Monday, September 17, 2012

ඉ-මේල් ගැන දැනගත යුතුම කරුණු...

   අන්තර්ජාලය පරිහරණය කිරිමේ දි ආරක්ශාවට මුල් තැන දෙන්න ඔන කියන කාරණය අපි හැමොම දන්න දෙයක්.ඒත් සමහර වෙලාවල් වලට අපේ මනසින් ඔය කාරණය ගිලිහි යනව."මට අවුලක් වෙන ඒකක් නෑ" අපි හිතන්නේ ඒහෙමයි.නමුත් මතක තියා ගන්න සෑම විටම ඔබ වෛරසයකින්,හැකර් කරුවකුගෙන් හානියක් වෙන්න පුලුවන් බව ඒක 'click' ඒකකින්.මේ කාරණය අපේ ඉ-මේල් ගිණුමටත් අදාලයි.
   මම අද කියන්න යන්නේ ඔබ ඉ-මේල් ගිණුමක් පවත්වාගෙන යාමේදි සැලකිලිමත් විය යුතු කරුණු කිපයක් ගැන.

1.ඉ-මේල් ගිණුම් කිපයක් පවත්වාගෙන යාම.

  ඔබේ මෙන්ම බොහො දෙනාගේ ඉ-මේල් ගිණුම තමයි සියලුම පෞද්ගලික මෙන්ම රාජකාරි කටයුතු වල ප්‍රධාන කෙන්ද්‍රස්තානය.ඒ කියන්නේ ඔබගේ Facebook notifications,website registrations,Newsletters,Massages,etc: ආදි බොහො තොරතුරු ඒන්නේ ඒකම ඉ-මේල් ගිණුමට.ඒක හරියට ඒකම බාස්කට් ඒකේ බිත්තර ඔක්කොම දාගෙන ඉන්නව වගේ වැඩක්.බාස්කට් ඒක පෙරලුනොත් බිත්තර ඔක්කොම ඉවරයි.
  ඒ කියන්නේ කවුරුහරි ඔබේ ඉ-මේල් ගිණුම අත්පත් කර ගත්තොත් ඔබට ඉහත සදහන් කල සියලුම සේවාවන් අහිමි වී යනව.
  ඉ-මේල් ගිණුම් කිපයක් පවත්වා ගැනිම ඔබේ ආරක්ශාව තර කරනවා පමනක් නෙවෙයි ඔබේ ඵලදායිතාවත් වැඩිකර ගන්න පුලුවන් වෙනව.හිතන්න ඔබ රාජකාරි සදහා වෙනමත්,පෞද්ගලික භාවිතයට වෙනමත් ඉ-මේල් ගිණුම් පාවිච්චි කරනව කියල,කවුරුහරි ඔබේ රාජකාරි ඉ-මේල් ගිණුම හැක් කලත් ඔබට පෞද්ගලික තොරතුරු අහිමි වෙන්නේ නැහැ.
2.අනන්‍යය මුරපදයක් සාදා ගැනිම.

  විවිද ඉ-මේල් ගිණුම් සාදා ගැනිමත් සමග ඒකටම යන දෙයක් තමයි ඒවායේ මුරපද"password" නිර්මාණය කර ගැනිම.ඔබේ සෑම ඉ-මේල් ගිණුමකටම 100% ආවේනික මුරපදයක් සාදා ගැනිම වැදගත්.සියලුම ඉ-මේල් ගිණුම් වලට ඒකම password ඒක භාවිතා කිරිම අත්වැරැද්දක් වගෙම,ලොකු අවදානමක්.



3.Phishing scams ගැන අවධානයෙන් සිටිම.

  ඔබ යම් කිසි නිශ්පාදනයක් හෝ සේවාවක් ලබා ගන්න විට සමහර අය ඔබගේ ඉ-මේල් ගිණුමේ විස්තර ලබා ගැනිමට අවසර ඉල්ලනව,ඒමෙන්ම සමහර අය ඉ-මේල් පණිවුඩ මගින් ඔබේ පුද්ගලික තොරතුරු විමසා සිටිනව.මෙවැනි සමහර සේවා ගැන අවදානයෙන් සිටින්න.
  ඒමෙන්ම  ස්පෑම් වල තවත් ආකර තියනව."phishing" කියල කියන්නෙ ඒ වගේ දෙයක්.මෙහිදි 'malicious' භාවිතා කරන්නන් ඔබේ eBay,Facebook,amazon වගේ ගිණුම් අනුකරණය කරමින් වංචනිකව වෙබ් අඩවිවල පෙනි සිටිනව.ඔව්න් ඔබට පණිවිඩ ඒවනව ඔබේ වෙබ් අඩවියේ වරදක් ඇති බවත් ඒය නිරාකරණය කර ගැනිමට ඔබේ username සහ password ලබාදෙන ලෙසත්.මෙවැනි දෙ ගැන අවදානයෙන් සිටිමයි වැදගත්.
4.ඉ-මේල් කල ලින්ක් මත ක්ලික් නොකිරිම

  ඔබ ඔබේ ඉ-මේල් ගිණුමේ යම් කිසි වෙබ් අඩවියකට යන ලින්ක් ඒකක් දුටුවොත් ඒමත ක්ලික් කිරිමට පෙර දෙවරක් සිතන්න.ඒමෙන්ම ඒය ඔබ බලාපොරොත්තු වු ලින්ක් ඒකක්(වෙබ් අඩවියක ලියාපදින්චි විමකට,ගේම් ඒකකට ලියාපදින්චි වීමක් වගේ) නොවෙ නම් ක්ලික් නොකිරිමයි වඩා හොද.විශේෂයෙන්ම ස්පැම් වර්ගයේ ඉ-මේල්.
  ඔබට යම් කිසි ඉ-මේල් ඒකක් පැමිණුනොත් බැංකුවකින්,යම් සේවාවකින් ඔබ ඒ ලින්ක් ඒක මත ක්ලික් නොකර ඒ අවවියටම ගොස් ඒ ගැන සොයා බැලිම වැදගත්.No copy/past,No clicking.
5.නොහදුණන Attachment විවෘත නොකිරිම.

  Attachment කියන්නේ තරමක් පරිස්සමෙන් ගණුදෙනු කරන්න ඔන දෙයක්.ඔබ යාලුවකුගෙන් හෝ යම් කෙනෙකුගෙන් Attachment ඒකක් බලාපොරොත්තු නොවෙනම් අනවසරයෙන් පැමිණ ඇති Attachment විවෘත කිරිමෙනුත්,ඩවුන්ලොඩ් කිරිමෙනුත් වලකින්න ඔන.මොකද Attachmentසමග පහසුවෙන්ම වෛරස් වැඩසටහන් අමුණා ඒවන්න පුලුවන් වීම.ඒවා සමහර විට පරිගණකයට බාගත වු වහාම ඉබේම ක්‍රියාකරිවෙන්න පුලුවන්.මේක ලොකු ෆයිල් ඒකක් වගේම පොඩි ඉමේජ් ඒකක් වෙන්නත් පුලුවන්.

6.Viruses සහ Mal-ware පරික්ශා කිරිම.

සැක සහිත ඉ-මේල් ඒකක් open කරන සෑම විටම viruses සහ Mal-ware තිබේදැයි පරික්ශාකර ගන්න.සියලුම ස්පෑම් වල වෛරස් නොතිබෙන්න පුලුවන්,නමුත් ආරක්ශාවිම හොදයිනේ පසුතැවිමට වඩා.








7.පොදු Wi-Fi ජාල මග හරින්න.

  පොදු Wi-FI ජාල වලදි ඔබගේ ඉ-මේල් පරික්ශා කිරිමෙන් වලකින්න.දන්නවනේ Airport වලදි Hospitals වලදි ඔබ පොලිමේ ඉන්නා ගමන් ඔබේ smartphone ඒකෙන් laptop ඒකෙන්  අලුතෙන් ඉ-මේල් ඇවිල්ලද කියල බලනවනේ.අවාසනාවකට වගේ Wi-FI ජාල අතිශය අනාරක්ශිතයි.
  Wi-FI ජාල වලදි තියන අනතුර තමයි "Network sniffers" ලා ඔබගේ තොරතුරු විවිද වැඩසටහන් ඔස්සේ ඒකතු කරගන්න පුලුවන්.ඒ අතර ඔබගේ ගිණුම් වල පාස්වර්ඩ් ආදියත් තියෙන්න පුලුවන්.


0 comments:

Post a Comment