Tuesday, August 7, 2012

අගහරු ගවේශණය


    අගහරු ග්‍රහයා මත ගතකල ප්‍රථම දිනෙන් පසු රොවර් (Mars Rover Curiosity)යානය සදුදා පෘතුවියට පෙරලිකාර පින්තුර කිපයක් ඒවා තිබෙනවා.ඒ යානය ගොඩබට ප්‍රදේශයේ සහ ජිවීන් සිට්දැයි ගවේශණය කිරිමට නියමිත කදු පන්තියේ පින්තුරයි. අන්තර් ග්‍රහලොක ගවේශණයේ නව පිටුවක් අරභමින් $ බිලියන 2.5 වියදම් කරමින් නිපදවු පර්යේශණාගාරයක් සහ න්‍යශ්ටික ශක්තියෙන් ක්‍රියාකරන රොබෝවකුගෙනුත් මෙම රෝවර් යානය සමන්විතයි.
In this image from NASA TV, shot off a video screen, one of the first images from a second batch of images sent from the Curiosity rover is pictured of its wheel after it successfully landed on Mars. The video screen was inside the Mars Science Laboratory (MSL) team inside the Spaceflight Operations Facility for NASA's Mars Science Laboratory Curiosity rover at Jet Propulsion Laboratory in Pasadena, California August 5, 2012.The rover landed on the Martian surface shortly after 10:30 p.m. Pacific time on Sunday (1:30 a.m. EDT Monday/0530 GMT) to begin a two-year mission seeking evidence the Red Planet once hosted ingredients for life, NASA said. Reuters
Dust being blown up as NASA's Mars science rover Curiosity prepares to land on Gale Crater on Mars is captured by the Mars Descent Imager on the rover in this handout photograph released by NASA August 6, 2012. NASA's Mars science rover Curiosity performed a daredevil descent through pink Martian skies late on Sunday to clinch an historic landing inside an ancient crater, ready to search for signs the Red Planet may once have harbored key ingredients for life. Reuters
  


Labelled version of one of the first images taken by a rear Hazard-Avoidance camera on NASA's Curiosity rover, which landed on Mars the evening of August 5, 2012, released by NASA August 6, 2012. The image shows a fin on the radioisotope thermoelectric generator (the rover's power source), the rear left wheel and a spring that released the dust cover on the Hazard-Avoidance camera. It was taken through a 'fisheye' wide-angle lens. Part of the rim of Gale Crater, which is a feature the size of Connecticut and Rhode Island combined, can be seen at the upper right of the image. Reuters

   කාරයක් පමණ ප්‍රමානයෙන් යුත් මෙමගින් දැනට ඒවා ඇති ජායාරූප ප්‍රමාණයෙන් කුඩායි,නමුත් ඉදිරි සති කිපයේදි high-resolution ජායාරූප ඒවාවියැයි නාසා ආයතනය ප්‍රකාශ කරනවා.

රෝවර් යානය අගහරු මත ගොඩබසින ආකාරය

Monday, August 6, 2012

WhatIsMyIP...


    සෑම නිවසකටම ඊට අනන්‍යය වු අංකයක් තියනව,ඒ අනෙක් ගෙවල් වලින් ඒ ගෙදර වෙන්කරලා හදුනාගන්න. ඒ වගේ තමයි හැම පරිගණකයක්ම අන්තර්ජාලයට සම්බන්ද වන විට ඊට අනන්‍යය වු ලිපිනයක් ලබා දෙනව.ඒක තමයි IP Adress (  Internet Protocol address )කියලා කියන්නේ.පරිගණක ජාල කරණයේදිත් මේ කියන ආවේණික ලිපිනය භාවිතා කරලා තමයි ජාලයට සම්බන්ද උපකරණ එකිනෙක හදුනාගෙන ඒ අතර සන්නිවේදන කටයුතු කරගන්නේ.
    දැනට භාවිතා වන IPv4 ලිපිනයක් තිත් වලින් වෙන් වු අංක කාණ්ඩ 4 දරනව.
              උදා:-172.16.254.1
     මෙහෙම තිතකින් වෙන් වෙලා තියන අංක තුනට තමන්ට ඔන අගයක් ගන්න බෑ.ඒවට අඩංගු වෙන්න පුලුවන් 0 ත් 255 අතර අගයන් විතරයි.ඒ කියන්නේ මේ  IP Adress ඒකකට ගන්න පුලුවන් කුඩාම අගය 0.0.0.0 උපරිම අගය 255.255.255.255 වෙනවා.මේ අගයන් අතර ඔනෑම අගයක්  IP Adress  ඒකක් වෙන්න පුලුවන්,හැබැයි 0.0.0.0 සහ 255.255.255.255 කියන ලිපින දෙක නම් ඔයාලට ලැබෙන් නැහැ ඒකට හේතුව තමයි ඒම ලිපින අන්තර්ජාල සේවා සපයන ආයතන වලට වෙන් කර තිබිම.
    ඔයාලට හිතා ගන්න පුලුවන්ද මේ විදියට  IPv4 වලදි ලිපින කියක් භාවිතයට ලැබෙනවද කියලා? ඒ ගණන බිලියන 4.2 .ඒකේ අදහස් වෙනවා ඒකම වෙලාවකදි බිලියන 4.2 කට අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන් කියල.
    අන්තර්ජාලයේ සිදුවන නිරන්තර විශාලනය සහ ඉල්ලුම නිසා දැනට භාවිතා වන  IPv4  වලින් ලැබෙන   IP Adress  ගණන ඉදිරියේදි මදි වේවි.ඒ නිසා පරිගණක ඉංජිනේරුවන් නවත  IPv6 addresses හදුන්වා දෙනවා.මෙහි බ්ට් 128  IP Adress rang ඒකක් තියනව.මිලග පරම්පරාවේ IP Version ඒකවන මෙමගින් ලබාගත හැකි  IP  ලිපින ගණන  3.403×1038  යැයි ගණන් බලා තිබෙනවා.

     ඔයාලට පුලුවන් ඔයාලගේ IP Adress ඒක මොකක්ද කියලා     බලාගන්න.මෙතන ක්ලික් කරන්න.


Saturday, August 4, 2012

අම්මා


   මගේ අම්මට තිබුනේ එක ඇහැයි.මම ඇයට අකමැතියි.......ඇය එතරම් කැතයි.ඇය පවුලට උදවු කරන්න කලේ කෑම උයලා පාසල ලග විකුණන ඒක.මම ප්‍රාථමික පංතිවල ඉන්න දවස්වල එක දවසක් මගේ අම්මා මාව බලන්න පාසලට ඇවිත් හිටියා.මම සෑහෙන දුශ්කරතාවකට පත් උනා. "ඇය කොහොමද මට එහෙම කලේ?" මම ඇයව පිලිකුල් කලා,ඇය දිහා රවලා බලලා මම එතනින් දුවල ගියා.
   අනෙක් දින පාසලේදි පංතියේ කෙනෙක් "ඊයා ඔයාගේ අම්මට තියෙන්නේ එක ඇහැයි.." කියලා කිව්වා.මට සැහෙන ලැජ්ජ හිතුනා.මට ඒවෙලාවේ හිතුනේ අම්මා අතුරුදහන් වෙනවනම් හොදයි කියල.මම ඇය ඉදිරියේ ඇයට කිව්වා "ඔයාට ඔනේ මාව ඉස්කොලේදි විහිලුවක් වෙනවා දකින්නද,ඇයි ඔයා මැරෙන් නැත්තේ? "
   අම්මා මුකුත්ම කිව්වේ නෑ මට....මට මාවම පාලනය කරගන්න බැරිඋනා.මම හිටියේ ඒ තරම් කේන්තියෙන්.මට පොඩ්ඩක් වත් අම්මගේ හැගිම් ගැන හිතුවේ නෑ.මට ඔන උනේ ගෙදරින් පිට වෙන්න,ඒයත් එක්ක කිසිම සම්බන්දයක් තියා ගන්න මට උවමනා උනේ නෑ. මම මහන්සියෙන් ඉගනගත්තා,මට ශිෂ්‍යත්වයක් ලැබුනා පිටරටක ඉගන ගන්න.
   ඊට පස්සේ,මම කසාද බැන්දා,මටම කියලා ගෙයක් ගත්තා,දරුවො ලැබුනා.මම මගේ පවුල එක්ක සතුටින් හිටියා.දවසක් මගේ අම්මා මාව බලන්න ගෙදරට ආව.ඇය මාව වසර ගාණකින් දැකලා තිබුනේ නෑ,ඒ වගේම ඇගේ මුණුපුරන් වත් කවදාවත් මිට පෙර දැක තිබුනේ නෑ.
   ඇය දොර ලග සිටියා,ඇයගේ පෙනුම දැකපු මගේ දරුවො ඇයට සිනාසුනා, මම ඇයට කෑගහල කිව්වා "තමුන් කොහොමද අවසරයක් නැතුව මගේ ගෙදරට ආවේ,යනවා යන්න මගේ ළමයි බය කරන්නේ නැතුව" ඇය සෙමින් මෙසේ කිව්වා 'අනේ සමාවෙන්න,මට ලිපිනය වැරදිලා වගේ' එහෙම කියලා ඇය සෙමින් යන්න ගියා.
   දිනක් මට පාසලේ ආදි ශිෂ්‍යය සංගමේ ලිපියක් ආවා ඒ නැවත හමුවකට ආරාධනා කරලා.මම බිරිදට ව්‍යාපාරික හමුවක් තියනවා කියලා ඒකට සහභාගි උනා.ඒකෙන් පස්සේ මම අපි හිටපු පැරණි නිවසට ආවේ කුතුහලය නිසාමයි.මගේ අසල් වැසියෙක් කිව්වේ ඇය මැරුනා කියලා.මගේ ඇහෙන් එක කදුලක් වැටුන් නෑ.ඔවුන් මට ලිපියක් දුන්නා අම්ම මට දෙන්න කියලා තිබුනු.


ආදරණිය පුතා වෙත.
             මම ඔබ ගැන නිතරම සිතනවා,මට සමාවෙන්න ඔබේ නිවසට පැමිණ ඔබේ දරුව්න් බිය වැද්දිම ගැන.මම ගොඩක් සතුටු උනා ඔබ පාසලේ සුහද හමුවට සහහාගි වන බව අහන්න ලැබිලා.නමුත් මට ඔබව දැකිමට ඒමට වෙන එකක් නෑ.මට සමාවෙන්න ඔබ වැඩෙන විට මගේ පෙනුම නිසා ඔබට සිදුවු දුශ්කරතා ගැන.
   ඔබට මතක නැතුව ඇති ඔබ කුඩා දවස්වල ඔබට සිදුවු අනතුර ගැන,එයින් ඔබගේ ඇසක් ඔබට අහිමි උනා.අම්මා කෙනෙක් විදියට මට පැත්තකට වෙලා බලන් ඉන්න බැරිඋනා ඔබ ඇසක් නොමැතිව ලොකු මහත් විම.ඉතින් මම ඔබට මගේ ඇහැක් පරිත්‍යාග කලා.
   ඇත්තටම මට හරිම ආඩම්බරයි මගේ පුතා අලුත් ලොකයක් දකින එක ගැන මම වෙනුවෙන්.මගේ ඇහෙන්.
  මීට
     ආදරණිය මව.

Friday, August 3, 2012

සබදතාව...


   පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් එකට සෙල්ලම් කරන්න පුරුදුවෙලා හිටියා.දවසක් පිරිමි ළමයා ලග ටික් බෝල ගොඩක් තිබුනා,ගැහැණු ළමයා ලග රසකැවිලි ගොඩක් තිබුනා.දෙන්නා කතා කරගත්තා මෙවා මාරු කරගන්න.පිරිමි ළමයා ලොකුම ටික්  බෝල  ටික තියාගෙන ඉතුරු ටික ගැහැණු ළමයට දුන්නා.ගැහැණු ළමයා නම් රසකැවිලි ඔක්කොම පිරිමි ලමයට දුන්නා.
  එදින රාත්‍රියේ ගැහැනු ලමයා හොදට නිදා ගත්තා,හැබැයි පිරිමි ලමයට නම් නිදා ගන්න බැරි උනා ඒයාට හිතුනෙම ගැණු ලමයත් ඒයා වගෙම රසකැවිලි ටිකක් හංගගන්න ඇති කියලමයි.
  මේක පුංචි කතාවක්.ඔයා ඔයාගේ සම්බන්දතාවලදි 100%  අවංක නැත්නම්,ඔයා හැම තිස්සෙම සැකයෙන් ඉදිවි අනෙක් කෙනාත් ඔයාට 100% අවංක උනාද,නැත්නම් එයත් ඔයා වගෙමද කියලා...  

Thursday, August 2, 2012

ReCaptcha(රි කැප්චා)


    හොදයි යාලුවනේ මම ඔයාලට කැප්චා පසල්ස් ගැන කිව්වා මතකයි නේ.මෙතනින් බලන්න.ඒකෙ අනිත් කොටස තමයි රි කැප්චා කියන්නේ.මේකත් හදුන්වා දුන්නේ ලුවිස් වොන් ආන් ම තමයි.හැබැයි මෙ ක්‍රමය නිසා ලොකයට ලොකු  උදවුවක් සිද්ද උනා.
   ලෝකයේ සමහර ලභ නොලබන ආයතන තියනවා ඩිජිටල් පිටපත් නොමැති පොත් පත් ,සගරා ආදියේ ඩිජිටල් පිටපත් නිර්මාණ කරනයේ යෙදි සිටින.ඒ කියන්නේ ඩිජිටල් යුගයට පෙර ලියවුනු දේවල් සංරක්ශනය කිරිම තමයි අරමුණ.පසුව ඒවා ඔනෑම කෙනෙකුට නොමිලයේම ඩවුන්ලොඩ් කරගන්නත් අවස්ථාව ලබා දෙනවා.
   මෙසේ පිටපත් සැදිම කරන්නේ පොත ස්කෑන් කිරිම මගින්.මෙහිදි සැදෙන ඉමේජය ORC(Optical Character Recognition) වැඩසටහනකට යොමු කරලා ඉමේජයේ තියන වචන හදුනා ගැනිම කරනව.මෙම ORC  වැඩසටහන ඉමේජයේ තියන වචන වලින් 80% පමණ හදුනාගත්තත් ඉතිරි 20% හදුනාගන්න අපහසු වෙනවා.හේතු විදියට අකුරු බොදවෙලා තිබිම,වැඩසටහනට හදුනාගත නොහැකි විම වෙන්න පුලුවන්.
    රි කැප්චා ක්‍රමය පිහිටට එන්නේ මෙතනදි තමයි.කියවාගත නොහැකි වචනය  වැඩසටහනකින් ලබා ගෙන ඒයට ORC  වැඩසටහනකින් හදුනාගත් පදයක් සමග එක් කර කැප්චා පසල් එකක් නිර්මාණය කරණව.පසුව මෙම ඉමේජ රි කැප්චා සේවය ලබා ගන්නා වෙබ් අඩවි වලට යොමු කරයි.දැන් ඔබ යම් සේවාවක් සමග එක් විමේදි විසදිම සදහා මෙම කැප්චා ඔබට ඉදිරිපත් කරනව,එකම ඉමේජය කිපදෙනෙකුට ලබා දී ටයිප් කරන වචන දෙස බලා වැඩ්දෙනෙක් ටයිප් කරන ආකාරය නිවරදි යැයි සනාථ කිරිම තවත් පරිගණක  වැඩසටහනක් මගින් සිදු කරනවා.පසුව ඒය ඩිජිටල් ටෙක්ස්ට් ඒකක් බවට පත් කර වචන පොතට ඇතුල් කර ගන්නවා.
   රි කැප්චා මගින් වැඩ දෙකක් එකවර ඉටු කරගනි,පලමුව සේවාව ලබා ගන්නේ මිනිසකු යැයි තහවුරු කර ගන්නා අතරම පැරණි පොතක් ඩිජිටල් කරණය කිරිමටද උපකාරයක් ලබාගනි.මෙමගින් ලැබෙන උපකාරයේ තරම නිව්යොර්ක් ටයිම්ස් පත්තරයේ 1851 සිට1980 දක්වා කලාප සියල්ල ඩිජිටල් කිරිම ගත හැක.ඒ සියල්ල වෙබ් සේවා ලබන ඔබේත් මගේත් ලොකවාසින්ගේ උදවුවෙනුත් රි කැප්චා මගින් වසරකින් පමණ නිමා කරගෙන තිබේ.රි කැප්චා නොවන්නට ඒ සදහා වසර 10-15 පමන ගතවේයැයිද විශාල මුදලක් වැයවේ යැයිද ගනන් බලා තිබේ.
    මේ වනවිට සමාගම් විශල සංඛ‍යාවක් පොත් ඩිජිටල් කරනයේ යේදි සිටි.ගුගල් සමාගමද තම හා   යන සේවාවන් හරහා ඒයට දායක වේ.තවත් සමහර ආයතන රි කැප්චා පසල්ස් විසදිම වෙනුවෙන් ඔබට මුදල් ලබාදිමද සිදු කරයි.ඔව්න්ගේ වෙබ් අඩවිවල ලියාපදින්චි වී ඔයාලට සල්ලි හොයන්නත් පුලුවන්.මෙන්න එහෙන්ම සේවයක්.ගිහිල්ලම බලන්නකෝ... (click here)

Wednesday, August 1, 2012

Black Dot(කලු තිත)


    කුඩා නගරයක වෙළද ව්‍යාපාරිකයින් පිරිසක් ඔවුන්ගේ වාර්ශික රාත්‍රි භොජන සංග්‍රහය සදහා දේශකයකුට ආරාධනා කලා.ඔවුන්ගේ ආර්ථිකය පිරිහිලා,මිනිස්සු කලකිරිමට පත්වෙලා ඒ නිසා ඔවුන්ට උවමනා වුනේ අභිප්‍රේරණ දේශනයක්.
   දේශකවරිය ඇගේ ඉදිරිපත් කිරිම ආරම්භ කලා,ඇය ලොකු සුදුපාට කොලයක් අරගෙන ඒකේ මැද කලුපාට පොඩි තිතක් තියලා පිරිස දෙසට පෙන්නල ඇහුවා ඔයාලට මොනවද පේන්නේ කියල,
එක් අයේක් කිවුවා "මට පෙනවා කලු තිතක් කියලා"
"හොදයි තව මොනවද දකින්න පුලුවන්?"
තවත් කෙනෙක් "කලු තිතක්"
"ඔබලාට පේන්නැත්ද තිතට එහායින් යමක්"දේශකවරිය ඇහුව?
  "නෑ"
හොදයි දේශකවරිය කිව්වා." එතකොට කවුරුවත් දැක්කේ නැත්ද සුදු පාට කඩදාසිය,මම දන්නවා ඔයාල හැමොම ඒක දැක්කා කියල,ඒත් ඔයාලා තොරාගත්තේ මතුපිට තිබුනු කලු තිත."


   "ජිවිතේදිත් එහෙම තමයි,අපි පුරුදුවෙලා ඉන්නේ මතුපිටින් තියන පොඩි පොඩි දේවල් ගැන අවදානය සහ ශක්තිය යොමු කරන්න.ඒත් අපි අවට තියන,සිද්ධවෙන අසිරිමත් දේවල් අමතක කරල කලකිරිමෙන් ජිවත් වෙනව.ප්‍රශ්න කියල අපි කියන ඒවා හරියට අර කලු තිත වගේ,ඒවා හරිම පොඩ්යි,අල්පයි.අපිට පුලුවන් නම් ඇස් හොදට ඇරලා මුලු පින්තුරේ දිහාම බලන්න....."
ඔබත් ඔබේ මුලු අවදානය කලු තිතට යොමු කරන කෙනෙක්ද? 

Tuesday, July 31, 2012

Ubuntu Skin Pack


    ලෝකයේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන ඔපන් සෝස් මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් තමයි උබන්ටු කියන්නේ.උබන්ටු කියන්නේ දකුනු අප්‍රිකානු වචනයක්.එකේ ඉංග්‍රිසි තේරුම තමයි "humanity towards others". උබන්ටු වලත් නවතම සංස්කරණය වන උබන්ටු 12.04 නිකුත් උනා.වින්ඩෝස් භාවිතා කරන ඔබටත් පහල ලින්ක් එකෙන් උබන්ටු ස්කින් පැක් එක බාගත කරගන්න පුලුවන්.
                                      Download link