සෑම නිවසකටම ඊට අනන්‍යය වු අංකයක් තියනව,ඒ අනෙක් ගෙවල් වලින් ඒ ගෙදර වෙන්කරලා හදුනාගන්න. ඒ වගේ තමයි හැම පරිගණකයක්ම අන්තර්ජාලයට සම්බන්ද වන විට ඊට අනන්‍යය වු ලිපිනයක් ලබා දෙනව.ඒක තමයි IP Adress ( Internet Protocol address )කියලා කියන්නේ.පරිගණක ජාල කරණයේදිත් මේ කියන ආවේණික ලිපිනය භාවිතා කරලා තමයි ජාලයට සම්බන්ද උපකරණ එකිනෙක හදුනාගෙන ඒ අතර සන්නිවේදන කටයුතු කරගන්නේ.
දැනට භාවිතා වන IPv4 ලිපිනයක් තිත් වලින් වෙන් වු අංක කාණ්ඩ 4 දරනව.
උදා:-172.16.254.1
මෙහෙම තිතකින් වෙන් වෙලා තියන අංක තුනට තමන්ට ඔන අගයක් ගන්න බෑ.ඒවට අඩංගු වෙන්න පුලුවන් 0 ත් 255 අතර අගයන් විතරයි.ඒ කියන්නේ මේ IP Adress ඒකකට ගන්න පුලුවන් කුඩාම අගය 0.0.0.0 උපරිම අගය 255.255.255.255 වෙනවා.මේ අගයන් අතර ඔනෑම අගයක් IP Adress ඒකක් වෙන්න පුලුවන්,හැබැයි 0.0.0.0 සහ 255.255.255.255 කියන ලිපින දෙක නම් ඔයාලට ලැබෙන් නැහැ ඒකට හේතුව තමයි ඒම ලිපින අන්තර්ජාල සේවා සපයන ආයතන වලට වෙන් කර තිබිම.
ඔයාලට හිතා ගන්න පුලුවන්ද මේ විදියට IPv4 වලදි ලිපින කියක් භාවිතයට ලැබෙනවද කියලා? ඒ ගණන බිලියන 4.2 .ඒකේ අදහස් වෙනවා ඒකම වෙලාවකදි බිලියන 4.2 කට අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන් කියල.
අන්තර්ජාලයේ සිදුවන නිරන්තර විශාලනය සහ ඉල්ලුම නිසා දැනට භාවිතා වන IPv4 වලින් ලැබෙන IP Adress ගණන ඉදිරියේදි මදි වේවි.ඒ නිසා පරිගණක ඉංජිනේරුවන් නවතම IPv6 addresses හදුන්වා දෙනවා.මෙහි බ්ට් 128 IP Adress rang ඒකක් තියනව.මිලග පරම්පරාවේ IP Version ඒකවන මෙමගින් ලබාගත හැකි IP ලිපින ගණන 3.403×1038 යැයි ගණන් බලා තිබෙනවා.
0 comments:
Post a Comment