Wednesday, August 29, 2012

දුවගෙන් තැග්ගක්...


   මේ කතාව පුංචි ගැණු ළමයෙක් ගැන.දවසක් මේ පුංචි ගැණු ළමයා Gold paper රොලක් අරගෙන ඒකෙන් කැලි කපලා පොඩ් කාඩ්බෝඩ් පෙට්ටියක අලවනවා.මෙක දැකපු මෙයාගේ තාත්තට ටිකක් කේන්ති ගියා.ආර්ථික අමාරුකම් තියන මේ කාලේ දරුවගේ නාස්තිකාර වැඩේට තාත්තා මෙයාට දඩුවමකුත් කලා.කොහොමහරි මේ පුංචි ගැණු ළමයා ඊලග දවසේ උදේ තාත්තා ළගට ඇවිල්ලා අර ලස්සන කර කර හිටපු පෙට්ටිය දිලා කිව්වා "මේක ඔයාට තාත්තා කියලා"
   තාත්තට හරියට දුක හිතුනා ඒයාට දඩුවම් කරපු ඒකට.ඒයා තැගි පෙට්ටිය ඇරලා බැලුවා.හැබැයි ඒක හිස්.තාත්තා පුංචි ගැණු ළමයට කතා කලා,"දුව ඔයා දන්නැද්ද කාට හරි තැග්ගක් දෙනවනම් ,ඒක ඇතුලේ මොනවහරි තියෙන්න ඔන නේද?.පුංචි ගැණු ළමයා ඇස්වල කදුලු පුරවගෙන තාත්තා දිහා බලලා කිව්වා "අනේ තාත්තා,ඒක හිස් නෑනේ,මම ඒක හාදු වලින් පිරෙව්වනේ.දන්නවද ඒ ඔක්කොම ඔයාට,තාත්තේ."තාත්තා හරි ආදරෙන් දරුවව තුරුලු කරගෙන සමාව ඉල්ලුවා ඒයා අතින් වෙච්ච වැරැද්දට.
   ටික කාලෙකින් පුංචි ගැණු ළමයා අනතුරකින් මිය ගියා.ඒත් වසර ගණනාවක් යනකම්ම ඒයාගේ තාත්තා  අර පුංචි පෙට්ටිය ඇදේ පැත්තකින් තියාගෙන හිටියා.දුකක් පසුතැවිල්ලක් ඒන හැම වෙලාවකම තාත්තා අර පෙට්ටියෙන් හාදුවක් අරගෙන මතක් කරනවා ඒයාගේ දුවව ඒයාට ගොඩාක් ආදරය කරපු.  
"In a very real sense, each one of us, as humans beings, have been given a gold container filled with unconditional love from our children, family members, friends, and God. There is simply no other possession, anyone could hold, more precious than this."

0 comments:

Post a Comment