Wednesday, May 15, 2013

What Does “Dual Core” & “Quad Core” Mean?


  මිට වසර කිපයකට පෙර අපි භාවිතා කරපු බොහොමයක් පරිගණක වල තිබුනේ single core සහිත මධ්‍යය සැකසුම් ඒකකයක්(CPU).නමුත් මේ දවස් වල වෙළද පොලේ තියන බොහො පරිගණක වල CPU ඒක cores 2,4 සමහර විට 8 තියනව.ඔයා පරිගණකයක් මිළදි ගන්නව නම් මිලෙන් අඩු core කිපයක් සහිත පරිගණකයක් හරි මිලෙන් වැඩි core බහුල පරිගණකයක් ඔයාට තොරා ගන්න පුලුවන්.ඒයින් ඔබට තියන වාසිය මොකක්ද?ඒ කිවුවේ වැඩි cores ප්‍රමාණයක් සහිත ඒකක්.
Core ඒකක් යනු කුමක්ද?

   Core ඒකක් කියන්නේ ඇත්ත වශයෙන්ම මධ්‍යය සැකසුම් ඒකකය තුල තියන වෙන්වු කොටසක්.ඒය තමයි CPU ඒකේ තියන වඩා වැදගත්ම කොටස.උදාහරණයක් විදියට dual core ප්‍රොසෙසරයක් තනි චිප් ඒකක් වගේ තිබුනට ඇත්තටම ඒය තුල වෙන් වෙන්ව පිහිටි ප්‍රොසෙසර් දෙකක් තියනව.
  අතිරේකව තියන ප්‍රොසෙසරය නිසා පරිගණකයට අනෙක් ප්‍රොසෙසරයට සමාන්තරවම අතිරේක ක්‍රියාකාරකම් රාශියක් කරන්න පුලුවන්.ඔබ single core පරිගණකයක් භාවිතා කරල ඒහි ප්‍රොසෙසරය dual core වලට මාරු කරානම් ඔයාට මේ වෙනස හොදින්ම අත් විදින්න ලැබිල ඇති.
  හිතන්න ඔයා ෆයිල් archive ඒකක් extract කරන ගමන්ම වෙබ් බ්‍රවුසින් කරනව කියල,ඔයා භාවිතා කරන්නේ single core ප්‍රොසෙසරය ඒකක් නම් වෙබ් බ්‍රව්සින් වලදි හොද ක්‍රියාකාරිත්වයක් ලගා කර ගන්න බැහැ.නමුත් ඔයා dual core පරිගණකයකින් මේ දෙක ඒකවර කලානම් මේ ක්‍රියාකාරකම් දෙකම හොදින් කරගන්න පුලුවන්.ඒ වැඩ දෙක වෙන වෙනම cores දෙකෙන් කෙරෙන නිසා.
  Clock speed ඒක කියන්නේ පරිගණකය කොච්චර වේගයෙන් වැඩ කරනවද කියල මැන ගන්න පුලුවන් ක්‍රමයක්.උදා: විදියට Quad core ප්‍රොසෙසරය ගන්න,ඒකේ Clock speed ඒක 3GHz වෙනව ඒ වගේම ඒහි Core 4 තියනව.මේ සැම core ඒකක්ම 3GHz වෙගයකින් ක්‍රියා කරනව.

Cores වැඩිවන තරමට වෙගය වැඩි වෙනවද?

  බොහො පරිගනක වැඩසටහන් single threaded.ඒ කියන්නේ වැඩසටහනෙන් කරන වැඩ Cores හරහා බෙදා හරින්න බැහැ කියන ඒක.ඒය ක්‍රියාකරන්නේ single core ප්‍රොසෙසරයක් මත පමණයි.ඒ කියන්නේ මේ වැඩසටහන  dual core ප්‍රොසෙසරය සහිත පරිගණකයක භාවිතා  කලාට වේගය වැඩි වෙන්නේ නැහැ.ඔයාගේ පරිගණකය Dual core 3GHz ප්‍රොසෙසරයයක් සහිත පරිගණකයක් ඒහි තියන 3Ghz වැඩසටහන ක්‍රියාකරන්නේ 3GHz වේගයෙන් පමණයි.12GHz වේගයෙන් නෙවෙයි.
  නියම ආකාරයේ multithreaded වැඩසටහන් ලියන ඒක ඇත්තටම හරිම අමාරු වැඩක්.ඒ වගේම තමයි මේ cores වැඩිවන වේගයට සරිලන පරිගනක වැඩසටහන් ලියන ඒක ඉදිරියට තවත් වැඩිපුර අපහසු වෙනව.ගුගල් ක්‍රොම්,සමහර පරිගණක ක්‍රිඩා multi cores වල ක්‍රියා කරන්න නිපදවල තියනව.නමුත් ඔයා භාවිතා කරන වින්ඩොස් ඔෆිස් මෘදුකාංගය Multi core වල Single core වලට වඩා වෙගයෙන් වැඩකරන්නේ නැහ.දෙකෙම ක්‍රියා කරන වෙගය ඒක සමානයි.ප්‍රොසෙසරයක Core වැඩිවෙන ඒකේ වාසිය හොදින්ම ලබා ගන්න ඔනනම් multithreaded සහිත ඇප්ලිකේශන් භාවිතා කරන්න ඔන.
 

ඔයාට මේ cores කලමණාකරනය කරගන්න පුලුවන්.ඒ Task Manager හරහා.










1 comment: