අන්තර්ජාල සේවා සපයන ආයතනයකින් (ISP) අන්තර්ජාල සම්බන්දතාවක් ලබාගැනිමේදි සාමාන්‍යයෙන් ඔවුන් ඔබට උපකරණ කට්ටලයක් ලබා දෙනව.ඒ ඔබගේ දුරකථන මාර්ගය පරිගණකයට සම්බන්ද කරගෙන අන්තර්ජාලයට සම්බන්දතාව ලබා ගැනිමටයි.මේ උපකරණ අතර අනිවාර්යයෙන්ම තියන්නේ රවුටරයක් සහ මොඩමයක්.
මොඩමය කියන උපකරණය තමයි දුරකථන මාර්ගය හරහා අන්තර්ජාල සේවා සපයන්න සමග ඔබව සම්බන්ද කරන්නේ.රවුටරය මගින් සිදුවන්නේ පරිගණක ජාලය ඔබගේ මොඩමය සමග සම්බන්ද කිරිම.
රවුටරය පරිගණකය සමග සම්බන්ද වෙන්නේ RJ45 කියන කේබලය මගින්.ඒහි කාර්යය තමයි පැමිනෙන දත්ත පැකට් පරීක්ශාකරල,ඒය යායුතු තැන නිවරදිව තහවුරු කරගෙන ඒය ඒ ස්ථානය කරා මෙහෙය වීම.රවුටරය තුල firewalls ස්ථාපනය කර තියනව,ඒමගින් රවුටරය හරහා ගමන් කරන දත්ත කියවා පරිගණක ජාලයට ඇතුල්වීමට උත්සාහ කරන වෛරස් වැනි අනතුරුදායක වැඩසටහන් නවතා දැමිමක් සිදු කරනව.
මතක තියාගන්න මොඩමය කියන්නේ ඔබව අන්තර්ජාලයට සම්බන්ද කරන උපකරණය.නමුත් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට රවුටරයක් අත්‍යවශ්යම නැහැ.ඔබට රවුටරක් නැතිව මොඩමයකින් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට පුලුවන්.නමුත් රවුටරයේ ප්‍රධාන කාර්යය ආරක්ශාව සැලසවීම කියන ඒක අමතක කරන්න ඒපා.ඒය ඔබව වෛරස,මැල්වෙයා වගේ අනතුරුදායක දේ වලින් ආරක්ශා කරාවි.
Read More:
0 comments:
Post a Comment