Tuesday, September 4, 2012

e-mail ඒකක් කොහොමද වැඩ කරන්නේ..


  e-mail (electronic mail) කියන්නේ අද අන්තර්ජාලයේ භාවිතා වන වඩාත් ප්‍රචලිත සේවාවක්.මෙය digital massages හුවමාරු කරගැනිමට භාවිතා කරනවා.අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 90% වඩා සක්‍රියව e-mail භාවිතා කරනව.
  දන්නවද e-mail වල ආරම්භය අන්තර්ජාලය ආරම්භවිමටත් පෙර සිදුවුවක්.ඒය 1965 දි MIT (Massachusetts Institute of Technology) ආයතනයේ භාවිතා කල පරිගණක ජාලයේ පණිවුඩ හුවමාරු කිරිමට තනන ලද්දක්.
මෙය ඉතා ඉක්මනින් ඒකිනෙකා සමග තොරතුරු හුවමාරු කල හැකි පද්ධතියක් බවට විකසනය උනා.1969 දි  ARPANET පරිගණක ජාල පද්ධතිය ඇතුලේ  ඊමේල් යැවිමේ ක්‍රමයක් අත්හදා බැලුවා.ඒහිදි අප දැනට භාවිතා කරන '@'සලකුන භාවිතා කලා username එකෙන් machine name ඒක වෙන්කර හදුනාගන්න.
  1989 මුල් කාලයේ පෞද්ගලික පරිගණක ප්‍රචලිත විමත් සමග මේ පරිගණක ඒක් කර තැනු LAN ඒකත් සරලව  ඊමේල් යැවිය හැකි පද්ධතියක්  නිර්මාණය කලා.ARPANET මගින් අන්තර්ජාලය කියා හදුන්වන ක්‍රමය ඇති කරන විටත්  ඊමේල් ඒ තුල සන්නිවේදන සම්මත ක්‍රමය බවට පත්ව හමාරයි.
 e-mail server's 
User කෙනෙක් යවන මේල් e-mail සර්වර්ස් මගින් තමයි Receiving,Storing,Forwarding සහ delivering ආදිය සිදු කරන්නේ.මෙලෙස යවන මැසේජ්ස් server's අතර හුවමාරු වන්නේ SMTP කියන protocol ඒක භාවිතා කරලා.SMTP protocol ඒක නැතුව client ට මැසේජස් යවන්න බැහැ.මේ මැසේජ් ඒකක් විවිධ Mail transfer agents  (sendmail,postfix) හරහා ගමන් කරනව.

මේ  ඊමේල් ඒකක් ආකාර 2 කට තියාගන්න පුලුවන්.
  • Server's වල ගබඩා කරලා
  • offline භාවිතා කරන්න හැකි පරිදි ඩවුන්ලෝඩ් කරලා.

  e-mail server ඒකක් client යවන Msg ඒකක් accept කලාම ඒය බැදි සිටිනවා e-mail ඒක බෙදාහරින්න.ඒක බැරි උනොත් ඒබව මැසේජ් ඒකකින් අපට දැනුම් දෙන්න.ඒමගින් sender ට සහතිකයක් ලබාදෙනවා e-mail system  ඒකේ ආරක්ෂාව සහ අවංකත්වය පිලිබදව.
e-mail server's වල protocol 3ක් භාවිතා වනව.
   1.SMTP:Symple mail Transfer Protocol
                 මෙමගින් තිරණය කරනව යවන්නා විසින් ලබාදෙන e-mail ඒක යා යුත්තේ කුමන මාර්ගයේ,කොතනටද කියල.
   2.POP:Post office protocol
             මේල් සර්වර්ස් මේ protocol ඒක භාවිතා කරල e-mail ලබගැනිම සහ ගබඩාකිරිම කරනව.
   3.IMAP:Internet Massage Access Protocol
               මේ protocolඒක භාවිතා කරන්නේ සර්වර් ඒකෙන්  e-mail  පරිගණකයට ලබා ගන්න.
e-mail ඒකක් කොහොමද වැඩ කරන්නේ.
    e-mail සිස්ටම් ඒකක් පරිගණක සර්වර්ස් වල ඒකතුවක්.ඒමගින්  e-mail  යටිතල ව්‍යුහයක් හරහා සම්බන්ද  e-mail client හෝ වෙබ් අතුරු මුහුනතකින් සම්බන්දවන user කෙනෙක්ගේ e-mail  පනිවුඩ ඔහු වෙනුවට ගබඩා කරලා තියාගන්නව.කවුරුහරි e-mail ඒකක් යවපුවහම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ ඉදලා ලබන්නාගේ ලිපිනය අනුව සර්වර් වලට ගමන් කරනව.සාමාන්‍යයෙන් මෙහෙම ගමන් කරන්නේ සර්වර් ගොඩාක් හරහා.පහල තියෙන්නේ ඒවගේ රූප සටහනක්.
1.Alice කියන user e-mail ඒකක් යවනව.ඒක සම්බන්ද වෙන්නේ ඇගේ mail user agent/email client වන SMTP සර්වර් ඒකට.
2.SMTP සර්වර් ඒකෙදි e-mail ඒහි අඩංගු ලිපිනයට අදාල domain name ඒකට අනුව යන්න ඔන තැන තිරණය කරනව.
3.ඒක ඊට පස්සේ DNS සර්වර් ඒකට යවලා ලබන්නගේ ඩොමේන් නාමයට අදාල Mail ex-changer ලබා ගන්නව.
4.SMTP server ඒක SMTP කියන protocol ඒක භාවිතා කරලා e-mail පණිවුඩය යවනව.
5.ඒහෙම ආපු e-mail ඒක receiving server ඒකක ගබඩා වෙනවා.Bob කියන කෙනාට පුලුවන් අන්තර්ජාලය හරහා log වෙලා මේ e-mail ඒක කියවන්න.

0 comments:

Post a Comment