Thursday, September 20, 2012

Browser 'cache' ගැන නොදන්නා දේ..



  ඔබ යම් කිසි වෙබ් අඩවියකට පිවිසිමේදි ගැටලුවකට මුහුණ දුන්නොත් ඔබේ IT supporter ගෙන් ලැබෙන පලමු ප්‍රතිචාරය තමයි,"browser 'cache' ඒක clear කරල බලන්න,ඒත් එක්කම 'cookies' ටිකත් මකලා දන්න" කියන කාරණය.ඇත්තටම මොකක්ද මේ browser 'cache'  ඒක කියන්නේ?ඒහි වැදගත් කම කුමක්ද?වගේ ප්‍රශ්ණ රාශියක්ම ඔයාලට ඇති.

browser 'cache' යනු කුමක්ද?
  ඔබ වෙබ් අඩවියකට පිවිසිමේදි ඔබේ බ්‍රවුසරය මගින් අදාල වෙබ් අඩවිය අපට දර්ශණය කිරීමට අදාල තාවකාලික ෆයිල්ස් වගයක් පරිගණකයට ඩවුන්ලොඩ් කරගන්නව.මේවට තමයි කියන්නේ browser 'cache' කියල.මෙලෙස සගවා තබාගන්නා ෆයිල් ඒකක වෙබ් අඩවියක් සෑදිමට ගන්නා ඔනෑම ගොනුවක් තියෙන්න පුලුවන්,හරියට html files,CSS,Java script,Graphic images වගේ ඔනෑම දෙයක්.
  ඔබ නැවත නැවත ඒකම වෙබ් අඩවියට පිවිසෙනවනම් සෑම විටම බ්‍රවුසර් ඒක  'cache'  ඒක පරික්ශා කරල දැනට 'cache'  ඒකේ ඒ වෙබ් ඒකට අදාල ෆයිල් store වෙලාද කියල බලනව.ඒහෙම store වෙලානම් ඒ වෙබ් අඩවියට අදාල අලුතින් ඒකතු වු ෆයිල් විතරක් ඩවුන්ලොඩ් කර ගන්නව.මෙමගින් පාර්භොගිකයාගේ මෙන්ම සේවාදායකයාගේද bandwidth usage  ඒක අඩු කරල ඉක්මනින් වෙබ් පිටුවක් load කර ගැනිමට ලැබෙනව.ඔබ භාවිතා කරන්නේ slow internet සම්බන්දතාවක් නම් මේය 
'cache' ඒක clear කල යුත්තේ ඇයි?
  සමහර විට ඔබ නැවත පිවිසිමට බලාපොරොත්තු නොවන අනවශ්‍ය වෙබ් අඩවිවලට අදාල බාගත් ෆයිල් ප්‍රමාණය විශාල විම මගින් ඔබේ hard disk ඒකේ අනවශ්‍ය ලෙස ඉඩ අපතේ යන්න පුලුවන්.මේයට විසදුමක් ලෙස ඔබට  'cache'  ඒකට ලබාදිය යුතු ඉඩ ප්‍රමාණය සීමාකරන්න පුලුවන්,ඒ වගේම 'cache' ඒක clear කිරිම මගින් browser  ඒකේ වේගය වැඩිකර ගන්නත් පුලුවන්.
  ඇතැම් අවස්තාවල  'cache'  මගින් නොසිතන ප්‍රශ්න වලට මුහුණදෙන්න පුලුවන්.

  • සමහර අවස්ථාවල browser ඒක නිතර යන වෙබ් අඩවියක අලුත්ම තත්වය නොපෙන්වන්න පුලුවන්.
  • සමහර වෙබ් අඩවිවල යම් ප්‍රමාණයකට පමණක් ලෝඩ් විම සිදු වෙන්න පුලුවන්.මෙවැනි අවස්ථාවක  'cache'  ඒක clear කර නැවත load කිරිම වැදගත්.
  • මේ  'cache'  ඒක මගින් ඔබ මීට පෙර පිවිසි වෙබ් අඩවි පිලිබද අනාවරණය කර ගැනිමට භාවිතකරන්න පුලුවන්.මෙය පෞද්ගලිකත්වයට බාධාවක් වෙන්න පුලුවන්.

ඔබට පහසුවෙන්ම යතුරු පුවරුවේ shortcut භාවිතා කරල  'cache'  ඒක clear කරගන්න වගේම  'cache'  ඒක මගහැරල පිටුවක් reload කරගන්නත් පුලුවන්.පහත තියෙන්නේ ඒක ඒක බ්‍රවුසර් වලදි ඒක කරගන්න ආකාරය.

Firefox
    reload page and bypass cache: [Ctrl] + [F5] or [Ctrl] + [SHIFT] + [R] or [Shift] + browser Reload button
    clear cache: [Ctrl] + [Shift] + [Del]

Google Chrome

    reload page: [Ctrl] + [F5] or [Shift] + [F5] or [Ctrl] + browser Reload button
    reload page and bypass cache: [Ctrl] + [Shift] + [R] or perform above page reload twice in a row
    clear cache: [Ctrl] + [Shift] + [Del]

Internet Explorer 9

    reload page and bypass cache: [Ctrl] + [F5] or [Ctrl] + browser Refresh button
    clear cache: [Ctrl] + [Shift] + [Del]

0 comments:

Post a Comment