Monday, November 19, 2012

වින්ඩොස් වල Boot Speed ඒක වැඩිකරගන්න කැමතිද?


   ඔබේ පරිගණකය boot වෙන්න කොච්චර වෙලා යනවද?මිනිත්තු 1...2...3...ක්?මිනිත්තු තුනකට වඩා නම් නොයනව ඇති.නමුත් මම පුදුම වෙන්නේත් නැහැ ඒ කාලය මිනිත්තු තුනට වඩා වැඩි කියල ඔබ කිව්වත්.ඒකට හේතුව තමයි අපේ අනුදැනුම ඇතිව හරි නැතුව හරි අපි අවසර දිලා තියනව පරිගණකය boot වන විටම start up වෙන විදියේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න.මෙහිදි අපේ පරිගණකය boot වෙන්න අවශ්‍යය පියවර වලට අමතරව මේ අනෙක් වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නත් පටන් ගන්න නිසා පරිගණකය අමතර කාලයක් ගන්නව.
   හරි අපි බලමු මේ පරිගණක වේගය දැන් තියන තත්වයෙන් ටිකක් ඉහලට අරගෙන ඒක boot වෙන වේගය වැඩි කරගන්නේ කොහොමද කියල.මේ සදහා ඔබට කලහැකි මුලික දේවල් තුනක් තියනව.
  • Msconfig: ඒකෙන් අනවශ්‍යය වැඩසටහන් සහ සේවා සොයා තාවකාලිකව විසන්දි කිරිම.
  • සේවාවන් ආරම්භය ප්‍රමාද කිරිම.
  • උපකරණ කලමනාකරණය කිරිම:භාවිත නොවන ඒවා disable කිරිම.
1)Ms Config
   ඔබට පලමුවෙන්ම කරන්න පුලුවන් දේ තමයි මොනවද boot වෙනකොට ආරම්භ වෙන වැඩසටහන් කියල බලන ඒක.මේ සදහා ක්‍රම කිපයක් තියනව,
  • Windows හරහා කෙලින්ම,
  • Start+R ඔබා පැමිනෙන Run වින්ඩොවේ "msconfig" කියා type කිරිම.ඒහි ඇති "startup" ඒක තොරා ගැනිම මගින් ඔබට boot වන වැඩසටහන් බලාගන්න පුලුවන්.
   මේක තිකක් විතර පරිස්සමෙන් කරන්න ඔන වැඩක්.මෙහිදි පරිගණකය brand ඒකට අදාල,Microsoft Windows වලට අදාල,drives වලට අදාල වැඩසටහන් තියනවනම් ඒවා වෙනස් කිරිමෙන් වලකින්න ඔන.නැත්නම් ඔබේ පරිගණකයට හානි වෙන්න පුලුවන්.

2)Delay services
   ඔබට දැනටමත් දැනිල ඇති අනවශ්‍යය වැඩසටහන් boot විම නැවැත්විම මගින් ඔබේ පරිගණකය boot විමේ වේගය වැඩිවු බව.මෙය තවදුරටත් දියුණු කරගන්න පුලුවන් පරිගණක ආරම්භයේදි ක්‍රියාකරන වැඩසටහන් විවිද කාලාන්තර වලදි ක්‍රියාකිරිමට සැලැස්වීමෙන්.ඒකට කියන්නේ delaying කියල.
   මේ සදහා ඔබ දැනටමත් open කරගෙන ඉන්න msconfig වින්ඩොවේම තියන tools--->computer management services and applications--->Services වලින් හරි Start menu ඒකේ තියන search bar ඒකේ "services" යන්න type කරල හරි ගන්න පුලුවන්.
   මෙහිදිත් ප්‍රවේසමෙන් ඔබට ප්‍රමාද කිරිමට අවශ්‍යය වැඩසටහ් තොරාගෙන right click කර "Automatic(Delayed start)" යන්න තොරා ok කරන්න.
3)Device Manager
   Device Manager ඇතුල් වෙන්න start menu ඒකේ "Device Manager" කියල type කරන්න.ඒවිට ලැබෙන වින්ඩොව open කර භාවිතයට නොගන්නා drivers "disable" කර දමන්න.ඒවිටත් පරිගණකයේ boot වේගය වැඩි කරගන්න පුලුවන්.
   පහල තියෙන්නේ මේ විදියටම පරිගණකයේ boot වේගය වැඩිකිරිමට භාවිතා කරන්න පුලුවන් ආකාරයේ වැඩසටහන් කිපයක්.
   1.Startup Managers And Timers
        Soluto
        BootRacer
        BootTimer


  2.MSConfig Alternatives
        Autoruns
        Revo Uninstaller
        CCleaner
        System Ninja



     3.Additional Tools
        Autologon


2 comments: