Tuesday, August 14, 2012

ජිවිතේ....


   දිනක් මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාල දේශණයක් සදහා සහභාගි වුනා.ඒයාගේ මේසය උඩ තිබුනා ගොඩාක් දෙවල් ඒයා අරගෙන ආපු.ළමයි පන්තියට ආවම මහාචාර්යවරයා නිශ්ශබ්දවම වැඩ පටන් ගත්තා.ඒයා ලොකු භාජනයක් අරගෙන ඒකට අගල් 2 විතර ගල්කැට උඩටම පිරෙව්වා.
පස්සේ ඒයා ළමයිගෙන් ඇහුවා බදුන පිරිලද කියලා?
ළමයි කිව්වා, ඔව් ඒක පිරිලා.
   මහාචාර්යවරයා නැවත පබලු ටිකක් අතට අරගෙන ඒ බදුනටම පිරෙනකම් දැම්මා.ආයේත් ඒයා අර ප්‍රශ්ණෙම ළමයිගෙන් ඇහුවා.
ඔවුන්ගේ පිලිතුර උනේ ඔවු කියන ඒකමයි.
   මහාචාර්යවරයා ඊලගට අතට ගත්තේ වැලි භාජනයක්.ඒයා ඒකත් අර භාජනයටම දැම්මා.ආයේත්  ඇහුවා බදුන පිරිලද කියලා?
ඒවිට නම් හැමොම ඒකමතිකව කිව්වා දැන්නම් පිරිලා කියල.
  "හොදයි" මම කියන්න හැදුවේ ඔයාලගේ ජිවිතයත් මේ භාජනය වගේ කියලා මහාචාර්යවරයා කිව්වා.ගල් කැට තමයි ජිවිතේ වැදගත් දේවල් හරියට ඔයාලගේ පවුල,ළමයි,හවුල්කාරයා,අධ‍යාපනය,සෞඛය වගේ අනිත් හැමදේම නැතිඋනත් නැති නොවන දේවල්.ඔයාගේ ජිවිතය සම්පුර්ණකරන දේවල්.
පබලු කියන්නේ අමතර දේවල් රැකියාව වගේ.
වැලි කියන්නේ පොඩි පොඩි හැමදේම.
"ඔයා ඔයාගේ භාජනයට ඉස්සෙල්ලම වැලි දාගත්තොත්,ගල්කැට,පබලු වලට ඉඩ නැතිවෙනවා.ඔයාගේ ජිවිතෙත් ඒ වගේ"
ඔයා කාලය සහ ශක්තිය පොඩ් පොඩි දේවල් වලට වැයකලොත්,ජිවිතේ වැදගත් දේවල් වලට දෙන අවදානය අඩුවෙනව. ඒ නිසා අවදානය වැඩිපුර ඔයාගේ සතුට වෙනුවෙන් යොදවන්න.

0 comments:

Post a Comment