
මම කලින් ඉදිරිපත් කල වෙබ් 2.0 සහ 3.0 කියන ලිපි දෙකේ දිගුවක් තමයි මේ ලිපිය.ඒ කියන්නේ වෙබ් අඩවි වල අනාගතය කෙසේ වෙවිද කියන ඒක www නිමානය කල පුරොගාමියා වන ටිම් බර්නස් ලී ගේ අදහස තමයි මේ.ඊට කලින් වෙබ් 2.0 සහ3.0 ගැන කියවල ඉන්න ඒක ඔයාට පසුවක් වෙයි.
ඔහු වෙබ් වල අනාගතය ලෙස දකින්නේ මම කලින් ලියපු වෙබ් 3.0 වලදි ඉදිරිපත් උන අදහස් වලට සමාන අදහසක්.ඒයා ඒකට දිල තියන නම තමයි Semantic web කියන ඒක.දැන් තියන වෙබ් අඩවි නිර්මාණය වෙලා තියෙන්නෙම මිනිස්සුන්ට ගැලපෙන විදියට,ඒ කියන්නේ අපිට පහසුවෙන් වෙබ් අඩවියකට ගිහින් ඒකෙ තියන දේවල් තෙරුම් කර ගන්න පුලුවන්,නමුත් පරිගණකයකට මේ හැකියාව නැහැ.ඒ වගේම වෙබ් සර්ච් ඒන්ජින් ඒකක් කරන්නෙත් කී වර්ඩ්(keyword) හොයාගෙන ඒවා ඉදිරිපත් කිරිමයි,ඒයට ඒ කී වර්ඩ් තෙරුම් අරගන්න බැහැ.
Semantic වෙබ් වලදි පරිගණකය විසින් වෙබ් අඩවියේ අඩංගු දැ කියවල Software Agents කියන මෘදුකාංග මගින් ඒවා තෙරුම් ගන්නව.මේ AGENTS තමයි වෙබ් අවකාශය පුරා සැරිසරමින් වෙබ් අඩවි වල තියන දෑ තෙරුම් ගන්න crowl වැඩසටහන්.මෙය කල හැකි වෙන්නේ semantic වෙබ් අඩවි සතුව Onotologies කියන තොරතුරු තියන නිසා.(an ontology is a file that defines the relationships among a group of terms. For example, the term "cousin" refers to the familial relationship between two people who share one set of grandparents.)

0 comments:
Post a Comment