Friday, November 16, 2012

ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)

   ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.

   2005 නොවැම්බර් 5වෙනි දින "විවෘත ජංගම උපකරණ සහයොගීතාවය" නම් වූ හමුවක් ජංගම උපකරණ නිපදවන සමාගම් රැසක සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලදී. එම සමගම් නම් බ්‍රොඩ්කොම් සමාගම , ගූගල්, එච්.ටී.සී, ඉන්ටෙල්, එල්.ජී, මාවෙල් තාක්ෂනින එකමුතුව,මෝටරෝලා, එන්වීඩියා, ක්වල් කොම්,සැම්සුන්, නෙක්ස්ට්ටෙල්, ටී-මොබයිල් සහ ටෙක්සාස් උපකරණ සමාගමයි.මේ එකමුතුවේ අරමුණ වුයේ ජංගම දුරකථන සදහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි.එදිනම විසින් තම ප්‍රථම නිපයුම වන ඇන්ඩ්‍රොයිඩ් නැමති ලිනක්ස් නිකුතු 2.6 මත ගොඩනගනූ ලැබු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී. 2008 දෙසැම්බර් 9 දින තවත් සමාගම් 16ක් මීට ඇතුලත් විය. ඒ අතර වෝඩෆොන් , හුවාවි සහ තවත් සමාගම් වෙයි.
   ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද(දුරකථන හා ජාලකරණ කේතයන්ද ඇතුලු ) "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ ලැයිස්තුවක් ද ගූගල් විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලබයි.
  ප්‍රථම නිකුතුවෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත් කරන ලදී. සමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.

  • 1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.1/4.2 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  
   මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
   ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ගේම්ස්, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම ඇප්ස් නිශ්පදන ගැනුම් කරුවන් (ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. සියලූම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකම පාහේ " මාර්කට්" යනුවෙන් තිබූ සේවයයි 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ඇත්තේ. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "මාර්කට්" සිට "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබේ. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම එය වෙතට යාවත්කාලීන කරගත යුතුය. 

    ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය‍ නිල වශයෙන් හෝ විධිමත් ලෙස සිංහල අකුරු සඳහා සහාය නොදක්වයි. එනමුත් SETT නම් බ්‍රව්සරයක් යොදා ඇන්ඩ්‍රොයිඩ් යොදා ගන්නා උපකරණ වලින් සිංහල අක්ෂර කියවිය හැකිය. ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් මගින් රූට් කර සිංහල භාෂාව යුනිකේත භාවිතයට ගත හැකිය,16:23, 21 ජනවාරි 2012 (යූටීසී)
තවද Opera mini බ්‍රව්සරය මගින්ද සිංහල අක්ෂර කියවිය හැකිය.
ඒ සදහා පහත ක්‍රම අනුගමනය කරන්න,
1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුල config: ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න.
2.Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක yes සකසා save බොත්තම ඔබන්න.
                                                                          From Wikipedia, the free encyclopedia

Thursday, November 15, 2012

ලස්සන පියාඹන ට්විටර් කුරුල්ලෙක් ඔයාගේ බ්ලොග් ඒකටත්....

   ට්විටර් (Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන ) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ.අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්. මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. 

   එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක් පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග් වෙති.ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්, මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.
   ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.

   එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම්
2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය.දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක්.දැන් ප්‍රසිද්ධවී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 ක්.
   මම බ්ලොග් ඒකේ දාන්න හැදුවෙනම් ට්විටර් සමාගම ගැන නෙමෙයි.ඒත් ඒ ගැනත් දැනගෙන ඉන්න ඒක හොදයි කියල හිතුන නිසයි පොඩි විස්තරයක් ඇතුලත් කලේ.ඇත්තටම මම පොස්ට් කරන්න හිටියේ ලස්සන පියාඹන ට්විටර් කුරුල්ලෙක් ඔයාගේ බ්ලොග් ඒකට දාගන්න පුලුවන් කොඩ් ඒකක්.හරි මේ තියෙන්නේ ඒ කොඩ් ඒක දාගන්න හැටි,සරලවම.බලන්නකො පහල ස්ටෙප් ටික සම්පුර්ණ කරල ඔයාගේ Follow me ට්විටර් Button ඒක...

How To Add the Twitter Flying Bird To Blogger?

  1. Go To Blogger > Design > Edit HTML
  2. Backup your template
  3. Search for </body> {Use Ctrl+F}
  4. And just above it paste the code below
    <script src='http://bloggerblogwidgets.googlecode.com/files/way2blogging.org-tripleflap.js' type='text/javascript'>
    </script>
    <script type='text/javascript'>
    var twitterAccount = &quot;Chamal_gihan&quot;;
    var tweetThisText = &quot; <data:blog.pageTitle/> : <data:blog.url/> &quot;;
    tripleflapInit();
    </script>               
    5.Replace Chamal_gihan with your twitter account username.
    6.  Save your template and you are done!
    7.   View your blog to see it flying. :)

Tuesday, November 13, 2012

Fake Facebook Account ඒකක් හදුනාගැනිම හා ආරක්ශාවිම..

   මැතකදි ෆේස්බුක් සමාගම විසින් සිදුකර තිබෙන පරික්ශණයකට අනුව ෆේස්බුක් සමාජ ජාලය තුල හොර ගිනුම්(fake accounts) මිලියන 83 පමන ඇති බව සොයාගෙන තියනව.මින් සමහරක් සමහර ගිනුම් වල පිටපත් වන අතර සමහර ඒවා ව්‍යාපාරික ආයතන විසින් පවත්වාගෙන යන ඒවා බව හදුනාගෙන තියනවා.නමුත් තවමත් ඉතා විශාල ගිනුම් ප්‍රමාණයක් කූට ලෙස සාදාගත් ඒවා බවයි කියවෙන්නේ.
  මේ ගිනුම් අයිතිකරුවන් අපේ මිතුරන් ලෙස පෙනි සිටිමින් අපව spam කිරිමකට ලක් කරනවා.ඔවුන් ඒල්ල කරන සමහර phishing scams ඉතා සංකීර්ණ ඒවායි.ඔබ වැරදිමකින් හෝ මෙවැනි කෙනෙකුගේ මිතුරකු නම් ඔබට ඒයින් ලැබෙන යහපතක් නම් නැහැ.
  වාසනාවකට වගේ මේ කාලයේ භාවිතා වන බොහො spamming සහ phishing උපක්‍රම හදුනාගැනිමට පුලුවන්.ඒ මෙවැනි බොහො fake accounts වල අවදානය දිනාගන්නා කරුණු කිපයක් පොදුවේ භාවිතා වන නිසා.මේ තියෙන්නේ ඒවායින් ඔබට ආරක්ශාවිමට උදවු වන ඔබ දැන සිටි කරුණු කීපයක්.
  මැතකදි Barracuda Networks කියන ආයතනය විසින් fake account ඒකක් හදුනා ගැනිමට භාවිතා කල හැකි කරුණු කීපයක් ඉදිරිපත් කලා.බොහො fake accounts වලට මේ ලක්ශන පොදු බවයි ඔවුන් කියන්නේ,

  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා 6 ගුණයකට වැඩි යහලුවන් ප්‍රමාණයක් සිටිම.
  • 60% වඩා ගිණුම් හිමියන් පවසන්නේ ඔවුන් Bisexual කියල.
  • fake accounts සියල්ලේම වාගේ අයිතිකරුවන් යැයි කියන්නේ කාන්තාවන්.fake accounts භාවිතා කරන 97% දෙනා භාවිතා කරන්නේ මේ උපක්‍රමය.ඇත්තෙන්ම සත්‍යය Facebook account වල කාන්තා නියොජනය 40% පමණ ප්‍රමාණයක්.
  • මොවුන් නිරන්තරයෙන් Photo tag කිරිම් සිදු කරනවා.ඒය සත්‍යය ගිණුම් වලට වඩා බොහො වැඩියි.ඒහි අගය සාමන්‍යයෙන් සැම පින්තුර 4 කටම tag කිරිම් 136 ක්.සත්‍යය ගිණුම් වල මේ අගය පින්තුරයකට tag කිරිම් 1 පමන අගයක්.
  • 43% පමණ ගිනුම් හිමියන් ඔවුන්ගේ status update කිරිම් කරන්නේ නැහැ.සත්‍යය ගිණුම් හිමියන් අතර මේ අගය 15% පමණ වෙනව.
  ඉතින් ඔබට friend requst ඒකක් ලැබුනොත් hot,bi girl කෙනෙක්ගෙන් යාලුවො ටොන් ගාණක් ඉන්න,status update නැති,tag කරපු පින්තුර ගොඩකුත් ඒක්ක,ඔබ කල්පනාකාරි විය යුතුයි මන්ද සමහර විට ඒ ආරධනය fake accounts ඒකකින් විය හැකියි.
  
Fake accounts වලින් ආරක්ශාවීම.
   ඒය පහසුවෙන්ම කල හැක්කේ ඔබේ මිතුරකුගේ මිතුරකුගෙන් හෝ ඔබට පොදු නොවන අයෙකුගෙන් ලැබෙන friend request කිරිම මගින්.ඒ සදහා privacy settings වල ඇති 'How you connect' යන්න friends of friends යන්නට සකස් කිරිම මගින් කල හැකියි.


  සෑම කෙනෙක්ම මෙය කල හොත් ඒය filter ඒකක් ලෙස ක්‍රියාකරමින් fake account වලින් බොහෝ දෙනෙක් ආරක්ශා කරාවි.නමුත් ඔබේ පරණ යාලුවෙක් ඔබට පණිවිඩයක් ඒවන  ආකාරයට ඔවුන් ඔබව රවටා add කරවා ගන්නත් පුලුවන්.ඒවිට ඔබ දෙදෙනාම දන්න පොදු සිදුවීමක් ගැන සාකච්චා කර ඔබේ යහලුවාමදැයි තහවුරු කර ගත යුතුයි.ඔබට යමෙකු ඒවු request ගැන විශ්වාසයක් නැත්නම් ඔබ ඔහුගේ mutual friend ගෙන් ඒ ගැන විමසන්න.ඒ වගෙම ඔබේ යහලුවකු ගොදුරු කරගෙන ඒ හරහා ඔබට ප්‍රහාරයක් ඒල්ල කරන්නත් පුලුවන්.කොහොම නමුත් ඔබ නිරන්තරයෙන් ආරක්ශාකාරි විය යුතුයි.


Monday, November 12, 2012

හොදම පින්තුර හොයල දෙන්නේ Bing ද Google ද?

   Bing සෙවුම් යන්ත්‍රය වරක් ගුගල් සමාගමට ප්‍රබල අභියොගයක් ඒල්ල කලා.ඒ නවතම ගුණාංග සහිත වඩා හොද ඩ්සයින් ඒකක් ඉදිරිපත් කරමින්.ඒ තුල අප්‍රමාණ අනුචලන (scrolling) පරාසයක්ද,ඒකවගේ පින්තුර සේවිමේ හැකියාවද අඩංගු උනා.මීට වසර කීපයකට පෙර Bing ගුගල්ට වඩා ඉදිරියෙන් සිටියා.නමුත් අද වන විට ගුගල් සාර්ථක මට්ටමක පවතිනව.
   Bing සහ Google යන දෙකම බොහෝ පරිශිලකයින් ප්‍රමාණයකට සේවා සපයනව.ඒකිනෙකාට අනුව මේ දෙකම සතුව ඔවුන්ට දැනෙන හොද සහ නරක ගතිගුණ තියෙන්න පුලුවන්.මේ තියෙන්නේ මේ සේවාවන් දෙක සතු ප්‍රදාන ගති ගුණ වල තියන වෙනස්කම්.
1)ප්‍රතිඵල සංසන්දනය
උදා: විදියට 'dog' කියන වචනයේ ඉමේජ් සර්ච් කරල බලමු.ඔබට පෙනෙන ආකාරයට Bing වල පොඩ් ප්‍රශ්න කීපයක් තියනව,ඒ අතර ඒකම පින්තුරය තැන් කීපයක අඩංගු වීම,ක්ලිප් ආට් පින්තුර හමුවීම ඒ අතර ප්‍රධානයි.



ඒයත් සමග සැසදුවහම ගුගල් ලබාදෙන පින්තුර ප්‍රතිඵල බොහෝ දුරට විශිෂ්ටයි,වගෙම ගුගල් වල ඒයටම ආවේනික ගතියක් තියනව.ක්ලිප් ආට් කිසිවක් නැහැ.ඒකම පින්තුරය තැන් දෙකක දකින්නත් නැහැ.

ගුගල් ඉමේජ් ප්‍රදර්ශනය කර තියන ආකාරයත් Bing වඩා වෙනස්.ඒහි Bing වල මෙන් විශාල සුදු පැහැති පසුබිම් දක්නට නැහැ.ඒමෙන්ම Bing වල මෙන් ඒහි grid lines නැහැ.ගුගල් තම ඉමේජ් පෙල ගස්වා තියනව පිටුවේ උපරිම ඉඩ භාවිතා කරමින්.
2)තනි පින්තුරයක් බැලිම.
ඉමේජයක් මත ක්ලික් කල වහාම Bing විසින් පින්තුරයේ කුඩා ප්‍රමාණයේ විශාලනයක් ලබා දෙනව.ඒ සමගම අනෙක් පින්තුර අඩංගු තිරයක් ඉහලින් අඩංගු කරනව.ඉමේජයේ full size ඒක දැකගැනිමට පින්තුරය මත තව වරක් ක්ලික් කල යුතු වෙනව.
 නමුත් ගුගල් වල full size ඒක ලබා ගැනිමට ඒක ක්ලික් ඒකක් පමණක් ප්‍රමාණවත්.



3)මාතෘකා අනුව පෙලගැස්සවීම
විශය කාරණා අනුව ගුගල් ඉමේජ් වඩා බුද්ධිමත්ව පෙල ගස්වා තියනව.ඒමගින් ඔබට ඒවා පහසුවෙන් සංවිධානය කර ගත හැකියි.මේ හුරුබුහුටි ලක්ශණය Bing අඩංගු වෙන්නේ නැහැ.
4)සමාන පින්තුර
කොහොම වෙතත් ගුගල්හි තිබෙන පින්තුර ඒකිනෙකට වෙනස් බව ඔබ දැක්කනේ.නමුත් ඔබට  similar images කියන ලින්ක් ඒක භාවිතා කරල යම් පින්තුරයක සමාන තවත් පින්තුර ලබා ගන්න පුලුවන්.
ඔබ සිතනවනම් ගූගල් මේ අතින් ඉන්නේ ඉදිරියෙන් කියල,ඔබ වැරදියි.ගුගල් ට පෙර Bing විසින් මේ ලක්ශණ ඔවුන්ගේ සෙවුම් වල භාවිතා කලා.නමුත් ඒය ඔවුන් විසින් 2010 දි ඉවත් කර තියනව.

5)විකල්ප සර්ච් කිරිම.
ගුගල් සහ Bing සතුව ඉතා හොද තත්වයේ සර්ච් මෙවලම් තියනව.ඔබට ඉමේජ සර්ච් කරන්න පුලුවන් ඒවායේ ප්‍රමාණය,පාට වෙනස් කරමින්.ඒ මෙන්ම Photographs,clip arts,line drawing,faces ආදියත් තොරා ගන්න පුලුවන්.
6)ගුගල් ඉමේජ් භාවිතයෙන් ඔබට ඉමේජ ඔබේ පරිගණකයේ සිට අප්ලොඩ් කරන්න පුලුවන්.ඒ සදහා කුඩා කැමරා අයිකනය මත ක්ලික් කිරිම හෝ drag & drop කිරිම කරන්න පුලුවන්.

ඉහත සදහන් කලේ සරල උදා: කීපයක්.ඔබ ඉමේජයක් සේවිමට තොරා ගත යුත්තේ කුමන සර්ච් එන්ජින් ඒකද කියල.ඒය තොරා ගැනිම ඔබ සතුයි.හැබැයි මම නම් හිතන්නේ හොදම ගුගල් කියල,මොකද කියන්නේ?

Friday, November 9, 2012

ගුගල් සර්ච් වෙනස් වෙයි...


   ගුගල් සමාගම ඔවුන්ගේ නිශ්පාදන නිරන්තරයෙන්ම අලුත් වෙනස් කම් සහිතව ඉදිරිපත් කිරිමට යුහුසුලු වෙනව.මේ යටතේ ගුගල් ඔවුන්ගේ ඩෙස්ක්ටොප් පරිගණක වල සර්ච් (Search page) තිරය වඩාත් පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කර තියනවා.ඒ ඔවුන් මේ දක්වා භාවිතා කල සර්ච් පිටුව නව ආකරයේ design ක් සහිතව ඉදිරිපත් කිරිම මගින්.
   ඔබ ඔබේ දුරකතනයෙන් හෝ Tablet එකෙන් අන්තර්ජාලයට පිවිසෙන්නෙක් නම් මේ වන විටත් ඔබ මේ අත්දැකිම ලබා ඇති.නමුත් මේ වනවිට ඒ වෙනස ඩෙස්ක්ටොප් පරිගණක භාවිතා කරන්නන්ටත් අත්දකින්න පුලුවන්.ඒය පහසුවෙන් බැලු බැල්මටම හදුනා ගන්න පුලුවන් වෙන්නේ මේ දක්වා සර්ච් කිරිමේදි පෙන්වු වම් පස තිරුව දක්නට නොලැබීම මගින්.ඒ වෙනුවට ඉහලින් දකුණු දෙසට විහිදි යන තිරුවක විවිද Options අඩංගුයි.ඒක හරියට ගුගල් සතු Mobile Interface ඒක වගේ.නව අතුරු මුහුණත අඩංගු වෙන්නේ WWW.Google.com වල පමණයි. නමුත් අනෙක් ඩොමෙන් වලටත් (Ex:WWW.Google.lk) මෙය හදුන්වා දිමට ඔවුන් කටයුතු කරනවලු.

   නව මෙනු ඒක මගින් ඔබට යම් සෙව්මක තොරතුරු Web results,Images,Maps,Shopping,News ආදිය සමග තවත් තොරතුරු අඩංගු  More options මෙනු ඒකත් ලැබෙනව.
   නව නිර්මාණයේ අරමුණ ලෙස ඔවුන් දක්වන්නේ "more breathing room,and more focus on the answers you're looking for..." යන්නයි.ඔබට පෙනෙන ආකාරයටම මුලු සර්ච් පිටුවම පිළිවෙලට සරළව ඉදිරිපත් කරල තියනව.
   මේ නව design ඒක පළමුව ඉදිරිපත් කලේ tablets වලට. ඒ පසුගිය වසරේ,සති කීපයකට පසු ඒය දුරකතන වලටත් ලබා දුන්නා.
ඩෙස්ක්ටොප් පරිගණක වලට මෙය ඉදිරිපත් කිරීමත් සමගම තවදුරත් ස්ථාවර පෙනුමක් සහ හොද හැගිමක් සහිත සර්ච් පේජ් ඒකක් ඉදිරිපත් කිරිමට කටයුතු කරනවලු.ඒයට ඔබ භාවිතා කරන උපකරණය සහ ඒහි screen size ඒක බලපෑමක් නොකරන බව ඔවුන් පෙන්වා දෙනවා.

Thursday, November 8, 2012

Alt+Tab app Switching in Windows 7

   Alt+Tab යතුරු press කිරිම මගින් windows අතර පහසුවෙන් මාරු වෙන්න පුලුවන් කියල ගොඩක් අය දන්නවත් ඇති. ඔයාලට Alt+Tab Key ඒකවර Press කිරිම මගින් දැනට ඔපන් කරගෙන ඉන්න windows අතර පහසුවෙන් හුවමාරු වෙන්න පුලුවන්.මේක windows 7 වල තියන සරල shortcut ඒකක්.Windows 7 වල යතුරු පුවරුව භාවිතයෙන් පිවිසිය හැකි shortcut රාශියක් තියනව.ඒ අතර Alt+Tab මාරුව පහසුවෙන් සහ වේගයෙන් කර ගන්න පුලුවන් විධ් කීපයක් තියනව.
    ගොඩක් අය කරන්නේ Alt+Tab යතුරු press කරල,Tab ඒක ඔබට අවශ්‍යය වින්ඩොවට ඒන තෙක් press කරගෙන යාම. හැබැයි ඊට අමතරව ඔබට භාවිත කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනව.
  • Arrow key භාවිතය - Alt+Tab press කරගෙන ඉන්න අතරම Arrow keys press කිරිමෙන් පහසුවෙන් ඔබට අවශ්‍යය වින්ඩොව තොරාගන්න පුලුවන්.Alt key ඒක අතහැරිම මගින් හෝ Enter key ඒක ඒබිම මගින් ඔබට අවශ්‍යය වින්ඩොවට පිවිසෙන්න පුලුවන්.
  • Alt+Tab in reverse - ඔබ Alt+Tab මගින් වින්ඩොස් තොරාගෙන යාමේදි ඔබට අවශ්‍යය වින්ඩොව පසු උනේ නම් ඔබට ඒ චක්‍රය අවසන් කර නැවත මුල සිට පැමිනීම අවශ්‍යය නැහැ.Alt+Shift+Tab භාවිතා කරල windows ආපස්සට තොරාගන්න පහසු විදියට සකසා ගන්න පුලුවන්.
  • Use the Mouse - Alt+Tab යතුරු mouse ඒක සමගත් භාවිතා කරන්න පුලුවන්.Alt+Tab press කල විට ඒන window ඒකේ තමන්ට අවශ්‍යය වින්ඩොව මත ක්ලික් කර ඒයට පිවිසෙන්න පුලුවන්.
  • Without holding the Alt key down - නිතරම Alt key ඒක ඔබාගෙනම වින්ඩොස් තෙරිම කරදරයක්නේ?ඒකට විසදුමක් තියනව.ඔබට වින්ඩො ලිස්ට් ඒක ස්ථිරවම පෙනෙන ලෙස සකස් කරගන්න පුලුවන්.ඒ සදහා Alt+Ctrl+Tab ඒකවර press කර අතහරින්න ඔන.දැන් ඔබට ඇරො කී වලින් හරි මවුස් ඒකෙන් හරි කැමති වින්ඩො ඒකකට පිවිසෙන්න පුලුවන්.
  • Close the Alt+Tab - Escape(Esc) ඒක press කිරිම මගින් පහසුවෙන් ඔබට Alt+Tab Switching ඒකෙන් ඉවත් වෙන්න පුලුවන්.
 අනවශ්‍යය Preview ඉවත් කිරිම.
    ඔබට Alt+Tabbing වලදි නිතරම මතුවන background application සගවා තැබිමට අවශ්‍යය නම් ඒ සදහාත් පසුකම් තියනව.මේ සදහා Computer මත Right click කර ලැබෙන Menu ඒකේ advanced system settings link ඒක මත click කර ඒයින් ලැබෙන performance window ඒකෙන් අවශ්‍යය option ඉවත් කරගන්න වගේම ඇතුල් කරන්නත් පුලුවන්. 
 උදා:Enable aero peek ඒක ඉවත් කර Alt+Tabbing කර වෙනස බලන්න. 
   ඔබට අවශ්‍යය නම් Microsoft ලබා දෙන Alt+Tab Switching  වලට අමතරව වෙනත් තුන්වන පාර්ශවයක වැඩසටහනක් මගින් ඒ කාර්යය ඉටු කර ගන්නත් පුලුවන්.Vistaswitcher කියන්නේ ඒ වගේ වැඩසටහනක්.Vista වලට නිර්මාණය කලත් මෙය වින්ඩොස් 7 සමගත් හොදින් ක්‍රියා කරනව.
 මෙවැනි වැඩසටහන් රාශියක් අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයාගන්නත් පුලුවන්.

Tuesday, November 6, 2012

අන්තර්ජාලය භාවිතා කරන අපි ඒයට ඇබ්බැහි වී සිටිනවාද?

අද අන්තර්ජාලය යනු ඒදිනෙදා ජීවිතයේ අංගයක්,ඒකිනෙකා සමග අදහස් හුවමාරු කරගන්න,දිනපතා පුවත්පත් කියවන්න,අධ්‍යාපන කටයුතුවලට විතරක් නෙවෙයි පරිගණක ක්‍රිඩා කරන්න,ගීත අසන්න,චිත්‍රපට බලන්න අපි අන්තර්ජාලය භාවිතා කරනව.නිතර අන්තර්ජාලය භාවිතා කරන අපි ඒයට ඇබ්බැහි වී සිටිනවාද?
   ඇබ්බැහි වීම යනු යම් පුරුද්දකට අත්හැර දමන්න බැරි තරමට ඒ වෙත ඇලී ගැලී සිටිම පමනක් නොවෙයි.ඒය බලෙන් හෝ අත්හැර දැමුවොත් රෝගි තත්වයක් පෙන්වීමත් ඒයට අයත්.යමකට කැමැත්තෙන් සහභාගි වීමත් ඇබ්බැහි වීමත් අතර වෙනස තිබෙන්නේ එතැනය.

   Internet Addiction Disorder (Facebookalitis) කියා හදුන් වන මෙය මානසික රෝගි තත්වයක් කියාත් හදුන්වනව.BestMastersInPsychology.com අනුග්‍රහය යටතේ සිදුකල පරීක්ශණයක් අනුව Facebook සහ අන්තර්ජාලය පොදුවේ අපගේ මනසට සිදුකරන බලපෑම මොනවගේද කියල විමසා බැලුවා.මේ තියෙන්නේ ඒය ආශ්‍රයෙන් සකසා ගත් සටහනක්...
Facebook Psychology

Image compliments of Best Masters in Psychology