Thursday, March 28, 2013

Facebook Adds Threaded Comments

   තවදුරටත් මුහුණු පොතේ කමෙන්ට් අවුල් වෙන්නේ නැහැ.ෆේස්බුක් සමාගම තවත් විශේෂ පියවරක් ඉදිරියට තබමින් විවිධ පුද්ගලයන්, ආයතන,සමාගම් ආදිය පවත්වාගෙන යන සැම නිල ෆේස්බුක් පිටුවකටම විශේෂ කමෙන්ට් ක්‍රමය හදුන්වා දි තිබෙනව.ඒහිදි මෙච්චර කාලයක් තිබු කමෙන්ට් සහ ඒවාට යොදා තිබු පිළිතුරු තිබුනේ ඒකම ගොඩේ,නමුත් නව ක්‍රමය මගින් අදාල කමෙන්ට් ඒකකට අදාල පිලිතුර ඒය අසලම ඇති ප්‍රති උත්තර දිය හැකි reply button ඒක මගින් කල හැකියි.
  යමෙකුගේ පිටුවකට ලැබෙන කමෙන්ට් සංඛයාව බහුල නම් ඔහුට ඒවාට ප්‍රති උත්තර දිමටත් තිබුනේ කමෙන්ට් තිරුවමයි,අපි කලේ අදාල කෙනාගේ නම ලියල ඉට පස්සේ ඒයාට උත්තර දෙන ඒක ඒක තරමක් දුරට අසංවිධානාත්මකයි.නමුත් නව ක්‍රමයෙන් ඔබට අදාල කමෙන්ට් ඒක ලගින්ම reply ඒක තියන්න පුලුවන්,යමෙක්ට ඒ reply ඒකටත් දෙයක් ඒතනම reply කරන්න පුලුවන්.මේ ක්‍රමය මාස ගණනාවක් අත්හදා බලපු ඒකක් කියලයි ඔවුන් කියන්නේ. 


   කමෙන්ට් වලට ප්‍රතිඋත්තර බදිනව පමණක් නෙවෙයි  ඒය මගින් ඔබට ලැබෙන කමෙන්ට් වර්ගිකරණය කරනව,ඒ කරුණු තුනක් පදනම් කරගෙන.ඒමගින් භාවිතා කරන්නන් මගින් සතුටුදායක කමෙන්ට් ලබා ගැනිම වැඩි වෙන්න පුලුවන්.මේ තියෙන්නේ ඒ කරුණු තුන,

  • Positive Feedback: The number of likes and replies to a comment will help it move to the top.
  • Connections: Connections to another person participating in the thread may cause a comment to move up.
  • Negative Feedback: Spam reports will cause a comment to fall down the list.
  පේජ් ඒක පරිපාලනය කරන්නාට මෙහි කුමණ කමෙන්ට් ක්‍රමය භාවිතා කරනවා දැයි තිරණය කල හැකියි.10000 followers වඩා වැඩි පේජ් වලට ස්වයන්ක්‍රියවම මේ සේවාව සක්‍රිය වෙන අතර ඉට අඩු followers සහිත සියලුම පේජ්ස් වලට ඒය ලබන ජුලි 10 2013 පෙර සක්‍රිය වේවි.

Wednesday, March 27, 2013

ක්‍රොම් වෙබ් බ්‍රවුසරයේ 26 වන සංස්කරණය:Chrome 26


  ගුගල් සමාගම මේ වන විට ඔවුන්ගේ අති සාර්ථක ක්‍රොම් (chrome 26) වෙබ් බ්‍රවුසරයේ 26 වන ස්ථායි සංස්කරණය ඒලි දක්වා තිබෙනව.ඒහි වඩාත් කැපි පෙනෙන ලෙස වෙනස් කර ඇත්තේ spell checker පහසුකමයි.ඒය නිසා දන් ගුගල් හරහා සර්ච් කරන ඔබට grammar, proper nouns, homonyms, and context-sensitive spell checking ආදි දේවල් පහසුවෙන් කරගන්න පුලුවන්.
   මේ ෆිචර්ස් ම මෙම වසරේ මුල් කාලයේ දි ගුගල් ඩොක්ස් වලටත් ඒකතු උනා.ව දෙයක් කියන්න ඔන ඒ තමයි මේයට ඇත්ත නම් වල අකුරු ඉදිරිපත් කරන්න පුලුවන්,ඒනිසා ඔබට මින් ඉදිරියට Justin Bieber කියන නමේ අකුරු වරදින ඒකක් නැහැ.

  භාශා කතා කිරිමේ පහසුකම වගේම කොරියානු,දෙමළ,ඇල්බිරියන් භාශා වල ශබ්දකොශත් අමතරව ඒක් කර තිබෙනව.ඒකිනෙකට වෙනස් යුසර් ඒකවුන්ට් භාවිතා කරණ අයට ඒ අයටම වෙන් වු ඩෙස්ක්ටොප් ෂොට්කට් ඒකකුත් ඒකතු කර ගන්න පුලුවන්.ක්‍රොම් 26 හරහා පහසුවෙන් ආරක්ශාකරිව අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න පුලුවන්.


  • Use-after-free in Web Audio (Atte Kettunen)
  • Out-of-bounds read in URL loader (Cris Neckar).
  • Do not navigate dev tools upon drag and drop (Vsevolod Vlasov)
  • Use-after-free with pop-up windows in extensions (Mustafa Emre Acer).
  • Use-after-free in extension bookmarks API (Mustafa Emre Acer).
  • Ensure isolated web sites run in their own processes.
  • Avoid HTTP basic auth brute force attempts (t3553r)
  • Memory safety issues in the USB Apps API (Mustafa Emre Acer)
  • Check an extension’s permissions API usage again file permissions (Benjamin Kalman)
  • Avoid leaking URLs to extensions without the tabs permissions (Michael Vrable)
  • Avoid pasting active tags in certain situations
  •  
     

වින්ඩොස් 9 වල බීටා සංස්කරණයක් (Windows Blue, Build 9364 leaked)

 
   පසුගිය කාලයේ මයික්‍රොසොෆ්ට් සමාගම ගැන වැඩි කතා බහක් ඇති වුනේ ඔවුන්ගේ නවතම වින්ඩොස් 8 සංස්කරණය ඉදිරිපත් කිරිම නිසා,නමුත් ඊට පස්සේ වැඩිය ලොකු කතා බහක් ඔවුන් ගැන තිබුනේ නැහැ.නමුත් පහුගිය දවස් වල ආපහු කරලියට ආව.ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මයික්‍රොසොෆ්ට් සමාගමේ ඊලග මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන වින්ඩොස් 9 වල බීටා සංස්කරණයක් හොර රහසේම පිටවිම නිසා.මෙය පසුගිය ඉරිදා පටන් ටොරන්ට් සහ ෆයිල් ශේයාරින් අඩවි වල 2.6GB ISO files ලෙස බාගත කල හැකි විම නිසයි.
                                                                        torrent file

   තවමත් මයික්‍රොසොෆ්ට් සමාගම ඒ පිලිබදව ප්‍රකාශයක් නිකුත් කරල නැහැ.මෙය වින්ඩොස්ලගේ රහසිගත නිල් මෙහෙයුම් පද්ධතිය ලෙස නම් කර තියනව,කොහොම නමුත් අපට වින්ඩොස් 9 වල අලුත්ම ගතිගුණ ගැන අවබොධයක් මෙයින් ලබා ගන්න පුලුවන්.මේ තියෙන්නේ ඒ වගේ ගතිගුණ 10යක්.


1. Half-screen app snapping

 2. The rise of modern UI PC settings

3. Super SkyDrive

4. Internet Explorer 11

5. New apps?

6. New Live Tile size options

7. Buh-bye, accidental tile shifting

8. New gestures

9. Easier personalization   

10. Simple screenshot sharing

Tuesday, March 26, 2013

වෙබ් 3.0 (Semantic Web)

          ටිම් බනර්ස් ලී (Tim Berners lee)1989 දි තමයි www(world wide web)  නිම කලේ.ඒහිදි ඔහු අන්තර්ජාලයට අතුරු මුහුණතක් නිර්මාණය කරන අතරම මිනිසුන්ට තොරතුරු බෙදා හදා ගන්නත් අවකාශ‍යක් නිර්මණය කලා.ලී කියන විදියට වෙබ් 2.0 කියන්නේ කිසිම තෙරුමක් නැති දෙයක් කියල.දැනට වෙබ් 2.0 කරණවායි කියන සියලුම රාජකාරි කරගන්න පුලුවන් විදියටලු ඔහු www නිර්මාණය කරල ඉදිරිපත් කලේ.
  මම කලින් ඉදිරිපත් කල වෙබ් 2.0 සහ 3.0 කියන ලිපි දෙකේ දිගුවක් තමයි මේ ලිපිය.ඒ කියන්නේ වෙබ් අඩවි වල අනාගතය කෙසේ වෙවිද කියන ඒක www නිමානය කල පුරොගාමියා වන ටිම් බර්නස් ලී ගේ අදහස තමයි මේ.ඊට කලින් වෙබ් 2.0 සහ3.0 ගැන කියවල ඉන්න ඒක ඔයාට පසුවක් වෙයි.


    ඔහු වෙබ් වල අනාගතය ලෙස දකින්නේ මම කලින් ලියපු වෙබ් 3.0 වලදි ඉදිරිපත් උන අදහස් වලට සමාන අදහසක්.ඒයා ඒකට දිල තියන නම තමයි Semantic web කියන ඒක.දැන් තියන වෙබ් අඩවි නිර්මාණය වෙලා තියෙන්නෙම මිනිස්සුන්ට ගැලපෙන විදියට,ඒ කියන්නේ අපිට පහසුවෙන් වෙබ් අඩවියකට ගිහින් ඒකෙ තියන දේවල් තෙරුම් කර ගන්න පුලුවන්,නමුත් පරිගණකයකට මේ හැකියාව නැහැ.ඒ වගේම වෙබ් සර්ච් ඒන්ජින් ඒකක් කරන්නෙත් කී වර්ඩ්(keyword) හොයාගෙන ඒවා ඉදිරිපත් කිරිමයි,ඒයට ඒ කී වර්ඩ් තෙරුම් අරගන්න බැහැ.
   Semantic වෙබ් වලදි පරිගණකය විසින් වෙබ් අඩවියේ අඩංගු දැ කියවල Software Agents කියන මෘදුකාංග මගින් ඒවා තෙරුම් ගන්නව.මේ AGENTS තමයි වෙබ් අවකාශය පුරා සැරිසරමින් වෙබ් අඩවි වල තියන දෑ තෙරුම් ගන්න crowl වැඩසටහන්.මෙය කල හැකි වෙන්නේ semantic වෙබ් අඩවි සතුව Onotologies කියන තොරතුරු තියන නිසා.(
an ontology is a file that defines the relationships among a group of terms. For example, the term "cousin" refers to the familial relationship between two people who share one set of grandparents.)

  Semantic වෙබ් අඩවි සාර්ථක විමට නම් මේ කියන Onatology පුලුල් සහ සවිස්ථරාත්මක වෙන්න ඔන.ලී කියන විදියට ඒය metadata වලින් වියුක්ත වුවක් වෙන්න පුලුවන්.(Metadata is information included in the code for Web pages that is invisible to humans, but readable by computers).මෙ onatology තනන ඒක තමයි semantic web වල තියන බාරදුරම කාර්‍ය්ය,අත්තටම ඒක තමයි semantic වල අභියොගය.ඇතැම් විශේෂඥයින්ගේ මතය වි තියෙන්නේ ටීම් බර්නස් ලී ගේ මේ semantic සංකල්පය වෙබ් 3.0 නිර්මාණයේදි වැදගත් කාර්‍යයක් ඉටු කරයි කියල.

Sunday, March 17, 2013

Samsung Galaxy S4 දුරකථනය

  ලොකයේ ගොඩක් දුරකථන ලොලින් බලාපොරොත්තුවෙන් ඉන්න නිශ්පාදනයක් තමයි නවතම Samsung Galaxy S4 දුරකථනය.ඔන්න ඒ අයගේ බලාපොරොත්තු සඵල කරමින් ඒය අප්‍රේල් මාසයේ 26 වනදා ඒලි දක්වනව.ඒය රටවල් 155 කටම බෙදාහරින්න Samsung සමාගම සුදානමින්.ඒතකොට ඔයාල හිතන්නේ ඒකේ ගාණ ගැන වෙන්න ඔන.තාම හරියටම සනාථ කරල නැතත්,අපි හැමොගෙම හිනයක් වෙන Samsung Galaxy S4 ඒකක් 725$-695$ අතර ගාණක් වෙයි කියල කියනව.
  130 ගරෑම් බර S4 ඒක කලින් ආපු S3 වඩා ප්‍රමාණයෙන් කුඩා ඒකක්.හරියටම කිව්වොත් (5.38 x 2.34 x 0.5 inches) තමයි මිනුම්.Samsung Exynos 1.6GHz processor සහිතව ඒන S4 ඒකේ රැම් දාරිතාව 2GB වෙනව ඒය Apple iPhone5 ඒකේ වගේ දෙගුණයක ප්‍රමාණයක්.16,32,64 GB  ධාරිතාවන් සහිතව ලබා ගන්නත් පුලුවන්. Android Jelly Bean 4.2.1 තමයි මෙහෙයුම් පද්ධතිය.

Samsung Galaxy S4 specifications

  • Network 2.5G (GSM/ GPRS/ EDGE): 850 / 900 / 1800 / 1900 MHz, 3G (HSPA+ 42Mbps): 850 / 900 / 1900 / 2100 MHz, 4G (LTE Cat 3 100/50Mbps): up to six different band sets (Dependent on market)
  • Display 5 inch Full HD Super AMOLED (1920 x 1080) display, 441 ppi
  • Processor 1.6 GHz Octa-Core Processor
  • OS Android 4.2.2 (Jelly Bean)
  • Camera Main (Rear): 13 Mega pixel Auto Focus camera with Flash & Zero Shutter Lag, BIS, Sub (Front): 2 Mega pixel camera, Full HD recording @30fps with Zero Shutter Lag, BIS
  • Video Codec MPEG4, H.264, H.263, DivX, DivX3.11, VC-1, VP8, WMV7/8, Sorenson Spark, HEVC
  • Recording & Playback Full HD (1080p)
  • Audio Codec MP3, AMR-NB/WB, AAC/AAC+/eAAC+, WMA, OGG, FLAC, AC-3, apt-X
  • Dual Camera Dual Shot / Dual Recording/ Dual Video Call, Drama Shot, Sound & Shot, 360 Photo, Cinema Photo, Eraser, Night, Best Photo, Best Face, Beauty Face, HDR (High Dynamic Range), Panorama, Sports
  • Additional Features Group Play: Share Music, Share Picture, Share Document, Play Games, Story Album, S Translator, Optical Reader, Samsung Smart Scroll, Samsung Smart Pause, Air Gesture, Air View, Samsung Hub, ChatON (Voice/Video Call, Share screen, 3-way calling), Samsung WatchON, S Travel (Trip Advisor), S Voice™ Drive, S Health, Samsung Adapt Display, Samsung Adapt Sound, Auto adjust touch sensitivity (Glove friendly), Safety Assistance, Samsung Link, Screen Mirroring, Samsung KNOX (B2B only), Google Mobile Services Google Search, Google Maps, Gmail, Google Latitude, Google Play Store, Google Plus, YouTube, Google Talk, Google Places, Google Navigation, Google Downloads, Voice Search
  • Connectivity WiFi 802.11 a/b/g/n/ac (HT80), GPS / GLONASS, NFC, Bluetooth® 4.0 (LE), IR LED (Remote Control), MHL 2.0, Sensor Accelerometer, RGB light, Geomagnetic, Proximity, Gyro, Barometer, Temperature & Humidity, Gesture
  • Memory 16/ 32/ 64 GB User memory + microSD slot (up to 64GB)
  • RAM 2GB
  • Dimensions 136.6 x 69.8 x 7.9 mm, 130g
  • Battery 2,600 mAh

Saturday, March 16, 2013

HTMT5 න් දාපු වැඩ කැලි.(Do Online With HTML5)

  HTMT5  දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතිනව.බොහෝ වෙබ් අඩවි ප්ලගින්ස් භාවිතා නොකර බහු මාධ‍යය (Multimedia) අන්තර්ගතයන් පාවිච්චි කරන්න පුලුවන් නව HTMT5  වෙත මාරු වෙනව.ඒ කියන්නේ  Adobe Flash නැති වෙලා යයිද?ඒ ගැන කියන්න තාම වෙලාසන වැඩියි.ඒක වෙලාව ආවම බලාගන්න පුලුවන් වෙයි.
  මේ අතරතුර HTMT5  සැම තැනම තියන වෙබ් අඩවි බහුලවම භාවිතා කරන නිසා සිත්ගන්නා සුලු HTMT5  සම්බන්ධ නිශ්පාදන නිරන්තරයෙන් ඒලි දකිනව.මේ තියෙන්නේ ඒ වගේ භාවිතා කරන්න පුලුවන් විනොදාත්මක වැඩ ටිකක්.ඒ සදහා ඔබට අවශ්‍යය ඒයට ගැලපෙන බ්‍රවුසර් ඒකක් පමණයි.ඒ කියන්නේ ක්‍රොම්, ෆයර්ෆොක්ස්, ඔපෙරා වගේ ඒකක නවතම සංස්කරණයක්.
1.The Rational Keyboard


මේ  Rational Keyboard ඒක HTML5 වෙබ් ඇප් ඒකක්.ඒහි අඩංගු වන්නේ නිරන්තරයෙන් වාදනය වන මෙලොඩිකාවක්,ඒය පරිශිලකයාට අවශ්‍යය පරිදි වෙනස් කල හැකියි.උත්සාහ කරල බලන්න.

2.The Two Minute Test

මේක විනාඩි කිපයක පරික්ශණයක්.ඒහිදි ඔබේ දැනුන සහ බුද්ධි මට්ටම මැන බලනව.මුලික අරමුණ තමයි ඔබ ගුරුවාරයෙක් විමට සුදුසුද කියන ඒක මැන බැලිම.ඒ වගේම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නෙත් පියකරු ලෙස දෘශ්‍යය මාධ්‍යයෙන්.

3.Catifier


4.Brandon Generator

5.Shiny Demos

 

ගුගල් රිඩර්ට විකල්ප(RSS Reader Alternatives)

  ගුගල් රිඩර් නවත්තන කතාව(ගුගල් රිඩර් නවතින ලකුණු.(Google Reader is dead)) ප්‍රසිද්ධ විමත් ඒක්ක ගොඩක් දෙනෙක් ඒකට විකල්ප හොයන්න උත්සාහ කරනව.ඉතින් ඔයා උත්සාහ කරනවනම් ගුගල් වෙනුවට හොද විකල්පයක් සොයා ගන්න මේ තියෙන්නේ ඒකට මගෙන් පොඩි උදවුවක්.
1.
The Old Reader 
 ලගදිම මේ නමෙන් ''Old'' කියන කොටස ඉවත් කරයි.මොකද ගුගල් සමාගමේ නිවේදනයෙන් පස්සේ 45000 අධික පිරිසක් දැනට මත් ඒහි ලියාපදිංචි වෙලා.
2.
Feedly  
  ගුගල් රිඩර් වගේම නැණවත් වැඩසටහනක්.මෙයත් ගුගල් රිඩර් වල තියන බොහෝ ලක්ෂණ උරුම කොට තැනුනක්.මෙහි අතුරු මුහුණත නිසා ඔබට හොද අත්දැකිමක් ලබන්න පුලුවන් වේවි.

3.
Newsblur  
  සරළ වගේම වෙගවත් විකල්පයක්.
4.
Reeder 
   මෙය "මැක්" පරිගණක වල භාවිතා කල හැකි වැඩසටහනක්.මෙහි ඇති විශේෂත්වය තමයි ඔබට ලිපි බාගත කරගෙන ඔන්ලයින් නැති විටදි පවා කියවන්න පුලුවන්.
5.
Digg 
 මේකත් තවම කරළියට ආවේ නැති නමුත් ළගදිම ඔබට භාවිතා කරන්න පුලුවන් ඒකක්.හැබැයි ඒකට තව ටික දවසක් බලාගෙන ඉන්න වේවි.

Friday, March 15, 2013

"ස්නයිප"වැඩසටහන්.(What Is a Sniffer Program?)

 
  අන්තර්ජාලයට සමිප මිනිසුන් සිටින ලොකයක ජිවත් වන අපට නිරන්තරයෙන්ම සිදුවන ආරක්ශාව සම්බන්ද ගැටලු හිසරදයක් වෙලා තියනව.ස්නයිප වැඩසටහනක් (sniffer Program) කියන්නෙත් ඒ වගේ නිති විරොදි හැකර්කරුවන්ට අපගේ සංවේදි තොරතුරු ලබා ගන්න පුලුවන් ආකාරයේ වැඩසටහනක්.
  ස්නයිප වැඩසටහනක් ඒක් පරිගණකයක සිට තවත් පරිගණකයකට හෝ උපාංගයකට සම්ප්‍රේශණය වන තොරතුරු අනාවරණය කර ගනිමට සමත්.උදාහරණයක් විධියට ස්නයිප වැඩසටහ local area network ඒකේ තියන පරිගණකයකට උපදෙස් දෙනව ජාලය තුල තියන අනෙක් පරිගණක වලට ලැබෙන සහ ඉන් පිටතට ලබාදෙන තොරතුරු පිළිබද නිරන්තර අවදානය යොමු කිරිමට ඒ Switch ඒකක් භාවිතා නොවෙනවනම්.

  ස්නයිප වැඩසටහනක් භාවිතා වෙන්නේ නරක අරමුණකින් නම් ඒයට පුලුවන් ජාලය තුල හුවමාරුවන මුරපද,ණය කාඩ් පත් අංක ආදි තොරතුරු සොයා ගන්න.ඒ වගේම හැකර් වරුන්ට අවශ්‍යය සංවේදි තොරතුරු ලබා ගන්න.
   මේවායින් ගැලවෙන්න අපට මොනවද කරන්න පුලුවන්.ඒ සදහා  network switch භාවිතා කිරිම මගින් ස්නයිප වල බලපැම අඩු කරන්න පුලුවන්.වානිජ කටයුතු සිදුකරන්න වෙබ් අඩවි වල භාවිතා වන  SSL security confirmation  ක්‍රමය  නිසා තම සමාගමේ මෙන්ම පාරිභොගිකයින්ගේත් ආරක්ශාව සලසා ගන්නව.

ගුගල් රිඩර් නවතින ලකුණු.(Google Reader is dead)

  ගුගල් සමාගම තම නිශ්පාදන ශෝධනයකට සුදානම් වෙනව.පසුගිය දිනක ගුගල් සමාගම නිවේදනයක් නිකුත් කලා.ඒ ඔවුනේ නිශ්පාදන කිපයක් වන Google Reader, Google Cloud Connect, CalDAV API අත් හිටවන්න තිරණය කරල.  ගුගල් රිඩර් ලබන් ජුලි මාසය වන විට වසා දැමිමට තිරණය කරල.ඒ තමන්ගේ පාරිභෝගිකයන්ට වෙනත් සේවයකට මාරු විමට මාස කිපයක් ලබා දෙමින්.පසුගිය වසර කිපය පුරාම RSS feed වලට තිබු ඉල්ලුම පහත වැටිම වසර 8 පුරාවට සේවය ලබා දුන් මෙය නවතා දැමිමට හේතුව බවයි ගුගල් සමාගම කියන්නේ.ඊළග වතාවේ ඔබ Reader වෙත පිවිසෙන විට ඔබට මේ සේවය නවතා දමන බවට අනතුරු ඇගවිමක් කරාවි.

  ට්විටර්,ෆේස්බුක් වගේ ක්ෂණික පුවත් සපයන සේවා සහ නිව්ස් ඇප්ස් බහුල විම RSS වල පහළ වැටිමට බලපැ තවත් කරුණක්.
  වර්ශ 2011 පටන් ගුගල් රිඩර් නවතා දමන දින දක්වා ගුගල් සමාගම තම සේවාවන් 70 පමණ අත්හිටුවා තිබෙනව.මේවායින් බොහොමයක් නවතා දැමිමට හේතුව වෙලා තියෙන්නේ ගුගල් සමාගම විසින්ම ඔවුන්ගේ නිශ්පාදන වලට විකල්ප ඉදිරිපත් කිරිම නිසා. මේ තියෙන්නේ ඉන් කිපයක්. 


  • Most of the uses of CalDAV API, which closes September 16 for all developers but those who are whitelisted, can be handled by Google Calendar API.
  • Google is closing Google Building Maker and steering developers to Google Map Maker and the 3D technology on Google Earth.
  • Cloud Connect is closing April 30, but you can install Google Drive instead.
  • Google is discontinuing its Google Voice App for BlackBerry, but BlackBerry users can still use voice on Google’s HTML5 app.
  • The company is focusing on mobile with its Snapseed photo editing product, and so decided to stop selling the software desktop version for Windows and Macs. Snapseed will remain a free iOS and Android app.
  • Google’s search API for developers who want to create shopping apps using Google search data is being discontinued September 16, but the company said it is continuing to improve Google Shopping.

Thursday, March 14, 2013

බලාගෙනයි...(What Not To Share On Facebook)

   "ෆේස්බුක්" සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රමුකයා.අපි දෙපාරක් නොහිතාම අමුතු අරුම පුදුම දෙවල් බෙදාහදා ගන්නා තැන.ඒ කාරණය පුද්ගලිකත්වය කියන තැනට ඒන කොට ටිකක් භයානකයි.ෆේස්බුක් තවමත් පුද්ගලිකත්වය කියන කාරණයේදි අපට පහසුවක් සපයනව,නමුත් මතක තියාගන්න ලොකයේ ඉන්න ඔනම කෙනෙකුට ඔයාගේ ගිණුමේ තියන දේවල් බලන්න පුලුවන් කියල.
   මේ කාරණය නිසාම ඔයා මොනවද ෆේස්බුක් ඒකේ බෙදාගන්න ඔන,ඒ වගේම මොනවද නැත්තේ කියන දේ හරිම වැදගත්.මම අද මගේ ලිපියෙන් කියන්නේ මුල ඉදලම ඔයා ෆේස්බුක් ගිණුමක් භාවිතා කරන කොට සැලකිලිමත් වෙන්න ඔන පුංච් කාරණා කිපයක්.
ඔයාගේ ගිණුම පුද්ගලික ඒකක්ද,වෘතිය මට්ටමේ ඒකක්ද?

  මේක හරිම වැදගත් තිරණයක්.ඔයා ෆේස්බුක් භාවිතා කරන්නේ යාලුවො පවුලේ උදවිය ඒක්ක සම්බන්දතාව පවත්වාගෙන යන්නද,නැත්තම් වෘත්තිය මට්ටමේ කාරනා සදහාද කියන ඒක ඉස්සෙල්ලාම හිතන්න ඔන.නැත්නම් ඒ දෙක අතර ගැටුමක් සිදුවෙන්න පුලුවන්.රාජ්කාරි කටයුතු සදහා භාවිතා කරන ගිණුමම පුද්ගලික කාරණාවලටත් භාවිත වෙනවනම් ඒමගින් ඔබේ රාජකාරි  ආයතනයේ ඔබ ගැන ඇතිවන ප්‍රතිරුපය වෙනස් වෙන්න පුලුවන්.හොදම දේ තමයි රාජ්කාරි වැඩසදහා වෙනත් ජාලයක් භාවිතා කරන ඒක.ඇත්තටම ෆේස්බුක් මිතුරන් අතරේ තොරතුරු බෙදා හදා ගන්න තනපු ඒකක්.
තවදුරටත් කියනවනම් ඔයාගේ ෆේස්බුක් ගිණුම හරහා ඔයාගේ රැකියාව ගැන,පඩිය ගැන,බොස් ගැන,වගේ රාජකාරිමය දේවල් ගැන කමෙන්ට් දාන්න ඒපා.

  දන්නවනේ Graph Search ගැන.ඒමගින් ෆේස්බුක් සොයා දෙන්නේ ඔයා ඇතුලත් කරපු දත්ත විස්තර පමණයි.ඒ නිසා ඔබට නුසුදුසු දේවල් මත ක්ලික් කරන්න ඒපා.ඒ කියන්නේ ඔයා කවදාවත් නොකරපු දේවල් ගැන,විනොදාන්ශ නොවන දේවල් ගැන වගේ.
  
  තව පොඩි කාරණයක් කියන්න ඔන,ඒ උපන්දිනය ගැන.ගොඩක් අය තමන්ගේ සම්පුර්ණ උපන්දිනයම ඒ කියන්නේ උපන් වසරත් ඒක්කම දානව.ඒක නම් ඒච්චර හොද දෙයක් නෙවෙයි.ඒ වගේ සංවේදි තොරතුරු අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන ඒක අහිතකර වෙන්න පුලුවන්.ඒ නිසා ඔබට උපන්දින සුබ පැතුම් ගොඩක් ලබා ගන්න ඔන නම් දිනය සහ මාසය පමණක් තිබිම ප්‍රමාණවත් වෙයි නේද?

Wednesday, March 13, 2013

වේගවත් අන්තර්ජාල සම්බන්ධයක්(Increase 3G Speed)

   3G broadband  භාවිතා කරල අන්තර්ජාලයට පිවිසෙන ඒක,වෙබ් අවකාශයේ සැරිසරන ඒක,ඩවුන්ලොඩ් ඒකක් කරගන්න ඒක පෙරට වඩා වෙගවත්ව කරගන්න පුලුවන්.නමුත් නවතම 3G modems වලත් සංඥා ලැබිම් පිළිබද ප්‍රශ්ණ තියනව.ගෙදර හෝ කාර්‍යයාලයේ පිහිටුම නිසා සංඥා වලට බාධා වෙලා ඉන්ටනෙට් සබදතාව අඩපන වෙන්න පුලුවන්.ඒ නිසා ඉතා සරල වෙබ් පිටුවක් පවා Load වෙන්න ලොකු කාලයක් ගත වෙන්න පුලුවන්.දුර්වල 3G ආවරණයක් තිබිම නිසා 3G modems ඒක වෙගයෙන් අඩු 2G වල සංඥා වලට මාරු වෙනව.ඒ නිසා අපේ කාලය විශාල ලෙස අපතේ යනව.අපට පුලුවන් පියවර කිපයක් භාවිතා කරල දැනට තියන 3G modem වෙගවත් කරගන්න පුලුවන්.
1.ගොඩක් වෙලාවට මොඩෙම් ඒකක් තියන්න ඔන තැන තොරගන්න ඒක හරි වැදගත්.ඒක තියෙන්න ඔන විවෘත හිස් අවකාශයක,ඒය බාධා වලින් තොර වෙන්න ඔන.බිත්ති සහ ලොහමය ද්‍රව‍ය නිසා 3G සංඥා සහ ඒවායේ වේගය සැලකිය යුතු ලෙස ඉහල යනව.


2.වෛරස් සහ Spyware නිසා තදින්ම අන්තර්ජාල සබදතාවේ වේගය අඩු වෙන්න පුලුවන්.විශ්වාස කල හැකි ප්‍රති වෛරස මෘදුකාංගයක් ස්ථාපනය කර වෛරස් ඉවත් කර දැමිම වැදගත්.ඉන් පසු ස්පීඩ් ටෙස්ට් ඒකක් කරල බලන්න්,සැලකිය යුතු වෙනසක් ඔබට දකින්න පුලුවන් වේවි.
3.
3G modem ඒකේ Firmware යාවත්කාලින කිරිම.ඔබේ මොඩම් ඒකේ නිශ්පාදකයාගේ වෙබ් අඩවියෙන් නවතම Firmware බාගත කරගන්න පුලුවන්.

4.අමතර දෘඩාංග භාවිතා කරල 3G signal වැඩිකර ගැනිම.දිග USB කේබල් ඒකක් භාවිතා කර ගැනිම මගින් ඔබේ මොඩමය ප්‍රශස්ත ස්ථානයක ස්තාපනය කරගන්න පුලුවන්.ඒ වගේම බාහිර ඇන්ටෙනාවක් මගින් හෝ සංඥා වර්ධකයක් භාවිතයෙන් ඔබේ 3G සිග්නල් වල තිවෘතාව වැඩි කරගෙන අන්තර්ජාල වෙගය වැඩි කරගන්න පුලුවන්.
5.3G මොඩමයට wireless router සම්බන්ද කිරිම.ඒමගින් signal boost කර සංඥා වලට පිවිසිම පහසු කර ගන්න පුලුවන්.

Sunday, March 10, 2013

ෆේස්බුක් ආපහු වෙනස් වෙයි.(Facebook changes Again:News feed)

  ෆේස්බුක් සමාගම මේ වසරේ තම සමාගම සිදුකරන විශාලම වෙනස් කම පිලිබද නිවේදනය කලා.ඒ තමයි අලුත්ම නිව්ස් ෆිඩ්"News feed" ඒකේ වෙනස් විම.මේ වෙනස් කිරිමේදි මුලික අවධානය යොමු කරල තියෙන්නේ අපිලිවෙල අඩු කිරිමට(ෆේස්බුක් භාවිතා කරන්නන් නිතරම බලාපොරොත්තු වන දෙයක්) අවශ්‍යය කටයුතු යෙදිම.ඒ වගේම ඒය ඉදිරිපත් කරන ශෛලියත් වෙනස් කරල.
  නව News Feed ඒක අපට නිව්ස් වල ස්වභාවය අනුව ඒක ඒක වර්ග වලට අයත් ලිපි තොරාගැනිමේ පහසුකම ලබා දෙනව.ඔබට ඔබේ පොස්ට් පෙරාගන්න පුලුවන්,ඒ නිසා ඔබට ඔබේ සියලුම යහලුවන්ගෙන් පොස්ට් වලින් ඔබට අවශ්‍යය මියුසික්ද වල අප්ඩේට්ස්ද,ෆොටොස් වල අප්ඩේට්ස්ද,ඒකිනෙක තොරා ගෙන බලන්න පුලුවන්. මේ යාවත්කාලින විමුත් අලුත් වෙලා.ඒ විශාල පින්තුර වලින් සහ ඒ පින්තුරය තුලම පවතින පරිදි පෙනෙන වගන්ති මගින්.ඒහි අපේක්ශාව වෙලා තියෙන්නේ ඔබ Share කරන පොස්ට් ඒක ඉස්මතු කරල පෙන්වන ඒක.අලුත් වෙනස් විම් අතර Sidebar ඒකේ අලුත් විමකුත් තියනව ඒ කලින් තිබුන අවුල් සහගත පාඨ වෙනුවට සුමට අයිකන ඇතුල් කිරිම මගින්.

  මේ නවතාවය ගැන ෆේස්බුක් සමාගමේ අයිතිකාරය කියල තියෙන්නේ මෙහෙම දෙයක් What we’re trying to do is give everyone in the world the best personalized newspaper we can,”-Mark Zuckerberg.
  ෆේස්බුක් සමාගමේ බලාපොරොත්තුව තමයි තවදුරටත් සමාජජාල වෙබ් අඩවි වල අපිව රදවා තබා ගැනිම.ලිපි පෙරා හැරිමට ඇති හැකියාව සහ විවිධ Feeds අතර පහසුවෙන් හුවමාරු විය හැකි විම ඒය පහසු කරයි.
  FB News feed වල සිදුවන වෙනස් විම මිලග සති කිපය තුල
ඔබට අත්දකින්න පුලුවන් වෙයි.ඒ කියන්නේ ඔබට ටිකක් ඉවසන්න වෙනව.නමුත් ඉවසන්න බැරි අයට  ෆේස්බුක් සමාගම ලින්ක් ඒකක් දිල තියනව.
                          Click Here TO LOg...
  ඒයට පිවිසිමෙන් ඔබට ඉක්මනින්ම මේ වෙනස් කම ලබා ගැනිමේ පොලිමට නම දාගන්න පුලුවන්.

Saturday, March 9, 2013

මෙටා සෙවුම් යන්ත්‍ර සහ ඒවායේ ක්‍රියාකාරිත්වය.(What is a meta search Engine?)

  සර්ච් ඒංජින් ඒකක් කියන්නේ අන්තර්ජාලයේ අත්‍යවශ්යම අංගයක්.ඔයාට හිතන්න පුලුවන්ද "ගුගල්" නැති අන්තර්ජාලයක් ගැන.ගුගල් සමාගම සපයන සේවා නැති අන්තර්ජාලයක් ගැන මටනම් හිතා ගන්නවත් බැහැ.හිතන්න සර්ච් ඒන්ජින් අපට සපයන සේවාව ඒතරම් විශේෂයි.අන්තර්ජාලයේ වෙබ් අඩවි බිලියන ගාණක් තියනව,ඒ වගේම ඒවායේ අඩංගු තොරතුරු ප්‍රමාණයත් අති විශාලයි.සෙවුම් යන්ත්‍රයක් මගින් තමයි ඒවා සංවිධානය කරල සොයාගන්න පහසු විදියට ඉදිරිපත් කරන්නේ.ඒතකොට වෙනස් විදියේ සර්ච් ඒංජිනුත් තියනව."මෙටා" සෙවුම් යන්ත්‍ර කියන්නේ ඒ වගේ දෙයක්.
මොකක්ද මෙටා සෙවුම් යන්ත්‍රයක් කියන්නේ?
   මෙටා සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියල කියන්න ඉස්සෙල්ලා සෙවුම් යන්ත්‍රයක් වැඩ කරන්නේ කොහොමද කියල  කියන්නම්.සෙවුම් යන්ත්‍රයක් වෙබ් අඩවි බිලියන ගාණක් විසිට්(Visit) කරල දත්ත ගබඩාවක් නැත්නම් විවිධ වෙබ් අඩවි ගැන තොරතුරු සහිත කොශයක් හදා ගන්නව.මේකට කියන්නේ index ඒකක් කියල.ඉළගට කවුරුහරි සර්ච් ක්වෙරි(search query) ඒකක් දාපුවහම සෙවුම් යන්ත්‍රය ඔබේ සෙවුමට අදාල තොරතුරු දත්ත ගබඩාව සලකල බලා ඉදිරිපත් කරනව.හරිම සරලයි වගේ නේද.

  හරි දැන් Meta Search engine ගැන.මෙටා සෙවුම් යන්ත්‍රයකට කලින් කියපු සෙවුම් යන්ත්‍ර වගේ දත්ත ගබඩාවක් නැහැ.ඔවුන් භාවිතයට ගන්නේ අනෙක් අය හදපු දර්ශක ප්‍රයොජනයට ගන්න ඒක විතරයි.ඒක තමයි ඔවුන් සතුව තියන ශක්තිමත්කම.නියම ආකාරයේ Meta Search engine ඒකක් සෙවුම් යන්ත්‍ර ගණනාවකින්ම දත්ත ලබා ගැනිම කරනව.හිතන්න ගුගල් සහ බින්ග් කියල ඒ දෙකෙන්ම යම් සෙවුමකට අදාල තොරතුරු අරගෙන ඒවා ඔවුන්ගෙම ඇල්ගොරිතමයක් අදාරයෙන් ඉදිරිපත් කරනව.
ඇත්තටම මෙටා සෙවුම් යන්ත්‍ර හොදයිද?
  පැහැදිලිවම පෙනෙන ලෙසට මෙටා සෙවුම් යන්ත්‍ර ලබාදෙන ප්‍රතිඵල සෙවුම් යන්ත්‍ර කිපයකම ප්‍රතිඵල නිසා ඒක සෙවුම් යන්ත්‍රයක් මගින් ලැබෙන ප්‍රතිඵල වලට වඩා හොද වෙන්න වෙන්න ඔන නෙද?නමුත් සත්‍යය වෙනස්.මම ඒක මෙහෙම කියන්නම්.මතක තියා ගන්න කිසිම සෙවුම් යන්ත්‍රයකට බැහැ සම්පුර්ණ අන්තර්ජාලය පිරික්සල තොරතුරු ඉදිරිපත් කරන්න.අඩුම ගානේ ගුගල්ටවත් බැහැ.

  හිතන්න ඔබ Z කියන වෙබ් අඩවියේ අඩංගු යමක් හොයනව කියල ඒ ඔයාගේ ප්‍රියතම සෙවුම් යන්ත්‍රය භාවිතා කරල.ඔබට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන් නැහැ.ඒයම ඔබ මෙටා සෙවුම් යන්ත්‍රයක් භාවිතයෙන් සෙවුවොත් ප්‍රතිඵලයක් ලැබෙනව.ඒ අවස්ථාවෙදි නම් හොද මෙටා සර්ච් යන්ත්‍රය.නමුත් ජනප්‍රිය සෙවුම් යන්ත්‍රයය පළමු පාරෙන්ම  ඔබට ප්‍රතිඵලයක් ලබා දෙනවානම් මතක තබා ගන්න ඒය තමයි හොද.
මේ තියෙන්නේ ජනප්‍රිය metaසෙවුම් යන්ත්‍ර කිපයකට උදාහරණ කිපයක්.

:  

 

Friday, March 8, 2013

බින්ග් සහ ගුගල් දෙකෙන්ම ඒකපාර සර්ච් කරන්න.(Search Bing & Google)

  අපි හැමොම අන්තර්ජාලය භාවිතා කරන විට භාවිතා කරන සර්ච් ඒංජින් ඒකක් තමයි ගුගල් කියන්නේ.ඒය හොදම මුලාශ්‍ර රාශියක් සපයනව,ඒ වගේම ගුගල් කියන්නේ සර්ච් ඒංජින් ඒකක් සපයන ඒකම ආයතනය නෙවෙයි.ඒ වගේ හොදම සේවා සපයන ආයතන අතර මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේත් ඉහලින්ම තියන සමාගමක්,ඔවුන් ඉදිරිපත් කරන්නේ Bing නමින් සර්ච් ඒංජින් ඒක.
  ඔබ ගුගල් සමාගමට විතරක් නෙවෙයි මයික්‍රොසොෆ්ට් සමාගමත් ඉදිරිපත් කරන බින්ග් සර්ච් ඒංජින් ඒකටත් ඒකවගේම කැමති ඇති.නමුත් ඔබට ඒ දෙකම ඒක වර භාවිතා කරල සෙවුමක් කරගන්න ඔන උනොත් මොකද කරන්නේ?ඒක ප්‍රශ්ණයක් නේද.නමුත් ඒ ප්‍රශ්ණය විසදපු සෙවුම් යන්ත්‍ර කිපයක් තමයි මම ඉදිරිපත් කරන්නේ.ඒ කියන්නේ ලොකේ ප්‍රමුකම සෙවුම් යන්ත්‍ර දෙකේ සර්ච් තොරතුරු ඒකටම ඉදිරිපත් කරන්න හැකි විම.

Bing Vs. Google

 Qrobe.it

Askboth

Specra