Monday, January 28, 2013
"සර්ච් ඒන්ජින්" අතර සිතල යුද්ධයක්...
Posted on 11:34 PMby chamal
with No comments
"සර්ච් ඒන්ජින්" අතර තියන යුද්ධය කියන්නේ අන්තර්ජාලයේ වෙනස්ම පැතිකඩක්.ගුගල් සමාගම ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය කරලියට ගෙන ඒමත් සමග මයික්‍රොසොෆ්ට්,යාහු ආදි සමාගම් අතර තරගයක් නිර්මාණය උනා.ඒකිනෙකා නිරන්තරවම උත්සාහ කලා ඒකිනෙකා පරයා තමාගේ පාරිභොගිකයයින් ගණන වැඩි කරගන්න.ඒ තරගය තාමත් ඒ ආකාරයෙන්ම පවතිනව.
ගොඩක් පැති වලින් බලපුවහම මේ තරගය නිසා අපට ඇති වෙලා තියන වාසි වැඩියි.මොකද ඔවුන් නිරන්තරයෙන් නව නිර්මාණ සේවාවන් කරලියට ගේන ඒම.ඒයට හේතුව තමයි ඔවුන්ට පක්ෂපාත ග්‍රාහකයින් ගණන වැඩිකර ගැනිම.මේ සදහා ඒක් ඒක් සමාගම් වැයකරන මුදල ඩොලර් මිලියන ගණනක්.
අපේ අද infographic ඒක මම ඉදිරිපත් කරන්නේ සෙව්ම් යන්ත්‍ර වල අතිතය පිලිබදව Search Engine Journal ඒක ඉදිරිපත් කර සටහනක්.එය ආරම්භ වෙන්නේ 1994 න්,ඒදා සිට අද දක්වා ජනප්‍රිය සෙවුම් යන්ත්‍ර වල පැටිකිරිය.මෙමගින් ඔබට ඔබේ හොම් පේජ් ඒක ලෙස සකස් කරගත යුත්තේ කුමක්ද කියල දළ අදහසක් ගන්නත් පුලුවන්.....
This entry was posted in Infographics
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment