Sunday, September 16, 2012

"ඔබ හොදින්ද ?"


  දිනක් ගොවියෙක් තම කරත්තයෙන් පාරේ ගමන් කරමින් සිටින විට සිදු වු රිය අනතුරකින් තුවාල ලැබුවා.මෙකට හේතුව උනේ ලොරි රථයක් කරත්තයේ ගැටිමයි.ගොවියා විසින් පොලිසියට ලබාදි තිබු කට උත්තරය නිසා රක්ශණ සමාගම ඔහුට වන්දි ලබාදිම ප්‍රතික්ශේප කර තිබුනා.මේ අසාධාරණයට විරුද්ධව ගොවියා අදිකරණයේ නඩුවක් ගොනු කලා.
විත්තියේ නිතිඥයා:මට තේරෙනව ඔබ වන්දි ඉල්ලන්නේ අනතුර නිසා කියලා,නමුත් අනතුරකට වන්දි ලබා දෙනවනම් ඉන් ඔබට යම්කිසි හානියක් විය යුතුයි නේද?
ගොවියා:ඔව්,ඇත්තෙන්ම.
විත්තියේ නිතිඥයා:නමුත් ඔබ පොලිසියට දුන් කට උත්තරය අනුව පොලිස් නිලදාරින් ඔබෙන් "ඔබ හොදින්ද?" කියා ඇසු විට ඔබ කියා තිබෙන්නේ,"මම මීට පෙර කවදාවත් මෙතරම් හොදින් සිට නෑ කියායි".ඒය ඇත්තද?
ගොවියා:ඔව්,නමුත්....
විත්තියේ නිතිඥයා:සරළ පිලිතුරක්,ඔව්ද?නැත්ද?
ගොවියා:ඔව්.
    පසුව තිබුනේ ගොවියා විසින් ඉදිරිපත් කල නිතිඥයාගේ ප්‍රශ්ණ ඇසිමේ වාරයයි.
පැමිණිල්ලේ නිතිඥයා:කරුණාකරලා කියනවද මේ ගරු අදිකරණයට ඇත්තටම ඒතන මොකද උනේ කියල.ඒ කියන්නේ ඔබට ඒවැනි කට උත්තරයක් දෙන්න පෙලඹවු කරුණු.
ගොවියා:ඇත්තෙන්ම,අනතුරෙන් පසු මම දුටුවා මගේ අශ්වයා කැඩුණු කකුලක් සහිතව පාර අයිනේ වැට් සිටියා,මා සමග ගිය අසරණ බල්ලා වෙදනාවෙන් කෑ ගසමින් සිටියා.ඊට මොහොතකට පසු පොලිසියෙන් පැමිණියා,මගේ අශ්වයා දිහා බැලුවා ඌට වෙඩි තියලා මැරුවා,ඊලගට බල්ලා ලගට ගියා,ඌ දිහා බලලා උට වෙඩි තියලා මරලා දැම්මා.
අවසානෙට මගේ ලගට ඇවිත් ඇහුවා "ඔබ හොදින්ද කියලා?"
ඊතින් අර ඔක්කොම දිහා බලන් හිටපු මම වෙන මොනව කියලා කියන්නද?,ඒකයි ඒහෙම උත්තරයක් දුන්නේ...

Saturday, September 15, 2012

පරිගණක කේබල් වල තොරතුරු..cont:

  පරිගණක කේබල් වල තොරතුරු..කියලා මම දාපු පසුගිය ලිපිය ටිකක් දිර්ග උනා.ඉතින් ඒකේ ඉතිරි කොටස තමයි මේ තියෙන්නේ.මෙතනින් පලවෙනි කොටස බලන්න පුලුවන්."පරිගණක කේබල් වල තොරතුරු".
IDE(Integrated Drive Electronic)   
computer networking cables
   IDE cable පාවිච්චි කරන්නේ storage device ඒකක් වන Hard drive ඒක,CD,DVD drives  වගේ උපාංග මවුපුවරුවට සම්බන්ද කරන්න.මේ IDE cable ඒකක pin 40 තියනව.ඊට වඩා කුඩා 2.5"drive වර්ගය IDE cable වල pin 44 දකින්න පුලුවන්.
SATA(Serial Advanced Technology Attachment) 
computer networking cables 
 අලුතෙන්ම ඒන Hard drive වල දැන් භවිතා වෙන්නේ SATA cables තමයි.IDE කේබල් වලට වඩා SATA කේබල් සාර්ථක උනා.ඒමගින් සම්ප්‍රේශණය කරන්න පුලුවන් දත්ත ප්‍රමාණය වැඩි විම තමයි ඊට හේතුව.දැන් ඒන ගොඩාක් මවුපුවරු SATA වලට ගැලපෙන Port සහිතවයි ඒන්නේ.SATA Cable ඒකක දෙපැත්තේම ඒකවගේ.ඒක පැත්තක pin8 අඩංගු වෙනව. 
eSATA(External  Serial Advanced Technology Attachment)
 computer networking cables
   eSATA කියන්නේ SATA cables වලම තාක්ශණික දිගුවක්.ඒමගින් බාහිරව SATA cables මගින් උපකරණ පරිගණකයට සම්බන්ද කරන්න පුලුවන්.උදා:විදියට බාහිරින් සවි කරන Hard drive ඒකක් Opticle drive ඒකක් ගන්න පුලුවන්.මේය වඩා වැදගත් වෙන්නේ ඒමගින් USB සහ Firewire වලට වඩා වේගයකින් දත්ත හුවමාරුව කල හැකි නිසායි.
Fire Wire

   Fire Wire වල අරමුණ නම් USB වල වගේම තමයි,ඒ පරිගණක උපාංග වල දත්ත සම්ප්‍රේශණ වේගය වැඩි කිරිම.Printers,Scanners වගේ ලොකු සම්ප්‍රේශණ ධාරිතාවක් සහිත උපකරණ සම්බන්ද කරන්න භාවිතා වෙනවා.මේවා USB තරම්ම ජනප්‍රිය නෑ.නමුත් මේවායේ වර්ග 2 තියනව, 
  • 1394a-දත්ත සම්ප්‍රේශණ වේගය 400Mbps
  • 1394b-දත්ත සම්ප්‍රේශණ වේගය 800Mbps
 Ethernet
computer cables
   Ethernet cables භාවිතා කරන්නේ Local Area Network වලට.බොහොවිට Modems,Routers වගේ ඒවා පරිගණකයට සම්බන්ද කිරිමට භාවිතා වෙනව.දැනට Ethernet cables වර්ග 3 භාවිතයේ තියනව,
  • cat5 - දත්ත සම්ප්‍රේශණ වේගය 10Mbps or 100Mbps.
  • cat5e- දත්ත සම්ප්‍රේශණ වේගය 1000Mbps
  • cat6 -දත්ත සම්ප්‍රේශණ වේගය 10Gbps
මේ Article ඒකෙන් දැනට භාවිතා කරන කේබල් වර්ග බොහෝමයක් තියනව.ඒ ගැන ඔයාලගේ අදහස් comment කරන්න.....

Friday, September 14, 2012

පරිගණක කේබල් වල තොරතුරු..


   පරිගණකයට සම්බන්ද කරල තියන ඔනෑම උපකරණයක් බැලුවොත් පරිගණකය තුල වගේම ඒ උපකරණය තුලත් වයර් පිරිලා.අමුතු අමුතු නම් තියන ඒක ඒක පාට වයර් ගොඩාක්. ඔයාලට ප්‍රශ්ණත් ඇති,ඇයි හාඩ් ඒක සම්බන්ද කරන්න IDE හරි SATA හරි Cable ඒකක් භාවිතා කරන්නේ?ඇත්තටම USB 1.0,2.0,3.0 වල වෙනස් කම් තියනවද?Fire-wire කියන්නේ Fire wall ඒකේම කොටසක්ද? වගේ.
  මේ cable වර්ග වලට අපි හැමොම වගේ පාවිච්චි කරන්නේ කෙටි නම් SATA,IDE,USB වගේ.ඇත්තටම මේවායේ තෙරුම මොකක්ද?මේ වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර ඔයාලට මෙ ලිපිය කියවල හොයාගන්න පුලුවන් වේවි.
  ගොඩාක් ජාතියේ Cable වර්ග තිබුණත් ඒවයින් කිපයක් ගැන විස්තර තමයි පහල තියෙන්නේ.

VGA (Video Graphics Array)

 

  1980 ගණන් වල තමයි VGA connection ඒක පළමුවෙන්ම නිපද වලා තියෙන්නේ.මේක තමයි පරිගණක තිරයට පරිගණකය සම්බන්ද කරන සම්මත Cable ඒක.ඩිජිටල් කනෙක්ෂන්ස් වල පැමිණිමත් සමග ක්‍රමාණුකුලවVGA connection වල ජනප්‍රියතාව අඩු උනත් තවම video card සමග VGA port ඒකක් දකින්න පුලුවන්.

VGA කනෙක්ෂන් ඒක හදුනාගන්න පුලුවන් පේලි 5 බැගින් පේලි 3 ලෙස පිහිටි Pin 15 මගින්.

DVI (Digital Visual Interface)

   තාක්ශණය analog වලින් digital වලට ගමන්කරන විට VGA වෙනුවට පැමිණුන සාර්තකම තාක්ශණික පිලියම තමයි DVIකියන්නේ.මේවා LCD,LED වගේ display වල භාවිතා වනව.DVI Connections  ආකාර 3 තියනව.

  • DVI-A: සිග්නල් සම්ප්‍රේශණයට.
  • DVI-D: නවතම digital සිග්නල් සම්ප්‍රේශණයට.
  • DVI-I :analog/digital සිග්නල් වර්ග 2 ම සම්ප්‍රේශණයට.

HDMI (High Definition Multimedia Interface)

   පසුගිය දශක 2 තුලදි High-Quality තමයි නවතම ප්‍රමිතිය උනේ දත්ත  සම්ප්‍රේශණය කිරිමේ.අපි HD කියන්නේ මේක තමයි.VGA,DVI වගේ නෙවෙයි HDMI වලින් Audio/Video සිග්නල් වර්ග 2 ම ඒකවර යවන්න පුලුවන්.හැබැයි Digital signal  විතරයි.ඒ කියන්නේ HDMI ගැලපෙන්නේ නවතම උපකරණ සමග පමනයි.HDMI connections වර්ග 4 තියනව.

  • Type A:pin19

  • Type B:pin29

  • Type C:pin19(Digital camera,PDA)

  • Type D:pin 19 (Micro USB cord)

USB (Universal Serial Bus)

From left to right: micro USB, mini USB, type B standard USB, and type A standard USB

 USB Connection ඒක තමයි දැනට ලෝකය පුරාම පැතිරිලා තියන වඩාත් ජනප්‍රිය connection ඒක.සම්පුර්ණයෙන්ම වගේ පරිගණක උපාංග-keyboard,mics,headset,flash drive,ect: - පරිගණකයට සම්බන්ද වෙන්නේ USB port ඒකක් හරහා. කාලයක් තිස්සේ USB ඒක තම පරම්පරා කිපයක් පසුකරගෙන ඇවිත් තියනව.දැනට භාවිතා වන නවත්ම පරම්පරාව තමයි USB 3.0 කියන්නේ.

  • USB 1.0/1.1=12Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිතයි.
  • USB 2.0 =දැනට භාවිතා වන පරිගණක වැඩි ගණනක තියෙන්නේ මේ වර්ගය.දත්ත සම්ප්‍රේශණ වේගය 480Mbps වෙනව.
  • USB 3.0=4.8Gbps වගේ අති විශාල දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිතයි. 

       Mini සහMicro USB ආකාර වැඩිපුරම භාවිතා වෙන්නේ අතේ රැගෙන යා හැකි PDA,Phones,Cameras වගේ දේවල් වල

 ඉතිරි ටික හෙට....

Wednesday, September 12, 2012

පෙන් ඩ්‍රයිව් ඒකකින් පරිගණකය ලොක් කිරිම..

   අපි හැමොම වගේ USB Pen drive  ඒක පාවිච්චි කරන්නේ පරිගණක අතර දත්ත හුවමරු කරන්න,නැත්නම් ෆයිල්ස් backup කරන්න වගේ දේවල් වලටනේ.ඒ උනාට Pen drive ඒකෙන් තව තව cool දේවල් ටිකක් කරන්න පුලුවන්.මේ තියෙන්නේ ඒවායින් ඒකක්.
    පරිගණකය lock සහ unlock කරන්න.හරියට සමහර ෆිල්ම් වල තියනව වගේ.ඒකට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.මෙන්න මේ ලින්ක් ඒකෙන්
PREDATOR කියන නොමිලේ ලබාගන්න පුලුවන් ඇප්ලිකේශන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න.ඒතකොට ඔයාගේ Pen drive ඒක පරිගණකයට යතුරක් වගේ ක්‍රියාකරවගන්න පුලුවන්.
  ඔයා හදිස්සියෙම පරිගණකයේ වැඩ කර කර ඉදලා කොහේ හරි යන්න යනව කියල හිතමු,ඒතකොට ඔයාට කරන්න තියෙන්නේ Pen drive ඒක පරිගණකයෙන් ගලවන ඒක විතරයි.ඒතකොට පරිගණකය lock වෙනව.ඔයා ආපහු ආවහම Pen drive ඒක plug කරන්න විතරයි තියෙන්නේ පරිගණකය unlock වෙනව.ඒක හරියට පාස්වර්ඩ් ඒකක් භාවිතා කරනව වගේ,හැබැයි ඔයාට වචන මුකුත් ටයිප් කර කර ඉන්න ඔන නැහැ.


  ඔයා
Pen drive ඒක unplug කරපුවහම ඔයා open කරගෙන හිටපු වින්ඩොස් minimize වෙලා පරිගණක තිරය කලුපාට වෙනව. ආපහු පෙන් ඒක plug කරනකම් කාටවත් ඔයාගේ පරිගණකයට ලොග් වෙන්න බැ.Try කරල බලන්න.
PREDATORPREDATORPREDATORPREDATORPREDATORPREDATORPREDATOR

Tuesday, September 11, 2012

ලොකයේ තිබුනු නරකම වෛරස් 10 ය..

  පරිගණක වෛරස්,හොදට අහල පුරුදු නමක්.තොරතුරු තාක්ශණය සමග ආපු දෙවල් අතරින් ටිකක් පුදුම දෙයක්.ඒ වගෙම අනෙක් අතට අපි කොච්චර  ලොකු අනතුරකද ඉන්නේ කියල අපට හිතන්න තියෙන කාරණයක්.හොදින් සාදන ලද වෛරසයකට ඵලදායිතාව අඩු කරල බිලියන ගානක පාඩුවක් සමගමකට කරන්න පුලුවන්.
     උදා: විදියට විශේෂඥයින් ගනනය කර තිබෙන ආකාරයට 2004 පැතිරුනු " " වෛරසය ඒක් දිනක් තුල පරිගණක මිලියන භාගයකට වඩා අඩපන කලා.
  වෛරස් ගැන කාතා කරන කොට වෛරස් වර්ග රාශියක් ගැන අහන්න ලැබෙනවා.ඒවා අත්‍රින් පොදුවේ ගත හැකි වෛරස් වර්ග 4 ක් තියනව.
  • Viruses:මේක පොඩි මෘදුකාංගයක්,තවත් මෘදුකාංගයකට සම්බන්දවෙලා තමයි ඒන්නේ.ප්‍රධාන මෘදුකාංගය run වෙන කොට ඉබෙටම මේ program ඒකත් වැඩ කරන්න ගන්නව.
  • E-mail viruses:මේවා e-mail ඒකකට සම්බන්ධ attachment ඒකක් විදියට තමයි ඒන්නේ.මේ වෛරස් e-mail box ඒකේ තීයන address වලට ඉබෙටම ප්‍රතිවලිත වෙමින් පැතිරෙනව.
  • Trojan horses:Trojan horse කියන්නේ සරල පරිගණක වැඩසටහනක්.මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ අපි ඊට අදාල වැඩසටහන run කරපුවහම.මෙවාටත් තනිව පැතිරෙන්න පුලුවන්.
  • Worms:පොඩ් මෘදුකාංග කැල්ලක්,මෙය පරිගනක ජාල සහ ආරක්ශක සිදුරු ඔස්සේ රින්ගායමින් පැතිරෙන වැඩසටහනක්.
  වසර ගණනාවක් තිස්සේ පරිගණක වෛරස් අප අතර තියනව.1949 දි තමයි Jhon von Neumann කියන විද්‍යාඥයා තමයි සෛද්ධාන්තිකව තනිව  වෛරසයක් ප්‍රතිවලිත වනව කියල හොයාගෙන තියෙන්නේ.හැබැයි අද වන විට පරිගණක වෛරසුත් ඒ තත්වෙට ගෙන්න සමත් වෙලා තියනව.1980 ගණන් වල නම් වෛරස් පැතිරිලා ගියේ හරිම හිමින්,නමුත් දැන් අන්තර්ජාලයේ පැතිරිම නිසා වෛරසුත් ඉතා වෙගයෙන් පැතිරෙනව ඒ e-mail,weblink ආදිය හරහා.
   මේ තියෙන්නේ දැනට පැතිරිලා තියන නරකම වෛරස් 10 ගැන පොඩි හැදින්විමක්.
1.Melissa-1999 David l smith කියන කෙනා තමයි මේක නිර්මාණය කලේ.මෙය e-mail හරහා පැතිරුණු වෛරසයක්.
2.ILOVEYOU- Melissa ට වසරකට පමණ පසුව පැමිණි worm ආකාරයේ වැඩසටහනක්.e-mail හරහා තමයි පැතිරුනේ.මෙමගින් සිදුව තිබු පාදුව ඩොලර් බිලියන 10 පමණ වෙලා තියනව.
3.The klez virus-2001 අග භාගයේ දි පැමිණි e-mail මගින් පැතිරුණු වෛරසයක්.
4.code-red & code red II-මෙය 2001 වසරේදි windows 2000 සහ windows NT සහිත පරිගණක වලින් හමුවු වෛරසයක්.
5.Nimda-2001 වසරේදි අන්තර්ජාලයෙන් හමුවු Nimda worm වෛරසය අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිරුනු වෛරසයක්.මෙය විනඩි 22 තුල ඒවකට තිබු වෛරස් වැඩසටහන් අතර පෙරමුන ගත්තා.
6.SQL slammerl sapphire-2003 ජනවාරි මස අගදි පැතිර ගිය මෙම වෛරසය වැදගත් වෙබ් අඩවි සර්වර් රාශියක් අකර්මන්ය කලා.
7.Mydoom-මෙය තවත් worm වර්ගයේ වැඩසටහනක්.මෙය මගින් පරිගණකය අනාරක්ශිත කරා.මෙහි ආකාර 2 තිබුනා.ඉන් පලමු වැන්න 2004 පෙබරවාරි 1  වලදි පැතිරුන අතර දෙවැන්න 2004 පෙබරවාරි 12 පැතිරිම ආරම්භවුනා.
8.Sasser & Netsky
9.Leap-A/oompa-A -2006 වසරේදි මේ වෛරසය පහර දුන්නේ Mac පරිගණක වලටයි.ඒය ichat හරහා පැතිරි ගියා.මේ වෛරසය වැඩි හානියක් නොකලත් Mac පරිගණක වලටත් වෛරස් ප්‍රහාර ඒල්ල විය හැකි බව තහවුරු කලා.
10.Storm worm-2006 වසරේ පැතිර ගිය නවතම වෛරසයක් ලෙස storm worm හදුන්වන්න පුලුවන්.මෙය e-mail හරහා පැතිර ගියා.Trojan horse වර්ගයේ වැඩසටහනක් වු මෙය සමහර හැකර්වරු botnet ජාලයක් තනාගෙන ඒය හරහා spam e-mail ඒවිමත් සිදුකලා.

Monday, September 10, 2012

මුහුණ සහ ඇස දෙස බලා මිනිස්සු හදුනාගැනිම..


  ඇගිලි සලකුණු දෙස බලා ඒක් අයෙක් අනෙකාගෙන් වෙන් කොට හදුනාගැනිම වසර 100 කට වඩා පැරණි නමුත් අද වන තෙක් පවතින ක්‍රමයකි.මෙසෙම කෙනෙකුගේ මුහුණ සහ ඇස දෙස බලා ඔහු/ඇය කුමන වෙස් ගත්තද හදුනාගැනිමේ තාක්ශණය Bio-metrics හෙවත් ජිවමිතිය නමින් හදුන්වයි.
  ග්‍රික භාශාවෙන් Bios කියන්නේ ජිවය යන්නයි.metron යනු මැනිමයි.යමෙකුගේ ජිව විද්‍යාත්මක ගුණ මැනිම මගින් ඒ පුද්ගලයා හදුනාගැනිම  Bio-metrics  ය.ඒසේම ඉංග්‍රිසි භාශාවේ Behaviometrics, Behavioral bio-metrics යනුවෙන් හදුන්වන්නේද ජිවමිතියයි.
  පුද්ගලයාගෙන් පුද්ගලයාට කලු ඉංගිරියාව වෙනස්ය.ඒහි පටක සැකසි ඇත්තේ නිශ්චිත රටාවකයට.මේ රටාව වයස සමග හෝ වෙනත් නොවේ.මේ සදහාම සැදු පරිගණක උපාංග වල උදවුවෙන් පුද්ගලයෙක් තවෙකෙගෙන් හා ඒ පුද්ගලයාමදැයි හදුනාගනි.
  මෙහිදි මුලින්ම කලු ඉංගිරියාවේ පිටත සිට ඇතුලට scaning කරමින් ඒහි තිබෙන සලකුණු නිශ්චිතවම හදුනාගෙන දත්ත ලෙස රැස් කර තබා ගනි.ඒ තොරතුරු අනාගතයේ දවසක irisrecogninition system ඒකක් මගින් ඔහු හදුනා ගැනිමට භාවිතා කරයි.
  මේ වන විට ඇමෙරිකාව,බ්‍රසිලය,ඉරාකය ආදි රටවල් රැසක් මේ තොරතුරු හැදුනුම්පත් වලට ඇතුලත් කරයි.
  පුද්ගලයාගෙන් පුද්ගලයාට මුහුණ වෙනස් වාගේම ඒවෙනස හදුනාගන්නටද පුලුවන. නමුත් නොයේක් ක්‍රම වලට මුහුනේ සුපුරුදු පෙනුම වෙනස් කිරිමට හැකි නිසා මෙහිදිද  Bio-metrics  භාවිතා වේ.මේ සදහා මුහුණේ තිබෙන වෙනස් නොවන ජිවමිතික ගුණකිපයක් භාවිතා වේ.

  • ඇස් දෙක අතර දුර.
  • නාසයේ දිග-පලළ අතර අනුපාතය.
  • ඇස් කෙවෙනිය ගැඹුර හා ඇසේ අනුපාතය.
  • කම්මුල් ඇටයේ ස්වභාවය.
  • හනුක දාරයේ ඇති අස්ථි දාරයේ ස්වභාවය.

 මෙසේ මුහුණ පරිලොකනය (scanning) කිරිම මගින් පුද්ගලයන් හදුනාගැනිම facial scanning ලෙස හදුන්වයි.මෙහිදි පුද්ගලයකුගේ මුහුණක් හෝ ජායාරූපයක් ඒක් කෙලවරක සිට අනෙක් කෙලවරට පරිලොකනය කර ඒහි ඇති විශේෂ ලක්ශණ ඩිජිටල් මාදිලියෙන් රැස් කර දත්ත බවට හරවා ගබඩාකර තබයි.මෙසේ දත්ත බවට හරවන ගණිතමය තොරතුරු ආකෘතිය face print කියා හදුන්වයි.
  මුහුණ හදුනාගැනිමේ තාක්ශණය නවින ඩිජිටල් කැමරා,ජංගම දුරකතන,පරිගණක වල පාස්වර්ඩ් ඒක වෙනුවට ඉමේජයක් භාවිතා වේ.ඒය face pass ලෙස හදුන්වයි.

Thursday, September 6, 2012

කොහොමද මේ Dual-core Processors වැඩ කරන්නේ?

  සෑම පරිගණකයකම ප්‍රොසෙසර් ඒකක් තියනව.ඒක පෞද්ගලික පරිගණකයකටත් Powerhouse වල තියන පරිගණකයකට උනත් පොදු දෙයක්.Processor ඒකක් නැතුව පරිගණකය ක්‍රියාකාරි වෙන්නේ නැහැ.මේ Processor ඒකටම CPU(Central Processing Unit) කියලත් කියනව.
  අද භාවිතාවන Processors අවම වශයෙන් dual-core වත් වෙනවා.ඒ කියන්නේ Processor ඒක ඇතුලේ වෙන් වෙන්ව 'cores'' 2 තියනව කියන ඒක.ඒ දෙකෙන්ම  ඒක විට තොරතුරු process කරන්න පුලුවන්.


අපි බලමු මේ Processor cores කියන්නේ මොනවද කියලා?
  Processor cores  ඒකක් කියන්නේ යම්කිසි නිශ්චිත කාර්‍යක් කරන්න ලැබෙන උපදෙස් කියවාගෙන ඒවා process කරන ඒකකයට.මේ උපදෙස් ලැබෙන්නේ ඒකකට පස්සේ ඒකක් විදියට.ඇත්තටම ඔබ පරිගණකයකයෙදි කරන සැම වැඩක්ම Processor ඒක හරහා process විමකට ලක් වෙනවා.ඔබ folder ඒකක් open කරන කොටත්,වචනයක් ටයිප් කරන කොටත්,යමක් අදින විටත්,game ඒකක් play කරන කොටත් ආදි සැම විටම process විමක් සිදුවෙනවා.
කොහොමද Processor ඒක වැඩ කරන්නේ?
  Processorඒකේ සැලසුම් නිර්මාණය ඉතාම සංකීර්ණ ඒකක්.ඒය වර්ගයෙන් වර්ගයටත්, සමාගමෙන් සමාගමටත් වෙනස්වෙනවා.දැනට භාවිතා වන Intel සමාගමේ 'Ivy Bridge' වගෙම AMD සමාගමේ 'Piledriver' වගේ සුපිරි Processor නිරතුරුවම වැඩිදියුණු කිරීම් වලට ලක් වෙනවා.ඒහි ප්‍රතිපලයක් ලෙස ඉතා කුඩා ප්‍රමාණයේ,අවම විදුලි පරිභෝජනයක් කරන සුපිරි වෙගයෙන් යුත් Processor නිපදවමින් පවතිනව.
   මේ කුමන ආකාරයේ Processor ඒකක උවත් instruction process කිරිමේදි භාවිතා වන්නේ ප්‍රධාන පියවර 4 පමණයි.
  1. Fetch
  2. Decode
  3. Execute
  4. Writeback
1.Fetch 
     මේ පියවරේදි තමයි ඔබට කිරිමට අවශ්‍යය කාර්යය හදුනාගන්නේ.processor core ඒක process විමට බලා සිටින තොරතුරු ලබාගන්නවා.සාමාන්‍යයෙන් මේ තොරතුරු තියෙන්නේ RAM ඒකේ.හැබැයි දැනට භාවිතා වන අලුත් processor වල නම් මේ තොරතුරු cache memory කියන processor ඒකෙම තියන කොටසට කලින්ම ඇවිල්ලා සුදානමින් තියනව.processor ඒක ඇතුලේ තියන program counter කියන කොටස ප්‍රධාන ලෙසම bookmark ඒකක් වගේ ක්‍රියාකරනව.ඒය processor යට දැනුම් දෙනවා අවසාන instruction ඒක නිමවු තැන සහ නව instruction ඒක ඇරභිය යුතු තැන.
2.Decode
     processor ඒක ආසන්නම instruction ඒක Fetch කර වහාම විකේතනය කිරිම ඇරඹෙනවා. මේ සදහා processor core  ඒකේ කොටස් කිපයක්ම දායක වෙනව.Instruction ඒකකත් ප්‍රධාන කොටස් 2ක් තියනවා.ඒ op code සහ operand ලෙස.මේ  op code ඒක තමයි processor core  ඒකට කියන්නේ ලැබිලා තියන දත්තවලට මොකද්ද කරන්න ඔන කියලා.
උදා:Instruction ඒක ලැබුනේ 10 ට 5 ඒකතු කරන්න කියලනම්,මේ instruction ඒකේ op code ඒක තමයි ඒකතු කරන්න(+) කියන ඒක.
3.Execute
      මේ පියවරට ඒනකොට processor ඒක දන්නව instruction ඒකට මොකද කරන්න ඔන කියලා.ඉතින් ඒයා ඒක කරන්න ඔන කොටසට යවලා වැඩේ කර ගන්නව.

  උදා: ගණිතමය කොටස් විසදිමට තියෙන්නේ ALU (Arithmetic Logic Unit) ඒක.මේ කොටසට සම්බන්ද වෙලා තියනව විවිද input සහ output වලට. ඒවා මගින් අදාල අංක ඒහාට මෙහාට යවලා නියම පිලිතුර ලබා ගන්නව.


4.Writeback 
     අවසන් පියවර තමයි Writeback කියන්නේ.මෙහිදි ඉහත ලබාගත් පිලිතුර processor ඒකේ තියන General purpose memory වලට යවනවා.ඒ තොරතුරු නැවත process ක්‍රියාවලියට අවශ්ය උනොත් ලබගන්න.මේ සියල්ලම අවසානයේ යන්නේ RAM ඒකට.

   මේ ක්‍රියාවලිය නිරන්තරයෙන්ම චක්‍රියව සිදුවන්නක්.ඒ වගෙම සුපිරි වෙගයකිනුත් මෙය සිදුවෙනවා.අද භාවිතාවන සංඛයතය වැඩ් වෙගවත් Processors නිස මේක තවත් වෙගවත් වෙනව.