Monday, September 24, 2012

Cool Mouse Tricks..

   පරිගණක මවුසය කියන්නේ අපුරු උපකරණයක්.මෙය පලමුවෙන්ම නිපදවුයේ 1964 දි Douglas Englebartin විසින්.ඒදා සිට අද දක්වා මවුසය වේගයෙන් දියුණුවට ලක් වුනා.මවුසයෙන් කල හැකි දේවල් රාශියක් තිබුනත් අවාසනාවකට වගේ අපි තවමත් මවුසයෙන් කරන්නේ left click,right click,move වගේ මුලික ක්‍රියාකීපයක් පමනයි.මවුසයෙන් කලහැකි tricks හරිම පහසුයි.මේ සදහා භාවිතා කරන්න ඔන keyboard ඒකේ යතුරු 3 පමනයි.අපි බලමු මවුස් ඒකෙන් කරන්න පුලුවන් මොනවද කියල.


01)Left-Mouse click
  • වෙබ් පිටුවක හෝ ලිපියක අඩංගු කොටසක් select කිරිම.
          තොරාගැනිමට අවශ්ය ජේදයේ පලමු අකුර ලග ක්ලික් කරල [SHIFT]ඒක තදකරගෙන තොරාගැනිම අවසන්වෙන තැන ක්ලික් කරන්න.ඒවිට ඔබට අවශ්‍යය කොටස නිල් පාටින් සලකුණු වී තියේවි.
  • ලිපියක කොටසක් සම්පුර්ණයෙන්ම තොරා ගැනිම.
           මේ සදහා [CTRL]ඒක තද කරගෙන Right mouse button ඒකෙන් අවශ්‍යය කොටස් තොරාගන්න.සෑම තැනකම මෙය වැඩ නොකලත් බොහො අවස්තාවල වැඩ කරනව.
මේ Windows7භාවිතා කරන අයට කරන්න පුලුවන් උපක්‍රම කීපයක්.
  •  සිරස් අතට text තොරාගැනිම
         මෙය වර්ඩ් තුලදි කරන්න පුලුවන් දෙයක්.වර්ඩ් වලදි [ALT]තදකරගෙන අවශ්‍යය text සිරස් අතට select කරගන්න පුලුවන්.

අපි දන්නවනේ මවුසය මගින් drag&drop කරන්න පුලුවන් කියල.ඒ අතර key ඒකක් press කිරිමෙන් ඒහි අරමුණ වෙනස් කරන්න පුලුවන්.
  • යමක copy යක් drag&drop කිරිම.
[CTRL]+ Left mouse button ඒකෙන් drag&drop කිරිම.
  • යමක් වෙනත් ස්තානයකට move කිරිම
[SHIFT]+Left mouse button ඒකෙන් drag&drop
  • ඔයාල දන්නවනේ window ඒකක දකුණු පැත්තේ button  තියනව.ඒ වින්ඩො ඒකක් close,maximize,minimize කරන්නනේ,නමුත් title bar ඒක මැද double click කරල maximize කරන්නත්,දකුණු පැත්තේ කොනේ double click කරල window ඒක close කරන්නත් පුලුවන්.
02)Right-Mouse click
  • මම කලින් කිව්වනේ කොහොමද left-mouse button ඒක භාවිතා කරල drag&drop කරන්නේ කියල.ඒකම Right-click ඒක භාවිතා කරල කරන්න බලන්න
                   [SHIFT]or[CTRL]+ Right-click ඒතකොට ඔයාලට පහත තොරාගැනිම් කරන්න වෙනව.
 i.e-copy here,move here,create a shortcut
  • හැමොම Right-click කරල files/folders open කරනවනෙ.[SHIFT] ඒක තද කරගෙන Right-clickකරල තියනවද?ඒතකොට ඔයාලට මීට පෙර නොලැබුන සැගවුන options කිපයක්ම ලැබේවි.
03)Scroll wheel or Middle mouse button
  • Middle mouse button ඒක භාවිතා කරල වෙබ් පිටුවක link ඒක මත click කලාම ඒ page ඒක අලුත් window ඒකකින් open වෙනව.ඉතින් left/write click කර කර ඉන්නේ නැතුව middle wheel ඒක click කරන්න.ඒතකොට අලුත් tab ඒකකින් වෙබ් පිටුව ආරම්භ වේවි.
  • ඊලග Middle button trick  ඒක කරන්න පුලුවන් වෙබ් බ්‍රවුසරයක පමණයි.open කරල තියන tab ඒකක් close කරන්න ඔන නම් ඒ tab ඒක මත Middle-click කරන්න.ඒවිට ඒය close වේවි.
  • මේක තමයි scroll wheel ඒකෙන් කරන්න පුලුවන් trick ඒකක්.ඔයාල දන්නවද Windows application ඔයාගේ web browser ඒකත් ඇතුලුව,zoom කරන්න පුලුවන් කියල මවුස් ඒකෙන්?
                  Hold [CTRL]+Scroll up zoom in /scroll down zoom out

0 comments:

Post a Comment