Saturday, September 15, 2012

පරිගණක කේබල් වල තොරතුරු..cont:

  පරිගණක කේබල් වල තොරතුරු..කියලා මම දාපු පසුගිය ලිපිය ටිකක් දිර්ග උනා.ඉතින් ඒකේ ඉතිරි කොටස තමයි මේ තියෙන්නේ.මෙතනින් පලවෙනි කොටස බලන්න පුලුවන්."පරිගණක කේබල් වල තොරතුරු".
IDE(Integrated Drive Electronic)   
computer networking cables
   IDE cable පාවිච්චි කරන්නේ storage device ඒකක් වන Hard drive ඒක,CD,DVD drives  වගේ උපාංග මවුපුවරුවට සම්බන්ද කරන්න.මේ IDE cable ඒකක pin 40 තියනව.ඊට වඩා කුඩා 2.5"drive වර්ගය IDE cable වල pin 44 දකින්න පුලුවන්.
SATA(Serial Advanced Technology Attachment) 
computer networking cables 
 අලුතෙන්ම ඒන Hard drive වල දැන් භවිතා වෙන්නේ SATA cables තමයි.IDE කේබල් වලට වඩා SATA කේබල් සාර්ථක උනා.ඒමගින් සම්ප්‍රේශණය කරන්න පුලුවන් දත්ත ප්‍රමාණය වැඩි විම තමයි ඊට හේතුව.දැන් ඒන ගොඩාක් මවුපුවරු SATA වලට ගැලපෙන Port සහිතවයි ඒන්නේ.SATA Cable ඒකක දෙපැත්තේම ඒකවගේ.ඒක පැත්තක pin8 අඩංගු වෙනව. 
eSATA(External  Serial Advanced Technology Attachment)
 computer networking cables
   eSATA කියන්නේ SATA cables වලම තාක්ශණික දිගුවක්.ඒමගින් බාහිරව SATA cables මගින් උපකරණ පරිගණකයට සම්බන්ද කරන්න පුලුවන්.උදා:විදියට බාහිරින් සවි කරන Hard drive ඒකක් Opticle drive ඒකක් ගන්න පුලුවන්.මේය වඩා වැදගත් වෙන්නේ ඒමගින් USB සහ Firewire වලට වඩා වේගයකින් දත්ත හුවමාරුව කල හැකි නිසායි.
Fire Wire

   Fire Wire වල අරමුණ නම් USB වල වගේම තමයි,ඒ පරිගණක උපාංග වල දත්ත සම්ප්‍රේශණ වේගය වැඩි කිරිම.Printers,Scanners වගේ ලොකු සම්ප්‍රේශණ ධාරිතාවක් සහිත උපකරණ සම්බන්ද කරන්න භාවිතා වෙනවා.මේවා USB තරම්ම ජනප්‍රිය නෑ.නමුත් මේවායේ වර්ග 2 තියනව, 
  • 1394a-දත්ත සම්ප්‍රේශණ වේගය 400Mbps
  • 1394b-දත්ත සම්ප්‍රේශණ වේගය 800Mbps
 Ethernet
computer cables
   Ethernet cables භාවිතා කරන්නේ Local Area Network වලට.බොහොවිට Modems,Routers වගේ ඒවා පරිගණකයට සම්බන්ද කිරිමට භාවිතා වෙනව.දැනට Ethernet cables වර්ග 3 භාවිතයේ තියනව,
  • cat5 - දත්ත සම්ප්‍රේශණ වේගය 10Mbps or 100Mbps.
  • cat5e- දත්ත සම්ප්‍රේශණ වේගය 1000Mbps
  • cat6 -දත්ත සම්ප්‍රේශණ වේගය 10Gbps
මේ Article ඒකෙන් දැනට භාවිතා කරන කේබල් වර්ග බොහෝමයක් තියනව.ඒ ගැන ඔයාලගේ අදහස් comment කරන්න.....

0 comments:

Post a Comment