Thursday, January 31, 2013

Facebook පහසු කරන Chrome Extensions...


 අද මම කියන්න යන්නේ Facebook extensions ගැන.Chrome වල extensions කිව්වට FireFox වලදි නම් මේවට කියන්නේ Add-ons කියල.හැබැයි මම අද කියන extensions භාවිතා කරන්න පුලුවන් Chrome වල විතරයි.මේ extensions අතර

  •  notification pop-ups,

  •  photo zoom tools,

  •  hiding updates you don’t want to see,

  •  easy ways to clip and post to Facebook,

  • way to clean up your Facebook තියනව.ඔයාට ගැලපෙන ඒවා ඒකතු කරගත්තම Chrome වලින් FB යන ඒක ඔයාට අලුත්ම අත්දැකිමක් වේවි. 

     1.Facebook Chat Notification 

       ඔයා හැම තිස්සෙම Chat කරන Chatter කෙනෙක් නම් හැම තිස්සෙම ටැබ් ඒකක් ඔපන් කරගෙන fb ඉන්න ඒක කරදරයක් නේද?ඒහෙම කරලත් සමහර වෙලාවට සමහර මැසේජස් මග හැරෙන්න පුලුවන්.මේ extension ඒක භාවිතයෙන් ඒය මග හැර ගන්න පුලුවන්.ඒය නිතරම pop-up වින්ඩොවක් මගින් notifications කරන නිසා.

2.Facebook Photo Zoom
   ඔයා thumbnail හරි small photo ඒකක් හරි දකින හැම විටම Facebook Photo Zoom extension ඒක භාවිතා කරල ඒ පින්තුරය විශාල කර ගන්න ඔයාට පුලුවන්.විස්තර බලා ගන්න ක්ලික් කර කර ඉන්න ඔනත් නැහැ. 
3.Hover Zoom
   මේ extension ඒක fb වල විතරක් නෙවෙයි flicker,redit වගේ වෙබ් අඩවි වලත් photo zoom කරන්න භාවිතා කරන්න පුලුවන්.
4.Facebook Notifications
ඔබ updates on Facebook මගහැර ගන්න අකමැතිනම් ඔබට පුලුවන් notification icon  ඒක ඔබේ Chrome toolbar ඒකට ගේන්න.ඒ සදහා Facebook Notifications extension ඒක භාවිතා කරන්න පුලුවන්.ඒය ඔබට notification හරි තියන message හරි පෙන්වනව.ඔබට ඒක ක්ලික් ඒකකින් ඒය බලා ගන්න පුලුවන්.
5.Facebook for Chrome
   මෙමගින් ඔබට ඔබ දකින ඔනැම පින්තුරයක් ඔනැම වෙබ් අඩවියක සිට ෆ්බ් වෙත පොස්ට් කරන්න පුලුවන්.ඒ සදහා පින්තුරය මත right-click කරල පොස්ට් තොරගන්න විතරයි තියෙන්නේ.
6.Facebook Cleaner

7.Unpolitic.me

ඔබට ලැබෙන politics පින්තුර ලස්සන වෙනත් පින්තුර වලින් replace කරන ඒක කරල දෙන ඒක තමයි මේ Unpolitic.me extension ඒකෙන් කරන්නේ.

Monday, January 28, 2013

"සර්ච් ඒන්ජින්" අතර සිතල යුද්ධයක්...


   "සර්ච් ඒන්ජින්" අතර තියන යුද්ධය කියන්නේ අන්තර්ජාලයේ වෙනස්ම පැතිකඩක්.ගුගල් සමාගම ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය කරලියට ගෙන ඒමත් සමග මයික්‍රොසොෆ්ට්,යාහු ආදි සමාගම් අතර තරගයක් නිර්මාණය උනා.ඒකිනෙකා නිරන්තරවම උත්සාහ කලා ඒකිනෙකා පරයා තමාගේ පාරිභොගිකයයින් ගණන වැඩි කරගන්න.ඒ තරගය තාමත් ඒ ආකාරයෙන්ම පවතිනව.
   ගොඩක් පැති වලින් බලපුවහම මේ තරගය නිසා අපට ඇති වෙලා තියන වාසි වැඩියි.මොකද ඔවුන් නිරන්තරයෙන් නව නිර්මාණ සේවාවන් කරලියට ගේන ඒම.ඒයට හේතුව තමයි ඔවුන්ට පක්ෂපාත ග්‍රාහකයින් ගණන වැඩිකර ගැනිම.මේ සදහා ඒක් ඒක් සමාගම් වැයකරන මුදල ඩොලර් මිලියන ගණනක්.
   අපේ අද infographic  ඒක මම ඉදිරිපත් කරන්නේ සෙව්ම් යන්ත්‍ර වල අතිතය පිලිබදව Search Engine Journal  ඒක ඉදිරිපත් කර සටහනක්.එය ආරම්භ වෙන්නේ 1994 න්,ඒදා සිට අද දක්වා ජනප්‍රිය සෙවුම් යන්ත්‍ර වල පැටිකිරිය.මෙමගින් ඔබට ඔබේ හොම් පේජ් ඒක ලෙස සකස් කරගත යුත්තේ කුමක්ද කියල දළ අදහසක් ගන්නත් පුලුවන්.....

Saturday, January 26, 2013

"ගුගල් ඉමේජ් සර්ච්" ගේ අලුත් පෙනුම...

   ගොඩක් අයට මතක ඇති මම මේ ලගකදි ලිව්වා "ගුගල් සර්ච් වෙනස් වෙයි" කියල ලිපියක්.මේකත් ඒ වගේම එකක්.ඒ කියන්නේ දැන් ගුගල් ඉමේජ(Google Images) සර්ච් ඒන්ජින් ඒකත් වෙනස් කරල.ඔව්න් මේ වෙනස්කම් නිවේදනය කරමින් කියන්නේ නව වෙනසේ ඒක් අරමුණක් වෙන්නේ ඉමේජස් බ්‍රවුස්(browsing) කරන ඒක පහසු කිරිම සහ ඔබට වැදගත් ඉමේජස් වල තොරතුරු වලට පහසුවෙන් පිවිසිමට හැකි වන ලෙස සකස් කිරිම කියල.
   නවතම පෙනුම සකස් කරල තියෙන්නේ Inline Panel ඒකක් ඒක්ක.ඒහි ඔබට ඉමේජස් දැක ගන්න පුලුවන්,සම්පුර්ණ meta data සමගම.සහ කිබොඩ් ඒක භාවිතා කරමින් flip කිරිමේ පහසු කමත් දිල තියනව.

   ඔබ ඉමේජ් ඒකක් browse කරන විට ඔබට ඒය hosting කරන වෙබ් අඩවිය වගේම ඒ ඉමේජ් ඒක ගැන තොරතුරු රාශියකුත් සොයා ගන්න පුලුවන් වෙනව.ඒ අතර
  • title of the hosting website,
  • hosting domain,
  • image size  Included.
   සමාන්‍යය ආකාරයටම ඉදිරි දින කිපය ඇතුලත ලොකයේ සියලුම දෙනාට මේ නව මුහුණත සහිත ගුගල් ඉමේජ දැක ගන්න පුලුවන් වෙයි කියල ඔවුන් කියන්ව.
  ඊට අමතරව ඉමේජ් තොරතුරු සෑම පින්තුරයක් අස්සෙන්ම සෙවුම් ප්‍රතිපලයකදි පෙන්වනව.ඔබ නිතරම
Google Images Search භාවිතා කල කෙනෙක් නම් පින්තුරය මත ක්ලික් කර විට පසුබිමින් ලබා දුන් ඒ පින්තුරය අඩංගු වෙබ් අඩවිය දිස් විම තවදුරටත් මෙහි අඩංගු කරල නැහැ.ගුගල් සමාගමට අනුව නවිකරණය නිසා User ට වෙගවත් අත්දැකිමක් ලැබෙන අතර Load වෙන්න ගත වෙන කාලයත් අඩු වෙනවලු...

You may also like:

Wednesday, January 23, 2013

ගුගල් ඩ්‍රයිව් වලින් වැඩ ගන්නා හැටි...

   ගුගල් ඩ්‍රයිව්(Google Drive) කියන්නේ හොද ක්ලවුඩ් සේවාවක්.ඒමගින් ඔබට පරිගණක අතර ෆයිල් Sync(සින්සිං වලින් වැඩ ගැනිම...(Sync)) කරන්න පුලුවන්.නමුත් ඒය මින් ලබා ගත හැකි ඒකම සේවාව නෙවෙයි.ගුගල් සමාගම උත්සාහ කරනව Google Drive ඔබේ cloud hard drive ඒක බවට පත් කරන්න,ඔනැම උපකරණයකින් ඇතුල් විය හැකි.මේ අරමුණ ඉටු කර ගන්න ඔවුන් බාහිර පුද්ගලයන් සාදන Apps Google Drive වලට ඒකතු කරල තියනව.
   Google Drive App වැඩ කරන්නේ හරියට අනෙකුත් සාමාන්‍යය App ක්‍රියාකරන ආකාරයටමයි.න්මුත් ඒය ගබඩා වෙන්නේ බාහිර සර්වර් ඒකක නෙවෙයි.Google Drive  තුලමයි.
          උදා: විදියට ඔබට ඉමේජ් ඒකක් ඒඩිට් කරගන්න ඔබ උනා කියල හිතන්න,ඔබට ඒය Google Drive වෙබ් අඩවිය හරහාම සිදු කරගන්න පුලුවන්.ඒ වගේම ඒය නැවත Google Drive ඒකෙම සේව් කරගන්නත් පහසුකම් සලසල තියන්ව.
Google Drive Apps භාවිතා කරන හැටි..
   Google Drive App ඒකක් භාවිතා කරන්න නම්,ඔබට ඒය Chrome Web Store ඒකෙන් ලබා ගන්න වෙනව.ඔබට Google Drive Apps වල සම්පුර්ණ ලිස්ට් ඒකක් මෙතනින් ලබා ගන්න පුලුවන්.ඒය install කරගත්තට පස්සේ ඔබට Google Drive වෙබ් අඩවිය හරහා තනි තනි ෆයිල්ස් ඇප් ඒක මාර්ගයෙන් ඔපන් කර ගන්න පුලුවන්.
   ඇප් ඒකක් Uninstall කරගන්න ඔන නම් ඒ සදහා Google Drive ඒකේ ඉහල දකුණු කොනේ තියන gear අයිකනය මත ක්ලික් කරල Manage Apps තොරාගෙන ඒ හරහා සිදු කර ගන්න පුලුවන්.
මේ තියෙන්නේ ඔයාලට භාවිතා කරන්න පුලුවන් හොද ඇප්ස් ඒකතුවක්.
1.Pixlr Editor
  Pixlr is an advanced web-based image editor that feels a bit like Photoshop or Paint.NET.
2.PicMonkey
   If you’re looking for something a bit less advanced for lighter photo touch-ups and editing, give PicMonkey a try.
 3.Drive Notepad
   Google Drive contains Google Docs, but Docs is more of a word-processing program than a text editor. If you want a text editor with the features you’d expect from a desktop text editor like Drive Notepad, including syntax highlighting,

 4.DriveTunes
DriveTunes is a music player that displays all the music files in your Google Drive and presents them as a music library.
5.WeVideo
WeVideo is an easy-to-use online video editor that allows you to edit videos stored in your Google Drive and save the changes right back to your drive.

 6.HelloFax
HelloFax is a free online tool that makes it easy to send and receive faxes, save your signature and sign documents right from the browser, and fill out forms.
 7.PDFzen
Google Drive has a built-in PDF viewer, but it doesn’t have any editing features. If you want to edit tools, you’ll need another PDF app – like PDFzen, which allows you to edit PDF files stored in your Google Drive.

 You Might Like
    

Monday, January 21, 2013

ඒකම මුරපදය ඔන තැනක බය නැතුව භාවිතා කරන්න හොදම ක්‍රමය..


   අන්තර්ජාල ගිණුම් භාවිතයේදි පිලිපදින වටිනා නිතියක් තමයි ඒකම පාස්වර්ඩ් ඒක වරකට වඩා භාවිත කරන්න ඒපා කියන ඒක.නමුත් බොහො දෙනෙක් මේ වරද කරනව.ඒකට ප්‍රධාන හේතුව තමයි ඔච්චර පාස්වර්ඩ් ගොඩක් මතක තියාගන්න බැරි කම.
   නමුත් ඔබට ඒකම පාස්වර්ඩ් ඒක,ඔනෑම අන්තර්ජාල ගිණුමකට භාවිතා කරන්න පුලුවන් ක්‍රම තියනව.ඒ අතර Password Management service ඒකක ලියාපදිංචි විම ඒකක්.හැබැයි මේ ගොඩක් සේවා මුදල් අය කරනව(ex : Lastpass).
   ඔබට ඉහත සේවාවම නොමිලයේ වඩා ආරක්ශිත ක්‍රමයකට ලබාගන්න පුලුවන් සේවාවක් ගැනයි අද මම කියන්නේ.ඒ තමයි KeyGrinder.මේය අන්තර්ජාලය හරහාත් iPhone App හරහාත් ඔබට භාවිතා කරන්න පුලුවන්.ඔබට වෙනස් මුරපද භාවිතයේදි වන අපහසුව මගහැර ගන්න ඔනද?,ඒකම පාස්වර්ඩ් ඒක ආරක්ශාකරිව හැම ගිණුමකටම භාවිතා කරගන්න හොදම ක්‍රමය තමයි මේක.
   KeyGrinder භාවිතා කරන්නේ හරිම සරල ක්‍රමයක්.ඒ දැනට වැඩිපුරම පාස්වර්ඩ් ආරක්ශාකරිව ගබඩා කරන්න භාවිතා කරන hashing ක්‍රමවේදය.මේ තාක්ශණය සොයාගත්තේ Stanford  සරසවියේ pwdhash කියන ව්‍යාපෘතිය මගින්.ඔවුන් නිර්මාණය කලේ theft-resistant passwords තනන වැඩසටහනක්.
   ඔබට KeyGrinder මගින් පාස්වර්ඩ් ඒකක් ලබා ගැනිමට අවශ්‍යය වු විට ඔබ ඇතුලත් විමට බලාපොරොත්තුවන වෙබ් අඩවි ලිපිනයත් පාස්වර්ඩ් ඒකත්(ඔබ සෑම ගිණුමකටම ලබා දිමට බලාපොරොත්තුවන පාස්වර්ඩ් ඒක.) අදාල තිරු වල ලබා දිමෙන් ඔබට hashed password ඒකක් ලබා ගන්න පුලුවන්.මෙය ඔබ පිවිසිමට බලාපොරොත්තු වු වෙබ් අඩවියටම අනන්‍යය වුවක්.ඒ නිසා බිය විමට දෙයක් නැහැ.ඒමෙන්ම ඒය සාමාන්‍යයෙන් මතක තබා ගන්නා මුරපදයකට වඩා ශක්තිමත්.
   KeyGrinder මගින් ලබා දෙන පාස්වර්ඩ් ඒක මතක තබා ගත යුතු නැහැ.මන්ද සැම විටම ඔබ ලබා දෙන වෙබ් අඩවිය සහ පාස්වර්ඩ් ඒකම නම් ඊට අදාලව ලැබෙන පාස්වර්ඩ් ඒකත් ඒකම නිසා.

Saturday, January 19, 2013

About The IT Crowd...

   Today’s infographic, courtesy of Orsyp.com, shows some of the woes an IT person has to go through, from stereotypes to crazy colleagues.  Are you an IT professional who can identify with some or all of these? 

Thursday, January 17, 2013

ඔබ වින්ඩොස් වල භාවිත කරන්නේ හොදම බ්‍රවුසර් ඒකද?


   අහන්න බලන්න ඔන කෙනෙක්ගෙන් මොකක්ද හොදම බ්‍රවුසර් ඒක මොකක්ද කියල?ගොඩක් දෙනෙක්ගේ උත්තර අතරේ ඉහලින්ම තියෙන්නේ IE,Chrome,Firefox,Opera.ඒවා තමයි වින්ඩොස් වල ජනප්‍රියම.ඒතකොට මොකක්ද හොදම?සමහර විට ඉහත ඒකක් වත් නොවෙන්න පුලුවන්.ජනප්‍රියම ඒක කියන්නේ හොදම ඒක නෙවෙයිනේ.ඒ නිසා බලන්න ඔබට ගැලපෙන්නේ මොකක්ද කියල.
1.Internet Explorer
 
 ඉන්ටනෙට් ඒක්ස්ප්ලොර(IE) තමයි වින්ඩොස් වල Default බ්‍රවුසර් ඒක.මුල් කාලයේ ඉතාම ජනප්‍රිය වුනත් දැන්නම් ඒහි ජනප්‍රියත්වය අඩු වෙලා.දැන් හාවිතා වන වින්ඩොස් 8 වල තියෙන්නේ IE වල 10 වෙනි සංස්කරණය.
   ප්‍රබල බ්‍රවුසර් ඒකක්,නමුත් විශේෂයෙන් අගය කරන්න බැහැ.කිසිම ආකාරයකින්.ඔයාලට ඒච්චර Features නැති බ්‍රවුසර් ඒකක් ඔනනම් IE තරමක් හොදයි.
2.Google Chrome
   ගුගල් සර්ච් සහ ජි මේල් වලට පස්සේ හදුන්වාදිපු හොද බ්‍රවුසර් ඒකක්.මේ වන විට බ්‍රවුසර් ශ්‍රේණි ගත කිරිම් වල #1 ඉන්නේ ක්‍රොම්.
   Chrome සාර්තක බවට පත් වෙලා ඉන්නේ ඒයාගේ තියන දියුණු tab handling වලින්.Chrome සෑම ටැබ් ඒකකටම අලුත් procces ඒකක් අරබනව.ඒ නිසා ටැබ් ඒක crash උනාට මුලු බ්‍රවුසර් ඒකම crash  වෙන් නැහැ.ඒ වගේම තමයි බ්‍රවුසර් ඒකේ functions වැඩි දියුණු කර ගන්න අවශ්‍යය extention ටොන් ගානක් Chrome සතුයි.
   ඇත්තටම අනර්ඝ බ්‍රවුසර් ඒකක්.ඔබ සතුව ජවසම්පන්න පරිගණකයක්,ලොකු රැම් ධාරිතාවක් සමග තියනව නම් හරියන්නෙම මේක.හැබැයි දුර්වල මැෂින් වල නම් වෙගය අඩු විම,loading issuse ඒන්න පුලුවන්.
3.Mozilla Firefox
    ගොඩක් දෙනෙක් මුලින්ම භාවිත කරන්න පටන් ගන්නේ Firefox වලින්.මේ දින වල Firefoxඔවුන්ගේ browser වල වෙනස් කම් නිරන්තරයෙන් සිදු කරනව.ඒ අතරිනුත් බ්‍රවුසර් ඒකේ මෙමරි ලික්,රැම් හොගින් වගේ දොශ සමනයට මුල් තැන දෙනව.ඒ වගේම දැනට විශාලම add-ones library ඒක තියෙන්නේ Firefox සතුවයි.
ඔබට අවශ්‍යය Full-Featured බ්‍රවුසර් ඒකක් නම් Firefox තමයි ඔබට සුදුසුම.හැබැයි ඒක Chrome තරම් polish නැහැ.
4.Opera
 
   ඔපෙරා කියන්නේ Features වලින් සම්පුර්ණ වෙලා ඒන බ්‍රවුසර් ඒකක්.ඒ තුල බ්‍රවුසර් ඒකකින් බලාපොරොත්තු වන සියලුම දෑ අඩංගුයි.ඒ අතර,

  • built-in mail client,
  •  built-in ad blocker, 
  • cross-computer profile syncing,
  •  mouse gestures,
  •  speed dial, 
  • extensions for extensibility.

   ඇත්තටම ඔපෙරා කියන්නේ chrome සහ firefox වලටත් වඩා වේගවත් හොද බ්‍රවුසර් ඒකක්.නමුත් ඒය සමහර ගුගල් නිශ්පාදන bug-out කිරිම කරනව.
5.Maxthon
 
   මේක ඒච්චරම ජනප්‍රිය නැහැ.නමුත් මෙය Full-Featured බ්‍රවුසර් ඒකක්.වේගය වැඩි කිරිමට සහ කාර්යක්ශමතාව වැඩි කිරිම අරමුණු කරගෙන සැදුවක්.
   ඒය 200% Chrome ta වඩා වෙගවත්.Maxthon ආරක්ශාව අතින් ඉහලයි.ඒ වගේම ඔපෙරා වගේ හොදින් ක්‍රියාකරනව.
6.Midori

   මේක Lightweight බ්‍රවුසර් ඒකක්.ඒය සතුව ඇත්තේ built-in ලක්ශණ පමණයි.එවාත් අත්‍යවශ්යම ඒවා.අතුරු මුහුණත විදියට GTK භාවිත වනව.වැදගත්ම දේ තමයි මේක නිදහස් මෘදුකාංගයක්.
7.SlimBoat

   Slimboat ආරම්භ වෙන්න යන කාලය ඉතා කුඩායි.ආරක්ශාව අතින් ඉතා ඉහලයි.ඒ වගේම quick rendering, top-notch security, and powerful features like: ad blocker, popup blocker, private browsing, intelligent form filler, web and text translations, and integration with popular web services. ගේ ප්‍රබල ලක්ශන තියනව.

Monday, January 14, 2013

2012 වසරේ සමාජ ජාල වෙබ් අඩවි වල වර්ධනය...

   සමාජ ජාල වෙබ් අඩවි කියන ඒවා අද වනවිට අන්තර්ජාල ව්‍යුහයට දැඩිව බද්ධ වෙලා ඉවරයි.සාර්ථක විමට බලාපොරොත්තු වන සෑම වෙබ් අඩවියක්ම සමාජ ජාල වෙබ් අඩවි වලට සම්බන්ද වෙලා ඒවායේ සිටින සෙනග සමග ඔවුන්ගේ තොරතුරු,ද්‍රව‍යය බෙදාහදා ගැනිම අනිවාර්ය අංගයක් වෙලා.පසුගිය වසර තුල පමණක් ෆේස්බුක්,ට්විටර් වගේ වෙබ් අඩවි වල ක්‍රියාකාරිත්වයේ විශාල වර්දනයක් දැක ගන්න පුලුවන් වුනා.
   අද මම Infographic ඒකෙන් කියන්නේ පසුගිය වසරේ(2012) සමාජ ජාල වෙබ් අඩවි වල වර්ධනය ගැන.මේක ඉදිරිපත් කරල තියෙන්නේ The SEO Company කියන ආයතනය.


Saturday, January 12, 2013

"Apple Retina"තිරයේ ක්‍රියාකාරිත්වයේ වගතුග....


   ඇපල් සමාගමේ නවතම උපකරණ සමග ඒන "Retina Display" ඒක මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්.සම්පුර්ණයෙන්ම pixels වලින් තොර තිරයක්,හැමොම පුදුම වෙනව.ඇත්තටම මේකේ  pixels නැද්ද?කොහොමද ඒක වැඩ කරන්නේ.ඒ ඔක්කොම ප්‍රශ්ණවලට උත්තර මේ ලිපියේ තියන්ව.
මොනවද මේ පික්සල් කියන්නේ?
අපි ගමු 1080P/I කියන රූපවාහිනි තිරය.දන්නවද 1080P/I කියන ඒකේ තෙරුම.
   සරලවම,1080 කියන්නේ තිරයේ තිරස් අතට ඉහල සිට පහලට තියන සෘජු රේඛා ගණන,ඒ තිරයේම සිරස් අතට තියන රේඛා ගණන දළ වශයේන් 1920 ගුණ කල විට ලැබෙන අගය 2,073,600 ක්.මෙන්න මේ අගය තමයි 1080P/I කියන රූපවාහිනි තිරයේ අඩංගු පික්සල් ගණන.
   පොතක් පත්තරයක් ගත්තොත් ඒවා මුද්‍රනය කරල තියෙන්නේ තිත් රාශියක් භාවිතා කරල.පික්සල් වගේම මේ තිත් වලිනුත් කරන්නේ සම්පුර්ණ රූපයක් නිර්මාණය කරන ඒක.අසංගු තිත් ගණන වැඩි වෙනකොට රූපයේ ප්‍රමිතියත් ඉහල යනව.
-ඒක අත්හදා බලන්න ඔන නම් කුඩා තිත් සමුහයකින් රවුමක් අදින්න,අගලක් විතර ලොකු උනොත් හොදයි.දැන් ඒයින් මදක් ඇතට ගොස් බලන්න,ඒවිට වෘතය වඩාත් හොදින් ස්ථිරව පෙනේවි.

   ප්‍රධාන වශයෙන්ම ඩිජිටල් ඉමේජ වලදි මෙන්ම මුද්‍රන කටයුතු වලදිත් තිත් සහ පික්සල් භාවිතා වෙන්නේ මෙලෙසමයි.රූපයක ත්ත්වය වැඩි වෙන්නේ ඒහි අගලක තියන තිත් ප්‍රමාණය (Pixel per inch - ppi)වැඩි වන තරමට .ඒ වගේම තමයි සිරස් සහ තිරස් අතට තියන ඉරි වැඩි වෙලා තියන පික්සල්ස් ගණන වැඩිවෙන තරමට තිරයක පෙන්වන රූප වල ගුණාත්මක බව ඉහල යනව.
Apple Retina Display
   මිනිසකුගේ පියවි ඇසට යම්කිසි දෙයක් ඒහි සිට අගල් 10-12 දුරක සිට දකින්න පුලුවන් වෙන්නේ ඒහි පික්සල්ස් ගණන 300ppi නම් පමණයි.ඒ අගය නිරොගි අයගේ,ඒකිනෙකාට මේ අගය වෙනස් වෙන්න පුලුවන්.
   "Retina Display" ඒක භාවිතා වන iPhone4,4s,5,ipod සහ notebook වල ඉහත අගය 326ppi විතර වෙනව.මේ නිසා මේ උපකරණ වල තිරයන්ට හැකි වෙලා තියනව ඉහල විභේදනයක් (resolution) ලබා දෙන්න.මේ අගය මානව දෘශ්ටි විතානයට පෙනෙනවාට වඩා වැඩි අගයක් නිසා ඒහි කිසිම පික්සල් ඒකක් දැකගන්න බැහැ.

   ඇත්තටම "Apple Retina Display System" ඒකේ භාවිතා වන මිනුම් සම්පුර්ණයෙන්ම වෙනස්.ඒහි භාවිතා වෙන්නේ Pixels per degree කියන මිනුම් ක්‍රමය.මුලිකවම ඇසේ සිට ප්‍රශස්ත දුරකින් තියන පික්සල්ස් දෙකක් ඒකිනෙකට අංශකයක් ආනතියකින් තියන විට සැදෙන ත්‍රිකොණය තුල කොච්චර පික්සල් ගාණක් තියනවද කියන ඒක තමයි ppd කියන්නේ.
   අගල් 10 තුල තියන පික්සල් 300 කට මේ ppd අගය 53 ක් වෙනව.ඒයින් කියවෙන්නේ ppd අගය 53 වඩා වැඩි අගල් 10 ප්‍රශස්ත දුරකින් තියන ඔනැම තිරයක් "Retina Display" ඒකක් කියල.

මේ තියෙන්නේ ඇපල් සමගමේ නිපදවල තියන "Retina Display" වල ppi,ppd සහ resolution පිලිබද විස්තරයක්.

  • iPhone 4/4S/4th Gen Touch: 326 PPI, 57 PPD, 960×640, 10″
  • iPhone 5/5th Gen Touch: 326 PPI, 57 PPD, 1136×640, 10″
  • iPad (3rd and 4th Gen): 264 PPI, 69 PPD, 2048×1536, 15″
  • MacBook Pro (15″): 220 PPI, 77 PPD, 2880×1800, 20″
  • MacBook Pro (13″): 227 PPI, 79 PPD, 2560×1600, 20″

   ඔයාලට පෙන විදියට ppd අගය වැඩි විමේත් ppi අගය අඩි විමේත් අතර පොඩි සම්බන්දයක් පේනව නේද.මේ සැම අගයක්ම තියෙන්නේ ප්‍රශස්ත දුරකදි.ඔයා ගොඩක් තිරය ලගට ලන් උනාම රූප වල තත්වය අඩු වෙන්න පුලුවන්.හරියට ඉස්සෙල්ලා කරපු ඩොට් සහිත පරික්ශණයේ වගේ.
   ඔයාලට හිතෙන්න පුලුවන් මෙච්චර පික්සල් ගොඩක් මේක ඇතුලේ හිර කිරිම නිසා රූප වල පැහැදිලි බව අඩුවෙන්න පුලුව්න් නේද කියල.ඒය අවම කා ගන්නත් ඇපල් සමාගම නව තාක්ශණික උපක්‍රම භාවිත කරල තියනව.
Comment us.....

Wednesday, January 9, 2013

විශ්ව ව්‍යාප්ත වියමන..

විශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු (Robert Cailliau) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය
       වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (www ) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම‍ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන Hypertext Documents යනුවෙන් හැදින්වෙන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට Hyperlink යනුවෙන් හැදින්වෙන අක්ෂර විහේෂයක් භාවිතා කරනු ලැබේ.
   මෙම සැම ලේඛනයකට ඵයටම අනන්‍යවූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රව්සර්ය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්(IE),Chrome,Opera වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරනයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.

ඉතිහාසය 

   වෙබය සදහා මුලික වශයෙන් පදනම් වු අදහස් වර්ෂ 1980 දී ස්විස්ටර්ලන්තයේ CERn හිදි Tim Berners- lee විසින් ඉදිරිපත් කරන ලදි.Time Berners-Lee විසින් nEXTcube උපකරණය ලොව ප්රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම එය 1990 දී පලමු වෙබ් බ්රවුසරය වන world wide ලිවිම සදහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට Bernere Lee ක්‍රියාකාරි වෙබයක් සදහා අවැසි සියලුම උපකරණ නිවසා තිබිණි. පලුමු වෙබ් බ්රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය) පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබද සියලු විස්තර දරයි.

Sir Time Berner's lee in 2010

    Berners Lee ඔහුගේ CERN කණ්ඩායම සමග 1990 දෙසැම්බර් 25 වනදා ප්‍රථම වෙබ් අඩවිය වන info.cern.ch දියත් කලා.ඒ සදහා භාවිතා කල වෙබ් සර්වර් ඒක නම් කර තිබුනේ CERNhttpd නමින්.ඔවුන් දියුණු කර තිබුන වෙබ් බ්‍රවුසරය මගින් පරිශිලකයාට වෙබ් අඩවියේ අඩංගු ඩොකියුමන්ට්ස් බැලිමේ හැකියාව තිබුනා. 

   1991 අගොස්තු 6 දා ඔහු alt.hyoertext පුවත් කණ්ඩායම වෙනුවෙන් විශ්ව විසිරි වියමන පිලිබදව සම්පින්ඩයනක්(Short summery) ඉදිරිපත් කලේය. යුරෝපයෙන් පරි බාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙසැම්බර්දි SLAC හිදි නිමවන ලදි. ඒ Paul Kunz ගේ ප්‍රධානත්වයෙන්.ඒය උතුරු ඇමරිකාවෙදි නිර්මාණය කල ප්‍රථම වෙබ් අඩවිය ලෙසද සදහන් වෙනව.

   Hypertext හි ආරම්භයට හේතු පාදක වු තිරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දි Brown විශ්ව විද්යාලයේ hypertext system ආදි පැරනි ව්යාපෘති සමගය. මේ අතර Ted Nelson ගේ project xanadu හා douglas Wngelbart ගේ on line sysytem ((NLS) විය. nelson සහ Engelbart යන දෙදෙනාම පිලිවෙලින් Vannevar Bushගේ ක්ෂ්දු සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මගින් පෙළඹවිමට ලක්විනි. 

Berners-Leeගේ සුවිශේෂිත වු සොයා ගැනිම වන්නේ Hypertext අන්තර්ජාලය සමග සමිපව සම්බනධ කරවීමයි. ඒයට ඔහු තමා විසින්ම දියුණු කරන ලද තාක්ෂණික උපක්‍රම 3 භාවිත කලා. 

  • වෙබයේ පවත්නා ඕනැම සමපතක් අනන්ය ලෙස හදුනා ගැනිම සදහා ක්රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි.ඒය පළමුව the Universal Document Identifier (UDI), ලෙසද පසුව Uniform Resource Locator (URL) and Uniform Resource Identifier (URI) ලෙසද හදුන්වන ලදි.

  • ප්‍රකාශණ මාධ්‍යය ලෙස  HyperText Markup Language (HTML) භාවිතය.

  • the Hypertext Transfer Protocol (HTTP). 

    මෙම වෙබයේ මුලික අවශ්යතාවක් වුයේ ඉදිරියටත්,ආපසස්සටත් ගමන් කළ හැකි සබැදි වෙනුවට ඒක දිශ සබැසි පැවිමයි. මේ ආකාරයට කිසියම් අයකුට කිසියම් සම්පතක් එහි හිමිකරැගේ මැදිත් විමකින් තොරවම සබදිමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බවුසර ක්රියාත්මක කිරිමේ තදබල අපහසුකතාව මහගහැරවිටම ද සැලකිය යුතු කරමේ දායකත්වයක් සැපයිය.එසේ වුවද මෙම ක්රමය  පවත්නා ගැටලුවක් වු සබැදි කල් ඉකුත්විම (link rot) සදහා මග පැදිය. මින් පෙර පැවති Hypercard මෙන් නොව විශ්ව විසිරි වියමන ඕනැම පරිහිලකයකුට වෙළද හිමිකමකින් තොරව නොම්ලයේ භාවිතා කල හැකි විය. මෙය මින් පෙර නොවු විරැ පෙරලියක් ඇත කළේ අනුග්‍රාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාදින අයුරින් නිමවා ගත හැකි විමෙන් මෙන්ම වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි විමෙන්ය.

  1993/04/30 වනිදා CERN ආයතනවය නිවේදනයක් නිකුත් කැරමින් කියා සිටියේ ඉන් මතුවට විශ්ව විසිරි වියමන ඕනැම අයකුට කවර ආකරය හෝ ගාස්තුවක් ගෙවිමකින් තොරව පරිශිලිනය කළ හැකි බව. දෙමසකට පසු එලි දැක් වු තවත් ප්රකාශනයකින් කියැවුනේ gopher ප්රොටෝකොලය තවදුරටත් නොමිලයේ පරිශිලිනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශිලකයන් තුල හි සිටි වෙබය  කරා සිඝ්‍ර සංක්‍රමණයක් ඇති කරවිමට සමත් විය.


  කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්රවුසරය හදුන්වා දිම යනු විශ්ව විසිරි වයමනේ විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්රයේ විද්වතුන් සාමාන්යයෙන් එකගත්වයට පැමිණි කරැණකි. Mosaic වේ බ්රවුසරය වනාහි Illinois විශ්ව විදයාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) Mare Andreessen ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රෑප මාධ්ය වේබ් බ්රවුසරයකි. Mosaic හි මුල්ය සම්පාදනය සිදුවුයෙ High-performance computing and communications Initiative නමැති වැඩසටන මගිනි. 

1994 ඔක්තෝබ්රයේ දි Tim Berners-Lee CERN ආතනයෙන් සමුගැනිමෙන් පසු ඔහු W3C ආයතනය ප්‍රරතිස්ථාපන කිරිමට යෙදිණි. එය ප්‍රරතිස්ථාපනය කෙරුණේ අන්ර්ජාලය හා යුරෝපාය කොමිසම (Eupropean commission) ට පුරෝගාමි වු defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts institutie of Technology –labopratopry for computer science (MIT/LCS) ආයතනයේදිය.

Monday, January 7, 2013

පරිගණක මෙහෙයුම් පද්ධති

   මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. 
  මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි.
    මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයක්ම පාහේ සොයා ගත හැක.

   බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු‍ කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද (firmware) ෆර්ම් වෙයාර්ය.
   ලිනක්ස් , Mac OS X , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස් Mac OS X හා MS වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.

මෙහෙයුම් පද්ධති - ඉතිහාසය

   ප්‍රථම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොතිබුනි. 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළඳාම්කරුවන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන්, ලැයිස්තුගත කිරීම හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදයන් සංවර්ධිත කිරීම සඳහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. මේ සඳහා උදාහරණ ලෙස UNIVAC  Control Date ආයතන මඟින් නිපදවන ලදි.

  • MS-DOS මඟින් මෙහෙයුම් පද්ධතියක ආකාර ලක්ෂණ බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබිනි. තැටි ප්‍රවේශය මේ සඳහා නිදසුනකි. කෙසේ වුවත් බොහෝමයක් මෙහෙයුම් පද්ධති මෙය සම්පුර්ණයෙන්ම මඟහැර කෙලින්ම දෘඩාංග මත ක්‍රියාත්මක වීමට ඉඩකඩ සකසා දිනි.
  • මෙහෙයුම් පද්ධති මුලින්ම යොදා ගෙන තිබුනේ මහා පරිගණක වලදීය. එහෙත් පසුව මුලික ක්ෂුද්‍ර පරිගණක මෙහෙයුම් පද්ධති කළමනාකරණය ලැයිස්තුගත කිරීම භාවිතා කර වරකට එක් වැඩසටහනක් පමණක් ක්‍රියාකිරීමට අවකාශ සලසා දිනි. සෑම වැඩසටහනක්ම එය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය පුරාවටම එම පරිගණකය කෙරේ පුර්ණ පාලනයකින් යුක්ත විය. බහුකාර්යකරණය (කාල සම්භාවිත කිරීම) මහා පරිගණකවල භාවිතයට මුලින්ම පැමිණියේ 60 දශකයේදීය.
  • 1969-70 කාල පරිච්ඡේදයේ දී ප්‍රථම වතාවට UNIX මුලින්ම PDP-7 හා පසුව PDP-11 මඟින් ඉදිරිපත් විණි. එය ඉතා ඉක්මණින් වේදිකා කිහිපයක් හරහා කාල සම්භාවිතය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය පෙන්වුයේ ‍පුර්වක්‍ර බහුකාර්යකරණය, උසස් මතක කළමනාකරණය, මතක ආරක්ෂණය සහ අනෙකුත් උසස් ලක්ෂණ සඳහා සංග්‍රාහකයෙක් ලෙස ක්‍රියා කරමිනි. UNIX ඉතා ඉක්මනින් මහා පරිගණක හා මධ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධයක් ලෙස ජනප්‍රියත්වයට පත්විණි. 
  • 1980 මුල් භාගයේ දී IBM-PC හා IBM PC XT ඇතුළු ක්ෂුද්‍ර පරිගණක කිහිපයක් UNIX ආකාර මෙහෙයුම් පද්ධතියක් වන Microsoft Xenix ධාවනය කිරීමේ හැකියාව පෙන්විය. 
  • Microsoft ආයතනය විසින් ඔවුන්ගේ ඒක පරිශිලක මෙහෙයුම් පද්ධති වෙනුවට බදු පරිශිලක මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉතා අධික අලෙවිකරණ ව්‍යාපෘතියකට බදුන් කෙරිණි. නමුත් මෙම පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය(CPU) මඟින් එහි කරන කාර්ය මතක ආරක්ෂණය හා ද්විත්ව ‍මාධ්‍ය මෙහෙයුම ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීමට අපොහොසත් විය. එම නිසා Microsoft Xenix සහයෝගි බහුකාර්යකරණය මත විශ්වාසය තැබු අතර ආරක්ෂිත මතකයන්ද එහි නොවීය.
  • 80286 මුලික IBM PCAT පරිගණකය වු කලි ද්විත්ව මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා මතක ආරක්ෂණය සැලසීමට සමත් වු ප්‍රථම පරිගණකය හා සම්භාවය Mac-OS හා Microsoft Windows 1.0-Me සහයෝගි බහුකාර්යණයට උසස් වු අතර ඒවා ආරක්ෂිත මතකයන්ගෙන් ලබා ගත හැකි ආයෝජන උපරිම වශයෙන් ලබා ගැනීමේදී සිමාසහිත විය. මෙම මෙහෙයුම් පද්ධති මත ධාවනය වන යෙදුම් ක්‍රමලේඛ ඒවා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදි ලැයිස්තුගතකරණයට CPUහි කාලය ඉතිරිකර දීම සඳහා පෙර නිමිතිව හෝ ක්‍රමවේදයක් භාවිතා කර එය ඉටු කර දීම හෝ මිශ්‍ර කළ යුතු විය.
  • Windows NT සඳහා පාදක වු මෙහෙයුම් පද්ධති කාර්යාලය, Digital Equipment Corporation හි VMS නිර්මාණය කළ කණ්ඩායම විසින්ම නිමවන ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධති UNIX ආකාර වු අතර එය සියලු වැඩසටහන් සඳහා වු ආරක්ෂිත මාධ්‍ය මෙහෙයුම්, කාර්ය මතක ආරක්ෂණය, පුර්වක්‍ර බහුකාර්යකරණය, අතථ්‍ය(Vertual) ගොනු පද්ධති සඳහා සහයෝගය හා නොයෙකුත් මේආදි සේවා සපයන්නෙකු ලෙස නිර්මිතය.
  • සම්භාවනීය AmigaOS හා Windows 1.0-Me යන මෙහෙයුම් පද්ධති සකසුන්වන් මඟින් ධාවන කාලයේදී ආදේශනය කරන ලද සම්පත් නියමාකාර ලෙස සලකුණු කර ගැනීමට අසමත් විය. එක් සකසුවක් අවසන් කිරීමට සිදු වු විට එය මඟින් එතෙක් භාවිතා වෙමින් තිබු සම්පත් වෙනත් වැඩසටහනක් ‍වෙනුවෙන් නිදහස් කිරීම නැවත පරිගණකය පණගන්වන තෙක් සිදුකල නොහැකි විය.
  • එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.

Wednesday, January 2, 2013

මුහුණු පොතේ අලුත් උන ආරක්ශක උපක්‍රම ගැන විස්තරයක්....

   2013 වසර සතුට,සමාදානය,දැනුම පිරි සුබ නව වසරක් වෙවා! 

   අලුත් අවුරුද්දේ මම පළවෙනි ලිපිය ලියන්න හිතුවේ ෆේස්බුක් ගැන.මේ ළගකදි ෆේස්බුක් සමාගම ඒයාලගේ settings ටිකක් විතර වෙනස් කරල තියනව කියල ඔයාල දකින්න ඇතිනේ.ඒ වෙනස් කම් වලින් වැදගත්ම ටිකක් ගැන කියන්න තමයි හිතුවේ.ඒ අතරිනුත් වැදගත්ම දේ තමයි Privacy settings කියන්නේ.අපි සමාජ ජාල වෙබ් අඩවියකදි පුද්ගලික තොරතුරු සංවිධානය කරගෙන ආරක්ශා කරගන්න ඒක වැදගත්.ඉස්සර වගේ නෙවෙයි මේ අලුත් settings වලින් අපිට පහසුවෙන් සරළව ඒක කරගන්න පුලුවන්.අපි බලමු මේ වෙනස් කම් මොනවද කියල.
1)New Privacy Menu

   මේ තියෙන්නේ 'ෆේස්බුක්' වල අලුත්ම Privacy menu ඒක මේක තමයි වැදගත්ම සහ වටිනාම දේ.ඉස්සර බොහොම අමාරුවෙන් හොයාගෙන ගිහින් හදාගන්න තිබුන මේ settings වලට දැන් පහසුවෙන් පිවිසෙන්න පුලුවන් විදියට ඉදිරිපත් කරල.
   ඒ වගේම තමයි වචනයක් වෙනුවට වාක්‍යය යොදල මේක සරලව තෙරුම් ගන්න පුලුවන් විදියට ,ඔනෑම කෙනෙක්ට අවබොදයෙන් වෙනස් කරගන්න පුලුවන් විදිහට තියන ඒක.
  • "Who can see my stuff?" ඔයාගේ posts බලන්න පුලුවන් කාටද?ඔයාට පුලුවන් ඒ settings ඔයාට අවශ්‍යය විදියට තියාගන්න.  



  • "Who can contact me?" කලින් මේක තිබුනේ "Who can send your facebook massages?" කියල.නවතම settings වල option 2 තියනව.bcsic වලින් massages  ඒන ඒක Friends සහ Friends Of Friends ලාගෙන් පමණක් ලේස වෙනස් වෙනව.Strict වලදි ඒක Friends පමණක් වෙනව.මෙහෙම කලා කියල Massages block වෙන්නේ නැහැ.ඔයාට ඔන වෙලාවට ඒවා බලන්නත් පුලුවන්.

  • නව මෙනු ඒකේ තියන තව හොද feature ඒකක් තමයි කවුරුහරි ඔයාට කරදර කරන,අනවශ්‍යය කෙනෙක් ඉන්නව නම් block කරලා දාන ඒක.ඒකට සරලවම කොටුවේ නම ටයිප් කරල Block කරන්න ඔන.ඒතකොට තත්පර 5 වැඩේ වෙනව.

  • තවත් option  ඒකක් තියනව,මේ menu ඒකේ තියන.ඒ තමයි search option ඒක.ඒයින් ඔබට කෙලින්ම ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න පුලුවන්.ඒ සදහා කාච ලකුණ මත ක්ලික් කරන්න.

2)A setting Page you can understand
 

   පරණ settings ඇත්තටම ප්‍රයොජනවත්.නමුත් ඒක භාවිතය හරිම අපහසු උනා.අපිට ආරක්ශක settings හොදටම හදාගන්න සැහෙන හොයන්න උනා.නමුත් නව settings Page ඒක ට ඇතුල් වෙන කොටම ඔබට තේරෙයි ඒය සම්පුර්ණයෙන්ම වෙනස් කියල.

   වම් පැත්තේ තියන මෙනු ඒක මගින් පැහැදිලිවම items defined කරල තියනව.බොහෝ settings වලට අලුත්ම වචන සෙට් ඒකක් ආදේශ වෙලා.ඔයාට ඇප්ස් control කරන්න ඔන නම් "Apps" මත ක්ලික් කරන්න ඔන.

   ඔයාල දකින විදියට ඒක සම්පුර්ණයෙන්ම අලුත් වෙලා.ඒ වගේම අවබොධ කරගන්න පහසුයි.ඒ හැම දෙයක්ම ඔයාගේ කැමැත්තට වෙනස් කර ගන්න පුලුවන්.

3)New & Improved Activity Log
   නවතම Activity log ඒක මගින් ඔබ post කරපු,ඔබට tag කරපු සහ තවත් දේවල් ගොඩක් කාලයට අනුව ක්‍රමාණුකුලව සකස් උන list ඒකක් ලබා ගන්න පුලුවන්.

   ඔයා අකමැති ඔයාගෙම post ඒකක් හරි tag කරපු ඒකක් හරි දැක්කොත් ඔයාලට පුලුවන් ඒක අයින් කරල දාන්න.ඒ ඔයාගේ Timeline ඒකෙන් හරි Facebook ඒකෙන්ම හරි.

ඔයා හොයාගත්තොත් අනවශ්‍යය යමක්,ඔයාට පුලුවන් ඒක හරි ඒ සියල්ලම හරි "Report/Remove tags" වලින් ඉවත් කරන්න.
4)Granting App permission
   Facebook  වල කෙරිල තියන ප්‍රධාන වෙනස් කමක් තමයි App permission ගැන වැඩි අවධානයක් ලබා දිම.
FB වල Privacy Settings ගණන් නොගෙන ඉන්න ඒප.ඒවා හරි වැදගත්,සරලව තෙරුම් ගන්න පුලුවන් නිසා මේ ලිපිය අවසානයේ විනාඩි 10 වැ‍ය කරල පහළ settings ටික වෙනස් කරගන්න බලන්න.......
  • In the Security tab: make sure “Secure Browsing” is enabled.
  • In the Privacy tab: make sure your posts are visible only to those whom you want it to be seen to.
  • In the Timeline and Tagging tab: make sure you know who can post on your Timeline. Do you really want everyone in the world to be able to do this?
  • In the same tab: Take a minute to review all the settings under “How I can manage tags people add and tagging suggestions?” These are important.
  • In the Notification tab: make sure you’re notified when people tag you, this is something you need to know about.
  • In the Apps tab: aside from removing apps that shouldn’t be there, you want to click “Edit” next to “Apps others use” and see what information about you others can share with their apps.
Thank You.........