අද අපි බොහොම පහසුවෙන් භාවිතා කරන මේ ජිපීඑස් පද්ධතිය ඒකවරම නිර්මාණය වුවක් නොවෙයි.ඒහි අතිතය දෙවන ලොක යුධ සමය දක්වා දිව යනව කිව්වොත් ඔයා පුදුම වෙන්නත් පුලුවන්.මෙහි මුලාරම්භකයින් තමයි LORAN and Decca කියන රේඩියො නැවිගේශන් සේවාවන්.නමුත් මෙය පොළව මත තිබුන සන්නිවේදන පද්ධති මත සමන්විත වුවක් මිස කෘතිම චන්ද්‍රිකා මත පධනම් වුවක් නොවෙයි.
1957 දි තමයි මිනිස් ඉතිහාසයේ පළමු වරට චන්ද්‍රිකාවක් කක්ෂ ගත කලේ.දන්නවනේ ඒ තමයි Sputnik යානය.ඒමගින් ඒවන සංඥා මොනවද කියල හදුනා ගන්න ආචාර්යය රිචඩ් බී. කර්ෂ්නර් කියන කෙනාගේ මුළිකත්වයෙන් යුතු කණ්ඩායමක් ඇමෙරිකාව පත් කලා.ඒ මගින් ලැබු අත්දැකිම් වලින් චන්ද්‍රිකා සංඥ භාවිතා කරල පොළවේ පිහිටුම සොයා ගන්නා ක්‍රමයක් හැදුවා.
ඒ අනුව 1960 දි තමයි පළමු වරට සැටලයිට් නැවිගේශන් සේවයක් ආරම්භ කලේ.ඒය ඇමෙරිකා නාවික හමුදාවේ ට්‍රාන්සිට් සේවයයි.ඒය සතුව චන්ද්‍රිකා 5 යුත් ජාලයක් පැවතුනා.මෙය දිගින් දිගටම දියුණු කල අතර 1978 දි නව්ස්ටාර් චන්ද්‍රිකාව කක්ෂගත කිරිම ඉතා වැදගත් සිද්ධියක් ඒය තමයි දැන් තියන ජාලයේ පළමු චන්ද්‍රිකාව ලෙස සැලකෙනව.
ඒතැන් පටන් මේ දක්වා ඒනමින් තවත් චන්ද්‍රිකා කක්ෂගත කල.Navastar GPS කියා අදටත් ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් නිල වශයෙන් හදුන්වන්නේ මෙයයි.1978 සිට 1989 දක්වාම චන්ද්‍රිකා කක්ෂ ගත කල අතර 1989 දි ඒය සම්පුර්ණ කලේ චන්ද්‍රිකා 24 සමගිනි ඒ අනුව ජාලය තුල දැනට චන්ද්‍රිකා 31 කින් සමන්විතයි.
ඇමෙරිකානු ජාලයට විකල්ප ලෙස විවිධ රටවල් දැනටමත් සැටලයිට් නැවිගේෂන් පද්ධති නිර්මාණය කරමින් පවතිනව.රුසියාවේ ග්ලෝනස්,යුරොපයේ ගැලීලියෝ,චිනයේ කොම්පස් ඒ අතර ප්‍රධානයි.
Read more:
ජිපීඑස් පද්ධතියක ක්‍රියාකාරිත්වය
0 comments:
Post a Comment