Tuesday, September 11, 2012

ලොකයේ තිබුනු නරකම වෛරස් 10 ය..

  පරිගණක වෛරස්,හොදට අහල පුරුදු නමක්.තොරතුරු තාක්ශණය සමග ආපු දෙවල් අතරින් ටිකක් පුදුම දෙයක්.ඒ වගෙම අනෙක් අතට අපි කොච්චර  ලොකු අනතුරකද ඉන්නේ කියල අපට හිතන්න තියෙන කාරණයක්.හොදින් සාදන ලද වෛරසයකට ඵලදායිතාව අඩු කරල බිලියන ගානක පාඩුවක් සමගමකට කරන්න පුලුවන්.
     උදා: විදියට විශේෂඥයින් ගනනය කර තිබෙන ආකාරයට 2004 පැතිරුනු " " වෛරසය ඒක් දිනක් තුල පරිගණක මිලියන භාගයකට වඩා අඩපන කලා.
  වෛරස් ගැන කාතා කරන කොට වෛරස් වර්ග රාශියක් ගැන අහන්න ලැබෙනවා.ඒවා අත්‍රින් පොදුවේ ගත හැකි වෛරස් වර්ග 4 ක් තියනව.
  • Viruses:මේක පොඩි මෘදුකාංගයක්,තවත් මෘදුකාංගයකට සම්බන්දවෙලා තමයි ඒන්නේ.ප්‍රධාන මෘදුකාංගය run වෙන කොට ඉබෙටම මේ program ඒකත් වැඩ කරන්න ගන්නව.
  • E-mail viruses:මේවා e-mail ඒකකට සම්බන්ධ attachment ඒකක් විදියට තමයි ඒන්නේ.මේ වෛරස් e-mail box ඒකේ තීයන address වලට ඉබෙටම ප්‍රතිවලිත වෙමින් පැතිරෙනව.
  • Trojan horses:Trojan horse කියන්නේ සරල පරිගණක වැඩසටහනක්.මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ අපි ඊට අදාල වැඩසටහන run කරපුවහම.මෙවාටත් තනිව පැතිරෙන්න පුලුවන්.
  • Worms:පොඩ් මෘදුකාංග කැල්ලක්,මෙය පරිගනක ජාල සහ ආරක්ශක සිදුරු ඔස්සේ රින්ගායමින් පැතිරෙන වැඩසටහනක්.
  වසර ගණනාවක් තිස්සේ පරිගණක වෛරස් අප අතර තියනව.1949 දි තමයි Jhon von Neumann කියන විද්‍යාඥයා තමයි සෛද්ධාන්තිකව තනිව  වෛරසයක් ප්‍රතිවලිත වනව කියල හොයාගෙන තියෙන්නේ.හැබැයි අද වන විට පරිගණක වෛරසුත් ඒ තත්වෙට ගෙන්න සමත් වෙලා තියනව.1980 ගණන් වල නම් වෛරස් පැතිරිලා ගියේ හරිම හිමින්,නමුත් දැන් අන්තර්ජාලයේ පැතිරිම නිසා වෛරසුත් ඉතා වෙගයෙන් පැතිරෙනව ඒ e-mail,weblink ආදිය හරහා.
   මේ තියෙන්නේ දැනට පැතිරිලා තියන නරකම වෛරස් 10 ගැන පොඩි හැදින්විමක්.
1.Melissa-1999 David l smith කියන කෙනා තමයි මේක නිර්මාණය කලේ.මෙය e-mail හරහා පැතිරුණු වෛරසයක්.
2.ILOVEYOU- Melissa ට වසරකට පමණ පසුව පැමිණි worm ආකාරයේ වැඩසටහනක්.e-mail හරහා තමයි පැතිරුනේ.මෙමගින් සිදුව තිබු පාදුව ඩොලර් බිලියන 10 පමණ වෙලා තියනව.
3.The klez virus-2001 අග භාගයේ දි පැමිණි e-mail මගින් පැතිරුණු වෛරසයක්.
4.code-red & code red II-මෙය 2001 වසරේදි windows 2000 සහ windows NT සහිත පරිගණක වලින් හමුවු වෛරසයක්.
5.Nimda-2001 වසරේදි අන්තර්ජාලයෙන් හමුවු Nimda worm වෛරසය අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිරුනු වෛරසයක්.මෙය විනඩි 22 තුල ඒවකට තිබු වෛරස් වැඩසටහන් අතර පෙරමුන ගත්තා.
6.SQL slammerl sapphire-2003 ජනවාරි මස අගදි පැතිර ගිය මෙම වෛරසය වැදගත් වෙබ් අඩවි සර්වර් රාශියක් අකර්මන්ය කලා.
7.Mydoom-මෙය තවත් worm වර්ගයේ වැඩසටහනක්.මෙය මගින් පරිගණකය අනාරක්ශිත කරා.මෙහි ආකාර 2 තිබුනා.ඉන් පලමු වැන්න 2004 පෙබරවාරි 1  වලදි පැතිරුන අතර දෙවැන්න 2004 පෙබරවාරි 12 පැතිරිම ආරම්භවුනා.
8.Sasser & Netsky
9.Leap-A/oompa-A -2006 වසරේදි මේ වෛරසය පහර දුන්නේ Mac පරිගණක වලටයි.ඒය ichat හරහා පැතිරි ගියා.මේ වෛරසය වැඩි හානියක් නොකලත් Mac පරිගණක වලටත් වෛරස් ප්‍රහාර ඒල්ල විය හැකි බව තහවුරු කලා.
10.Storm worm-2006 වසරේ පැතිර ගිය නවතම වෛරසයක් ලෙස storm worm හදුන්වන්න පුලුවන්.මෙය e-mail හරහා පැතිර ගියා.Trojan horse වර්ගයේ වැඩසටහනක් වු මෙය සමහර හැකර්වරු botnet ජාලයක් තනාගෙන ඒය හරහා spam e-mail ඒවිමත් සිදුකලා.

0 comments:

Post a Comment