වින්ඩොස් 8 පරිගණකයට දාගත්තද?මොකද හිතන්නේ ඒක අනෙක් හැම මෙහෙයුම් පද්ධතියටම වඩා වේගවත් නේද?ඇත්තටම වින්ඩොස් 8 වල boot වේගය පෙර ආ සංස්කරණ වලට වඩා වේගවත්,කුඩා මෙමරි usage ඒකක් තමයි තියෙන්නේ.ඒ වගෙම ඒහි desktop ඒකත් ප්‍රසන්න උද්යොගිමත් හැගිමක් ලබා දෙනව.වින්ඩොස් 8 වල වේගය තවත් වැඩි කරගන්න ඔන නම් ඒ සදහාත් settings රාශියක් තියනව වෙනස් කරගන්න පුලුවන්.
1.Disable time-wasting Animation
වින්ඩොස් 8 වල (වින්ඩොස් 7 වල වගේම ) අපි ඇප්ලිකේශන්ස් Minimize,Maximize,Open,close ආදිය කරන කොට animation ඒකක් display වෙනව.ඒවා ඇසට ප්‍රියමනාප ලස්සන ඒවා තමයි.නමුත් ඒවා මගින් අනවශ්ය්ය පමාවක් ඇති කරනව.මේ animations disable කිරිම මගින් ක්ෂනිකව වින්ඩොස් සංක්‍රමණය කරගන්න පුලුවන්.
මේ සදහා Windows key ඒක press කරල system performance properties යන්න type කර Enter කරන්න.පස්සේ ඉහත පෙන්නා තිබෙන කොටු uncheck කරන්න.
2.Pinpoint Apps using lots of resources
වින්ඩොස් 8 වල නව Task Manager මගින් පුලුවන් සියුම් ලෙස පරිගනකය අඩාල කරන වැඩසටහන් පහසුවෙන් සොයා ගන්න.Desktop task-bar ඒකේ Right-click කරල Task Manager තොරා ගන්න පුලුවන්.
Applications භාවිතා කරන ගොඩක් Resources පිලිබද දල අදහසක් මෙමගින් ලබා දෙනව.ඔබට විස්තර සහිතව පරණ ආකාරයේ list ඒකක් අවශ්‍ය නම් ඒය පෙන්වන්නේ Details වල.
3.Manage your startup programs
වින්ඩොස් Task Manager මගින්ම දැන් ඔබට පරිගණකර ආරම්භ වන විටම ක්‍රියාත්මක වන වැඩසටහන් කලමණාකරණය කරගන්න පුලුවන්.ඒ සදහා Startup tab ඒක භාවිතා කරන්න ඔන.මෙහිදි වින්ඩොස් විසින් අදාල වැඩසටහන ආරම්භ විමට කොපමන කාලයක් වැයවෙනවාදැයි ගණනය කර ඒය startup impact තිරුවේ දක්වනව.මෙහි ඇති disable මගින් ඔබට අනවශ්‍යය වැඩසටහන් නවතා දැමිය හැකියි.
4.Use included security program's
පරිගණකයේ ආරක්ශා කර ගැනිමට තුන්වන පාර්ශවයක් විසින් ලබා දෙන ප්‍රතිවෛරස වැඩසටහනක් භාවිතා කරනවා වෙනුවට වින්ඩොස් 8 තුලම තිබෙන Security application ඒක භාවිතා කරන්න පුලුවන්.ඒය හදුන්වන්නේ Windows Defender නමින්.මෙය ඉතා හොද ප්‍රතිවෛරස වැඩසටහනක් ලෙස ක්‍රියා කරනව.
වින්ඩොස් 8 පරිගණකයට ස්ථාපනය කර ගැනිමට තිබිය යුතු අවම අවශයතා
- Processor: 1 GHz (with PAE, NX and SSE2 support) either 32-bit or 64-bit
- Memory: 1 GB - 2 GB
- Graphics Card: DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
- Storage: 20 GB
දෙවන කොටස........
0 comments:
Post a Comment