Thursday, February 14, 2013

තුන්වන පරපුරේ වෙබ් අඩවි කෙසේ වේවිද?(Web 3.0)



   ඔයාල ගොඩක් දෙනෙක් මම ලගදි ලියල තිබුන "දෙවන පරපුරේ වෙබ් අඩවි.." කියන ලිපිය කියවල තිබුන.ඒ නිසා මම හිතුව ඒ ලිපිය නවත්තල තිබුන තැනින් තව ටිකක් ඉස්සරහට යන්න.මම ලිපිය නවත්තල තිබුනේ " සමහර අය තවමත් වෙබ් 2.0 ගැන අවබොධ කරගන්න උත්සාහ කරන අතර තුර ,අනිත් අය දැනටමත් වෙබ් 3.0 ගැන හිතන්න පටන් අරගෙන.වෙබ් 3.0 කොහොම වේවිද?"  කියල.ඉතින් අද ඒ ප්‍රශ්නයට සරල උත්තරයක් දෙන්න උත්සාහ කරන්නම්.

   අන්තර්ජාලය පිළිබද විශේෂඥයන් කියන්නේ වෙබ් 3.0 කියන ඒක personal assistant කෙනෙක් තරමටම ඔබ ගැන,ඔබේ පුද්ගලික තොරතුරු සියල්ලක්ම ගැන ප්‍රායොගික අවබොධයක් තියන කෙනෙක් වගේ වෙයි කියල.ඒ වගේම අන්තර්ජාලයේ තියන සියලුම තොරතුරු වලට පිවිස ඔබේ ප්‍රශ්ණ වලට පිලිතුරු සොයා දෙන්නෙක් වෙයි කියල.බොහො දෙනෙක් වෙබ් 3.0 සලකන්නේ විශාල(giant) database ඒකක් විදිහට.වෙබ් 2.0 හරහා මිනිසුන් අන්තර්ජාලයට සම්බන්ද කරන අතර වෙබ් 3.0 මගින් තොරතුරු සමග මිනිසුන්ගේ සම්බන්ද කරයි කියල තමයි ඔවුන් උපකල්පනය කරන්නේ.සමහරු හිතන්නේ  වෙබ් 3.0 මගින් දැනට තියන වෙබ් ඒක replacing වෙයි කියල.ඒ අතර වෙබ් 2.0 වෙනම නෙට්වර්ක් ඒකක් විදිහට ක්‍රියා කරයි කියලත් ඔවුන් කියනව.
   අපි මේක උදා: පැහැදිලි කරගමු.
        හිතන්න ඔයාට නිවාඩුවට ට්‍රිප් ඒකක් යන්න ඔන කියල.ඔබට ඔන ලස්සන වෙරළ තිරයකට යන්න පිටරටක තියන.ඔබට වියදම් කරන්න පුලුවන් $5000 විතරයි,නවතින්න තැනකුත් හොයාගන්න ඔන,ඒ වගේම ගුවන් යානා ටිකට් පතක් ලබා ගන්නත් ඔන,මේ සියල්ලම හොයා ගන්න නම් ඔබට දැන් තියන තාක්ෂණය අනුව අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර උපයොගි කරගෙන තැනක් සොයා ගන්න ඔන,හොටල් කාමරයක්,ගුවන්ටිකට් පතක් ලබා ගන්න ඔන,මේ සියල්ලම කරගන්න පැය ගණනාවක් ගත වෙන්න පුලුවන්.
       නමුත් අන්තර්ජාල විශේෂඥයන්ට අනුව වෙබ් 3.0 ට අනුව ඔබට තියෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න Internet මගින් ඔබට අවශ්‍යය කාර්යය ඉටු කර දේවිලු.ඔබට තියෙන්නේ සෙවුම් සේවාව තොරාගෙන අවශ්‍යය මගපෙන්විම කිරිම පමනයි.වෙබ් බ්‍රවුසර වැඩසටහන මගින් තොරතුරු ඒකතු කර ගෙන ,ඒවා විශ්ලේෂණය කරල ඔබට තොරතුරු ඉදිරිපත් කරාවි සංසන්දන සහිතවම.ඒය කිරිම ඒයට පහසුයි මන්ද වෙබ් 3.0 ට අන්තර්ජාලයේ තියන තොරතුරු තේරුම් ගන්න පුලුවන් නිසා.
   දැන් තියන සර්ච් ඒන්ජින් ඒකකින් ඔබ සේවුමක් කලවිට ලැබෙන්නේ ඔබ යේදු Keyword ඒකට අදාල තොරතුරු පමණයි.නමුත් වෙබ් 3.0 වලදි Keyword  මණක් නෙවෙයි,ඔබ ඇතුලත් කරන දේවල් වල අන්තර්ගතය,තෙරුම ආදියත් සලකා බලනව.

   අපිට කොහොමවත් කියන්න බැහැ අනාගත්යේ තාක්ශණය කොයි අතට වෙනස් වෙයිද කියල.නමුත් වෙබ් 3.0 සලකන කොට ගොඩක් දෙනෙක් කියනව ඒය ඔවුන් පවසම්න මේ කරුණු මත පදනම් වෙයි කියල.ඔවුන් කියන්නේ වෙබ් 3.0 මගින් භාවිතා කරන්නන්ට වඩාත් දියුණු සහ අර්ථාන්විත අත්දැකිමක් ලැබෙයි කියල.ඒ අය විශ්වාස කරනව වෙබ් 3.0 භාවිතා කරන්නන්ටම අනන්‍යය වුන Internet Profile ඒකක් තියේවි කියල.ඒය පදනම් වෙන්නේ ඔවුන්ගේ පසුගිය වෙබ් සෙවුම් මත.
   ඒ කියන්නේ දෙදෙනෙක් ඒකම Keyword  ලබා දුන්නත් ඒ සර්ච් ඒන්ජින් ඒක ලබා දෙන ප්‍රතිඵල ඒකිනෙකට වෙනස්,මන්ද ඒවා ඔවුන්ගේ සෙවුම් අතිතය දිහා බලල ඉදිරිපත් කර ඔහුටම අනන්‍යය සෙවුම් නිසා.

  මෙවැනි ඇප්ලිකේශන් සදහා තවමත් පරිණත වු මෘදුකාංග නැහැ.අන්තර්ජාල විශේෂඥයන්ට අනුව වෙබ් 3.0 වල පදනම ලෙස සකස් වෙයි කියන්නේ application programming interfaces (APIs):{An API is an interface designed to allow developers to create applications that take advantage of a certain set of resources.} මත.වෙබ් 2.0 වල ජනප්‍රිය mashup {A mashup is the combination of two or more applications into a single application.} නිසාත් වෙබ් 3.0 වල වර්ධනය ඉක්මන් වෙයි කියල ඔවුන් කියනව.
   ඒ අතර තවත් විශේෂඥයන් පිරිසක් කියන්නේ වෙබ් 3.0 වල ආරම්භය අලුත්ම ආකාරයකට වෙයි කියල.ඒහි මුලික කොඩින් වලට HTML නොව ,අලුත්ම ක්‍රමලේකන භාශාවක් භාවිතා වෙයි කියල.නමුත් විවිද තාර්කික පැහැදිලි කිරිම් කොතරම් තිබුනත් ප්‍රායොගිකව ඒය කෙසේ වේ දැයි කිම තවමත් අපහසුයි.

   World Wide Web වල සොයා ගැනිමට මුලික වුන විද්‍යාඥයෙක් වන Tim Berners-lee  අනාගත වෙබ් තාක්ශනය හදුන්වා දි තිබෙන්නේ Semantic Web නමින්.ඇත්තටම මොකද්ද Semantic Web කියන්නේ? ලගදිම බලමු.



0 comments:

Post a Comment