Thursday, January 23, 2014

Nokia Lumia 625

Nokia සමාගමෙහි නවතම Lumia නිෂ්පාදනයක් වන Nokia Lumia 625 ස්මාට්ෆෝනය වෙළෙඳ පොළට නිකුත් වුණේ පසුගිය වසරේ අගොස්තුවේදීය. වඩා වර්ණවත් උපාංග පෙළකින් නිකුත් වන මෙම ස්මාට්ෆෝනය දැනටමත් තා‍රුණ්‍යයේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇත. පෙනුමෙන් ඉතාමත්ම හුරුබුහුටි මෙම ස්මාට්ෆෝනය සාමාන්‍ය ස්මාට්ෆෝන්වලට වඩා පහසු මිලකට මිලදීගැනීමේ හැකියාවද ඇත.
උසින් අඟල් 5.25 ක් පළලින්, අඟල් 2.85 ක් යන ඝනකමින් අඟල් 0.36 ක් වන මෙහි බර දැක්වෙන්නේ ග්‍රෑම් 159 ක් ලෙසිනි. අඟල් 4.7 ක IPS LCD Capacitive touch screen වර්ගයේ තිරයේ මල්ටිටච් පහසුකම ඇති අතර, ඊට Corning Gorilla Glass 2 වර්ගයේ ආරක්ෂක තිරයකින් ආරක්ෂාව සපයා තිබේ.
ගිගාබයිට් 64 ක් දක්වා මතකය Micro SD මතක විප හරහා මෙහි අන්තර්ගත කළ හැකි අතර, අභ්‍යන්තරිකව ගිගාබයිට් 08 ක මතක ධාරිතාවක් සහ මෙගාබයිට් 512 ක රැම් මතකයක් මෙහි අන්තර්ගතය. මෙම ස්මාට්ෆෝනයට GPRS, EDGE, WIFI, Bluetooth V 4.0  micro USB V 2.0 වැනි දත්ත හුවමා‍රු තාක්ෂණ ක්‍රමවේදයන්ද අන්තර්ගත කර ඇත. Dual core 1.2 GHZ ප්‍රොසෙසරයකින් ජවය ලැබෙන මෙහි Li-ion 200MAH වර්ගයේ බැටරියක් අන්තර්ගතය.   
මෙගා පික්සල් 5.0 ක ප්‍රධාන කැමරාවක්, auto focus සහ LED Flash පහසුකම් සමගින් මෙහි ස්ථාපිතව ඇත. එසේම ඊට අමතර විශේෂාංග ලෙස Geo-tagging සහ touch focus පහසුකම් ඇතුළත්ය. 1080P ගුණාත්මක භාවයෙන් තත්පරයට රාමු 30 ක් වීඩියෝ කිරීමේ හැකියාවද මීට ඇත. ඉදිරිපස VGA කැමරාවක්ද ඇත.
Microsoft windows phone 8 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන සැලකිය යුතු විශේෂාංග රාශියක් සහිත Nokia Lumia 625, ගෙවන මිලට වටිනා ආකර්ෂණීය ස්මාට්ෆෝනයක් ලෙස බොහෝදෙනා හඳුන්වන්නට පෙළඹී සිටිති.
- See more at: http://ada.lk

Pushbullet


ඔබ පරිගණකයේ වැඩ කටයුතුවල නිරත වී සිටින විටක, ඔබගේ ස්මාට්ෆෝනයෙන් දැනුම්දෙන වැදගත් පණිවුඩ (Notifications) මගහැරී ගොස් තිබෙනවාද? එවැනි විටක Pushbullet යනු සැබවින්ම ඔබගේ සහයට පැමිණෙන්නෙකි. Pushbullet යනු ප්‍රධාන වශයෙන්ම ඔබගේ පරිගණකයත්, ස්මාට්ෆෝනයත් එකට සම්බන්ධ කරනා සහායකයෙකුද වේ.

එසේම Pushbullet මගින් ඔබගේ ස්මාට්ෆෝනය හෝ ටැබ්ලට් උපාංගය තවත් ස්මාට්ෆෝනයක් හෝ ටැබ්ලට් උපාංගයක් හා සම්බන්ධ කරවීමද අපහසු කටයුත්තක් නොවේ. මෙසේ ඔබගේ ස්මාට්ෆෝනය හා පරිගණකයත්, එසේත් නැතිනම් ඔබගේ ඇන්ඩ්රොයිඩ් උපාංගය තවත් උපාංගත් සමගත් Pushbullet හරහා සම්බන්ධ කිරීමේ ඇති විශේෂ වැදගත්කම වන්නේ, ඔබට ඇවැසි ඕනෑම මොහොතක ඕනෑම ගොනුවක් හුවමා‍රු කරගැනීමටද Pushbullet හරහා පහසුකම් සැලසීමයි. එ
ඔබ පරිගණකයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් සිටින විටක ලැබෙන සබැඳියක් (link) පහසුවෙන්ම Pushbullet හරහා ස්මාට්ෆෝනයට යැවිය හැකිය. එය ස්මාට්ෆෝනයේ notification area හි පෙන්වනු ඇත. එසේම ඔබ පරිගණකයක් හරහා යම් ලිපිනයක් ස්මාට්ෆෝනයට ලබාදුන් විට එය ක්ෂණයකින් ස්මාට්ෆෝනයේ ඇති Google maps යෙදුම හරහා විවෘත කරගනු ඇත.
goo.gl/ix6cr  
-Ada

දෙමුහුම් පරිගණක

Asus සමාගම නවතම නිෂ්පාදනය වන Asus Transformer Book Trio සමගින්, ඔබට ඇවැසි නම් යතු‍රු පුව‍රුවක් සවිකොට ලැප්ටොප් උපකරණයක් ලෙස භාවිත කළ හැකි ටැබ්ලට් උපාංගයක් පරිශීලනයට අවස්ථාව ලැබෙනු ඇත. එමතුද නොව ඔබට අවශ්‍ය විටක ක්ෂණයකින් Windows 8 මෙහෙයුම් පද්ධතිය හෝ Android Jelly Bean මෙහෙයුම් පද්ධතිය අතර මා‍රුවීමටද ඉන් අවස්ථාව ලැබෙනු ඇත. මෙය විප්ලවීය වෙනසක් මෙන්ම ආකර්ෂණීය අදහසක් බව නොකිවමනායි.
මෙම Asus Transformer Book Trio ලැප්ටොප්/ටැබ්ලට් පරිගණකය වෙනත් වෙළෙඳ පොළේ ඇති ලැප්ටොප් පරිගණකයක් බවට පරිවර්තනය කළ හැකි ටැබ්ලට් උපාංගවලින් බොහෝ සේ වෙනස් වේ. මූලිකවම මෙය ලැප්ටොප් පරිගණකයක් බවට පත්වන්නේ සරල යතු‍රු පුව‍රැවක් සවිකිරීමෙන් පමණක් නොවේ. මෙහි ටැබ්ලට් උපාංගයේ මෙන්ම යතු‍රු පුව‍රැවේද වෙන වෙනම විද්‍යුත් මොළ දෙකක් ස්ථාපිතව පවතී. එනම් Android මෙහෙයුම් පද්ධතිය සඳහා Intel® Atom™ ප්‍රොසෙසරයක් සහ Windows මෙහෙයුම් පද්ධතිය සඳහා Intel® Core™ i7 ප්‍රොසෙසරයක් ලෙසිනි. එසේම Android Jelly Bean සඳහා 2GB DDR2 රැම් මතකයක්ද, 16GB /32GB /64GB යන EMMC මතක ධාරිතා සංස්කරණද තිබේ. එසේම Windows 8 සමගින් මෙයට 4GB DDR3 රැම් මතකයක් සහ 500GB/750GB/1TB යන සංස්කරණ තුනකින් පැමිණෙන HDD මතක ධාරිතාද ස්ථාපිතව තිබේ.
Asus Transformer Book Trio යන නමින්ම හැඳින්වෙන මෙය ටැබ්ලට් උපාංගයක්, ලැප්ටොප් පරිගණකයක් ලෙස භාවිත කිරීමට හැකිවන සේම, පරිගණක මොනිටරයකට සම්බන්ධ කර ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙස ක්‍රියාත්මක කිරීමටද හැකි ලෙස නිෂ්පාදනය කර තිබේ. එනම් මෙය ලැප්ටොප් එකක්, ටැබ්ලට් එකක් මෙන්ම Docking station එකක්ද ලෙසින් ක්‍රියාත්මක වේ.
මෙහි අඟල් 11.6 ක 16:9 IPS Full HD තිරයක් තිබේ. එසේම අතිශය සිහින්, සැහැල්ලු එහෙත් ශක්තිමත් නිමාවකින් යුක්ත Asus Transformer Book Trio, ඔබ අද දිනයේ දකින නවීනතම ලැප්ටොප් පරිගණකයක, නැතිනම් ටැබ්ලට් උපාංගයක ඇති සෑම සියලු පහසුකමකින්ම, විශේෂාංගයකින්ම සමන්විත වෙයි.
නවීනතම දෙමුහුම් පරිගණක උපාංග සඳහා නවතම පියවරක් ලෙස සාඩම්බරයෙන් හඳුන්වාදෙනු ලබන මෙම Asus Transformer Book Trio උපාංගය නිෂ්පාදකයන් බලාපොරොත්තු වන තරමට ජනප්‍රිය නොවනු ඇතැයි සිතීමට තුඩුදෙන එක් ප්‍රබල ක‍රැණක් තිබේ. එනම්, මෙහි ඇති මිල අධික බවයි. බොහෝවිට මෙහි ඇති විශේෂත්වයද නොසලකා පරිශීලකයන් අඩුමිල ලැප්ටොප්/ටැබ්ලට් ‍තෝරාගැනීම් වෙත යොමුවීමට මෙහි ඉහළ පිරිවැය හේතුවනු ඇතැයි බොහෝදෙනා අනතු‍රැ හඟවා සිටියි.

                                                                                                                              -Ada

Monday, January 6, 2014

Share Files Up To 30GB With Anyone Through Filemail

  
  මේල් ඒකක් භාවිතා කරල ලොකු ෆයිල් යවන්න බැරි ඒක තමයි ඉමේල් භාවිතයේදි ඒන ලොකුම ගැටලුව.හැම ඉමේල් සේවාවක්ම පහසුකම් සපයන්නේ යම් කුඩා සිමාවක් ඇතුලේ ෆයිල් හුවමාරු කරගන්න විතරයි.ඒය Image,word,pdf වගේ කුඩා දෙවල් හුවමාරුවට භාවිතා කරන්න පුලුවන් උනාට ටිකක් ලොකු වැඩකදි නන් ඒක ඒච්චරම ප්‍රයොජනවත් නැහැ.

  ඒකට හොදම විසදුම තමයි ෆයිල්මේල්.මෙය භාවිතා කරල 30GB දක්වා ෆයිල් හුවමාරු කරගන්න පුලුවන්.ඔබ Premium Account ඒකක අයිති කරුවෙක් නන් ඒහි කිසිම බාධාවකින් තොරව ඔබට අවශ්‍යය ප්‍රමාණයක ෆයිල් ඒකක් යවගන්න පුලුවන්.
හොදම දේ තමයි ඔබට නිකම්ම මෙ වෙබ් අඩවියට ගොඩ වෙලා 30Gb අඩු ඔනෑම ෆයිල් ඒකක් යවන්න හැකි වීම.ඒ සදහා ලියාපදිංචි විමක් අවශ්‍යය නැහැ.නමුත් ඔබට වඩාත් ඵලදායි අමතර features අවශ්‍යය නම් Premium Account ඒකකට මාරු වෙන්න පුලුවන්.