Thursday, November 15, 2012

ලස්සන පියාඹන ට්විටර් කුරුල්ලෙක් ඔයාගේ බ්ලොග් ඒකටත්....

   ට්විටර් (Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන ) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ.අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන කෙටි පණිවිඩ සේවය ට්විටර්. මෙය කුඩා ප්‍රමාණයේ බ්ලොග් ලිවිය හැකි සේවයකි. 

   එහෙත් මෙය හුදෙක් කෙටි පණිවුඩ සේවයක් පමණක් ම නෙවේ එය මිතුරු හවුල් වෙබ් අඩවියක් ද වේ. පසුගිය ද ට්විටර් සේවය විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ට්විටර් නිතර යන එන අය මිලියන 100 ඉක්මවීමයි.ඉන් මිලියන 50 ක් අය අඩුම තරමේ දවසකට වතාවක් හෝ ටිවිටර් වෙත ලොග් වෙති.ටිවිටර් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ප්‍රමුඛතම සේවාවකි. ෆේස්බුක්, මයිස්පේස් හැරුණු විට ලොව හොදම මිතුරු ජාලයයි. ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.
   ට්විටර් සේවයේ උප්පත්තිය 2006 දී සිදු වුවකි. ජැක් ඩෝසි නමැත්තා ඕඩීයෝ නමැති පොඩ්කාස්ටින් සමාගමේ සේවය කරන කාලයේ ඔහු මිතුරු මිතුරියන් සමග අන්තර්ජාගයෙන් පණිවිඩ හුවමාරු කරගත හැකි සේවයක් ගැන සැළසුම් කරමින් සිටියා. 2006 මාර්තු 21 ඔහු තම ආයතනයේ මිතුරන් කිහිප දෙනෙකුට ලොව පළමු ට්විටර් එක යැව්වා. ඒ just setting up my twitter යනුවෙනුයි. ඉන්පසු දිනයේ ට්විටර් 40 යැව්වා ඒවා පරීක්ෂණ මට්ටමෙන්. 2006 ජුලි 15 දා ලෝකයා ට ට්විවර් සේවය දිග හැරියා.

   එතැන් පටන් ගෙවී ගිය දිනෙන් දින ට්විටර් ප්‍රසිද්ධ විය. නිතර නිතර ට්විටර් වෙත ජයග්‍රහණ ගලාගෙන ආවා. 2006 ඉවර වෙනකොට දිනකට යවන ට්විටර් සංඛ්‍යාව 20,000 ක් විය. 2007 මුළ 60,000 ක් විය. 2007 අවසානයේ ට්විටර් ගණන 400,000 විය. ඉන් වසරකට පසු එනම්
2008 දී දිනපතා හුවමාරු උන ට්විටර් ගණන මිලියන් 100 ක් විය. වසර 2009 ජූනි 25 වැනදා පැයකට හුවමාරු වු ට්වීට්ස් සංඛ්‍යාව 100,000 ඉක්මවීය.දැන් දිනකට හුවමාරැ වෙන ට්විට්ස් සංඛ්‍යාව මිලියන 177 ක්.දැන් ප්‍රසිද්ධවී තිබෙන පිලිවෙලට අනුව ට්විටර් හි වාර්ෂික ආදායම ‍ඩොලර් මිලියන 400 ක්.
   මම බ්ලොග් ඒකේ දාන්න හැදුවෙනම් ට්විටර් සමාගම ගැන නෙමෙයි.ඒත් ඒ ගැනත් දැනගෙන ඉන්න ඒක හොදයි කියල හිතුන නිසයි පොඩි විස්තරයක් ඇතුලත් කලේ.ඇත්තටම මම පොස්ට් කරන්න හිටියේ ලස්සන පියාඹන ට්විටර් කුරුල්ලෙක් ඔයාගේ බ්ලොග් ඒකට දාගන්න පුලුවන් කොඩ් ඒකක්.හරි මේ තියෙන්නේ ඒ කොඩ් ඒක දාගන්න හැටි,සරලවම.බලන්නකො පහල ස්ටෙප් ටික සම්පුර්ණ කරල ඔයාගේ Follow me ට්විටර් Button ඒක...

How To Add the Twitter Flying Bird To Blogger?

  1. Go To Blogger > Design > Edit HTML
  2. Backup your template
  3. Search for </body> {Use Ctrl+F}
  4. And just above it paste the code below
    <script src='http://bloggerblogwidgets.googlecode.com/files/way2blogging.org-tripleflap.js' type='text/javascript'>
    </script>
    <script type='text/javascript'>
    var twitterAccount = &quot;Chamal_gihan&quot;;
    var tweetThisText = &quot; <data:blog.pageTitle/> : <data:blog.url/> &quot;;
    tripleflapInit();
    </script>               
    5.Replace Chamal_gihan with your twitter account username.
    6.  Save your template and you are done!
    7.   View your blog to see it flying. :)

2 comments:

  1. එල එල ...word verification අයින් කරලා දාන්න ඒක commnet කරන අයට කරදරයි....

    ReplyDelete
  2. Thanks...ඔන්න අයින්කලා....

    ReplyDelete