Sunday, April 7, 2013

පෙන් ඒක වෛරස් වලින් රැක ගැනිම...

   අද පවතින තාක්ෂණික ලොකයේ වඩාත් පැතිරිලා තියන නැතුවම බැරි උපාංගයක් තමයි යුඒස්බ් පෙන් ඩ්‍රයිවු ඒක.ඒය තම පළමු ඒලි දැක්විමේදිම දත්ත හුවමාරු කරණයේ විශාල පෙරලියක් ඇති කලා.පළමු පෙන් ඩ්‍රයිව් ඒකේ දාරිතාව 8MB පමයි.අය අද සමග සසදන විට ඉතා කුඩා අගයක් උනත් ඒ කාලයේ 1.44MB floppy drives භාවිතා කල අයටනම් ඒක ලොකු අගයක් වෙන්න ඇති.නමුත් දැන් භාවිතයේ තියන පෙන් ඒකක ධාරිතාව සාමාන්‍යය හාඩ් ඒකකටත් වඩා වැඩියි.ඒ වගේම තමයි පෙන් ඩ්‍රයිව් වල තියන අනාරක්ශිත බව.ඒයත් සැලකිය යුතුමයි.
  මේ පෙන් ඩ්‍රයිවු වල තියන පහසුව නිසාම අපි නිතරම ඒය පරිගණකයට සම්බන්ධ කරනව,වැඩේ ඉවර උනාම ඉවත් කරගන්නව නැවත සම්බන්ධ කරනව ආරක්ශාව ගැන නොහිතාම.මම කියන්නේ safely remove කරන ඒක ගැන නෙවෙයි.වයිරස්,මැල්වෙයා,වොර්ම්ස් වගේ හානිකර වැඩසටහන් පරිගණකයට පිවිසිම ගැන.

  අපි පරිගණක ජාල ගැන කියන කොට පිළිපදින්න ඔන කරුණු ගැන සදහන් කරනව වගේ පෙන් ඩ්‍රයිව් ගැන කතා කරන කොටත් ඒවගේ රිති ටිකක් තියනව.පෙන් ඩ්‍රයිව් ඒකක් මගින්ම වෛරස් පැතිර යාමටම හේතුව තමයි ඒමගින් වෛරසයේ පැතිරිම ඉක්මන් විම හරියට ලැව් ගිණ්නක් වගේ.
  pen drive ඒකත් හරියල මදුරුවෙක් වගේ,ඒය සම්බන්ධ කරන ලද පරිගණකයක තියන වෛරස් වගේ වැඩසටහන් රදවා ගෙන ඒය නැවත සම්බන්ධ කරන පරිගණකයට හෝ උපාංගයට ඒය ලබා දෙනව,ඒයින් තවත් ඒකකට.මෙන්න මෙ හේතුව නිසා තමයි ඔබේ පරිගණකය පමණක් නෙවෙයි පෙන් ඩ්‍රයිව් ඒකත් නිතරම ස්කෑන් කරමින් ආරක්ශාව තහවුරු කරගන්න ඒක.
1.USB Disk Security

මේක සම්පුර්ණයෙන්ම පෙන් ඩ්‍රයිව් ඒකක් ආරක්ශාකාරි කරල දෙන වැඩසටහනක්.ඒහි මේ විශේෂාංග ඇතුලත්,
  • USB Shield, which protects you in real-time against connected USB devices.
  • USB Scan, which scans connected USB devices for malicious software.
  • USB Access Control, which prevents your computer data from being copied to USB devices.
  • USB Drive Control, which prevents USB devices from even connecting to your computer in the first place.

2.BitDefender USB Immunizer

බොහො වෛරස පරිගණකය තුල ක්‍රියාත්මක වෙන්නේ පෙන් ඒක autorun උනාම. BitDefender මගින් නිපදවල තියන මේ වැඩසටහන මගින් ඒසේ autorun විම වලකනව.
3.USB Dummy Protect

මේක ටිකක් විතර අමුතු වැඩසටහනක්,ඒකේ ක්‍රියාකාරිත්වය කෙටියෙන්ම කියනව නම් මෙහෙමයි,සාමාන්‍යයෙන් වෛරසයක්,වොර්ම් ඒකක් පෙන් ඒක තුල ක්‍රියා කිරිමට නම් යම් ඉඩක් අවශ්‍යයි.මේ වැඩසටහන මගින් කරන්නේ ඉතිරි සම්පුර්ණ ඉඩම වැහෙන විදියට dummy.file හදනව.ඒතකොට වෛරස් වලට ඉඩක් නැති වෙනවනේ.ඔබට ඒ ඉඩ භාවිත කරන්න ඔන නම් ඒ ෆයිල් ඒක මකා දාන ඒක විතරයි තියෙන්නේ.මේක හොදටම ගැලපෙන්නේ නිතරම පෙන් ඒකේ දත්ත වෙනස් නොකරණ අයට.

Thursday, April 4, 2013

ෆයර්ෆොක්ස් 20 අලුත්ම අත්දැකිමක්. .

  මොසිල්ලා ෆයර්ෆොක්ස් හි නවතම සංස්කරණය වන ෆයර්ෆොක්ස් 20 වින්ඩොස්,මැක්,ලිනක්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සදහා ඉදිරිපත් කර අවසන්.ඔබට ඒය ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් නොමිලයේම බාගත කරගන්න පුලුවන්.ඒය නව අංග වලින් පරිපුර්ණයි,වඩාත් හොද අත්දැකිමක් ඔබට ගෙන ඒමට සමත් වේවි.
  ඒ අතර per-window private browsing ,ටුල්බර් ඒකේ අලුත්ම download manager කෙනෙක්,ability to force-close stuck plugins separately ඒ අතර විශේෂයි.
  private browsing අනිවාර්‍යයෙන්ම ගොඩක් දෙනා excited කරය.private browsing කියන් ඒක දැනට ටික කාලයක පටන් ෆයර්ෆොක්ස් වල අඩංගු උනා.ඒයට නිතරම වෙනමම වින්ඩො ඒකක් ඔපන් කරගන්න ඔන උනා වැඩ කරගන්න.ඒ වගෙම ඒය සිදු කරන්න සම්පුර්ණ session ඒකම replaced කරන්නත් උනා.නමුත් නව සංස්කරණය නිසා ඒවගේ ප්‍රශ්ණ ඇති වෙන්නේ නැහැ.ඒහිදි කිසිම ප්‍රශ්ණයකින් තොරව අනෙක් ටැබ් සමගම private browsing කරගන්න පුලුවන්.

Watch Video...
http://www.youtube.com/watch?
   මෙහි ඉතා පහසුවෙන් බාගත කිරිම් කරගන්න පුලුවන්.දැන් ඒය අඩංගු වෙන්නේ බ්‍රවුසරයේ ටැබ් ඒකේ.ඒ නිසා දැනට ඉන්න වින්ඩො ඒකේ ඉදලම පහසුවෙන් බාගත කිරිම් බලා ගන්න පුලුවන්.ඒය විවිධ ඩවුන්ලොඩ් ඇඩොන් ඇන්තර්ගත කිරිම වලක්වා ගන්න පුලුවන්.
මේ වගේ අලුත් අංග රාශියක් සමග ඒන ෆයර්ෆොක්ස් 20 අලුත්ම අත්දැකිමක්.

Wednesday, April 3, 2013

Grand Theft Auto V

  
  Grand Theft Auto නැත්ත්නම් (GTA) කියල අපි කෙටියෙන් කියන ගේම් ඒක ඔවුන් පළමු වරට නිකුත් කලේ 1997.ඒතැන් පටන් මේ දක්වා විවිධාකාරයේ ගේම්ස් කිපයක්ම ඔවුන් විසින් ඉදිරිපත් කර තියනව.virtual city වල විදි දිගේ සැරිසරමින් අපට අවශ්‍යය ඔනැම දෙයක් කරන්න පුලුවන් මේ ගේම් ඒක සෙල්ලම් නොකරපු කෙනෙක් නැති තරම්. 
  දැනට මාස කිපයක සිට (GTA) ඉදිරිපත් කරන Rockstar සමාගම විවිධාකරයේ screen shot ඉදිරිපත් කරමින් ගොඩක් දෙනා බලාපොරොත්තුවෙන් ඉන්න නවතම සංස්කරණය වන GTA 5 පිළිබදව අපේ කුතුහලය වැඩි කරමින් ඉන්නව.
  ඒ අතර ඔවුන් ඒය ළබන සැප්තැම්බර් මස 17 වනදා ඒලි දැක්විමට බළාපොරොත්තු වන බව ඔවුන්ගේ නිල බ්ලොග් අඩවිය හරහා ප්‍රකාශ කලා.ඒහි playable characters තුනක් ඇති අතර ඔවුන් ජිවත්වන කල්පිත නගරය Los Santos, ලෙස නම් කර තිබෙනව.මේ පරිගණක ක්‍රිඩාව දැනට ඔවුන් විසින් ඉදිරිපත් කරන විශාලම ගේම් ඒක වනු ඇතැයි ද ඒහි සදහන්.

ඉංග්‍රිසි ව්‍යාකරණ ගැටලුවක..

  මේ කතාව ටෙක්ස්ට් මැසේජස්,ඊ-මේල් ආදිය යවන ලොකු අයගේ ඉංග්‍රිසි වි‍යාකරණ වල තියන ගැටලු ගැන නෙවෙයි.මේ කතාව ගොඩක්ම අදාල වෙන්නේ පොඩි කාළයේ ඉදලම ස්මාට් ෆෝන් ඒකක් තියාගෙන,ඒකත් ඒක්කම කාලය ගත කරමින් වැඩිහිටියන් බවට පත්වෙමින් ඉන්න දරුවන් ගැනයි.අනෙක් හැම පරම්පරාවකටම වඩා මේ අලුත් පරපුරේ ඉංග්‍රිසි ව්‍යාකරණ පිලිබධ බරපතල ගැටලුවක් තියනව කියලයි  Northwestern විශ්ව විද්‍යාලයේ පිරිසක් කල සමික්ෂණයකින් හෙලිවෙලා තියෙන්නේ.මෙය කරල තියෙන්නේ පාසල් යන 6,7,8 ශේණිවල ළමුන් පිරිසක් යොදා ගෙන.මේ තියෙන්නේ ඒ සමික්ෂණයේ තොරතුරු සංශිප්ත්ව ඉදිරිපත් කල සටහනක්.

Tuesday, April 2, 2013

Web browser war:2013 Report..

  "සර්ච් ඒන්ජින්" අතර තියන යුද්ධය කියන්නේ අන්තර්ජාලයේ වෙනස්ම පැතිකඩක්.ගුගල් සමාගම ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය කරලියට ගෙන ඒමත් සමග මයික්‍රොසොෆ්ට්,යාහු ආදි සමාගම් අතර තරගයක් නිර්මාණය උනා.ඒකිනෙකා නිරන්තරවම උත්සාහ කලා ඒකිනෙකා පරයා තමාගේ පාරිභොගිකයයින් ගණන වැඩි කරගන්න.ඒ තරගය තාමත් ඒ ආකාරයෙන්ම පවතිනව.
   ගොඩක් පැති වලින් බලපුවහම මේ තරගය නිසා අපට ඇති වෙලා තියන වාසි වැඩියි.මොකද ඔවුන් නිරන්තරයෙන් නව නිර්මාණ සේවාවන් කරලියට ගේන ඒම.ඒයට හේතුව තමයි ඔවුන්ට පක්ෂපාත ග්‍රාහකයින් ගණන වැඩිකර ගැනිම.මේ සදහා ඒක් ඒක් සමාගම් වැයකරන මුදල ඩොලර් මිලියන ගණනක්.
  මේ තියෙන්නේ නවතම සමික්ශණයකට අනුව ලිකය පුරා මේ වෙබ් බ්‍රවුසර් අතර තියන තරගයේ නවතම විස්තර.මේ සමික්ෂණය කරල තියෙන්නේ NetMarketShare කියන ආයතනය.ඒය සරලවම තේරුම් ගන්න පහසු විදියට ඉදිරිපත් කරල තියනව.
StatCounter, however, has Chrome leading both IE and Firefox on PC Web browsers.  


   ඔවුන් තම සමික්ෂණයේදි පරිගණක වල භාවිතා වන බ්‍රවුසර් ගැන විතරක් නෙවෙයි දැනට බහුලව භාවිතා වන smartphones and tablets වැනි උපාංග වල භාවිතා වන වෙබ් බ්‍රවුසර් ගැනත් අවධානය යොමු කරල තියනව.
StatCounter, however, shows the native Android Web browser leading the way on mobile Web browsers.

April Fool's Day with Google..

  අද අප්‍රේල් පළමු වෙනිදා.දන්නවනේ අද විශේෂත්වය "මොඩයගේ දවස" නිසා අද දවස හරිම කල්පනාවෙන් ඉන්න ඔන.කවුරු කොයි වෙලාවේ අපිව මොඩය කරයිද දන්නෑ.ඒ වගේම අපිත් නිකන් ඉන්නේ නැහැ නේද.මොනව හරි කරනව.මේක අපිට විතරක් පුරුදු දෙයක් නෙවෙයි,දැවැන්ත සමාගමක් වන ගුගල් සමාගමත් අද මෙ කටයුත්තට ඒකතු වෙලා තිබුනා.
    ඒ  April Fool's දිනය සමරමින් ලොකෙම මිනිස්සු මොඩය කරන වැඩේට.ඔවුන් යටතේ තියන youtube වල තිබුන විහිළුව තමයි ඔවුන් video contest තියල ඒකේ ජයග්‍රාහකයින් 2023 දි තොරගෙන තැගි දෙනව කියල.

  ඒ වගේම ගුගල් මැප්ස් වලත් විශේෂ map view ඒකක් හදුන්වා දිල තිබුන ඒකේ නම තමයි Treasure maps.මේ Treasure කියන අයිකනය මත ක්ලික් කරපු වහම ද්විමාන hand-drawn treasure map ඒකක් ඒනව,ඒහි වස්තුව සගවා ඇති පෙට්ටගම් තියන ස්ථාන දක්වා තිබෙනව.

ඔබට පරිස්සමෙන් සොයා ගියොත් නිධානය තියන තැන හොයා ගන්න පුලුවන් වේවි.

Microsoft, Google swap April Fools' jabs

Thursday, March 28, 2013

Facebook Adds Threaded Comments

   තවදුරටත් මුහුණු පොතේ කමෙන්ට් අවුල් වෙන්නේ නැහැ.ෆේස්බුක් සමාගම තවත් විශේෂ පියවරක් ඉදිරියට තබමින් විවිධ පුද්ගලයන්, ආයතන,සමාගම් ආදිය පවත්වාගෙන යන සැම නිල ෆේස්බුක් පිටුවකටම විශේෂ කමෙන්ට් ක්‍රමය හදුන්වා දි තිබෙනව.ඒහිදි මෙච්චර කාලයක් තිබු කමෙන්ට් සහ ඒවාට යොදා තිබු පිළිතුරු තිබුනේ ඒකම ගොඩේ,නමුත් නව ක්‍රමය මගින් අදාල කමෙන්ට් ඒකකට අදාල පිලිතුර ඒය අසලම ඇති ප්‍රති උත්තර දිය හැකි reply button ඒක මගින් කල හැකියි.
  යමෙකුගේ පිටුවකට ලැබෙන කමෙන්ට් සංඛයාව බහුල නම් ඔහුට ඒවාට ප්‍රති උත්තර දිමටත් තිබුනේ කමෙන්ට් තිරුවමයි,අපි කලේ අදාල කෙනාගේ නම ලියල ඉට පස්සේ ඒයාට උත්තර දෙන ඒක ඒක තරමක් දුරට අසංවිධානාත්මකයි.නමුත් නව ක්‍රමයෙන් ඔබට අදාල කමෙන්ට් ඒක ලගින්ම reply ඒක තියන්න පුලුවන්,යමෙක්ට ඒ reply ඒකටත් දෙයක් ඒතනම reply කරන්න පුලුවන්.මේ ක්‍රමය මාස ගණනාවක් අත්හදා බලපු ඒකක් කියලයි ඔවුන් කියන්නේ. 


   කමෙන්ට් වලට ප්‍රතිඋත්තර බදිනව පමණක් නෙවෙයි  ඒය මගින් ඔබට ලැබෙන කමෙන්ට් වර්ගිකරණය කරනව,ඒ කරුණු තුනක් පදනම් කරගෙන.ඒමගින් භාවිතා කරන්නන් මගින් සතුටුදායක කමෙන්ට් ලබා ගැනිම වැඩි වෙන්න පුලුවන්.මේ තියෙන්නේ ඒ කරුණු තුන,

  • Positive Feedback: The number of likes and replies to a comment will help it move to the top.
  • Connections: Connections to another person participating in the thread may cause a comment to move up.
  • Negative Feedback: Spam reports will cause a comment to fall down the list.
  පේජ් ඒක පරිපාලනය කරන්නාට මෙහි කුමණ කමෙන්ට් ක්‍රමය භාවිතා කරනවා දැයි තිරණය කල හැකියි.10000 followers වඩා වැඩි පේජ් වලට ස්වයන්ක්‍රියවම මේ සේවාව සක්‍රිය වෙන අතර ඉට අඩු followers සහිත සියලුම පේජ්ස් වලට ඒය ලබන ජුලි 10 2013 පෙර සක්‍රිය වේවි.