Saturday, December 15, 2012

වින්ඩොස් 8 පරිගණකයට දාගත්තද? (Part 2)

WINDOWS 8 TIPS

මේක කලින් ලිපියෙම දෙවන කොටස.මතකයිනේ මම වින්ඩොස් 8 වල වේගය වැඩි කරගන්න පුලුවන් ක්‍රම කිපයක් කිව්වා.මේ තියෙන්නේ ඒ වගේම තව පොඩි වැඩ ටිකක්.

5.Modify Power settings
   වින්ඩොස් 8 වලත් බැටරි බලය(විදුලිය )සහ කාර්යක්ශමතාව නිශ්චය කිරිම සදහා Power plans භාවිතා වෙනව.ඒය ලබා ගැනිමට Windows key ඒක press කර Power plans type කර Enter කරන්න.ඒයින් settings තොරා ගන්න.
   සාමාන්‍යයෙන් ඒය පවතින්නේ Balanced mode ඒකේ.වින්ඩොස් මගින් මෙහිදි ඉබේටම CPU ඒකේ වේගය අනවශ්‍යය අවස්ථාවල අඩු කිරිම කරනව.ඒමගින් විදුලිය ඉතිරි කර ගන්න පුලුවන්.ඒ වගෙම මෙහි Power saver සහ High performance දෙකකුත් තියනව.
6.Put your computer to sleep
   වින්ඩොස් 8 වල තියන මතභේදයට තුඩු දුන්න ලක්ෂණයක් තමයි ඒහි තියන shut down ඒක හන්ගල තියන ඒක.ඒකට හේතුව තමයි Microsoft ලට අවශ්ය වෙලා තියනව පරිගණකය shut down කරනව වෙනුවට Sleep කියන mode ඒකට උනන්දු කරවන්න.
   අපි sleep භාවිතා කරන කොට පරිගණකය අවම විදුලි පරිභෝජනයකට යනව.ඒහිදි විදුලිය වැයවෙන්නේ open කරල තියන files සහ folders වල තොරතුරු RAM ඒකේ තියා ගන්න විතරයි.ඔබ පරිගණකය ඉදිරියට ගිය වහාම ඒවිට ඒය යතා තත්වයට පත් වෙනව.
   ඔබට Sleep button ඒක සොයාගන්න පුලුවන් වෙන්නේ charm bar  ඒකේ තියන settings මගින්.ඒ සදහා Windows key + C -- Click settings--click power--select sleep යන පියවර භාවිතා කරන්න. 

7.Optimize your hard drive
   වින්ඩොස් 8 වල තියෙන්නේ disk defragment  ඒක Optimize drives නමින්.ඒයට ඇතුල් විමට Windows key ඒක press කරල defragment  type කරල Enter කරන්න ඔන.අමතක කරන්න ඒපා වින්ඩොස් 8 මගින් automatically ම සතියකට වතාවක් ඔබේ  drives Optimize කරනව කියල.
8.Control windows Indexing
   Windows Indexing service ඒක ස්වයන්ක්‍රියවම පරිගණකයේ තියන Files,folders කරල අධික්ශණය කරනව.ඒ නිසා පමාවකින් තොරව ක්ෂනිකව search කරගන්න පුලුවන්.Indexing CPU time ඒක වැඩිපුර භාවිතා කරනව.ඒ නිසා ඒය disable කිරිම මගින් CPU usage ඒක අදු කරල වේගය වැඩි කරගන්න පුලුවන්.
   මේ සදහා Windows key ඒක press කරල Services.msc  type කරන්න.මතුවන වින්ඩොවෙන් Windows search තොරාගෙන ඒය මත Right click කර properties තොරා ගන්න.
      Startup type box ඒකේ disable තොරාගෙන stop කර ok කරන්න.
    ඔයාල ලගත් මේ වගේ වින්ඩොස් 8 වල tips තියනවනම් comment ඒකක් දාල ඒවා share කර ගන්න.


1 comment:

  1. ඔන්න බුක් මාර්ක් කරගත්ත පස්සේ දවසක වැදගත් වෙයිනේ....

    ReplyDelete