Tuesday, November 13, 2012

Fake Facebook Account ඒකක් හදුනාගැනිම හා ආරක්ශාවිම..

   මැතකදි ෆේස්බුක් සමාගම විසින් සිදුකර තිබෙන පරික්ශණයකට අනුව ෆේස්බුක් සමාජ ජාලය තුල හොර ගිනුම්(fake accounts) මිලියන 83 පමන ඇති බව සොයාගෙන තියනව.මින් සමහරක් සමහර ගිනුම් වල පිටපත් වන අතර සමහර ඒවා ව්‍යාපාරික ආයතන විසින් පවත්වාගෙන යන ඒවා බව හදුනාගෙන තියනවා.නමුත් තවමත් ඉතා විශාල ගිනුම් ප්‍රමාණයක් කූට ලෙස සාදාගත් ඒවා බවයි කියවෙන්නේ.
  මේ ගිනුම් අයිතිකරුවන් අපේ මිතුරන් ලෙස පෙනි සිටිමින් අපව spam කිරිමකට ලක් කරනවා.ඔවුන් ඒල්ල කරන සමහර phishing scams ඉතා සංකීර්ණ ඒවායි.ඔබ වැරදිමකින් හෝ මෙවැනි කෙනෙකුගේ මිතුරකු නම් ඔබට ඒයින් ලැබෙන යහපතක් නම් නැහැ.
  වාසනාවකට වගේ මේ කාලයේ භාවිතා වන බොහො spamming සහ phishing උපක්‍රම හදුනාගැනිමට පුලුවන්.ඒ මෙවැනි බොහො fake accounts වල අවදානය දිනාගන්නා කරුණු කිපයක් පොදුවේ භාවිතා වන නිසා.මේ තියෙන්නේ ඒවායින් ඔබට ආරක්ශාවිමට උදවු වන ඔබ දැන සිටි කරුණු කීපයක්.
  මැතකදි Barracuda Networks කියන ආයතනය විසින් fake account ඒකක් හදුනා ගැනිමට භාවිතා කල හැකි කරුණු කීපයක් ඉදිරිපත් කලා.බොහො fake accounts වලට මේ ලක්ශන පොදු බවයි ඔවුන් කියන්නේ,

  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා 6 ගුණයකට වැඩි යහලුවන් ප්‍රමාණයක් සිටිම.
  • 60% වඩා ගිණුම් හිමියන් පවසන්නේ ඔවුන් Bisexual කියල.
  • fake accounts සියල්ලේම වාගේ අයිතිකරුවන් යැයි කියන්නේ කාන්තාවන්.fake accounts භාවිතා කරන 97% දෙනා භාවිතා කරන්නේ මේ උපක්‍රමය.ඇත්තෙන්ම සත්‍යය Facebook account වල කාන්තා නියොජනය 40% පමණ ප්‍රමාණයක්.
  • මොවුන් නිරන්තරයෙන් Photo tag කිරිම් සිදු කරනවා.ඒය සත්‍යය ගිණුම් වලට වඩා බොහො වැඩියි.ඒහි අගය සාමන්‍යයෙන් සැම පින්තුර 4 කටම tag කිරිම් 136 ක්.සත්‍යය ගිණුම් වල මේ අගය පින්තුරයකට tag කිරිම් 1 පමන අගයක්.
  • 43% පමණ ගිනුම් හිමියන් ඔවුන්ගේ status update කිරිම් කරන්නේ නැහැ.සත්‍යය ගිණුම් හිමියන් අතර මේ අගය 15% පමණ වෙනව.
  ඉතින් ඔබට friend requst ඒකක් ලැබුනොත් hot,bi girl කෙනෙක්ගෙන් යාලුවො ටොන් ගාණක් ඉන්න,status update නැති,tag කරපු පින්තුර ගොඩකුත් ඒක්ක,ඔබ කල්පනාකාරි විය යුතුයි මන්ද සමහර විට ඒ ආරධනය fake accounts ඒකකින් විය හැකියි.
  
Fake accounts වලින් ආරක්ශාවීම.
   ඒය පහසුවෙන්ම කල හැක්කේ ඔබේ මිතුරකුගේ මිතුරකුගෙන් හෝ ඔබට පොදු නොවන අයෙකුගෙන් ලැබෙන friend request කිරිම මගින්.ඒ සදහා privacy settings වල ඇති 'How you connect' යන්න friends of friends යන්නට සකස් කිරිම මගින් කල හැකියි.


  සෑම කෙනෙක්ම මෙය කල හොත් ඒය filter ඒකක් ලෙස ක්‍රියාකරමින් fake account වලින් බොහෝ දෙනෙක් ආරක්ශා කරාවි.නමුත් ඔබේ පරණ යාලුවෙක් ඔබට පණිවිඩයක් ඒවන  ආකාරයට ඔවුන් ඔබව රවටා add කරවා ගන්නත් පුලුවන්.ඒවිට ඔබ දෙදෙනාම දන්න පොදු සිදුවීමක් ගැන සාකච්චා කර ඔබේ යහලුවාමදැයි තහවුරු කර ගත යුතුයි.ඔබට යමෙකු ඒවු request ගැන විශ්වාසයක් නැත්නම් ඔබ ඔහුගේ mutual friend ගෙන් ඒ ගැන විමසන්න.ඒ වගෙම ඔබේ යහලුවකු ගොදුරු කරගෙන ඒ හරහා ඔබට ප්‍රහාරයක් ඒල්ල කරන්නත් පුලුවන්.කොහොම නමුත් ඔබ නිරන්තරයෙන් ආරක්ශාකාරි විය යුතුයි.


0 comments:

Post a Comment