විශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු (Robert Cailliau) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය |
මෙම සැම ලේඛනයකට ඵයටම අනන්‍යවූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රව්සර්ය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්(IE),Chrome,Opera වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරනයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.
ඉතිහාසය
වෙබය සදහා මුලික වශයෙන් පදනම් වු අදහස් වර්ෂ 1980 දී ස්විස්ටර්ලන්තයේ CERn හිදි Tim Berners- lee විසින් ඉදිරිපත් කරන ලදි.Time Berners-Lee විසින් nEXTcube උපකරණය ලොව ප්රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම එය 1990 දී පලමු වෙබ් බ්රවුසරය වන world wide ලිවිම සදහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට Bernere Lee ක්‍රියාකාරි වෙබයක් සදහා අවැසි සියලුම උපකරණ නිවසා තිබිණි. පලුමු වෙබ් බ්රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය) පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබද සියලු විස්තර දරයි.
Sir Time Berner's lee in 2010 |
Berners Lee ඔහුගේ CERN කණ්ඩායම සමග 1990 දෙසැම්බර් 25 වනදා ප්‍රථම වෙබ් අඩවිය වන info.cern.ch දියත් කලා.ඒ සදහා භාවිතා කල වෙබ් සර්වර් ඒක නම් කර තිබුනේ CERNhttpd නමින්.ඔවුන් දියුණු කර තිබුන වෙබ් බ්‍රවුසරය මගින් පරිශිලකයාට වෙබ් අඩවියේ අඩංගු ඩොකියුමන්ට්ස් බැලිමේ හැකියාව තිබුනා.
1991 අගොස්තු 6 දා ඔහු alt.hyoertext පුවත් කණ්ඩායම වෙනුවෙන් විශ්ව විසිරි වියමන පිලිබදව සම්පින්ඩයනක්(Short summery) ඉදිරිපත් කලේය. යුරෝපයෙන් පරි බාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙසැම්බර්දි SLAC හිදි නිමවන ලදි. ඒ Paul Kunz ගේ ප්‍රධානත්වයෙන්.ඒය උතුරු ඇමරිකාවෙදි නිර්මාණය කල ප්‍රථම වෙබ් අඩවිය ලෙසද සදහන් වෙනව.
Hypertext හි ආරම්භයට හේතු පාදක වු තිරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දි Brown විශ්ව විද්යාලයේ hypertext system ආදි පැරනි ව්යාපෘති සමගය. මේ අතර Ted Nelson ගේ project xanadu හා douglas Wngelbart ගේ on line sysytem ((NLS) විය. nelson සහ Engelbart යන දෙදෙනාම පිලිවෙලින් Vannevar Bushගේ ක්ෂ්දු සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මගින් පෙළඹවිමට ලක්විනි.
Berners-Leeගේ සුවිශේෂිත වු සොයා ගැනිම වන්නේ Hypertext අන්තර්ජාලය සමග සමිපව සම්බනධ කරවීමයි. ඒයට ඔහු තමා විසින්ම දියුණු කරන ලද තාක්ෂණික උපක්‍රම 3 භාවිත කලා.
වෙබයේ පවත්නා ඕනැම සමපතක් අනන්ය ලෙස හදුනා ගැනිම සදහා ක්රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි.ඒය පළමුව the Universal Document Identifier (UDI), ලෙසද පසුව Uniform Resource Locator (URL) and Uniform Resource Identifier (URI) ලෙසද හදුන්වන ලදි.
ප්‍රකාශණ මාධ්‍යය ලෙස HyperText Markup Language (HTML) භාවිතය.
the Hypertext Transfer Protocol (HTTP).
මෙම වෙබයේ මුලික අවශ්යතාවක් වුයේ ඉදිරියටත්,ආපසස්සටත් ගමන් කළ හැකි සබැදි වෙනුවට ඒක දිශ සබැසි පැවිමයි. මේ ආකාරයට කිසියම් අයකුට කිසියම් සම්පතක් එහි හිමිකරැගේ මැදිත් විමකින් තොරවම සබදිමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බවුසර ක්රියාත්මක කිරිමේ තදබල අපහසුකතාව මහගහැරවිටම ද සැලකිය යුතු කරමේ දායකත්වයක් සැපයිය.එසේ වුවද මෙම ක්රමය පවත්නා ගැටලුවක් වු සබැදි කල් ඉකුත්විම (link rot) සදහා මග පැදිය. මින් පෙර පැවති Hypercard මෙන් නොව විශ්ව විසිරි වියමන ඕනැම පරිහිලකයකුට වෙළද හිමිකමකින් තොරව නොම්ලයේ භාවිතා කල හැකි විය. මෙය මින් පෙර නොවු විරැ පෙරලියක් ඇත කළේ අනුග්‍රාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාදින අයුරින් නිමවා ගත හැකි විමෙන් මෙන්ම වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි විමෙන්ය.
0 comments:
Post a Comment