මට හොදටම විශ්වාසයි අන්තර්ජාලයේ ක්‍රියාකරිත්වය පිලිබදව ඔයාලා තුල ලොකු කුතුහලයක් ඇති.සමහරු ඩවුන්ලොඩ් වේගය අඩුවීම ගැන,මේල් ඒකක් මගහැරි තිබිම වගේ පොඩි කාරනාගැන පැමිණිලි කලාට අන්තර්ජාලයේ ක්‍රියාකරිත්වය කොයි වගේද කියල හිතලවත් නැතුව ඇති.
මීට වසර 10 පෙර ඔයාල හැමොම වගේ පුවත්පත් මිලදි ගත්තා,වීඩියො ඒකක් රෙන්ට් ඒකට ගෙනත් බැලුව,ලියුමක් යවන්න තැපැල් කාර්යාලයට ගියා,හැබැයි දැන් ඒ හැමදේම ගෙදර ඉදන්ම කරනව නේද?
බලන්න අන්තර්ජාලයේ සිතියම දිහා,ඒක හරියට අධ්වේගි මාර්ග මිලියන ගණනක ඒකතුවක් වගේ.මොඩමයකට සම්බන්ද වුන පරිගණකයක් දුරකථන මාර්ගයකට,කේබල් ඒකකට,චන්ද්‍රිකවකට , දුරකථන ජාලයකට සම්බන්ද වෙලා තියනව.ඒය තවත් පරිගණකයකට,සර්වර් ඒකකට,රවුටරයකට,මොඩමයකට ආදි ලෙස.ඒහි ආරම්බයක් අවසානයක් දැකගන්න නැහැ.
Internet Map |
අන්තර්ජාලය ක්‍රියාකරවන්නේ Internet Protocol කියන දේ මගින්.මතකනේ මම IP Address ගැන කිව්වා.protocol ඒකක් කියන්නේ යම්කිසි වක් කිරිමට ඇති නිශ්චිත ක්‍රමවේදයට.
උදා:ෆෝන් කොල් ඒකක් ඒමේදි සිදුවන ආකාරය- පළමුව දුරකථනය නාද වෙනව,ඔබ ඒය ගන්නව,හේලො කියනව,..... ආදි ලෙස.
ඔබ ඔබේ පරිගණකයෙන් Google.com කියන වෙබ් අඩවියට පිවිසෙනව කියල හිතන්න.මේහි Google.com කියන්නේ මිනිසාට කියවා ගත හැකි ලෙස තියන ආකාරය.නමුත් ඒහි IP ලිපිනය 215.096.56.101 වගේ ඒකක්.ඒක මතක තබා ගැනිම අපහසු නිසා තමයි Google.com කියන ඒක අපි භාවිතා කරන්නේ.අපි දන්නවා URL(Universal Resource Locator) ඒක ගැන.Google.com කියන්නේ URL ඒකක්.ඒවගේම DNS(Domain Name Server) කියල ඒකකුත් තියනව.මේ DNS ඒක මගින් ඔබේ URL ඒක දිහා බලලා ඒයට අදාල IP Address ඒක සොයා ගන්නවා.හරියට අපි දුරකථන නාමාවලිය දිහා බලලා දුරකථන අංකයක් හොයාගන්නව වගේ.
මෙතන ඉදල වැඩේ ටිකක් සංකිර්ණයි.ඔබ යවන සෑම දත්තයක්ම කුඩා පැකට් වලට කඩනව.හිතන්න ඔබ යාලුවෙකුට පොතක් යවනව කියල,පිටුවෙන් පිටුව;සෑම පිටුවකම ඔබ විසින් යවන්නාගේ ලිපිනය,නැවත සකසා ගන්න පහසු විදියට පිටු අනුපිලිවෙල,පොතේ පිටු කියක් තිබුනද කියල කියන්නත් අවශ්‍යයි.ඊට අමතරව සෑම පිටුවකම ඔබේ ලිපිනයත් සටහන් වෙන්න ඔන ඒ යම් හේයකින් යවන්න බැරි උනොත් ආපසු ඔබටම ලැබෙන්න.මේ සියල්ල දත්ත පැකට් වලත් සිදු වෙනව.
ඉතින් සෑම පැකට් ඒකක්ම යවන්නගේ,ලබන්නාගේ IP ලිපින,යවන පැකට් ගණන,ඒවා සම්බන්ද විය යුතු පිලිවෙලත් අඩංගු වෙනව.
මේ පැකට් රවුටරය කියන උපකරණයට තමයි යන්නේ.ඒතනින් තවත් රවුටරයකටත් තවත් ඒකකටත් ලෙස ලබන්නා දක්වා ගමන් කරනව.මෙලෙස ගමන් කරන්නේ බාධාව අඩුම මාර්ගයේ.මාර්ගය සොයා ගන්නේ IP ඒකේ තියන සංඛයා අනුව ගමන් කරල.පළමු අංක තුනෙන් විශාල ප්‍රදේශයත්,ඉතිරි අංක වලින් නිශ්චිත ප්‍රදේශයකුත් හගවනව.ඒකත් හරියට දුරකථනයක වගේ.
දත්ත පැකට් විවිද මාර්ග ඔස්සේ ගමනාන්තයට ලගා වෙන්න පුලුවන්.ඒය අනුපිලිවෙලටම ඒන්නෙත් නැහැ.පැකට් සියල්ල පැමිණි පසු පරිගණකය පිටු සියල්ල පිලිවෙලට තියල පොත හදා ගන්නව. අවසානයට දත්ත සම්ප්‍රශණය නවතා දමනව.
මේක තමයි අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරණ සරලම ආකාරය.
Read More:
0 comments:
Post a Comment