Friday, April 26, 2013

ජිපීඑස් පද්ධතියක ක්‍රියාකාරිත්වය:how GPS Works...

 
  ලොව ඔනැම තැනකදි තමන් සිටිනා තැන නිවරදිව දැනගන්න පුලුවන් නිවරදි ක්‍රමයක් තියනව.ඒ තමයි ගෝලීය ස්ථාන නිර්ණ පද්ධතිය නැත්නම (GPS:Global Positioning System)ඒක.මම මිට දින කිපයකට පෙර ඒහි ඉතිහාසය ගැන පොඩි ලිපියක් ඉදිරිපත්කලා ඒ GPS වල ඉතිහාසය නමින්.කියවල බලළම මෙතෙන්ට ඒන්න.
  ඔයා ඒ ලිපිය කියවපුවහම හිතන්න ඇති කොහොද මේ ජිපීඑස් ක්‍රියාකරන්නේ කොහොමද කියල.මේ තියෙන්නේ ඒ ගැන කෙටි සටහනක්.
අන්තර්ජාලය,න්‍යශ්ටික තාක්ශණය,සහ ජිපීඑස් තාක්ශණය යන ඒවා පිළිබද තියන පොදු දේ තමයි මේ සියලුම දේවල් නිර්මණය උනේ යුධ කටයුතු සදහා පහසුකම් සලස ගන්න.අන්තර්ජාලය වෙගයෙන් සහ පහසුවෙන් තොරතුරු හුවමාරු කරගන්න,න්‍යශ්ටික තාක්ශණය ප්‍රබල අවි නිපදවන්නත්,ජිපීඑස් තාක්ශණය විදේශයන් හිදි හමුදාවන්ට පහසුවෙන් මාර්ග සොයා ගන්නත් භාවිතා කලා.


  ගෝලීය ස්ථාන නිර්ණ පද්ධතිය ඇත්තටම පොළවට ඉහලින් රදවා ඇති මිනිසා විසින් නිපදවු චන්ද්‍රිකා 27 යුත් ජාලයකින් සමන්විතයි.ඉන් 24 පමණයි ක්‍රියාකරිව තියෙන්නේ ඉතිරි 3 තියල තියෙන්නේ යම් හෙයකින් චන්ද්‍රිකාවකට යමක් උනොත් ඒ වෙනුවට භාවිතා කරන්න.සෑම අවස්ථාවකම ඔබට ඉහල අහසේ මෙවැනි චන්ද්‍රිකා 4 වත් තියනව.
  කක්ශගත කරල තියන චන්ද්‍රිකා සමග සම්බන්ද වෙන්න පොළව මත පිහිටි මධ්‍යස්තාන 5 හරහා,ඉන් ප්‍රධාන මධ්‍යස්තානය පිහිටල තියෙන්නේ  ඇමෙරිකාවේ
Colorado වල.මේ මධ්‍යස්තාන වලට ලැබෙන තොරතුරු ඒකතු කරල යවනව ප්‍රධාන ස්ථානයට.ඒතනදි තමයි අවශ්‍යය වෙනස් කම් කරල නැවත ජිපීඑස් චන්ද්‍රිකාවට යවන්නේ.

  හරි දැන් අපට තියනව චන්ද්‍රිකා ජාලයක් සහ ඒවාට සම්බන්දිත මධ්‍යස්තාන ඒ මේ අතට තොරතුරු හුවමාරු කරගන්න පුලුවන් වෙන.ඒතකොට කොහොමද අපේ අතේ තියන දුරකථන,රථවාහන වල තියන ජිපීඑස්  පද්ධති කොහොමද වැඩ කරන්නේ?
ඔයාගේ උපකරණය කියන්නේ ජිපීඑස්  receiver ඒකක්.සරළව කිව්වොත් ඔයාගේ උපකරණයට චන්ද්‍රිකාවල ඉදල දත්ත ලැබෙනව.දත්ත කිව්වේ මොනවද?දත්ත කියල ඔයාගේ උපකරණයට ලැබෙන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවේ සිට උපකරණයට තියන දුර.ඔයා හිතනව ඇති මට මොකටද ඒකට තියන දුර මට ඔන මම ඉන්න තැන දැන ගන්නනේ කියල.හරි ඒකට තමයි මේ දුර භාවිතා වෙන්නේ.ඒම දත්ත උපයොගි කරගෙන ඔයාගේ ජිපීඑස්  ඒකට පුලුවන් ඔයා ඉන්න තැන හොයා ගන්න.
  හිතන්න ඔයා කොහෙහරි කැලයකදි අතරමං උනා කියල,ඔයා අතේ තියනව දුරකතනයක්,ඔයා ඒකෙන් කතා කරනව ඔයාගේ යාලුවෙක්ට ඒයාට පුලුවන් ඔයාට හරියටම ඔයා කතා කරන්නේ කොච්චර දුර ඉදන්ද කියන්න,ඔයා ඒයාගෙන් දුර අහගන්නව.හිතන්න ඒ  දුර 20කි.මි කියල ඔයා දැන් ඉන්නේ ඒ යාලුව ඉන්න තැන ඉදල 20කි.මි වෘතයක් ඇතුලේ.

  ඒමදි ඔයා ඒ වෘතයේ ඔනෑම තැනක ඉන්න පුලුවන් නිසා.ඒ නිසා ඔයා තව යාලුවෙක්ට කතා කරල ඒ වගේම ඔයාල දෙන්න අතර දුර අහ ගන්නව,ඉට පස්සේ ඒ අරය සහිතව වෘතයක් ඇද ගන්නව.මේ විදියට තුන් දෙනෙක්ට විතර කථා කරල දුර අහගෙන වෘත ඇදගෙන ඒවා ඒකට කැපිළ යන ස්ථානය හොයා ගන්නව ඒතමයි ඔයාගේ පිහිටුම.




  මීට සමාන තාක්ශනයක් තමයි ජිපීඑස් චන්ද්‍රිකාවල දිත් භාවිතා වෙන්නේ.ඉහළ අහසේ කක්ශගත කරල තියන චන්ද්‍රිකා තමයි ඉහත උදාහරණයේ සදහන් කල යාලුවන් විදියට ක්‍රියා කරන්නේ.ඇත්තටම චන්ද්‍රිකා පිහිටන්නේ ත්‍රිමාන අවකාශයක නිසා ඒක් ඒක් චන්ද්‍රිකාවේ සිට පොළවේ ඔබ සිටින තනට ඇති දුර අනුව අදින ගොල ඒකිනෙක ජේදනය වෙන්නේ ඉහල අවකාශයේ උනත් සියලුම දත්ත විශ්ලේෂණය කරල පොලවේ ඔබ සිටින තැන හරියටම උපකරණය මගින් පෙන්වා දෙනව.
  වඩාත් සාර්ථක ජිපීඑස්  දත්ත සැපයුමක් සදහා අවම වශයෙන් ඔබට ඉහළින් තියන චන්ද්‍රිකා 4 වත් උපකරණය සමග සම්බන්ද වෙන්න ඔන.මේ නිසා තමයි ඔබේ උපාංගයට ජිපීඑස්  දත්ත ලබා ගන්න වඩා වැඩි කාලයක් ගත වෙන්නේ.සමහර වෙලාවට ජිපීඑස්  සංඥා නොලැබි යන්නෙත් මේ නිසා,ඇත්තටම චන්ද්‍රිකා 1,2 සමග සාම්බන්ද වුනාට හරියටම තැන නිර්ණය කරගන්න බැහැ.


  ඇත්තටම ජිපීඑස්  තාක්ශණය පිටුපස සංකිර්ණ ගණනය කිරිම් තියනව.හිතා ගන්න පුලුවන්නේ ඔබේ දුරකථනේ බැටරිය ඉතා ඉකමනින් ක්ශය වෙන්නේ මොකද කියල.මේන්න මේ ගණනය කිරිම් සහ ඒවායේ නිරන්තර වෙනස් කිරිම් තමයි හේතුව.


0 comments:

Post a Comment