Thursday, December 6, 2012

වින්ඩෝස් වල ෆොල්ඩර් පාට කිරිම..

   නිර්මාණශිලිත්වය සහ සංවිධානාත්මක බව කියන වචන දෙක ඒකටම වගේ යන දෙයක්.නිර්මාණශිලිත්වය මගින් සංවිධානාත්මක බව ඇති කර ගන්න පුලුවන්.ඒමගින් මතුවිය හැකි ප්‍රශ්න මෙන්ම වැයවන කාලයද අවම කරගත හැකියි.මෙ කාරණය පරිගණකයක් භාවිතයේදි විතරක් නෙවෙයි අපගේ ජීවිත වලටත් අදාලයි.
   හරි..හරි.. මම කියන්න හැදුවේ නම් ජිවිතේ ගැන නෙවෙයි.පරිගණකයක් භාවිතයේදි අපට මතුවන ගැටලුවක් මගහරවා ගන්න තියන ක්‍රමයක් ගැන.අපි ඩොකියුමන්ට් ඒකක් ඔපන් කරන කොට ඒ තුල තියන ෆොල්ඩර්ස්(Folders) පෙන්නේ මෙන්න මේ වගේ,


   සමහර විට මිටත් වඩා Folders තියෙන්න පුලුවන්.ඒතකොට ඒවා ඒකිනෙක හදුනාගන්න සැහෙන අමතර කාලයක් වැය කරන්න වෙනව.කොහොමද අදුරගන්න පහසුවෙන විදියට Folders පාට කරා නම්?අනෙක්වා අතරින් අවශ්‍යය දේ පහසුවෙන් වෙන් කරගන්න පුලුවන් වේවි.මෙන්න මේ වගේ.
   මේ තියෙන්නේ එහෙම Folders පාට කරගන්න පුලුවන් හොද මෘදුකාංග 3 ක්.
01.Folder colorizer
   Folder colorizer කියන්නේ softorino කියන සමාගම නිර්මාණය කල වැඩසටහනක්.මේක download කරගෙන පරිගණකයේ install කර ගන්න පුලුවන්.Install කිරිමේ දි පහල කරුනු දෙක ගැනත් සැලකිලිමත් වෙන්න.













    Activated කරගත්තට පස්සේ  Folder ඒක උඩ Right click කරල පාට තොරගන්න පුලුවන්.
02.Folderico
Folderico කියන මෘදුකාංගය Shedko සමාගමේ නිර්මාණයක්.පහසුවෙන් පරිගණකයට Install කරගන්න පුලුවන්.
Folderico software ඒකත් ඒක්ක theme 2ක් ඒනව.ඊට අමතරව theme ඔන නම් ඔයාලට නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්.
03.Folder marker free(XP)

 කලින් දෙකම වින්ඩොස් 7 වලටනේ.අපි ගොඩක් දෙනෙක් තාම XP භාවිතා කරන නිසා මේ Software ඒක ඒ අයට.

0 comments:

Post a Comment