Thursday, March 7, 2013

යු ටියුබ් ඒකට විඩියෝ අප්ලොඩ් කරමු.(Uploading video to YouTube)


  අපට තියන වටිනාම වෙබ් අඩවියක් තමයි You Tube කියන්නේ.ඒමගින් අපට පුලුවන් විවිධ වර්ග වලට අයත් විඩියො,සිංදු වගේම විවිධ තොරතුරුත් හොයා ගන්න.විනොදාස්වාදය සපයන වෙබ් අඩවි අතරින් ඉහලින්ම තියෙන්නේ You Tube වෙබ් අඩවිය.මේ වෙබ් අඩවිය අයිති ගුගල් සමාගමට.ඔවුන් පහසුකම් දිලා තියනව ඔන කෙනෙක්ට You Tube වලට තොරතුරු ඒකතු කරන්න.ඉතින් ඔයාටත් ඔනනම් විඩියො ඒකක් You Tube වලට ඒකතු කරන්න ඒ ගැන තමයි මම අද කියන්නේ.මේ දේ විවිද ක්‍රම වලට කරගන්න පුලුවන් උනත් මම කියන්නේ බ්‍රවුසරය මගින් විඩියෝ ඒකක් අප්ලොඩ් කරගන්න හැටි.
  ඔක්කොටම ඉස්සෙල්ලා You Tube වල එකවුන්ට් ඒකක් හදා ගන්න ඔන.කොහොමද ඒක කරන්නේ,හරිම ලේසි මම කලින්ම කිව්වනේ You Tube කියන්නේ ගුගල් සමාගමට අයිති දෙයක් කියල ඒක නිසා පහසුවෙන්ම ඔයාගේ ජි-මේල් ලිපිනය සහ පාස්වර්ඩ් ඒක භාවිතා කරල ලොග් වෙන්න පුලුවන්.

  ඔයා You Tube වලට ලොග් උනාට පස්සේ ඔයාට යමක් අප්ලොඩ් කරන්න පටන් ගන්න පුලුවන්.ඒක කරගන්න පුලුවන් ක්‍රම දෙකක් තියනව,

  • Select files to upload to YouTube
  • Drag and drop
  ඔබ අප්ලොඩ් කරන ෆයිල් ඒක තොරා ගත්තට පස්සේ ක්‍රියාවලිය ඉබේටම ආරම්භ වෙනව.ෆයිල් ඒක අප්ලොඩ් වෙන්න ගත වෙන කාලය ඒහි ධාරිතාවය,ෆයිල් ටයිප් ඒක,කාලය සහ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය මත රදා පවතිනව.
නමුත් ඒය අප්ලොඩ් කිරිමට පෙර කල යුතු දේවල් ටිකක් තියනව.මේ තියෙන්නේ ඒවා.
  • Change title.
  • Add description.
  • Add tags.
  • Choose video thumbnail.
  • Set privacy settings.
  • Create a message to send to subscribers (optional).
  • Decide whether to share to social networks (optional).
  • Choose a category
ඒ වගේම පෞද්ගලිකත්වය ගැන හිතන කොට ඒ සම්බන්දයෙනුත් සිදුකරන්න පුලුවන් වෙනස් කම් තුනක් තියනව.
  • Public – Anyone can search for and view your video.
  • Unlisted – Hidden from YouTube and Google search, but viewable by anyone with the link.
  • Private – Only people you choose can view, which you can add by name, Google+ circles or by email.  
   සාමාන්‍යය තොරතුරු ඇතුලත් කරල ඉවර උනාට පස්සේ අවශ්‍යය නම් Advanced settings වලටත් ගිහින් අවශ්‍යය වෙනස් කම් කරන්න පුලුවන්.

1 comment: