Wednesday, February 20, 2013

ෆයිල් cloud ඒකෙන් ජි-මේල් ඒකට ඇටැච් කර යැවිම..


   
   අපි ගොඩක් දෙනෙක් දැන් Cloud servers භාවිතා කරල දත්ත ගබඩා කරල තියා ගන්නව.ඔයා Cloud ඒකක තියන යමක් යාලුවකුට ඊ-මේල් කරන්න ගිහින් තියනවද?ඒ වගේ වෙලාවක ඔයාට සිදද වෙලා ඇති ෆයිල් ඒක පරිගණකයට Cloud ඒකෙන් භාගත කරගෙන නැවත ජි-මේල් ඒකට ඇටැච්(Attached) කරල තමයි යවන්න  වෙන්නේ.මේක තිකක් විතර කරදර වැඩක්,අපිට බැරිද කෙලින්ම Cloud ඒකෙන් ජි-මේල් ඒකටම ෆයිල් ඒක ඇටැච් කරල යවන්න.
   ඔයාට ඒක කරන්න පුලුවන් වෙන්නේ  Cloudy කියන ක්‍රොම් extension ඒක භාවිතා කරල.ඒමගි ඔබට ඉහත අනවශ්‍යය පලමු පියවර ඉවත් කර ගන්න පුලුවන්.ඒ හරහා ඔබට ජි-මේල් සහ  Cloud ක අතර කෙලින්ම සම්බන්දයක් ඇති කරගන්න පුලුවන්.
(01)
  

(02)
 
(03)

 

(04)

Thursday, February 14, 2013

තුන්වන පරපුරේ වෙබ් අඩවි කෙසේ වේවිද?(Web 3.0)



   ඔයාල ගොඩක් දෙනෙක් මම ලගදි ලියල තිබුන "දෙවන පරපුරේ වෙබ් අඩවි.." කියන ලිපිය කියවල තිබුන.ඒ නිසා මම හිතුව ඒ ලිපිය නවත්තල තිබුන තැනින් තව ටිකක් ඉස්සරහට යන්න.මම ලිපිය නවත්තල තිබුනේ " සමහර අය තවමත් වෙබ් 2.0 ගැන අවබොධ කරගන්න උත්සාහ කරන අතර තුර ,අනිත් අය දැනටමත් වෙබ් 3.0 ගැන හිතන්න පටන් අරගෙන.වෙබ් 3.0 කොහොම වේවිද?"  කියල.ඉතින් අද ඒ ප්‍රශ්නයට සරල උත්තරයක් දෙන්න උත්සාහ කරන්නම්.

   අන්තර්ජාලය පිළිබද විශේෂඥයන් කියන්නේ වෙබ් 3.0 කියන ඒක personal assistant කෙනෙක් තරමටම ඔබ ගැන,ඔබේ පුද්ගලික තොරතුරු සියල්ලක්ම ගැන ප්‍රායොගික අවබොධයක් තියන කෙනෙක් වගේ වෙයි කියල.ඒ වගේම අන්තර්ජාලයේ තියන සියලුම තොරතුරු වලට පිවිස ඔබේ ප්‍රශ්ණ වලට පිලිතුරු සොයා දෙන්නෙක් වෙයි කියල.බොහො දෙනෙක් වෙබ් 3.0 සලකන්නේ විශාල(giant) database ඒකක් විදිහට.වෙබ් 2.0 හරහා මිනිසුන් අන්තර්ජාලයට සම්බන්ද කරන අතර වෙබ් 3.0 මගින් තොරතුරු සමග මිනිසුන්ගේ සම්බන්ද කරයි කියල තමයි ඔවුන් උපකල්පනය කරන්නේ.සමහරු හිතන්නේ  වෙබ් 3.0 මගින් දැනට තියන වෙබ් ඒක replacing වෙයි කියල.ඒ අතර වෙබ් 2.0 වෙනම නෙට්වර්ක් ඒකක් විදිහට ක්‍රියා කරයි කියලත් ඔවුන් කියනව.
   අපි මේක උදා: පැහැදිලි කරගමු.
        හිතන්න ඔයාට නිවාඩුවට ට්‍රිප් ඒකක් යන්න ඔන කියල.ඔබට ඔන ලස්සන වෙරළ තිරයකට යන්න පිටරටක තියන.ඔබට වියදම් කරන්න පුලුවන් $5000 විතරයි,නවතින්න තැනකුත් හොයාගන්න ඔන,ඒ වගේම ගුවන් යානා ටිකට් පතක් ලබා ගන්නත් ඔන,මේ සියල්ලම හොයා ගන්න නම් ඔබට දැන් තියන තාක්ෂණය අනුව අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර උපයොගි කරගෙන තැනක් සොයා ගන්න ඔන,හොටල් කාමරයක්,ගුවන්ටිකට් පතක් ලබා ගන්න ඔන,මේ සියල්ලම කරගන්න පැය ගණනාවක් ගත වෙන්න පුලුවන්.
       නමුත් අන්තර්ජාල විශේෂඥයන්ට අනුව වෙබ් 3.0 ට අනුව ඔබට තියෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න Internet මගින් ඔබට අවශ්‍යය කාර්යය ඉටු කර දේවිලු.ඔබට තියෙන්නේ සෙවුම් සේවාව තොරාගෙන අවශ්‍යය මගපෙන්විම කිරිම පමනයි.වෙබ් බ්‍රවුසර වැඩසටහන මගින් තොරතුරු ඒකතු කර ගෙන ,ඒවා විශ්ලේෂණය කරල ඔබට තොරතුරු ඉදිරිපත් කරාවි සංසන්දන සහිතවම.ඒය කිරිම ඒයට පහසුයි මන්ද වෙබ් 3.0 ට අන්තර්ජාලයේ තියන තොරතුරු තේරුම් ගන්න පුලුවන් නිසා.
   දැන් තියන සර්ච් ඒන්ජින් ඒකකින් ඔබ සේවුමක් කලවිට ලැබෙන්නේ ඔබ යේදු Keyword ඒකට අදාල තොරතුරු පමණයි.නමුත් වෙබ් 3.0 වලදි Keyword  මණක් නෙවෙයි,ඔබ ඇතුලත් කරන දේවල් වල අන්තර්ගතය,තෙරුම ආදියත් සලකා බලනව.

   අපිට කොහොමවත් කියන්න බැහැ අනාගත්යේ තාක්ශණය කොයි අතට වෙනස් වෙයිද කියල.නමුත් වෙබ් 3.0 සලකන කොට ගොඩක් දෙනෙක් කියනව ඒය ඔවුන් පවසම්න මේ කරුණු මත පදනම් වෙයි කියල.ඔවුන් කියන්නේ වෙබ් 3.0 මගින් භාවිතා කරන්නන්ට වඩාත් දියුණු සහ අර්ථාන්විත අත්දැකිමක් ලැබෙයි කියල.ඒ අය විශ්වාස කරනව වෙබ් 3.0 භාවිතා කරන්නන්ටම අනන්‍යය වුන Internet Profile ඒකක් තියේවි කියල.ඒය පදනම් වෙන්නේ ඔවුන්ගේ පසුගිය වෙබ් සෙවුම් මත.
   ඒ කියන්නේ දෙදෙනෙක් ඒකම Keyword  ලබා දුන්නත් ඒ සර්ච් ඒන්ජින් ඒක ලබා දෙන ප්‍රතිඵල ඒකිනෙකට වෙනස්,මන්ද ඒවා ඔවුන්ගේ සෙවුම් අතිතය දිහා බලල ඉදිරිපත් කර ඔහුටම අනන්‍යය සෙවුම් නිසා.

  මෙවැනි ඇප්ලිකේශන් සදහා තවමත් පරිණත වු මෘදුකාංග නැහැ.අන්තර්ජාල විශේෂඥයන්ට අනුව වෙබ් 3.0 වල පදනම ලෙස සකස් වෙයි කියන්නේ application programming interfaces (APIs):{An API is an interface designed to allow developers to create applications that take advantage of a certain set of resources.} මත.වෙබ් 2.0 වල ජනප්‍රිය mashup {A mashup is the combination of two or more applications into a single application.} නිසාත් වෙබ් 3.0 වල වර්ධනය ඉක්මන් වෙයි කියල ඔවුන් කියනව.
   ඒ අතර තවත් විශේෂඥයන් පිරිසක් කියන්නේ වෙබ් 3.0 වල ආරම්භය අලුත්ම ආකාරයකට වෙයි කියල.ඒහි මුලික කොඩින් වලට HTML නොව ,අලුත්ම ක්‍රමලේකන භාශාවක් භාවිතා වෙයි කියල.නමුත් විවිද තාර්කික පැහැදිලි කිරිම් කොතරම් තිබුනත් ප්‍රායොගිකව ඒය කෙසේ වේ දැයි කිම තවමත් අපහසුයි.

   World Wide Web වල සොයා ගැනිමට මුලික වුන විද්‍යාඥයෙක් වන Tim Berners-lee  අනාගත වෙබ් තාක්ශනය හදුන්වා දි තිබෙන්නේ Semantic Web නමින්.ඇත්තටම මොකද්ද Semantic Web කියන්නේ? ලගදිම බලමු.



Wednesday, February 13, 2013

ජි-මේල් ලස්සන කරන අලුත්ම emoticons ඒකතුව..


   ඔයාල ගොඩක් දෙනෙක් ඊ-මේල් යවන්න භාවිතා කරන්නේ ගුගල් සමාගමේ ජි-මේල් වෙන්න ඔන.ඒ අයට හොද ආරන්චියක් තමයි මේක.ඔයාල ඊ-මේල් ඒකක් ලියන්න ගිහින් ඒකේ තියන emoticon අයිකනය මත ක්ලික් කරපුවහම පහුගිය කාලේ නම් තිබුනේ "Coming soon" කියන පණිවුඩය.තව දුරටත් ඒක ඒහෙම වෙන්නේ නැහැ.ඒකට හේතුව තමයි ගුගල් ඔවුන්ගේ ජි-මේල් emoticon කතුවට අලුතින්ම emoticon 1000 අධික ගණනක් හදුන්වා දි තියනව.ඔයාට පුලුවන් ඊ-මේල් මැසේජ් ඒකට emoticon ඒකතු කරන්න emoticon අයිකනය මත ක්ලික් කිරිමෙන් හෝ Ctrl+Shift+2 භාවිතා කිරිම මගින්.
   මේ සම්පුර්ණ emoticon කතුවට ගුගල් ටොක් වල භාවිතා වන අයිකන් වගේම රහසිගත animated crab තියනව.නමුත් ඔබ තවදුරටත් පහලට සොයාගෙන යන කොට විවිධාකාරයේ animated වගේම non-animated අයිකනුත් රාශියක් හමුවෙනව.ඒ අතර faces, food items, animals, weather icons, ආදි රාශියක් අඩංගුයි.රටවල් බොහො ගණනක් දැනටමත් භාවිතා කරන මේ සේවාව ඔබටත් භාවිතා කල හැකිදැයි බලන්න.

සිනාසෙන මුහුණු

   ෆයිල් ඒකක්,ප්‍රොග්‍රෑම් ඒකක් පෙන්වන්නට ඩෙස්ක්ටොප් මත සාදාතියන ඉමේජයකට අයිකන (Icon) කියා කියනව.මෙලෙසම යම් හැගිමක් දනවන්නට විශේෂයෙන් සාදන අයිකන වලට කියන්නේ ඉමෝට්කොන්ස්(Imoticons) කියායි. වචන සිය ගණනකින් කියන්නට බැරි අදහසක් සැනින් කියන්නට යොදා ගත හැකි ඉමෝට්කොන්ස් දහස් ගණනක් දැනට තිබේ.
   නමුත් 1982 සැප් 19 සිට සැහෙන කාලයක් යනතුරු තිබුනේ මහාචාර්ය ස්කොට් ෆෝල්මන් විසින් නිර්මනය කරන ලද ඉමෝට්කොන්ස් ඒකක් පමණි.ඔහු නිර්මාණය කලේ තිත් දෙකකට පසුව කඩ ඉරක් සහ යතුරු පුවරුවෙන් ටයිප් කල වරහනක්  සමග තැනු සිනාසෙන මුහුණක් සහිත ඉමෝට්කොනයකි.
   
මේ ඉමෝට්කොන්ස් ඉන්ටර්නෙට් ජනප්‍රිය විමත් සමග ලොව පුරා කෝටි ගණනක් සෙනග පාවිච්චි කරන්නක් බවට පත්විය. දැනට ඒහි වයස ආසන්න වශයෙන් වසර 30 පමණ වේ.සිනාසෙන මුහුණ රැගත් ෆෝල්මන්ගේ ඉමෝට්කොනය ලොකයට අලුත් සංකල්පයක් හදුන්වාදුනි. ඒනම් ඉලෙක්ට්‍රොනික් මාධ‍යයෙන් භාශාව හැසිරවිමේදි හැගිම් දනවන්නට වචන සහ වාක්‍යය වලින් ඔබ්බට ගිය සම්ප්‍රදායක් ලොවට හදුන්වා දිමෙනි.
Original post:Here

Monday, February 11, 2013

ඔබේ දුරකථනය නැති උනාද නැත්නම් සොරකම් කලාද?මෙන්න විසදුමක්..


   අපි හැමොම දුරකථන භාවිතා කරනව.ඒක නැති උනොත් මොකද කරන්නේ?ඒතකොට ඒකේ තියන තොරතුරු වෙනත් කෙනෙක් අතට පත් විමේ අවදානමක් තියනව නේද.ඒවා ඔයායේ පෞද්ගලික හෝ ව්‍යාපාරික තොරතුරු උනොත් තත්වය තවත් භයානක වෙනව.
   මේ ලිපියෙන් කියවෙන්නේ ඒ වගේ අවස්ථාවක භාවිත කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන.මේක හොදටම වැඩ කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත් දුරකථන සමග,ඒ වගේම වින්ඩොස්,බැලැක්බෙරි දුරකථන සමගත් ක්‍රියා කරනව.
   ඒක තමයි Lookout කියන මෘදුකාංගය,ඒ සමග anti-malware application, anti-virus application and a backup (remote)  ආදි utility ලැබෙනව ඒමගින් ඔබේ දුරකථනය ආරක්ශාකර ගන්න පුලුවන්.මේ වෙබ් අඩවියෙන් ඔබට නොමිලයේ මේ මෘදුකාංගය නොමිලයේ බාගත කර ගන්න පුලුවන්.පහළ තියන රූප රාමු මගින් ඔබට පහසුවෙන් පියවර ටික බලා ගන්න පුලුවන්.

01.
stolen mobile phones
02.
stolen mobile phones
03.
activate stolen phone
04.
activate stolen phone
05.
activate stolen phone
06.Use 1Mb Space
stolen cell phone
07.
stolen cell phone
   ඒය ස්ථාපනය කර ගැනිමෙන් පසුව ඔබට ඔබේ දත්ත බැකප් කර ගැනිමට පුලුවන්.ඒ වගේම තමයි ඔබේ දුරකතනය නැති උනොත් ඒය තිබෙන තැන පහසුවෙන් සොයා ගැනිමට මෙන්ම,ඒයින් අධික ශබ්දයක් නිකුත් කිරිමට සලස් වන්නත් පුලුවන්.ඒතනින් නොනැවති ඔබේ දුරකථනයේ අඩංගු දත්ත ගෙදර සිටම මකා දැමිමටත්,ඒම දත්ත වල බැකප් ඒක ඔබේ පරිගණකයට ලබා ගැනිමටත් ඉඩකඩ ලබා දෙනව.  

Friday, February 8, 2013

දෙවන පරපුරේ වෙබ් අඩවි..(web 2.0)


   අන්තර්ජාලයේ භාවිතා වන වචන,යෙදුම් සාමාන්‍යය ජනයා අතරට ගියේ "web 2.0" නිසා කිව්වොත් ඇත්තටම හරි.ගොඩක් අය මේ වචනය අහල ඇති,නමුත් ගොඩක් අයට web 2.0 ගැන හරි අදහසක් නැහැ.සමහරු කියන්නේ මේ වචනය කිසිම  වැදගත් කමක් නැති වෙළද ප්‍රචාරණයට පමණක් භාවිතා කරන ඒකක් කියල.සමරු කියන්නේ web 2.0 කියන්නේ ඇත්තක් කියල.කොහොම හරි web 2.0 වල තියෙන ලක්ශණ පහත තියනව.



  • වෙබ් අඩවි වලට පිවිසෙන අයට වෙබ් පිටු වලට වෙනස් කම් සිදුකල හැකි විම.ඒ සදහා වෙබ් ෆොරම්ස් භාවිත වෙනව. 
                    ExAmazon 


  • වෙබ් අඩවි භාවිතා කරමින් මිනිසුන් සම්බන්ධ කිරිම.සමාජජාල වෙබ් අඩවි.
                   Ex:Facebook , MySpace ,Twitter

  • ගිත,විඩියො,ෆයිල් යනාදිය පහසුවෙන් සහ ඉක්මනින් Share කිරිම.
                   Ex:You Tube

  • තොරතුරු,ප්‍රවෘති,ලිපි පහසුවෙන් ලබා ගැනිමේ හැකියාව.
                  Ex:RSS(Really Simple Syndication)

  • පරිගණක වලිහ් ඒහාට ගොස් අන්තර්ජාලයට සම්බන්ද විමට වෙනත් ක්‍රම සොයා ගැනිම.
                  Ex:SmartPhone,Cellphone,Tablet,TV

    හිතන්න web 1.0 කියන්නේ පුස්ථකාලයක් කියල,ඔයාට ඒක භාවිතා කරන්න පුලුවන් තොරතුරු ලබා ගන්න පුලුවන් මාධ්‍යයක් විදියට.නමුත්  web 2.0 භාවිතා කරල ඔයාට පුලුවන් ඒ තොරතුරු වැඩි කරගන්න දායක වෙන්න ඒහෙම නැත්තන් වෙනස් කරන්න.ඒක හරියට යාලුවො සහ අදුනන අය ඉන්න කණ්ඩායමක් වගේ.

    සහර අය තවමත් web 2.0 ගැන අවබොධ කරගන්න උත්සාහ කරන අතර තුර ,අනිත් අය දැනටමත් web 3.0 ගැන හිතන්න පටන් අරගෙන.web 3.0 කොහොම වේවිද?

තුන්වන පරපුරේ වෙබ් අඩවි කෙසේ වේවිද?(Web 3.0)

Thursday, February 7, 2013

පරිගණකය crash වෙනවද?මෙන්න විසදුම්...


   තවත් නිල් පාට තිරයක්,බුට් වල ප්‍රශ්ණයක් නැත්නම් ස්ක්‍රින් ඒක හිරවෙලා.දැන්නම් ඔයාට පරිගණකය restart කරන්න වෙනව.ඒ කියන්නේ දැනට කර කර හිටපු වැඩ ඔක්කොම නතර කරන්න වෙනව කියන ඒක.වැඩකර කර ඉන්න කොට අතරමග නතර වෙන ඒක සහ ඒකට හේතුව හොයා ගන්න බැරි වුනාම ලොකු කේන්තියන් ඒනව නේද?
   මෙහෙම පරිගණකය අතර මගදි හිරවෙනවට නැත්නම් ඒර(error) මැසේජ් ඒන ඒකට කියන්නේ Crash වෙනව කියල.Crash වෙන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ වරද නිසාම නෙවෙයි.ඒයට බලපාන හේතු රාශියක් තියනව.මෙ ඒ අතරින් කිපයක්.
1.මවුපුවරුවේ හො රැම් ඒකේ දෝශ.
   ගොඩක් Crash සිද්ධ වෙන්නේ මෙන්න මේ මවුපුවරුවේ හො රැම් ඒකේ දෝශ මතුවිම නිසා.Blue Screen Of Death (BSOD) කියල හදුන්වන්නේ මේක තමයි.මෙය බොහො විට සිදුවන්නේ ප්‍රධාන මතකයේ තියන දත්ත කියවා ගන්න බැරි වුනාම.ඔයාට පුලුවන් Memtest86 වගේ යුටිලිට් ඒකක් භාවිතා කරල රැම් ටෙස්ට් ඒකක් කර ගන්න.

   සමහර අවස්ථාවල රැම් ඒකේ දොශයක්ද කියල බලා ගන්න පුලුවන් වෙනත් රැම් ඒකක් සවි කරල දොශය මතු වේ දැයි බැලිම මගිනුත්.
2.බයෝස්(BIOS) වල දෝශ


   ගොඩක් මවුපුවරු වල BIOS වැඩසටහන් කර්මාන්ත ශාලාවේදිම ඇතුලත් කරල ඒවනව.අපි ඒවා අපිට අවශ්‍යය පරිදි වෙනස් කරගන්නව.මේ වෙනස් විම් CMOS බැටරිය ඉවත් කිරිම මගින් නැති වෙන්න පුලුවන්.ඒවිට BIOS ඒක වෙනස් වෙලා පරිගණකය බූට් කරගන්න බැරි වෙන්න පුලුවන්.එවැනි අවස්ථා වලදිත් දොශ පණිවුඩ ඒන්න පුලුවන්.
3.Corrupt Registry
   සාමාන්‍යයයෙන් මෙය දොශ සහිත නැහැ.නමුත් යම් යම් issues තියෙන්න පුලුවන්.Corrupt Registry නිසා පරිගණකය නියමිත පරිදි බූට් නොවි crash වෙන්න පුලුවන්.හොද registry fix software මගින් ඒවැනි ප්‍රශ්ණ විසදා ගන්න පුලුවන්.
4.ඩ්‍රයිවර්ස් වල දොශ(Incorrect Or Corrupt Drivers).

   Drivers තමයි කියන්නේ ද්ඩාංග වලට මොකක්ද කරන්න ඔන කියල.ඒවා නිසි පරිදි ක්‍රියා කරන්නේ නැත්නම් ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්.

මෙවැනි crashes බොහොවිට පෙන්වන්නේ Massages සමග.ඒවායේ කෙලින්ම දොශ සහිත කුමන උපාංගයද කියල පෙන්වා දෙනව.ඒහෙම නැත්නම් ඒ මැසේජ් ඒක ගුගල් කරල උදවු ගන්න පුලුවන්.
5.හාඩ් ඩ්‍රයිව් ඒකේ දොශ.
   හාඩ් ඒක ඇන හිටිම බොහො බූට් ප්‍රශ්ණ වලට  හේතුවක්.ඔබේ පරිගණකයට බූට් ඩ්‍රයිවිස් සොයා ගැනිමට නොහැකි නම්,නමුත් BIOS නියමිත ලෙස ක්‍රියා කරනව නම් ඒ දොශයට වැරදි කරු බොහොවිට දෘඩ තැටිය.free hard drive test  ඒකක් මගින් ඒහි දොශ හදුනා ගන්න පුලුවන්.
6.දෘඩාංග නොගැලපිම්.
   ඒකිනෙකට නොගැලපෙන තොරතුරු පරිගණක දෘඩාංග වලින් දිගින් දිගටම ලැබිමේදි පරිගණකය ස්ටක් විම් හෝ crash ඇති වෙන්න පුලුවන්.ඒවා සැම විටම හානිකර නැහැ.
   ඔබට නොගැලපෙන දෘඩාංග Device Manager ඒක ඔපන් කර ගැනිමෙන් බලාගන්න පුලුවන්.ඒහි කහ පාට සහ කලු පාට exclamation icon ඒකකින් පෙන්වනව.
7.Virus Or Trojan
   වයිරස හෝ ට්‍රොජන් මගින් පරිගණකයට දැඩි ලෙස හානි වෙන්න පුලුවන්.ඒවා ඩ්‍රයිවර්ස් ඉවත් කිරිම,ෆයිල්ස් මකා දැමිම,සෙටින්ස් වෙනස් කිරිම ආදිය කරන්න පුලුවන්.හොදම දේ තමයි පරිගණක ප්‍රති වෛරස වැඩසටහනක් මගින් පරිගණකය ආරක්ශා කර ගැනිම.
8.විදුලිබල සැපයුම් දොශ.
සමහර අවස්ථා වල ඇතිවන නිරන්තරයෙන් පවතින crashes වන්නේ විදුලිබල සැපයුම් දොශ නිසා වන්නට පුලුවන්.මේයට බොහො විට බල පාන්නේ විදුලි සැපයුම් ඒකකය(power supply),සහ නිවසේ බල සැපයුමේ වෙනස් කම් වෙන්න පුලුවන්.power supply ඒකේ දොශයක් නම් ඒය ඉක්මනින් මාරු කල යුතුමයි.
9.මෘදුකාංග
බොහො මෘදුකාංග දොශ දැන් ඇති නොවුවත් සමහර අවස්තාවල ඇති වෙන්න පුලුවන්.
10.අධික ලෙස රත් වීම.
පරිගණක උපාංග රත්විම් වලට සංවේදියි.වැඩිපුර රත් විම නිසා උපකරණ වලට හානිවෙන්න පුලුවන්.ඒ නිසා උපාංග අධික ලෙස රත් විමේදි ඒවා නතර වි දොශ ඒන්න පුලුවන්.


Wednesday, February 6, 2013

මේ දශකයේ ජනප්‍රියම "පරිගණක සහ තොරතුරු තාක්ශණය" ආශ්‍රිත රැකියා..


   ඔයා කවුරු වෙන්නද කැමති? අපි පොඩිකාලේ "ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති?" කියල අහපුවහම ඒක ඒක කාලෙට විවිධ උත්තර දෙනව.පොඩිම කාලේ නම් පියුම් මහත්තයෙක්,වෙලෙන්දෙක් වෙන්න,ටිකක් ලොකු වෙන කොට ඩොක්ටර් කෙනෙක්,ගගණගාමියෙන්,නිතිඥයෙක් වෙන්න තමයි ට්‍රයි ඒක.නමුත් මේ දවස් වල ඒ කියන්නේ පරිගණක සහ තොරතුරු තාක්ශන යුගයේ ඒ රැකියා පිළිබද තියන හින වෙනස් වෙලා.ගොඩක් අය කියන්නේ Software engineer කෙනෙක්,Programmer කෙනෙක් වෙනව කියල.
   අද වෙන විට තොරතුරු තාක්ෂණික ක්ශේත්‍රයේ රැකියා වලට තියන ඉල්ලුම ඉතා ඉහලයි.ගොඩක් අය උත්සාහ කරනව ඩේටා බේස් පිළිබද දැනුම ඉහල දමා ගන්න,විවිධ භාශා ඉගන ගන්න අතර Python,Rube වගේ පරිගණක ක්‍රමලේඛන භාශාවක් ඉගන ගන්න.ඒමගින් රැකියා වෙලද පොලට හරියන විදියට හැඩ ගැහෙන්න.
   Schools.com කියන වෙබ් අඩවිය ඉදිරිපත් කරල තියන මේ Infographic ඒක මගින් 2010 සිට 2020 දක්වා පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබද රැකියා අවස්ථා වලට තියන ඉල්ලුම සහ ඒවා බලාපොරොත්තු වන සුදුසුකම් ,රැකියා වෙලද පොලේ සිදුවන පුලුල් විම් සහ 2011 වසරට සාපේක්ශව වැටුපේ සිදුවන වර්ධනය පිළිබද දත්ත ලබා දි තියනව.

Tuesday, February 5, 2013

Computer Expansion port

   Expansion slot ඒකක් නැත්නම් Expansion port කියන්නේ පරිගණක මවුපුවරුව මත තියන,පරිගණකයට තවත් උපාංග,පුවරු සවි කිරිමට අවශ්‍යය ඉඩ ලබා දෙන විවර(slots) වලට.උදා: විදියට ඔබට ඔබේ පරිගණකයට අලුත් video card ඒකක් සවි කිරිමට අවශ්‍යය යැයි සිතන්න,ඔබට මිලට ගත් card ඒක අදාල Expansion slot ඒකට සම්බන්ද කිරිමෙන් සිදු කරගන්න පුලුවන්.පහල තියෙන්නේ සාමන්‍යය යෙන් පරිගණක මවුපුවරුවක අඩංගු Expansion slots.


Computer expansion slots
  • AGP - Video card
  • AMR - Modem, Sound card
  • CNR - Modem, Network card, Sound card
  • EISA - SCSI, Network card, Video card
  • ISA - Network card, Sound card, Video card
  • PCI - Network card, SCSI, Sound card, Video card
  • PCIe - Video card
  • VESA - Video card   
1.Accelerated Graphics PortAGP
   The AGP channel is 32-bits wide and runs at 66 MHz. This translates into a total bandwidth of 266 MBps, which is much greater than the PCI bandwidth of up to 133 MBps. AGP also supports two optional faster modes, with throughput of 533 MBps and 1.07 GBps. It also allows 3-D textures to be stored in main memory rather than video memory.
2.Audio/Modem Riser,AMR
   Released September 8, 1998AMR is short for Audio/Modem Riser and allows OEMs to make one card that has the functionality of either Modem or Audio or both Audio and Modem on one card. 
3.Communication and Network Riser, CNR 
   This technology and the CNR slotwas first introduced by Intel February 7, 2000 and was mainly developed by leading hardware and software developers who helped release the AMR (Audio Modem Riser). Today, this slot is no longer found on motherboards.
4.Extended Industry Standard ArchitectureEISA
   The EISA bus provided 32-bit slots at an 8.33 MHz cycle rate for use with 386DX or higher processors. In addition, the EISA can accommodate a 16-bit ISA card in the first row.Although the EISA bus is backwards compatible and not a proprietary bus, it never became widely used and is no longer found in computers today.
5.Industry Standard ArchitectureISA 
   ISA was originally an 8-bit computer bus that was later expanded to a 16-bit bus in 1984. When this bus was originally released it was a proprietary bus, which allowed only IBM to create peripherals and the actual interface. However, in the early 1980's other manufacturers were creating the bus.
In 1993Intel and Microsoft introduced a PnP ISA bus that allowed the computer to automatically detect and setup computer ISA peripherals, such as a modem or sound card. Using the PnP technology, an end-user would have the capability of connecting a device and not having to configure the device using jumpers or dip switches.
6.Peripheral Component Interconnect, PCI
   Introduced by Intel in 1992, revised in 1993to version 2.0, and later revised in 1995 to PCI 2.1 and is as an expansion to the ISA bus. The PCI bus is a 32-bit computer bus that is also available as a 64-bit bus and was the most commonly found and used computer bus in computers during the late 1990's and early 2000's. Today's computers have replace PCI with PCI-Express.
7.3rd Generation I/O (3GIO), PCI Express, or PCIe
PCI Express is designed to replace PCI andAGP and is available in several different formats: x1, x2, x4, x8, x12, x16 and x32.

Image Credit:www.computerhope.com

Monday, February 4, 2013

Mega Button – Google Chrome Settings In One Click...


   Google Chrome කියන්නේ දැනට තියන හොදම බ්‍රවුසර් ඒක කියන ඒකට කිසිම වාදයක් නැහැ.කොහොම උනත් මේ තරම් ජනප්‍රියChrome වල උනත් සමහර අවාසිදායක ලක්ෂණ තියනව.ඉන් ඒකක් තමයි බ්‍රවුසර් ඒකේ settings වලට ඇතුල් වෙලා ඒහි වෙනස් කම් කිරිමේ දි ඇතිවන අපහසුව.මම කියපු ඒක තෙරුනාද දන්නෑ?බලන්න හොයන්න Chrome Extensions page ඒක.හරි ඒහෙනම් Chrome Memory page ඒක.ඔයාල පලවෙනි වතාවට නම් ඒක හොයන්න හැදුවේ ටිකක් වෙලා යන්න ඇති නේද?අන්න ඒ අපහසු තාව ගැන තමයි මම කිව්වේ.
   ඔයාලට පුලුවන් ගුගල් හෙල්ප් පේජ් ඒක කියවල ඒක හොයා ගන්න.ඒක ටිකක් කරදර වැඩක්.මම අද කියන්න යන්නේ Chrome වල Settings පහසුවෙන් සකස් කරගන්න පාවිච්චි කරන්න පුලුවන් Extensions ඒක ගැන. ඒක තමයි කොළ පාට Mega Button ඒක.
   මේක install කර ගන්න ඒක හරිම සිම්පල් වැඩක්.පොඩි ක්ලික් ඒකකින් එය Chrome බ්‍රවුසර් ඒකට ඇඩ් කරගන්න පුලුවන්.ඒතකොට කොළ පාට  Mega Button ඒක Chrome extensions area ඒකේ දිස් වේවි.Option page වලට ඇතුල් වෙන්න ඒ button ඒක මත Right click කර Option විව් කර ගන්න පුලුවන්.සම්මත සැකසුම් වලදි මෙගා බට්න් ඒකේ,

  •  Downloads,
  •  Settings,
  •  Extensions,
  •  History,
  •  Bookmarks,
  •  Plugins,
  •  DNS,
  •  Memory
  •  Flags       

    සදහා අයිකන් තියනව,ඊට අමතරව අවශ්‍යය නම් ඇතුල කරගන්න පුලුවන්.

Friday, February 1, 2013

How Algorithms Changed The World..


   මිනිස් වර්ගයා විවිධ නවනිපැයුම්,අදහස් ඉදිරිපත් කරල තියනව ලොකය වෙනස් කරපු_දුරකථනය,රූපවාහිනිය,කාර් ඒංජිම,අහස් යානය,පරිගණකය,අන්තර්ජාලය ඒවා අතරින් ටිකක් පමණයි.....නමුත් සමහර වටිනා සහ හැමදෙකම මුලික අඩිතාලම දමපු සොයාගැනිම් තියනව අපේ ඇහැට දකින්න බැරි.ඒවා පසුබිමින් සිටිමින් අදාල කාර්යයට සහය දක්වනව.ඔයා කවදාවත් ඒ ගැන හිතල තියනවද?
   ඒ වගේ දේවල් අතරින් ඒකක් තමයි ඇල්ගොරිතම(Algorithm).අපිට මේ වචනය සමිප අන්තර්ජාලය සොයා ගැනිම සමග උනත්,එහි අතිතය ක්‍රි.පු 300 තරම් ඇතට දිව යනව. ඇල්ගොරිතම ගැන මේ Infographic ඒක කලේ CollegeDegreeSearch.net, ඒක.ඔවුන්  ඇල්ගොරිතම වල කාර්යය සාධනය,අද දක්වා ඉදිරිපත් කරල තියනව.
   අද අප භාවිතා කරන අන්තර්ජාලයේ කොදු නාරටිය  ඇල්ගොරිතම තමයි.ඒ වගේම සර්ච් ඒංජින්,පරිගණක මෙහෙයුම් පද්ධති, GPS පද්ධති,යුධ කටයුතු වලට භාවිතා කරන උපකරණ  වලත් ඇල්ගොරිතම භාවිතා වෙනව.
Infographic Source: CollegeDegreeSearch.net