Thursday, November 8, 2012

Alt+Tab app Switching in Windows 7

   Alt+Tab යතුරු press කිරිම මගින් windows අතර පහසුවෙන් මාරු වෙන්න පුලුවන් කියල ගොඩක් අය දන්නවත් ඇති. ඔයාලට Alt+Tab Key ඒකවර Press කිරිම මගින් දැනට ඔපන් කරගෙන ඉන්න windows අතර පහසුවෙන් හුවමාරු වෙන්න පුලුවන්.මේක windows 7 වල තියන සරල shortcut ඒකක්.Windows 7 වල යතුරු පුවරුව භාවිතයෙන් පිවිසිය හැකි shortcut රාශියක් තියනව.ඒ අතර Alt+Tab මාරුව පහසුවෙන් සහ වේගයෙන් කර ගන්න පුලුවන් විධ් කීපයක් තියනව.
    ගොඩක් අය කරන්නේ Alt+Tab යතුරු press කරල,Tab ඒක ඔබට අවශ්‍යය වින්ඩොවට ඒන තෙක් press කරගෙන යාම. හැබැයි ඊට අමතරව ඔබට භාවිත කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියනව.
  • Arrow key භාවිතය - Alt+Tab press කරගෙන ඉන්න අතරම Arrow keys press කිරිමෙන් පහසුවෙන් ඔබට අවශ්‍යය වින්ඩොව තොරාගන්න පුලුවන්.Alt key ඒක අතහැරිම මගින් හෝ Enter key ඒක ඒබිම මගින් ඔබට අවශ්‍යය වින්ඩොවට පිවිසෙන්න පුලුවන්.
  • Alt+Tab in reverse - ඔබ Alt+Tab මගින් වින්ඩොස් තොරාගෙන යාමේදි ඔබට අවශ්‍යය වින්ඩොව පසු උනේ නම් ඔබට ඒ චක්‍රය අවසන් කර නැවත මුල සිට පැමිනීම අවශ්‍යය නැහැ.Alt+Shift+Tab භාවිතා කරල windows ආපස්සට තොරාගන්න පහසු විදියට සකසා ගන්න පුලුවන්.
  • Use the Mouse - Alt+Tab යතුරු mouse ඒක සමගත් භාවිතා කරන්න පුලුවන්.Alt+Tab press කල විට ඒන window ඒකේ තමන්ට අවශ්‍යය වින්ඩොව මත ක්ලික් කර ඒයට පිවිසෙන්න පුලුවන්.
  • Without holding the Alt key down - නිතරම Alt key ඒක ඔබාගෙනම වින්ඩොස් තෙරිම කරදරයක්නේ?ඒකට විසදුමක් තියනව.ඔබට වින්ඩො ලිස්ට් ඒක ස්ථිරවම පෙනෙන ලෙස සකස් කරගන්න පුලුවන්.ඒ සදහා Alt+Ctrl+Tab ඒකවර press කර අතහරින්න ඔන.දැන් ඔබට ඇරො කී වලින් හරි මවුස් ඒකෙන් හරි කැමති වින්ඩො ඒකකට පිවිසෙන්න පුලුවන්.
  • Close the Alt+Tab - Escape(Esc) ඒක press කිරිම මගින් පහසුවෙන් ඔබට Alt+Tab Switching ඒකෙන් ඉවත් වෙන්න පුලුවන්.
 අනවශ්‍යය Preview ඉවත් කිරිම.
    ඔබට Alt+Tabbing වලදි නිතරම මතුවන background application සගවා තැබිමට අවශ්‍යය නම් ඒ සදහාත් පසුකම් තියනව.මේ සදහා Computer මත Right click කර ලැබෙන Menu ඒකේ advanced system settings link ඒක මත click කර ඒයින් ලැබෙන performance window ඒකෙන් අවශ්‍යය option ඉවත් කරගන්න වගේම ඇතුල් කරන්නත් පුලුවන්. 
 උදා:Enable aero peek ඒක ඉවත් කර Alt+Tabbing කර වෙනස බලන්න. 
   ඔබට අවශ්‍යය නම් Microsoft ලබා දෙන Alt+Tab Switching  වලට අමතරව වෙනත් තුන්වන පාර්ශවයක වැඩසටහනක් මගින් ඒ කාර්යය ඉටු කර ගන්නත් පුලුවන්.Vistaswitcher කියන්නේ ඒ වගේ වැඩසටහනක්.Vista වලට නිර්මාණය කලත් මෙය වින්ඩොස් 7 සමගත් හොදින් ක්‍රියා කරනව.
 මෙවැනි වැඩසටහන් රාශියක් අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයාගන්නත් පුලුවන්.

0 comments:

Post a Comment