Monday, November 26, 2012

කෙටි පණිවුඩ යවනවද? මේකත් බලලම ඉන්න..

   ඔබේ ජංගම දුරකතනයෙන් ඔබ කරන ක්‍රියාකාරකම් පිලිබදව විශ්ලේශණයක් කරල තියනවද?බලන්න ඔබ වැඩිපුරම කරල තියෙන්නේ මොකක්ද කියල,අනිවාරයෙන්ම කෙටිපණිවුඩ "SMS" යවන ඒක තමයි.ඒය ප්‍රමාණයෙන් ගත්තම Calls අරන් තියන ප්‍රමාණයට වඩා විශාල අගයක්.ඒ කියන්නේ දුරකතනය Text machine ඒකක් වෙලා.හැබැයි ඒහෙම කරගෙන තියෙන්නේ ඔබ පමණක්ම නෙවෙයි.
  පසුගිය වසර තුල පමණක් යැවු sms ප්‍රමාණය ට්‍රිලියන 8 දක්වා වැඩිවෙලා.ඒමගින් දුරකතන සේවා සපයන සමාගම් ලැබු ආදායම ඩොලර් බිලියන ගණනක්.නමුත් මේ කෙටි පණිවුඩ නිසා වාසි වගේම අවාසිත් සිදුවෙලා තියනව.
  දන්න්වද! වයස 18-29 අතර දුරකතන භාවිතා කරන්නන් ගෙන් 95% කෙටි පණිවුඩ යවනව කියල.ඒ වගෙම තමයි කෙටිපණිවුඩ type කිරිමේ ජාතික තරගාවලිත් විවිධ රටවල් වල පැවැත් වෙනව.ඇමෙරිකාවේ පැවැත්වු මෙවැනි තරගයකදි 2012 වසරේ ජයග්‍රහණය කරල තියෙන්නේ 17 හැවිරිදි අයෙක්,ඒ තත්පර 39 තුල වචන 149 type කරල.
මේ Graphic සටහන ඉදිරිපත් කරල තියෙන්නේ Online Schools.com කියන වෙබ් අඩවිය මගින්.ඔවුන් මෙහිදි කෙටි පණිවුඩ සේවාවේ අතිතය,වර්තමාන තත්වය වගේම යහපත් අයහපත් විපාකත් සරළව පැහැදිලි කරල තියනව.


Thursday, November 22, 2012

අභාවයට යන CD/DVD වලට විකල්පයක් තියනවද?

   පරිගණක ඒන්න ඒන්නම කුඩා වෙනව,පරිගණක ආශ්‍රිත ජිවන රටාව වෙනස් වෙනව,ඒ අතර CD/DVD කියවන වගේ Optical drivers රදවා තබන්නට තරම් විශාල උපකරණ නැති වෙමින් යනව.වර්ථමානයේදි වෙළදපොලේ බහුලව තියෙන්නේ Blu-ray තාක්ශණය සහිතව ඒන විඩියො තැටි.නමුත් දත්ත ගබඩාකරණය සලකපුවහම CD/DVD කියන ඒවා ක්‍රමයෙන් අභාවයට යනව.
   නමුත් තවමත් සැහෙන පාරිභොගිකයින් ප්‍රමාණයක් කැමති තමන් මිලදි ගන්නා චිත්‍රපටය හෝ සංගිත තැටිය CD/DVD ඒකකින්ම ලබා ගන්න.මේ තත්වයත් ලගදිම 'Streaming services' විසින් අත්පත් කර ගනිවි.
   Blu-ray වල මතක ධාරිතාව 50Gb තරම් විශාල අගයක්.ඒමෙන්ම දැනට භාවිතා වන ලාභදායිම මාධ‍යත් මේක.ඒ වගේම ප්‍රශෂ්ත තත්ව යටතේ ඒ කියන්නේ උෂ්ණත්වය , ආර්ද්‍රතාවය,අපි ඒවා භාවිතා කරන ආකාරය අනුව,Blu-ray තැටි වල ආයුකාලය වසර 50 පමණ වෙනව.පුදුමයි නේද?
  ඒතකොට ඔයාලට ප්‍රශ්ණයක් ඇති කොහොමද ඒහෙනම් Optical discs අභාවයට යන්නේ කියල.ඇත්තටම අභාවයට යන්නේ Optical drivers,ඒ කියන්න්නේ Optical discs කියවගන්න විදියක් නැති වෙනව.දන්නවනේ CD/DVD ධාවක,Blu-ray ධාවක වගේ ඒවා.මේ උපාංග තවත් වසර 50 යනවිට භාවිතයේ නැති කෞතුක වස්තු බවට පත් වෙන ඒක වලක්වන්න බැහැ.ඒ නිසා තමයි Blu-ray වල ආයුකාලය වසර 50 තරම් දිගු උනත් ඒ වනවිට ඔබට ඒවා කියවා ගන්න බැරි වෙන්නේ.ඒකට විසදුම තමයි වෙනත් දත්ත කියවාගත් හැකි මාධ්‍යකින් ඒවා ගබඩා කරල තියන ඒක.
   අපිට දත්ත ගබඩා කරල තියාගන්න අපිටම කියල සුවිශේෂි ක්‍රමයක් නැහැ.අපිත් කරන්නේ දැනට භාවිතයේ පවතින ක්‍රමයක් යොදා ගන්න ඒක.ප්‍රධාන වෙන්නේ ඔබ  ගබඩා කරන දත්ත වලට පහසුවෙන් පිවිසිය හැකිද යන්න ඒ වර්ථමානයේ දි මෙන්ම අනාගතයේදිත්.ඒ නිසා දත්ත ගබඩා කල යුතු මාධයය තිරණය වෙන්නේ ඔබේ අවශ්‍යයතාව මත.
   Optical disc වලට විකල්පයක් සොයන ඔබට වැදගත් වෙන විකල්ප මාධයන් 5ක ධාරිතාව(Capacity),1GB සදහා වැයවෙන මුදල(Price $)සාමාන්‍යය ආයුකාලය(Lifetime),සහ අනේකුත් උපාංග මෙහෙයුම් පද්ධති සමග ඇති අනුරුපතාව(Compatibility) පිලිබද සංසන්දනයක් ඉදිරිපත් කරනව.පහසුව සදහා ඒවා ඉංග්‍රිසියෙන්ම ඉදිරිපත් කරනව.
01)USB Stick
  • Capacity: regularly up to 128GB (256GB available)
  • Price: from $0.60 to $0.80 per GB
  • Lifetime: 10 thousand to 5 million write/erase cycles, approx. 2 to 20 years
  • Compatibility: theoretically any device with USB port
Flash-drives/USB drives තමයි Optical drivers වෙනුවට භාවිතා කරන්න පුලුවන් හොදම සහ පහසුම විකල්පය.හේතු තමයි අයුකාලය දිගු වීම,පහසුවෙන් ඒහා මෙහා ගෙන යා හැකි විම,විශාල වාර ගණනක් දත්ත ලිවිමට සහ මැකිමට හැකි විම.නමුත් Flash-drives වල 1GB සදහා වැයවෙන මුදල මදක් ඉහලයි.
02)SD(HC) Card
  • Capacity: up to 128GB
  • Price: from $0.62 to $1 per GB
  • Lifetime: 100 thousand to 1 million write/erase cycles, approx. 1 to 10 years
  • Compatibility: adapter or SD card reader required
මේක තමයි පහසුවෙන් ඒහා මෙහා ගෙන යා හැකි උපාංගය.සාමාන්‍යයෙන් 16-64GB දක්වා ධාරිතාවක් සහිත මේවා ප්‍රමාණයෙන් කුඩායි.දත්ත ලියන සහ මකන වාර ගණන අනුව ආයු කලය තිරණය වෙනව.
03) External Hard Drive (HDD)
  • Capacity: up to 3TB
  • Price: from $0.04 to $0.15 per GB
  • Lifetime: approx. 2-5 years
  • Compatibility: any device with USB port
HDD තමයි මිලෙන් අඩු ලාභදායිම විකල්පය.විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරිමේ පහසුකම සහිතයි.USB භාවිතා වන ඔනෑම උපාංගයක් සමග ක්‍රියා කරනව.මේකෙ තියන ගැටලුව තමයි බාහිරින් සිදුවන කම්පන නිසා හානි සිදුවිය හැකි විම.
04)External Solid State Drive (SSD)
  • Capacity: up to 256GB
  • Price: from $0.80 to $1.78 per GB
  • Lifetime: 100 thousand to 5 million write/erase cycles, approx. 5 to 20 years
  • Compatibility: any device with USB port
මිල සහ කල්පැවැත්ම සලකන විට SSD වලට තියෙන්නේ Flash-drives වලට හිමි තැනමයි.මිල අධිකයි නමුත් ආයුකාලය වැඩියි.
05)Cloud

  • Capacity: regularly up to 500GB with Dropbox (theoretically unlimited)
  • Price: from free to $1 per GB and year
  • Lifetime: theoretically unlimited, practically as long as service is available or as long as you pay
  • Compatibility: any device with internet access
ඔබේ දත්ත Cloud ඒකක ගබඩා කරන ඒක තමයි යොග්‍යම විකල්පය.ඒය backup,share සහ දත්ත ආරක්ශාකරන්න හොදම ක්‍රමයක්.මේ සදහා ඔබට අන්තර්ජාලය පදනම් වෙච්ච Cloud සේවා ලබා ගන්න පුලුවන්.බොහො සේවාවන් මගින් ඔබට 5GB දක්වා දත්ත නොමිලයේ ලබා ගත හැකි අතර ඔබට ඊට වඩා ඉඩක් අවශ්‍යය නම් ඒ සදහා මුදල් ගෙවිමක් කල යුතුයි.

Image Credit: contrib.andrew.cmu.edu , Google.com ,www.gadgetfolder.com

Tuesday, November 20, 2012

ඔබත් ටැබ්ලට් පරිගණක භාවිත කරන්නෙක්ද?

   ඔබ කවදාවත් හිතල නැතුව ඇති ඔබ ටැබ්ලට් ඒකක් භාවිතා කරන විට සිට්ය යුතු ඉරියව්ව ගැන,සාමාන්‍යය පරිගණකයක් භාවිතා කරන කොට වගේ කොන්ද,බෙල්ල තිබිය යුතු ආකාරය ගැන.ඇත්තටම Tablet,i pad,Android tablet වගේ උපකරණ භාවිතා කරන කොට ඒ දේවල් ගැන සිතිම නම් හුගක් වැදගත්.නැත්නම් දිර්ග කාලිනව බලපාන සෞඛ‍ය ගැටලු ඇතිවෙන්න පුලුවන්.
  අද මම ඉදිරිපත් කරල තියෙන්නේ ටැබ්ලට් පරිගණකයක් භාවිතයේදි ඔබ භාවිතා කල යුතු ඉරියව් මොනවාද? කියන ඒක සවිස්තරව ඉදිරිපත් කරල තියන ආදර්ශණයක්.ඒමගින් ඔබට මතු විය හැකි සෞඛ්‍ය ගැටලු අවම කරගන්න උදවුවක් ලබා ගන්න පුලුවන් වේවි.මේ Infographic ඒක කරල තියෙන්නේ Onlinedegrees.com කියන වෙබ් අඩවිය මුලික වෙලා.බලන්නකො ඔයාලටත් මේක කොච්චර වැදගත් ද කියල....

Monday, November 19, 2012

වින්ඩොස් වල Boot Speed ඒක වැඩිකරගන්න කැමතිද?


   ඔබේ පරිගණකය boot වෙන්න කොච්චර වෙලා යනවද?මිනිත්තු 1...2...3...ක්?මිනිත්තු තුනකට වඩා නම් නොයනව ඇති.නමුත් මම පුදුම වෙන්නේත් නැහැ ඒ කාලය මිනිත්තු තුනට වඩා වැඩි කියල ඔබ කිව්වත්.ඒකට හේතුව තමයි අපේ අනුදැනුම ඇතිව හරි නැතුව හරි අපි අවසර දිලා තියනව පරිගණකය boot වන විටම start up වෙන විදියේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න.මෙහිදි අපේ පරිගණකය boot වෙන්න අවශ්‍යය පියවර වලට අමතරව මේ අනෙක් වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නත් පටන් ගන්න නිසා පරිගණකය අමතර කාලයක් ගන්නව.
   හරි අපි බලමු මේ පරිගණක වේගය දැන් තියන තත්වයෙන් ටිකක් ඉහලට අරගෙන ඒක boot වෙන වේගය වැඩි කරගන්නේ කොහොමද කියල.මේ සදහා ඔබට කලහැකි මුලික දේවල් තුනක් තියනව.
  • Msconfig: ඒකෙන් අනවශ්‍යය වැඩසටහන් සහ සේවා සොයා තාවකාලිකව විසන්දි කිරිම.
  • සේවාවන් ආරම්භය ප්‍රමාද කිරිම.
  • උපකරණ කලමනාකරණය කිරිම:භාවිත නොවන ඒවා disable කිරිම.
1)Ms Config
   ඔබට පලමුවෙන්ම කරන්න පුලුවන් දේ තමයි මොනවද boot වෙනකොට ආරම්භ වෙන වැඩසටහන් කියල බලන ඒක.මේ සදහා ක්‍රම කිපයක් තියනව,
  • Windows හරහා කෙලින්ම,
  • Start+R ඔබා පැමිනෙන Run වින්ඩොවේ "msconfig" කියා type කිරිම.ඒහි ඇති "startup" ඒක තොරා ගැනිම මගින් ඔබට boot වන වැඩසටහන් බලාගන්න පුලුවන්.
   මේක තිකක් විතර පරිස්සමෙන් කරන්න ඔන වැඩක්.මෙහිදි පරිගණකය brand ඒකට අදාල,Microsoft Windows වලට අදාල,drives වලට අදාල වැඩසටහන් තියනවනම් ඒවා වෙනස් කිරිමෙන් වලකින්න ඔන.නැත්නම් ඔබේ පරිගණකයට හානි වෙන්න පුලුවන්.

2)Delay services
   ඔබට දැනටමත් දැනිල ඇති අනවශ්‍යය වැඩසටහන් boot විම නැවැත්විම මගින් ඔබේ පරිගණකය boot විමේ වේගය වැඩිවු බව.මෙය තවදුරටත් දියුණු කරගන්න පුලුවන් පරිගණක ආරම්භයේදි ක්‍රියාකරන වැඩසටහන් විවිද කාලාන්තර වලදි ක්‍රියාකිරිමට සැලැස්වීමෙන්.ඒකට කියන්නේ delaying කියල.
   මේ සදහා ඔබ දැනටමත් open කරගෙන ඉන්න msconfig වින්ඩොවේම තියන tools--->computer management services and applications--->Services වලින් හරි Start menu ඒකේ තියන search bar ඒකේ "services" යන්න type කරල හරි ගන්න පුලුවන්.
   මෙහිදිත් ප්‍රවේසමෙන් ඔබට ප්‍රමාද කිරිමට අවශ්‍යය වැඩසටහ් තොරාගෙන right click කර "Automatic(Delayed start)" යන්න තොරා ok කරන්න.
3)Device Manager
   Device Manager ඇතුල් වෙන්න start menu ඒකේ "Device Manager" කියල type කරන්න.ඒවිට ලැබෙන වින්ඩොව open කර භාවිතයට නොගන්නා drivers "disable" කර දමන්න.ඒවිටත් පරිගණකයේ boot වේගය වැඩි කරගන්න පුලුවන්.
   පහල තියෙන්නේ මේ විදියටම පරිගණකයේ boot වේගය වැඩිකිරිමට භාවිතා කරන්න පුලුවන් ආකාරයේ වැඩසටහන් කිපයක්.
   1.Startup Managers And Timers
        Soluto
        BootRacer
        BootTimer


  2.MSConfig Alternatives
        Autoruns
        Revo Uninstaller
        CCleaner
        System Ninja



     3.Additional Tools
        Autologon


Saturday, November 17, 2012

ගිණි හිවලාට විකල්පයක්..

   ගුගල් Chrome වෙබ් බ්‍රවුසර් ඒකේ සාර්ථකත්වය නිසා පසුගිය වසර කීපය තුල Firefox වෙබ් බ්‍රවුසරයේ ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් පහල ගියා.සමහරු මේ වන විටත් Chrome වලට මාරුවී අවසන්.නමුත් තවමත් බොහොමයක් දෙනා Firefox වලින් අයින් වෙන්න අකමැත්තක් දක්වනව.ඒකට හේතු රාශියක් තියෙන්න පුලුවන්.ඒ අතරේ වෙනත් බ්‍රවුසරයක් භාවිත කිරිමට නුහුරු නිසා ඇති අකමැත්ත,වෙනත් බ්‍රවුසරයක් භාවිත කිරිමේදි භාවිතා වන මෙමරි ප්‍රමාණය වැඩි වීම බලපාන්න පුලුවන්.නමුත් බහුතරයකට තියන ගැටලුව තමයි අපි ගොඩක් කාලයක් තිස්සේ හුරු වෙලා ඉන්න Firefox  වල භාවිතා වන සමහර add-ons වලින් ඉවත් විමට අකමැති විම.සහ ඒවා Chrome වල ක්‍රියාත්මක නොවිම.
   මේකට විසදුමක් විදියට Firefox සමග ක්‍රියාකරන add-ons හොදින්ම ක්‍රියාත්මක වන Chrome වගේ අතුරු මුහුණතක් සහිත විකල්ප බ්‍රවුසරයක් ඇවිල්ලා තියනව.ඒ තමයි The Internet Security gurus at Comodo කියන ආයතනය නිපදවලා තියන IceDragon කියන බ්‍රවුසරය.IceDragon කියන්නේ Firefox වලම සංස්කරණයක් නමුත් ඒයට වැදගත් පෙනුමක් දි තියනව.

                                Download Here
   IceDragon  වල download size ඒක 30Mb පමණ වෙනව.ඒය පරිගණකයේ ස්ථාපිත කලවිට ලබා ගන්නේ 40Mb ඉඩක් පමණයි.



   IceDragon  වල පෙනුම Firefox වලින් විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ.theme ඒක dark,ඒය සියලුම ගතිගුණ වලින් පරිපුර්ණ බ්‍රවුසර් ඒකක්.ඒ වගේමයි ඒහි හරය Firefox වගේ.මේ තියෙන්නේ ඒහි පෙනුම.


   කලින් සදහන් කලා වගේම Firefox වල ක්‍රියාකරණ සියලූම add-ons IceDragon වල ක්‍රියාකරණව.bookmark bar ඒක ලගම Facebook icon ඒකක් තියනව. ඒ අසලම තැඹිලි පාටට හුරු අත් කාචයක රුපයක් තියනව.ඒවා add-ons නොවේ.


   Facebook අපි නිතරම යන ඒන තැනක් නිසා ඒක ක්ලික් ඒකකින් ඊට පිවිසිමට හැකි වන අයුරින් තමයි ඒ අයිකන් ඒක තියෙන්නේ.ඒතකොට අත් කාචයෙන් ලැබෙන්නේ Comodo siteinspector ඒක.එ මත ක්ලික් කල විට ඔබ භාවිත කරන වෙබ් අවවියක siteinspector ඒකක් ලබා ගන්න පුලුවන්.  Install කරගෙන බලන්න මේකත් ලස්සන වගේම වේගවත් බ්‍රවුසර් ඒකක්.

Friday, November 16, 2012

ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)

   ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.

   2005 නොවැම්බර් 5වෙනි දින "විවෘත ජංගම උපකරණ සහයොගීතාවය" නම් වූ හමුවක් ජංගම උපකරණ නිපදවන සමාගම් රැසක සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලදී. එම සමගම් නම් බ්‍රොඩ්කොම් සමාගම , ගූගල්, එච්.ටී.සී, ඉන්ටෙල්, එල්.ජී, මාවෙල් තාක්ෂනින එකමුතුව,මෝටරෝලා, එන්වීඩියා, ක්වල් කොම්,සැම්සුන්, නෙක්ස්ට්ටෙල්, ටී-මොබයිල් සහ ටෙක්සාස් උපකරණ සමාගමයි.මේ එකමුතුවේ අරමුණ වුයේ ජංගම දුරකථන සදහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි.එදිනම විසින් තම ප්‍රථම නිපයුම වන ඇන්ඩ්‍රොයිඩ් නැමති ලිනක්ස් නිකුතු 2.6 මත ගොඩනගනූ ලැබු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී. 2008 දෙසැම්බර් 9 දින තවත් සමාගම් 16ක් මීට ඇතුලත් විය. ඒ අතර වෝඩෆොන් , හුවාවි සහ තවත් සමාගම් වෙයි.
   ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද(දුරකථන හා ජාලකරණ කේතයන්ද ඇතුලු ) "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ ලැයිස්තුවක් ද ගූගල් විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලබයි.
  ප්‍රථම නිකුතුවෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත් කරන ලදී. සමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.

  • 1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.1/4.2 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  
   මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
   ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ගේම්ස්, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම ඇප්ස් නිශ්පදන ගැනුම් කරුවන් (ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. සියලූම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකම පාහේ " මාර්කට්" යනුවෙන් තිබූ සේවයයි 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ඇත්තේ. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "මාර්කට්" සිට "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබේ. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම එය වෙතට යාවත්කාලීන කරගත යුතුය. 

    ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය‍ නිල වශයෙන් හෝ විධිමත් ලෙස සිංහල අකුරු සඳහා සහාය නොදක්වයි. එනමුත් SETT නම් බ්‍රව්සරයක් යොදා ඇන්ඩ්‍රොයිඩ් යොදා ගන්නා උපකරණ වලින් සිංහල අක්ෂර කියවිය හැකිය. ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් මගින් රූට් කර සිංහල භාෂාව යුනිකේත භාවිතයට ගත හැකිය,16:23, 21 ජනවාරි 2012 (යූටීසී)
තවද Opera mini බ්‍රව්සරය මගින්ද සිංහල අක්ෂර කියවිය හැකිය.
ඒ සදහා පහත ක්‍රම අනුගමනය කරන්න,
1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුල config: ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න.
2.Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක yes සකසා save බොත්තම ඔබන්න.
                                                                          From Wikipedia, the free encyclopedia

Thursday, November 15, 2012

ලස්සන පියාඹන ට්විටර් කුරුල්ලෙක් ඔයාගේ බ්ලොග් ඒකටත්....

   ට්විටර් (Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන ) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ.අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්. මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. 

   එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක් පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග් වෙති.ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්, මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.
   ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.

   එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම්
2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය.දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක්.දැන් ප්‍රසිද්ධවී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 ක්.
   මම බ්ලොග් ඒකේ දාන්න හැදුවෙනම් ට්විටර් සමාගම ගැන නෙමෙයි.ඒත් ඒ ගැනත් දැනගෙන ඉන්න ඒක හොදයි කියල හිතුන නිසයි පොඩි විස්තරයක් ඇතුලත් කලේ.ඇත්තටම මම පොස්ට් කරන්න හිටියේ ලස්සන පියාඹන ට්විටර් කුරුල්ලෙක් ඔයාගේ බ්ලොග් ඒකට දාගන්න පුලුවන් කොඩ් ඒකක්.හරි මේ තියෙන්නේ ඒ කොඩ් ඒක දාගන්න හැටි,සරලවම.බලන්නකො පහල ස්ටෙප් ටික සම්පුර්ණ කරල ඔයාගේ Follow me ට්විටර් Button ඒක...

How To Add the Twitter Flying Bird To Blogger?

  1. Go To Blogger > Design > Edit HTML
  2. Backup your template
  3. Search for </body> {Use Ctrl+F}
  4. And just above it paste the code below
    <script src='http://bloggerblogwidgets.googlecode.com/files/way2blogging.org-tripleflap.js' type='text/javascript'>
    </script>
    <script type='text/javascript'>
    var twitterAccount = &quot;Chamal_gihan&quot;;
    var tweetThisText = &quot; <data:blog.pageTitle/> : <data:blog.url/> &quot;;
    tripleflapInit();
    </script>               
    5.Replace Chamal_gihan with your twitter account username.
    6.  Save your template and you are done!
    7.   View your blog to see it flying. :)