Tuesday, October 2, 2012

මොකක්ද නොමිලයේ දෙන හොදම ප්‍රති-වෛරස මෘදුකාංගය?

  මොකක්ද නොමිලයේ දෙන හොදම ප්‍රති-වෛරස මෘදුකාංගය?පරිගණකයේ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් තමයි ඒක.හේතු ගොඩක් නීසා අපි හැමොම නොමිලයේ දෙන ප්‍රති-වෛරස මෘදුකාංග භාවිතා කලත් ප්‍රධානම හේතුව තමයි ඒක නොමිලයේ දෙන ඒකක් වීම.
  උසස් වර්ගයේ ප්‍රති-වෛරස මෘදුකාංගයක් සොයා ගැනිම පහසු නැහැ.කොහොම නමුත් ප්‍රති-වෛරස මෘදුකාංගයේ අතුරු මුහුණත පරිශිලකයාට කෙතරම් සමීපද?කොතරම් හොදින් සහ ක්‍රියාකාරිව නරක වැඩසටහන් වලට විරුධව ක්‍රියාකරනවද? ආදි කරුණු තමයි වැදගත් වෙන්නේ.දැනට භාවිතා වන ප්‍රති-වෛරස මෘදුකාංග අතරින් වඩාත් ප්‍රචලිත මෘදුකාංග කිපයක ඉහත ලක්ශණ පිලිබද කරන ලද සංසන්දනාත්මක විස්තරයක් තමයි මේ.
1)Lava-soft Ad-Aware Free Antivirus

  lavasoft's  පුලුල් ප්‍රධාන මෙනුවක් සහිතව ඇති නිසා පරිශිලකයාට තොරතුරු පහසුවෙන් අවබොධ කරගත හැකි වෙනව.බොහෝ ගතිගුන තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කිරිමටත්,ක්‍රියා විරහිත කිරිමටත් පුලුවන්.පැහැදිලිව පෙනෙන්න තියන 'Scan Now!' බට්න් ඒක මගින් ක්ශණිකව Scan ඒකක් කරගන්න පුලුවන්.
  අඩක් පිරිණු 500GB හාඩ් ඒකක් සම්පුර්ණයෙන් Scan කිරිමට විනාඩ් 20 පමණ ගත වෙනව.මෙය RAM ඒකෙන් 32MB පමණ ඉඩක් ලබා ගන්නව.ඒය අනෙකුත් ප්‍රති-වෛරස සමග සැසදුවහම විශාල අගයක්.නමුත් මෙය අලුතින්ම සොයාගත් වෛරස 99% පමණ හදුනා ගන්නව.
2)Avast

  Avast සුමට සහ නවින අතුරු මුහුණතක් සමග ඒන හොද ප්‍රති-වෛරස මෘදුකාංගයක්.ඒය විශාල සුදු පැහැති වින්ඩොවක් මගින් සියලූම අපට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරනව.Avast සතුව හොද Real-time shild ඒකක් තියනව,ඒය නිතරම update වෙමින් නවතම තර්ජන වලට ඒරෙහිව හොද ආරක්ශාවක් ලබා දෙනව.
  මෙයත් භාගෙට පිරුණු 500GB හාඩ් ඒකක් සම්පුර්ණයෙන් scan කිරිමට විනාඩි 15 ගන්නව.ඒමෙන්ම ඒය RAM ඒකෙන් ලබාගන්නේ 3.5 ඉඩක් පමණයි.ඒය තාක්ශනිකව මධ‍යස්ත අගයක්.
3)AVG

  සරල අතුරු මුහුණතක් සහිතව ඇති AVG ප්‍රති-වෛරස මෘදුකාංගය Icon රාශියක් මගින් විවිද සේවා ලබා දෙනව.ඒහි 'Scan Now'බට්න් ඒක පැතිතිරුවේ තමයි අඩංගු වෙන්නේ.ඒය මත ක්ලික් කල වහාම scan විම ඇරබෙනව.
  AVG ප්‍රති-වෛරස මෘදුකාංගය මගින් අඩක් පිරුණු 500GB හාඩ් ඒකක් සම්පුර්ණයෙන් SCAN කිරිමට විනාඩි 23 පමණ ගත වෙනව.ඒය RAM ඒකෙන් ලබා ගන්නේ 2.4MB පමණ ඉඩක් පමණයි.ඒමෙන්ම ඒය 99% පමණ නව වෛරස හදුනාගන්නව.
4)Avira
  Avira සතුව ඇත්තේ තරමක් සංකීර්ණ අතුරු මුහුණතක්.උදා:ලෙස හාඩ් ඒක ස්කෑන් කරන්න system scanner menu ඒකට ගිහින් option වල තියන අත් කාචයක් වැනි සලකුණ මත ක්ලික් කරන්න ඔන.
  කොහොම නමුත් පෙර ඒවායේ වගෙම අඩක් පිරුනු 500GB හාඩ් ඒකක් සම්පුර්ණයෙන් ස්කෑන් කරන්න විනාඩි 13 පමණ ගත වෙනව.ඒය RAM ලබා ගන්නේ 1.8MB පමණ ඉඩක්.
5)Microsoft Security Essentials
  MSE ඒක අනෙක් සියලු ප්‍රති වෛරස වලින් වෙනස් වන්නේ ඒය සතුව Marketing tool ඒකක් නැති නිසයි.ඒ කියන්නේ ads නැහැ.
  MSE ට කල හැක්කේ වෛරස scan කර ඒවා ඉවත් කිරිම පමණයි.ඒහි e-mail,anti-phishing ආදියට ආරක්ශාවක් සලසා නැහැ.
මෙහිත් පෙර කරන ලද පරික්ශණයේ මෙන්ම සම්පුර්ණයෙන් scan කිරිමට විනාඩි 20 පමණත්, රැම් ඒකෙන් 6.8mb පමණත් ගන්නව.
ඒතකොට මොකක්ද හොදම ඒක?
තාක්ශණික වශයෙන් ඉදිරියෙන් ඉන්නේ Avira මෘදුකාංගය.ඉක්මනින් හොද scan ඒකක් කරගන්න ඔන අයට ගැලපෙන්නේ Avast තමයි.lavasoft & AVG සමහර පරිශිලකයන්ට අවශ්ය විශේෂ අංග වලින් යුක්තයි.MSE හොද කාර්යක්ශමතාවක් සහිත රෑම් ඒක කා නොදමන මෘදුකාංගයක්,නමුත් ඒය තරමක් ආරක්ශක සේවා අතින් මන්දගාමියි

0 comments:

Post a Comment