Saturday, January 12, 2013

"Apple Retina"තිරයේ ක්‍රියාකාරිත්වයේ වගතුග....


   ඇපල් සමාගමේ නවතම උපකරණ සමග ඒන "Retina Display" ඒක මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්.සම්පුර්ණයෙන්ම pixels වලින් තොර තිරයක්,හැමොම පුදුම වෙනව.ඇත්තටම මේකේ  pixels නැද්ද?කොහොමද ඒක වැඩ කරන්නේ.ඒ ඔක්කොම ප්‍රශ්ණවලට උත්තර මේ ලිපියේ තියන්ව.
මොනවද මේ පික්සල් කියන්නේ?
අපි ගමු 1080P/I කියන රූපවාහිනි තිරය.දන්නවද 1080P/I කියන ඒකේ තෙරුම.
   සරලවම,1080 කියන්නේ තිරයේ තිරස් අතට ඉහල සිට පහලට තියන සෘජු රේඛා ගණන,ඒ තිරයේම සිරස් අතට තියන රේඛා ගණන දළ වශයේන් 1920 ගුණ කල විට ලැබෙන අගය 2,073,600 ක්.මෙන්න මේ අගය තමයි 1080P/I කියන රූපවාහිනි තිරයේ අඩංගු පික්සල් ගණන.
   පොතක් පත්තරයක් ගත්තොත් ඒවා මුද්‍රනය කරල තියෙන්නේ තිත් රාශියක් භාවිතා කරල.පික්සල් වගේම මේ තිත් වලිනුත් කරන්නේ සම්පුර්ණ රූපයක් නිර්මාණය කරන ඒක.අසංගු තිත් ගණන වැඩි වෙනකොට රූපයේ ප්‍රමිතියත් ඉහල යනව.
-ඒක අත්හදා බලන්න ඔන නම් කුඩා තිත් සමුහයකින් රවුමක් අදින්න,අගලක් විතර ලොකු උනොත් හොදයි.දැන් ඒයින් මදක් ඇතට ගොස් බලන්න,ඒවිට වෘතය වඩාත් හොදින් ස්ථිරව පෙනේවි.

   ප්‍රධාන වශයෙන්ම ඩිජිටල් ඉමේජ වලදි මෙන්ම මුද්‍රන කටයුතු වලදිත් තිත් සහ පික්සල් භාවිතා වෙන්නේ මෙලෙසමයි.රූපයක ත්ත්වය වැඩි වෙන්නේ ඒහි අගලක තියන තිත් ප්‍රමාණය (Pixel per inch - ppi)වැඩි වන තරමට .ඒ වගේම තමයි සිරස් සහ තිරස් අතට තියන ඉරි වැඩි වෙලා තියන පික්සල්ස් ගණන වැඩිවෙන තරමට තිරයක පෙන්වන රූප වල ගුණාත්මක බව ඉහල යනව.
Apple Retina Display
   මිනිසකුගේ පියවි ඇසට යම්කිසි දෙයක් ඒහි සිට අගල් 10-12 දුරක සිට දකින්න පුලුවන් වෙන්නේ ඒහි පික්සල්ස් ගණන 300ppi නම් පමණයි.ඒ අගය නිරොගි අයගේ,ඒකිනෙකාට මේ අගය වෙනස් වෙන්න පුලුවන්.
   "Retina Display" ඒක භාවිතා වන iPhone4,4s,5,ipod සහ notebook වල ඉහත අගය 326ppi විතර වෙනව.මේ නිසා මේ උපකරණ වල තිරයන්ට හැකි වෙලා තියනව ඉහල විභේදනයක් (resolution) ලබා දෙන්න.මේ අගය මානව දෘශ්ටි විතානයට පෙනෙනවාට වඩා වැඩි අගයක් නිසා ඒහි කිසිම පික්සල් ඒකක් දැකගන්න බැහැ.

   ඇත්තටම "Apple Retina Display System" ඒකේ භාවිතා වන මිනුම් සම්පුර්ණයෙන්ම වෙනස්.ඒහි භාවිතා වෙන්නේ Pixels per degree කියන මිනුම් ක්‍රමය.මුලිකවම ඇසේ සිට ප්‍රශස්ත දුරකින් තියන පික්සල්ස් දෙකක් ඒකිනෙකට අංශකයක් ආනතියකින් තියන විට සැදෙන ත්‍රිකොණය තුල කොච්චර පික්සල් ගාණක් තියනවද කියන ඒක තමයි ppd කියන්නේ.
   අගල් 10 තුල තියන පික්සල් 300 කට මේ ppd අගය 53 ක් වෙනව.ඒයින් කියවෙන්නේ ppd අගය 53 වඩා වැඩි අගල් 10 ප්‍රශස්ත දුරකින් තියන ඔනැම තිරයක් "Retina Display" ඒකක් කියල.

මේ තියෙන්නේ ඇපල් සමගමේ නිපදවල තියන "Retina Display" වල ppi,ppd සහ resolution පිලිබද විස්තරයක්.

  • iPhone 4/4S/4th Gen Touch: 326 PPI, 57 PPD, 960×640, 10″
  • iPhone 5/5th Gen Touch: 326 PPI, 57 PPD, 1136×640, 10″
  • iPad (3rd and 4th Gen): 264 PPI, 69 PPD, 2048×1536, 15″
  • MacBook Pro (15″): 220 PPI, 77 PPD, 2880×1800, 20″
  • MacBook Pro (13″): 227 PPI, 79 PPD, 2560×1600, 20″

   ඔයාලට පෙන විදියට ppd අගය වැඩි විමේත් ppi අගය අඩි විමේත් අතර පොඩි සම්බන්දයක් පේනව නේද.මේ සැම අගයක්ම තියෙන්නේ ප්‍රශස්ත දුරකදි.ඔයා ගොඩක් තිරය ලගට ලන් උනාම රූප වල තත්වය අඩු වෙන්න පුලුවන්.හරියට ඉස්සෙල්ලා කරපු ඩොට් සහිත පරික්ශණයේ වගේ.
   ඔයාලට හිතෙන්න පුලුවන් මෙච්චර පික්සල් ගොඩක් මේක ඇතුලේ හිර කිරිම නිසා රූප වල පැහැදිලි බව අඩුවෙන්න පුලුව්න් නේද කියල.ඒය අවම කා ගන්නත් ඇපල් සමාගම නව තාක්ශණික උපක්‍රම භාවිත කරල තියනව.
Comment us.....

0 comments:

Post a Comment