Tuesday, December 4, 2012

බ්ලොග් තොරතුරු සමාජජාල වෙබ් අඩවිවලට...

   ඔබ බ්ලොග් ලියන්නෙක්ද?ගොඩක් අයට තියෙන්නේ ඒක බ්ලොග් ඒකයි.නමුත් සමහර අය කිපයක් පවත්වා ගෙන යනව.ඔබ ඉන් කොහොම කෙනෙක් උනත් ඔබේ බ්ලොග් අඩවියේ අනෙක් අයට වැදගත් වෙන ලිපි තියෙන්න පුලුවන්.හරි අද මගේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නේ අලුතෙන්ම බ්ලොග් ඒකක් පටන් අරන් පවත්වාගෙන යන අයට.ඒ වගේම බ්ලොග් කිපයක් පවත්වාගෙන යන අයට.ඔබ ඒහෙම කෙනෙක්නම් ඔබේ කාර්‍ය්ය බහුලතාව වැඩි ඇති,ලිපි ලියන්න,අනුගාමිකයින් සමග අදහස් හුවමාරු කර ගන්න,ඊලගට ලියන ලිපිය ගැන තොරතුරු ඒකතු කරන්න වගේ වැඩ වලට.ඒ වගේම තව දෙයක් තියනව ඔබ විසින් කල යුතුම.ඒක තමයි ඔබේ ලිපි සමාජ ජාල වෙබ් අඩවි වලට ඒකතු කිරිම.
   මම කල යුතුම කියල කිව්වට බ්ලොග් ලිවිමේදි ඒක අත්‍යවශ්යම නැහැ.නමුත් සමාජජාල වෙබ් අඩවිවලට ලිපි යොමු කිරිම මගින් අපේ බ්ලොග් ඒකට විශාල කියවන්නන් ප්‍රමාණයක් ගෙන්න ගන්න පුලුවන්.
   නමුත් කොහොමද සමාජ ජාල වෙබ් අඩවිවලට ලිපි යොමු කරන්නේ.ඔබට ඔබ විසින්ම ඒක කරන්නත් පුලුවන්.නමුත් අපිට ඒක හැමදාම කරන ඒක කරදරයක් වෙන්නත් පුලුවන්,බ්ලොග් කිපයක් තියන අයට නම් ඒ ක්‍රමය විශාල කාලය නාස්ති කිරිමක්.හරි ඒකට විසදුම තමයි ඒ සදහා උදවු කරන වෙබ් සේවා වල සහය ලබාගන්න ඒක.මේ තියෙන්නේ ඒ අතරින් ජනප්‍රියම සේවා කිපයක්.

1)Dlvr-It
   "ඩ්ලිවර් ඉට්" කියන්නේ දැනට තියන ජනප්‍රිය සේවාවක්.ඉතා සරල පියවර කිපයක් මගින් ඔබට Twitter,Facebook,LinkedIn,Tumber,StatursNef,Delicious,Rss Feed වගේ සේවා රාශියකට ලිපි යොමු කරවන්න පුලුවන්.

2)Twitter Feed
   Twitter Feed තමයි දැනට සමාජ ජාල වෙබ් අඩවි වලට RSS Feed කරන ප්‍රසිධම සේවාව.මෙමගින් Twitter,Facebook,LinkedIn වල ලිපි පළකරන්න  පුලුවන්.


3)RSS Graffite 2.0

 ඇත්තටම භාවිතා කරන්න පුලුවන් Facebook සමග පමණයි.ඒය සතුව පහසුවෙන් අවබොධ කරගන පුලුවන් අතුරු මුහුණතක් සහිතයි.RSS Graffite 2.0 කියන්නේ Facebook app ඒකක් නිසා ඔබට FB හරහාම ඒයට ඇතුල් වෙන්න පුලුවන්.

4)Next Script
   Next Script කියල හදුන්වන මෙය WordPress අඩවි සදහා පමණක් භාවිතා කරන්න පුලුවන් plugin ඒකක්.මෙමගින් Twitter,Facebook,LinkedIn,Tumber,blogger ආදි වෙබ් සේවා රශියකට ලිපි යොමු කරන්න පුලුවන්.


5)Thumblr
  ඔබ සතුව ඇත්තේ Thumblr බ්ලොග් අඩවියක් නම් සරලවම text editor ඒක මගින් Twitter හෝ Facebook වෙත ලිපි පොස්ට් කරන්න පුලුවන්.මෙය Twitter සහ Facebook සදහා පමණක් සිමාවෙලා තියනව.


6)Posterous

මේ හරහා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි රාශියකට ලිපි යොමු කරන්න පුලුවන්.

7)Blogger
ගුගල් Blogger වෙබ් අඩවි වල ලිපි g+ වෙත post කිරිමට පමණක් මෙය භාවිතා කල හැකියි.


 

3 comments:

  1. Twitter akata Yavana Puluvn Lasima Karamyak Feedburner.google.com wala tiynva

    Post aka Hodai :)

    ReplyDelete
  2. වැදගත් ලිපියක් ....ස්තුතියි.....

    ReplyDelete