Monday, June 17, 2013

අන්තර්ජාලයට යන්න අලුත් විදියක්..{Project Loon }

 
  පසුගිය සිකුරාදා (ජුනි 14) ගුගල් සමාගමේ නිළ වෙබ් අඩවිය මගින් ඔව්න් තවත් අලුත් නිපැයුමක් ඉදිරිපත් කරන බව ප්‍රසිද්ධ කලා.ඒහි සදහන් උනේ බැලුන් ආධාරයෙන් රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවක් (Project Loon) හදුන්වා දෙනව යන්නයි.නමුත් මෙ ගැන තියන සමහර අන්දෝලනාත්මක ප්‍රශ්ණ වලට තවමත් උත්තර ලැබි නැහැ.ගුගල් සමාගම විවිධ ආකාරයේ නිශ්පාදන සම්බන්දයෙන් අප්‍රේල් පළමු වෙනිදාට විහිළු ඉදිරිපත් කරනව.මෙය ඒවැන්නක් යැයි සිතිය නොහැකියි.
   ඔවුන් පවසන අන්දමට මෙ ගැන ඔවුන් දරන අදහස තමයි මෙ...

  • “We believe that it might actually be possible to build a ring of balloons, flying around the globe on the stratospheric winds, that provides Internet access to the earth below,” 
  •  “It’s very early days, but we’ve built a system that uses balloons, carried by the wind at altitudes twice as high as commercial planes, to beam Internet access to the ground at speeds similar to today’s 3G networks or faster.

  බොහො පාරිහෝගිකයින්ගේ අදහස් සලකා බලා ඔවුන් දැනටමත් මෙ ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්න සුදානමින් ඉන්නව.
Project Loon නමි හදුන්වා ඇති මෙය මේ සතිය තුල නවසිලන්තයේ Canterbury  හිදි පරික්ශාකිරිමට සැරසෙනව.පළමුව බැලූන් 30 පමන යොදාගනිමින් අත්හදා බලන්නන් 50 වත් මෙය සමග සම්බන්ධ කර ගැනිම තමයි ඔවුන්ගේ අදහස.
  මෙහි අවසන් බලාපොරොත්තුව තමයි දුශ්කර ගම්බද පළාත්වල සිටින අයට මෙ බැලුන් වලින් ලබා දෙන signals භාවිතයෙන් අන්තර්ජාලයට පහසුවෙන් පිවිසිමට අවස්ථාව ලබා දිම.ඒය මගින්ම දුරකථන සංඥා නොමැති පෙදෙස් වලට සංඥා ලබා දිමත් ඔවුන්ගේ තවත් අරමුණක්.

      අපි බලමු ගුගල් සමාගමට තම අරමුණ ඉටු කරගන්න හැකි වෙයිද කියල...

1 comment: