Thursday, September 6, 2012

කොහොමද මේ Dual-core Processors වැඩ කරන්නේ?

  සෑම පරිගණකයකම ප්‍රොසෙසර් ඒකක් තියනව.ඒක පෞද්ගලික පරිගණකයකටත් Powerhouse වල තියන පරිගණකයකට උනත් පොදු දෙයක්.Processor ඒකක් නැතුව පරිගණකය ක්‍රියාකාරි වෙන්නේ නැහැ.මේ Processor ඒකටම CPU(Central Processing Unit) කියලත් කියනව.
  අද භාවිතාවන Processors අවම වශයෙන් dual-core වත් වෙනවා.ඒ කියන්නේ Processor ඒක ඇතුලේ වෙන් වෙන්ව 'cores'' 2 තියනව කියන ඒක.ඒ දෙකෙන්ම  ඒක විට තොරතුරු process කරන්න පුලුවන්.


අපි බලමු මේ Processor cores කියන්නේ මොනවද කියලා?
  Processor cores  ඒකක් කියන්නේ යම්කිසි නිශ්චිත කාර්‍යක් කරන්න ලැබෙන උපදෙස් කියවාගෙන ඒවා process කරන ඒකකයට.මේ උපදෙස් ලැබෙන්නේ ඒකකට පස්සේ ඒකක් විදියට.ඇත්තටම ඔබ පරිගණකයකයෙදි කරන සැම වැඩක්ම Processor ඒක හරහා process විමකට ලක් වෙනවා.ඔබ folder ඒකක් open කරන කොටත්,වචනයක් ටයිප් කරන කොටත්,යමක් අදින විටත්,game ඒකක් play කරන කොටත් ආදි සැම විටම process විමක් සිදුවෙනවා.
කොහොමද Processor ඒක වැඩ කරන්නේ?
  Processorඒකේ සැලසුම් නිර්මාණය ඉතාම සංකීර්ණ ඒකක්.ඒය වර්ගයෙන් වර්ගයටත්, සමාගමෙන් සමාගමටත් වෙනස්වෙනවා.දැනට භාවිතා වන Intel සමාගමේ 'Ivy Bridge' වගෙම AMD සමාගමේ 'Piledriver' වගේ සුපිරි Processor නිරතුරුවම වැඩිදියුණු කිරීම් වලට ලක් වෙනවා.ඒහි ප්‍රතිපලයක් ලෙස ඉතා කුඩා ප්‍රමාණයේ,අවම විදුලි පරිභෝජනයක් කරන සුපිරි වෙගයෙන් යුත් Processor නිපදවමින් පවතිනව.
   මේ කුමන ආකාරයේ Processor ඒකක උවත් instruction process කිරිමේදි භාවිතා වන්නේ ප්‍රධාන පියවර 4 පමණයි.
  1. Fetch
  2. Decode
  3. Execute
  4. Writeback
1.Fetch 
     මේ පියවරේදි තමයි ඔබට කිරිමට අවශ්‍යය කාර්යය හදුනාගන්නේ.processor core ඒක process විමට බලා සිටින තොරතුරු ලබාගන්නවා.සාමාන්‍යයෙන් මේ තොරතුරු තියෙන්නේ RAM ඒකේ.හැබැයි දැනට භාවිතා වන අලුත් processor වල නම් මේ තොරතුරු cache memory කියන processor ඒකෙම තියන කොටසට කලින්ම ඇවිල්ලා සුදානමින් තියනව.processor ඒක ඇතුලේ තියන program counter කියන කොටස ප්‍රධාන ලෙසම bookmark ඒකක් වගේ ක්‍රියාකරනව.ඒය processor යට දැනුම් දෙනවා අවසාන instruction ඒක නිමවු තැන සහ නව instruction ඒක ඇරභිය යුතු තැන.
2.Decode
     processor ඒක ආසන්නම instruction ඒක Fetch කර වහාම විකේතනය කිරිම ඇරඹෙනවා. මේ සදහා processor core  ඒකේ කොටස් කිපයක්ම දායක වෙනව.Instruction ඒකකත් ප්‍රධාන කොටස් 2ක් තියනවා.ඒ op code සහ operand ලෙස.මේ  op code ඒක තමයි processor core  ඒකට කියන්නේ ලැබිලා තියන දත්තවලට මොකද්ද කරන්න ඔන කියලා.
උදා:Instruction ඒක ලැබුනේ 10 ට 5 ඒකතු කරන්න කියලනම්,මේ instruction ඒකේ op code ඒක තමයි ඒකතු කරන්න(+) කියන ඒක.
3.Execute
      මේ පියවරට ඒනකොට processor ඒක දන්නව instruction ඒකට මොකද කරන්න ඔන කියලා.ඉතින් ඒයා ඒක කරන්න ඔන කොටසට යවලා වැඩේ කර ගන්නව.

  උදා: ගණිතමය කොටස් විසදිමට තියෙන්නේ ALU (Arithmetic Logic Unit) ඒක.මේ කොටසට සම්බන්ද වෙලා තියනව විවිද input සහ output වලට. ඒවා මගින් අදාල අංක ඒහාට මෙහාට යවලා නියම පිලිතුර ලබා ගන්නව.


4.Writeback 
     අවසන් පියවර තමයි Writeback කියන්නේ.මෙහිදි ඉහත ලබාගත් පිලිතුර processor ඒකේ තියන General purpose memory වලට යවනවා.ඒ තොරතුරු නැවත process ක්‍රියාවලියට අවශ්ය උනොත් ලබගන්න.මේ සියල්ලම අවසානයේ යන්නේ RAM ඒකට.

   මේ ක්‍රියාවලිය නිරන්තරයෙන්ම චක්‍රියව සිදුවන්නක්.ඒ වගෙම සුපිරි වෙගයකිනුත් මෙය සිදුවෙනවා.අද භාවිතාවන සංඛයතය වැඩ් වෙගවත් Processors නිස මේක තවත් වෙගවත් වෙනව.

0 comments:

Post a Comment