු,අතිශය සුමට තැටි ලෙස තමයි තියෙන්නේ.
  ඊලගට තියෙන්නේ බාහුවක් වැනි තැටිය මධය දක්වා විහිදුනු දත්ත ලියවන සහ කියවන කොටස.සාමාන්‍යය හාඩ් වල තියන මේ බාහුවක් තත්පරයයට වට 50 විතර දෝලනය වෙනව.සංකීර්ණ වැඩ වලට භාවිතා වන සුපිරි හාඩ් වල මේ අගය තත්පරයට වට 1000 පමණ වෙනව.
  හාඩ් ඒකක දත්ත ගබඩා කරන්නේ විද්‍යුත් චුම්බක රටාවකට අනුව.ඒ සදහා භාවිතා වන්නේ තඹ හිසක්.ඒය මගින් චුම්බක ගුණ ඇති කිරිමටත් නැති කිරිමටත් පහසුයි.
ගබඩාකරන ක්‍රියාවලිය.
  අපි ෆයිල් ඒකක් සේව් කරන විට බාහු කොටසේ තියන ලියන හිස මගින් දත්ත තැට් වලට ලියවනව.මේ platter's තියෙන්නෙත් කැරකැවෙමින්.ඒහි වේගය සාමාන්‍යයෙන් 4000rpm වෙනව.කෙසේ නමුත් මේ ෆයිල් ඒක පසුව පරිගනකයට සොයා ගත හැකි ලෙස සහ මැකි නොයන ලෙස ගබඩා විය යුතුයි.
  මේ හේතුව නිසාම platter's sectors හා tracks ලෙස බෙදි තියනව.පහල රූපයේ කහ පාටින් tracks ද නිල් පාටින් sectors ද දක්වනව.

ක්‍රියාකාරිත්වය.
  ඔබ ෆයිල්  ඒකක් ඔපන් කැරතැයි සිතමු.ඔබට අවශ්‍ය ඉමේජ් එකක්.ඔබේ cpu එක හාඩ් එකට අපි සොයන පින්තූරය හාඩ් එකේ තැටි වේගයෙන් කරකිලා නැනෝ තත්පර ගාණකදී ඔබට එය සොයා දේවි.
  අපි හිතමු ඔබට අවශ්‍ය ෆයිල් ඒකක් සේව් කිරිමට නම් සේව් මත ක්ලික් කලාම,අදාල ෆයිල් ඒකට අදාල සියලු තොරතුරු processed කරල හාඩ් ඒකේ නියමිත තැනක ගබඩා කරනව.ඒ සදහා භාවිතා වෙන්නේත් 'Actuator Arm' ඒකේ writing option ඒක.
මෙන්න මේ ටික තමයි හාඩ් ඒකක සිද්ධ වෙන්නේ. මේ ගැන ඔයාලගේ කමෙන්ට් පහලින් දාන්න...

Thursday, October 4, 2012

චන්ද්‍රිකාවක් මාර්ගයෙන් අන්තර්ජාලයට සම්බන්ද වීම..

satellite_dish

  කෘතිම චන්ද්‍රිකා(Satellite) භාවිතයෙන් අන්තර්ජාලයට සම්බන්ද වීම මේ වන විට ජනප්‍රිය ක්‍රමයක් බවට පත්වෙලා.වැඩි වශයෙන්ම ගවේශණ කටයුතු වලදි,යුධ වාර්තා කරණයේදි මෙන්ම බොහෝ නිවාස වලද සැටලයිට් ඉන්ටනෙට් භාවිතා කරන්න අරන්.මේකට හේතුව ලෙස වැඩි Bandwidth ඒකක් අඩු මුදලකට ලබා ගත හැකි වීම හදුන්වන්න පුලුවන්.
  දැන් බොහෝ රටවල් භූ ස්තාවර චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරල තියනව.ඒ කියන්නේ හැම තිස්සේම ඒකම ස්ථානයකට ඉහලින් පවතින ලෙස කක්ශගත කල චන්ද්‍රිකා,ඒ නිස පහසුවෙන්ම dish ඒකක් සවිකරගෙන ඒ මාර්ගයෙන් චන්ද්‍රිකාව සමග සන්නිවේදන කටයුතු කරගන්න පුලුවන්.
  අද කාලයේ චන්ද්‍රිකා හරහා සන්නිවේදනය කර ගන්නේ 'ka band' කියන සංඛ‍යාත සෙට් ඒක උපයෝගි කරගෙන.ඒය 18.3GHz-31GHz දක්වා පරාසයක් සහිතයි.ඒහි uplink පරාසය 27.5GHz-31GHz සහ downlink පරාසය18.3GHz-20.2GHz දක්වා වෙනස් වෙනව.
  Hzකියන උපසර්ගයෙන් තත්පරයකට සිදුකරන චක්‍ර ගණන නිරූපණය වෙනව.ඒතකොට 1GHz කියන්නේ 1 000 000 000 වට සංඛයාවක් තත්පරයකදි සිදුවෙනව කියන ඒක.
  මෙවැනි විශාල සංඛයාත භාවිතා කරන්න හේතුව මම කලින් ලිපියකත් සදහන් කලා.{'Wireless Internet' වැඩකරන හැටි..}'.කුඩා සංඛයාත (900MHz වැනි )අඩු ශක්තියක් භාවිතයෙන් වැඩි දුරක් ගමන් කරනව.නමුත් ඒමගින් සම්ප්‍රේශණය කල හැක්කේ අඩු තොරතුරු ප්‍රමාණයක් .ඒ නිසා වැඩි සංඛයාත පරාසයක් සහිත චන්ද්‍රිකා මාර්ගයෙන් අන්තර්ජාලයට සම්බන්ද වීම නිසා අපට වැඩි දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේශණය කල හැකි වෙනව.ඒ නිසාම කොතනක සිටියත් ඇත්තටම අධි වේගයෙන් අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගන්න පුලුවන්.
  භාවිතා වන ඉහල සංඛයාත නිසා සංඥා වල ශක්තිය අඩුවෙලා දුර්වල වෙන්න පුලුවන්. ඒයට පිලියමක් ලෙස ඩ්ශ් ඒක මත විශේෂ උපකරණයක් භාවිතා වෙනව.ඩ්ශ් ඒකේ ඉදලා මොඩෙම් ඒකට යන කේබල් ඒක අඩි 150 විතර දිග වෙන්නෙත් ඒ නිසාමයි.
  චන්ද්‍රිකා තාක්ශණය ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ද විමේදි විවිද ප්‍රශ්න වලටත් මුහුණ දිමට සිදුවෙනව.ඒකක් තමයි සංඥාව ඔබේ නිවසේ සිට චන්ද්‍රිකාව දක්වා ගමන් කිරිමේදි සිදුවන පමාව.ඒය සාමාන්‍යයෙන් මිලිතත්පර 230 හෝ ඊට වඩා වැඩි වෙන්න පුලුවන්.මෙය තදින්ම දැනෙන්නේ online gaming වලදි සහ VoIP සේවා වලදි.
  අනෙක් කාරණය තමයිFair Access Policy (FAP)කියල හදුන්වන්නේ.මෙහිදි සිදු වන්නේ ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා ඔබට දෛනිකව භාවිතා කල හැකි download ප්‍රමාණය සිමාවක් පැනවීම.ඒය පසුකල වහාම ඔබේ සම්බන්දතාව dial-up සම්බන්දතාවක් තරම් මන්දගාමි වෙනව.

satellite_diagram

Wednesday, October 3, 2012

"Google Map's" දිය යට කිමිදිම..

  ගුගල් සමාගම ඔවුන්ගේ ගුගල් මැප්ස් සේවාවට අලුතින්ම ඒක්කර තියෙන්නේ අලංකාර දියයට සිතියම් කිපයක්.ඔබට දැන් දවසේ ඔනෑම වෙලාවක ඔක්සිජන් නොමැතිව කිමිදෙන්න පුලුවන්.ඒ ගුගල් ඉදිරිපත් කර තිබෙන චමත්කාර ජනක දියයට සිතියම් නැරබිමට.ගුගල් සමාගම ඔවුන්ගේ අරමුණ ලෙස දක්වන්නේ “people with the most comprehensive, accurate and usable map of the world.” යන්න.
  ගුගල් මැප්ස් වලට අලුතින්ම ඒක් කරල තියෙන්නේ ලෝකේ තියන ලස්සනම සජිවි කොරල්පර 6 ක සිතියම්.හරියට අපි ඒ කොරල් පර අතරින් පිහිනා යනවා වගේ අත්දැකිමක් අපට ලබා ගන්න පුලුවන්.


  මේ දියයට සිතියම් වලත් භාවිතා වෙන්නේ වීදි සිතියම් වලට භාවිතා කල තාක්ශණයම තමයි.මෙහිදි භාවිතාවන HD Images ලබා ගන්න The Catlin Seaview Survey ඒකත් සම්බන්ද වේලා තියනව.SVII කියන දියයට පින්තුර ගන්න පුලුවන් සුපිරි කැමරාව මේ සදහා භාවිතා කරල තියනව.
  මෙහිදි ඉදිරිපත් කරල තියන කොරල් පර පිහිටල තියෙන්නේ පිලිපීනය,හවායි,ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල.මෙවැනි තවත් දියයට සිටියම් ගුගල් මැප්ස් හරහා ඉදිරිපත් කිරිමට ඔව්න් බලාපොරොත්තු වෙනවලු.