Thursday, November 22, 2012

අභාවයට යන CD/DVD වලට විකල්පයක් තියනවද?

   පරිගණක ඒන්න ඒන්නම කුඩා වෙනව,පරිගණක ආශ්‍රිත ජිවන රටාව වෙනස් වෙනව,ඒ අතර CD/DVD කියවන වගේ Optical drivers රදවා තබන්නට තරම් විශාල උපකරණ නැති වෙමින් යනව.වර්ථමානයේදි වෙළදපොලේ බහුලව තියෙන්නේ Blu-ray තාක්ශණය සහිතව ඒන විඩියො තැටි.නමුත් දත්ත ගබඩාකරණය සලකපුවහම CD/DVD කියන ඒවා ක්‍රමයෙන් අභාවයට යනව.
   නමුත් තවමත් සැහෙන පාරිභොගිකයින් ප්‍රමාණයක් කැමති තමන් මිලදි ගන්නා චිත්‍රපටය හෝ සංගිත තැටිය CD/DVD ඒකකින්ම ලබා ගන්න.මේ තත්වයත් ලගදිම 'Streaming services' විසින් අත්පත් කර ගනිවි.
   Blu-ray වල මතක ධාරිතාව 50Gb තරම් විශාල අගයක්.ඒමෙන්ම දැනට භාවිතා වන ලාභදායිම මාධ‍යත් මේක.ඒ වගේම ප්‍රශෂ්ත තත්ව යටතේ ඒ කියන්නේ උෂ්ණත්වය , ආර්ද්‍රතාවය,අපි ඒවා භාවිතා කරන ආකාරය අනුව,Blu-ray තැටි වල ආයුකාලය වසර 50 පමණ වෙනව.පුදුමයි නේද?
  ඒතකොට ඔයාලට ප්‍රශ්ණයක් ඇති කොහොමද ඒහෙනම් Optical discs අභාවයට යන්නේ කියල.ඇත්තටම අභාවයට යන්නේ Optical drivers,ඒ කියන්න්නේ Optical discs කියවගන්න විදියක් නැති වෙනව.දන්නවනේ CD/DVD ධාවක,Blu-ray ධාවක වගේ ඒවා.මේ උපාංග තවත් වසර 50 යනවිට භාවිතයේ නැති කෞතුක වස්තු බවට පත් වෙන ඒක වලක්වන්න බැහැ.ඒ නිසා තමයි Blu-ray වල ආයුකාලය වසර 50 තරම් දිගු උනත් ඒ වනවිට ඔබට ඒවා කියවා ගන්න බැරි වෙන්නේ.ඒකට විසදුම තමයි වෙනත් දත්ත කියවාගත් හැකි මාධ්‍යකින් ඒවා ගබඩා කරල තියන ඒක.
   අපිට දත්ත ගබඩා කරල තියාගන්න අපිටම කියල සුවිශේෂි ක්‍රමයක් නැහැ.අපිත් කරන්නේ දැනට භාවිතයේ පවතින ක්‍රමයක් යොදා ගන්න ඒක.ප්‍රධාන වෙන්නේ ඔබ  ගබඩා කරන දත්ත වලට පහසුවෙන් පිවිසිය හැකිද යන්න ඒ වර්ථමානයේ දි මෙන්ම අනාගතයේදිත්.ඒ නිසා දත්ත ගබඩා කල යුතු මාධයය තිරණය වෙන්නේ ඔබේ අවශ්‍යයතාව මත.
   Optical disc වලට විකල්පයක් සොයන ඔබට වැදගත් වෙන විකල්ප මාධයන් 5ක ධාරිතාව(Capacity),1GB සදහා වැයවෙන මුදල(Price $)සාමාන්‍යය ආයුකාලය(Lifetime),සහ අනේකුත් උපාංග මෙහෙයුම් පද්ධති සමග ඇති අනුරුපතාව(Compatibility) පිලිබද සංසන්දනයක් ඉදිරිපත් කරනව.පහසුව සදහා ඒවා ඉංග්‍රිසියෙන්ම ඉදිරිපත් කරනව.
01)USB Stick
  • Capacity: regularly up to 128GB (256GB available)
  • Price: from $0.60 to $0.80 per GB
  • Lifetime: 10 thousand to 5 million write/erase cycles, approx. 2 to 20 years
  • Compatibility: theoretically any device with USB port
Flash-drives/USB drives තමයි Optical drivers වෙනුවට භාවිතා කරන්න පුලුවන් හොදම සහ පහසුම විකල්පය.හේතු තමයි අයුකාලය දිගු වීම,පහසුවෙන් ඒහා මෙහා ගෙන යා හැකි විම,විශාල වාර ගණනක් දත්ත ලිවිමට සහ මැකිමට හැකි විම.නමුත් Flash-drives වල 1GB සදහා වැයවෙන මුදල මදක් ඉහලයි.
02)SD(HC) Card
  • Capacity: up to 128GB
  • Price: from $0.62 to $1 per GB
  • Lifetime: 100 thousand to 1 million write/erase cycles, approx. 1 to 10 years
  • Compatibility: adapter or SD card reader required
මේක තමයි පහසුවෙන් ඒහා මෙහා ගෙන යා හැකි උපාංගය.සාමාන්‍යයෙන් 16-64GB දක්වා ධාරිතාවක් සහිත මේවා ප්‍රමාණයෙන් කුඩායි.දත්ත ලියන සහ මකන වාර ගණන අනුව ආයු කලය තිරණය වෙනව.
03) External Hard Drive (HDD)
  • Capacity: up to 3TB
  • Price: from $0.04 to $0.15 per GB
  • Lifetime: approx. 2-5 years
  • Compatibility: any device with USB port
HDD තමයි මිලෙන් අඩු ලාභදායිම විකල්පය.විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කිරිමේ පහසුකම සහිතයි.USB භාවිතා වන ඔනෑම උපාංගයක් සමග ක්‍රියා කරනව.මේකෙ තියන ගැටලුව තමයි බාහිරින් සිදුවන කම්පන නිසා හානි සිදුවිය හැකි විම.
04)External Solid State Drive (SSD)
  • Capacity: up to 256GB
  • Price: from $0.80 to $1.78 per GB
  • Lifetime: 100 thousand to 5 million write/erase cycles, approx. 5 to 20 years
  • Compatibility: any device with USB port
මිල සහ කල්පැවැත්ම සලකන විට SSD වලට තියෙන්නේ Flash-drives වලට හිමි තැනමයි.මිල අධිකයි නමුත් ආයුකාලය වැඩියි.
05)Cloud

  • Capacity: regularly up to 500GB with Dropbox (theoretically unlimited)
  • Price: from free to $1 per GB and year
  • Lifetime: theoretically unlimited, practically as long as service is available or as long as you pay
  • Compatibility: any device with internet access
ඔබේ දත්ත Cloud ඒකක ගබඩා කරන ඒක තමයි යොග්‍යම විකල්පය.ඒය backup,share සහ දත්ත ආරක්ශාකරන්න හොදම ක්‍රමයක්.මේ සදහා ඔබට අන්තර්ජාලය පදනම් වෙච්ච Cloud සේවා ලබා ගන්න පුලුවන්.බොහො සේවාවන් මගින් ඔබට 5GB දක්වා දත්ත නොමිලයේ ලබා ගත හැකි අතර ඔබට ඊට වඩා ඉඩක් අවශ්‍යය නම් ඒ සදහා මුදල් ගෙවිමක් කල යුතුයි.

Image Credit: contrib.andrew.cmu.edu , Google.com ,www.gadgetfolder.com

0 comments:

Post a Comment