Saturday, June 8, 2013

ලැප්ටොප් ඒකක් ගන්නද ඉන්නේ? මේකත් බලලම ඉන්න.

   
  වර්ශ 1995 දි විතර ලැප්ටොප් පරිගණක ඒච්චර ලස්සන නැහැ,ඒ වගේම තමයි ඒවා හරිම බරයි ඊට වඩා ගනන්.සාමාන්‍යය කුඩා ලැප්ටොප් ඒකක් මිලදි ගන්න ඩොලර් දහස් ගණනක් වැය වුනා.විශාල කිබොඩ් මෙගාබයිට් වලින් තිබුන හාඩ් ඩිස්ක්.නවීන තාක්ශණයට පින්සිදු වෙන්න දැන් තියන ලැප්ටොප් බොහොමයක් මිලෙන් අඩු,බරෙන් අඩු,විශාල වේගයක් සහිත හුරුබුහුටි ඒවා.2010 වසරේ මුල් කාර්තුවේදි පමණක් විකුණුනු ලැප්ටොප් ගණන මිලියන 50 කට අධිකයි.ඒ අනුව වර්ථමාන තත්වය හිතා ගන්න පුලුවන්නේ.
   ඔයා ලැප්ටොප් ඒකක්,නොට්බුක් ඒකක් ටැබ් ඒකක් ගන්න හිතන් ඉන්නවද.මෙන්න ඒකට උදවුවක්.මේ තියෙන්නේ ඔයා පරිගණකයක් මිලදි ගන්න කොට හිතන්න ඔන කරුණු 10ක්.

10.ඔබ ඒය භාවිතා කරන්නේ කුමකටද?
   ඔයා පරිගණකය ගන්නේ අධ්‍යාපන කටයුතු වලටද,ව්‍යාපාර කටයුතු වලටද,HD විඩියොස් බලන්නද,ඒහෙම නැත්නම් ගේම්ස් ප්ලේ කරන්නද කියන කාරණය පිළිබද සිතා බැලිම වැදගත්.ඔයා අතේ තියන ගාණට සරිලන හොදම ෆිචර්ස් තියන පරිගණකය මිලදි ගන්න ඔන.
09.බැටරියේ ආයු කාලය.


   ලැප්ටොප් ඒකක් ගන්නෙම ජංගමව ඒය භාවිතා කරන්න පුලුවන් හැකියාව නිසයි.ඉතින් ලැප්ටොප් ඒකක් මිලදි ගැනිමේදි තිරණාත්මක සාධකය වෙන්න ඔන ඒහි බැටරියේ ආයු කාලය.ගොඩක් උපාංග කුඩා  වෙන්න වෙන්න ඒවායේ නිශ්පාදකයින් ඒවා සන්ගත කරන්න උත්සහ  කරනව.ඒහි ප්‍රතිඵලයක් ලෙස සමහර ලැප්ටොප් වල බැටරි මාරු කරන්න බැහැ.ඒ නිසා ඔයාට ඒ නිසා අමතර බැටරියක් භාවිත කිරිමේ හැකියාව නැති වෙන්න පුලුවන්.
08.ප්‍රමාණය සහ බර.
   ගොඩක් බර ලැප්ටොප් ඒහා මෙහා ගෙනයන්න බැහැ.2011 වසරේදි ඉන්ටෙල් සමාගම වඩාත් සැහැල්ලු පරිගනක සදහා උච්ත ප්‍රොසෙසර් නිපද විමට පටන් ගත්තා.මේ ප්‍රොසෙසර් ඉතා කුඩා විදුලි ප්‍රමාණයක් භාවිතා කරන නිසා බැටරි වල ප්‍රමානය කුඩා වෙලා ඒනිසා Ultrabook පරිගණක වල බර 1.3Kg පමණ වෙලා තියනව.ගොඩක් අගල් 15 ලැප්ටොප් පරිගණක වල බර සාමාන්‍යයෙන් කිලො 2.3 ආසන්න වෙනව.ඒය පරිගණකය නිතරම ඒහා මෙහා ගෙන යන කෙනෙකුට දැරිය හැකි දෙයක්.
07.තිරයේ ප්‍රමාණය.
   අද භාවිතා වන බොහෝ ලැප්ටොප් තියෙනේ ප්‍රමාණ 3යි,ඒ අගල් 13(33CM),15(38CM) සහ17(43CM).කුඩා ප්‍රමාණයේ පරිගණක වල ප්‍රමාණය සහ හැඩය රැක ගන්න බොහෝ විට optical drives භාවිතා වෙන්නේ නැහැ.නමුත් අගල් 15 සහ 17 ප්‍රමාණ වලදි බොහො විට optical drives භාවිතා වෙනව.මෙවායේ  තිර ප්‍රමාණ විශාල නිසා පහසුවෙන් චිත්‍රපටයක් නරබන්න උනත් පුලුවන්.


  Resolution ඒක කියන්නේ තිරය තුල සම්පුර්ණයෙන් අඩංගු වන තිත් ප්‍රමානය.මෙය විවිධ අගයන් ගන්නව.සමහර නිශ්පාදකයින් Resolution ඒක අඩු කරන්නේ ඒමගින් වැයවෙන මුදල අවම වෙන නිසා.සම්මත Resolution ඒක ලෙස 1080p හදුන්වන්න පුලුවන්.

06.ප්‍රොසෙසරය සහ ග්‍රැෆික්
   පරිගණකයක ප්‍රොසෙසරක මගින් තමයි ඒහි කාර්‍යක්ශමතාව මනින්නේ.වර්ථමානයේ භාවිතා වන පරිගනක ප්‍රොසෙසර් බොහොමයක් අපට අවශ්‍යය දේ ලබා දෙනව.දිනෙන් දින ඒවායේ තාක්ශණය වෙනස් වෙනව.වින්ඩොස් පරිගණක වල බොහොවිට භාවිතා වෙන්නේ ඉන්ටෙල් ප්‍රොසෙසර්,ඒ වගේම තමයි ඇපල් පරිගණක වලත් භාවිතා වෙන්නේ ඉතා අඩු විදුලි බලයක් සහිත ප්‍රොසෙසර්.
  ග්‍රැෆික් කාඩ් බොහො විට පරිගණකයට අඩංගු කල චිප් සහිත ඒවායි.නමුත් මේවාත් ඉතා හොද මට්ටමේ පවතිනව.සාමාන්‍යයෙන් හොද HD විඩියො සහ ගෙම්ස් play කරන්න පුලුවන්.
05.දත්ත ගබඩාව සහ මෙමෙරිය


  බොහො කාලයක් තිස්සේ ලැප්වල භාවිතා උනේ හාඩ් ඩ්‍රයිව්.නමුත් දැන් බොහො විට භාවිතා වෙන්නේ
solid state drives .ඒවා ගැස්සිම් වලට ඔරොත්තු දෙනව වගේම මිලෙනුත් අධිකයි.අද කාලයේ නම් හාඩ් ඒකේ ප්‍රමාණය ලොකු ප්‍රශ්ණයක් නොවෙන්නේ බොහො දෙනෙක් Cloud භාවිතයට යොමු වෙන නිසා.පරිගණකය භාවිතා කිරිමේ දි වැදගත්ම වෙන රැම් මතකය බොහො පරිගණක වල අවශ්‍යය ප්‍රමානයට අඩංගු වෙනව.ඒ නිසා බොහො ගැටලු මතු වෙන් නැහැ.ඒ වගේම ඔබට රැම් මතකය ඉහල දමා ගන්න පුලුවන්.වින්ඩොස් 7 භාවිත වන පරිගණකයකට 4GB මතකයක් හොදටම ප්‍රමාණවත්.
04.Optical ධාවකයක් අවශ්‍යද?
  ඔබ අන්තර්ජාලය හරහා විඩියො,චිත්‍රපට නරබන කෙනෙක් නම් ඔබට DVD ධාවකයක් අවශ්‍යය නොවෙන්න පුලුවන්.ඒමගින් ඔබට යම් මුදලක් ඉතිරි කරගන්න පුලුවන් ඒ නිසා ඔබ හොදින් හිතන්න ඔබට Optical Drive  අවශ්‍යමද කියල.


03.පොර්ට්ස්
   සැම පරිගණකයකම USB තියනව.ඒ නිසා ඔබට ඒ ගැන හිතන්න දෙයක් නැහැ.නමුත් දැන් භාවිතා වෙන්නේ USB වල 3.0 පරම්පරාව.ඒය USB 2.0 වඩා 10 ගුණයක් වෙගවත්.බලන්න ඔබ ගන්න ලැප් ඒකේ USB 3.0 ports තියනවද කියල.ඒ වගේම SD ස්ලොට් ඒකක් HDMI ස්ලොට් ඒකක් අඩංගු වෙනව නම් හොදයි.ඒ වගේම තමයි Wifi සහ Bluetooth සම්බන්දතාව ලබා ගැනිමේ පහසුවත් සලකා බැලිම වැදගත්.
02.ආරක්ශක පියවර.
  ලැප්ටොප් ඒකක් කියන්නේ අපේ පුද්ගලික තොරතුරු අඩංගු වෙනව.ඒ නිසා ඒහි ආරක්ශාව ඉතා වැදගත්.බොහො ව්‍යාපාරික පරිගණක වල Finger Print scanner අඩංගු වෙනව.ආරක්ශාව ගැනත් සිතිම වැදගත්.
01.වගකිම් සහතිකය.


ඔනැම ඉලෙක්ට්‍රොනික් උපාංගයක් සමගම වගකිමක් ලබා ගත් යුතුමයි.ඒ වගේම තමයි යම් උපාංගයක් වෙලද පොළට නිකුත් කල වහාම මිලදි ගන්න ඒක නොකල යුත්තක්.ඒ වගේම ඒහි අලුත් සංස්කරණයක් නිකුත් කිරිමට දින කිපයකට පෙර පැරණි සංස්කරණය මිළදි ගන්න පෙර හිතන්න ඔන. ඒය පිළිබදව අධයනය කර යම් කාලයකට පසු මිලදි ගැනිම් වැදගත්.ඒහිදි ඒ පිලිබද ලියවි තියන review බැලිමත් කල යුතුයි. 

0 comments:

Post a Comment