Saturday, December 15, 2012

වින්ඩොස් 8 පරිගණකයට දාගත්තද? (Part 2)

WINDOWS 8 TIPS

මේක කලින් ලිපියෙම දෙවන කොටස.මතකයිනේ මම වින්ඩොස් 8 වල වේගය වැඩි කරගන්න පුලුවන් ක්‍රම කිපයක් කිව්වා.මේ තියෙන්නේ ඒ වගේම තව පොඩි වැඩ ටිකක්.

5.Modify Power settings
   වින්ඩොස් 8 වලත් බැටරි බලය(විදුලිය )සහ කාර්යක්ශමතාව නිශ්චය කිරිම සදහා Power plans භාවිතා වෙනව.ඒය ලබා ගැනිමට Windows key ඒක press කර Power plans type කර Enter කරන්න.ඒයින් settings තොරා ගන්න.
   සාමාන්‍යයෙන් ඒය පවතින්නේ Balanced mode ඒකේ.වින්ඩොස් මගින් මෙහිදි ඉබේටම CPU ඒකේ වේගය අනවශ්‍යය අවස්ථාවල අඩු කිරිම කරනව.ඒමගින් විදුලිය ඉතිරි කර ගන්න පුලුවන්.ඒ වගෙම මෙහි Power saver සහ High performance දෙකකුත් තියනව.
6.Put your computer to sleep
   වින්ඩොස් 8 වල තියන මතභේදයට තුඩු දුන්න ලක්ෂණයක් තමයි ඒහි තියන shut down ඒක හන්ගල තියන ඒක.ඒකට හේතුව තමයි Microsoft ලට අවශ්ය වෙලා තියනව පරිගණකය shut down කරනව වෙනුවට Sleep කියන mode ඒකට උනන්දු කරවන්න.
   අපි sleep භාවිතා කරන කොට පරිගණකය අවම විදුලි පරිභෝජනයකට යනව.ඒහිදි විදුලිය වැයවෙන්නේ open කරල තියන files සහ folders වල තොරතුරු RAM ඒකේ තියා ගන්න විතරයි.ඔබ පරිගණකය ඉදිරියට ගිය වහාම ඒවිට ඒය යතා තත්වයට පත් වෙනව.
   ඔබට Sleep button ඒක සොයාගන්න පුලුවන් වෙන්නේ charm bar  ඒකේ තියන settings මගින්.ඒ සදහා Windows key + C -- Click settings--click power--select sleep යන පියවර භාවිතා කරන්න. 

7.Optimize your hard drive
   වින්ඩොස් 8 වල තියෙන්නේ disk defragment  ඒක Optimize drives නමින්.ඒයට ඇතුල් විමට Windows key ඒක press කරල defragment  type කරල Enter කරන්න ඔන.අමතක කරන්න ඒපා වින්ඩොස් 8 මගින් automatically ම සතියකට වතාවක් ඔබේ  drives Optimize කරනව කියල.
8.Control windows Indexing
   Windows Indexing service ඒක ස්වයන්ක්‍රියවම පරිගණකයේ තියන Files,folders කරල අධික්ශණය කරනව.ඒ නිසා පමාවකින් තොරව ක්ෂනිකව search කරගන්න පුලුවන්.Indexing CPU time ඒක වැඩිපුර භාවිතා කරනව.ඒ නිසා ඒය disable කිරිම මගින් CPU usage ඒක අදු කරල වේගය වැඩි කරගන්න පුලුවන්.
   මේ සදහා Windows key ඒක press කරල Services.msc  type කරන්න.මතුවන වින්ඩොවෙන් Windows search තොරාගෙන ඒය මත Right click කර properties තොරා ගන්න.
      Startup type box ඒකේ disable තොරාගෙන stop කර ok කරන්න.
    ඔයාල ලගත් මේ වගේ වින්ඩොස් 8 වල tips තියනවනම් comment ඒකක් දාල ඒවා share කර ගන්න.


Friday, December 14, 2012

වින්ඩොස් 8 පරිගණකයට දාගත්තද?

WINDOWS 8 TIPS. 

  වින්ඩොස් 8 පරිගණකයට දාගත්තද?මොකද හිතන්නේ ඒක අනෙක් හැම මෙහෙයුම් පද්ධතියටම වඩා වේගවත් නේද?ඇත්තටම වින්ඩොස් 8 වල boot වේගය පෙර ආ සංස්කරණ වලට වඩා වේගවත්,කුඩා මෙමරි usage ඒකක් තමයි තියෙන්නේ.ඒ වගෙම ඒහි desktop ඒකත් ප්‍රසන්න උද්යොගිමත් හැගිමක් ලබා දෙනව.වින්ඩොස් 8 වල වේගය තවත් වැඩි කරගන්න ඔන නම් ඒ සදහාත් settings රාශියක් තියනව වෙනස් කරගන්න පුලුවන්.
1.Disable time-wasting Animation
   වින්ඩොස් 8 වල (වින්ඩොස් 7 වල වගේම ) අපි ඇප්ලිකේශන්ස් Minimize,Maximize,Open,close ආදිය කරන කොට animation ඒකක් display වෙනව.ඒවා ඇසට ප්‍රියමනාප ලස්සන ඒවා තමයි.නමුත් ඒවා මගින් අනවශ්‍ය්ය පමාවක් ඇති කරනව.මේ animations disable කිරිම මගින් ක්ෂනිකව වින්ඩොස් සංක්‍රමණය කරගන්න පුලුවන්.

මේ සදහා Windows key ඒක press කරල system performance properties යන්න type කර Enter කරන්න.පස්සේ ඉහත පෙන්නා තිබෙන කොටු uncheck කරන්න.
2.Pinpoint Apps using lots of resources
   වින්ඩොස් 8 වල නව Task Manager මගින් පුලුවන් සියුම් ලෙස පරිගනකය අඩාල කරන වැඩසටහන් පහසුවෙන් සොයා ගන්න.Desktop task-bar ඒකේ Right-click කරල Task Manager තොරා ගන්න පුලුවන්.
   Applications භාවිතා කරන ගොඩක් Resources පිලිබද දල අදහසක් මෙමගින් ලබා දෙනව.ඔබට විස්තර සහිතව පරණ ආකාරයේ list ඒකක් අවශ්‍ය නම් ඒය පෙන්වන්නේ Details වල.

3.Manage your startup programs
   වින්ඩොස් Task Manager මගින්ම දැන් ඔබට පරිගණකර ආරම්භ වන විටම ක්‍රියාත්මක වන වැඩසටහන් කලමණාකරණය කරගන්න පුලුවන්.ඒ සදහා Startup tab ඒක භාවිතා කරන්න ඔන.මෙහිදි වින්ඩොස් විසින් අදාල වැඩසටහන ආරම්භ විමට කොපමන කාලයක් වැයවෙනවාදැයි ගණනය කර ඒය startup impact තිරුවේ දක්වනව.මෙහි ඇති disable මගින් ඔබට අනවශ්‍යය වැඩසටහන් නවතා දැමිය හැකියි.

4.Use included security program's
   පරිගණකයේ ආරක්ශා කර ගැනිමට තුන්වන පාර්ශවයක් විසින් ලබා දෙන ප්‍රතිවෛරස වැඩසටහනක් භාවිතා කරනවා වෙනුවට වින්ඩොස් 8 තුලම තිබෙන Security application ඒක භාවිතා කරන්න පුලුවන්.ඒය හදුන්වන්නේ Windows Defender නමින්.මෙය ඉතා හොද ප්‍රතිවෛරස වැඩසටහනක් ලෙස ක්‍රියා කරනව.
 වින්ඩොස් 8 පරිගණකයට ස්ථාපනය කර ගැනිමට තිබිය යුතු අවම අවශයතා
  • Processor:   1 GHz (with PAE, NX and SSE2 support) either   32-bit or 64-bit
  • Memory:  1 GB -  2 GB
  • Graphics Card:   DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
  • Storage:   20 GB
වින්ඩොස් 8 වල වේගය තවත් වැඩි කරගන්න පුලුවන් ක්‍රම කිපයක්ම දෙවන කොටස මගින් බලාගන්න පුලුවන්
දෙවන කොටස........ 

Thursday, December 13, 2012

පරිගණක මෘදුකාංග..

   පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගනකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගනක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.
  
    පරිගනක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
  


    පද්ධති මෘදුකාංග වැඩ සටහන් සම්පාදන මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස ප්‍රායෝගික පරිගණක පද්ධති ප්‍රධාන පන්ති තුනකට මෘදුකාංග පද්ධති වෙන් කරයි. 

  • පද්ධති මෘදුකාංග (System software)
   පරිගණක දෘඪාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි. එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක , දෝෂ විනිශ්චය පිළිබද උපකරණ ,මෙහෙයන් , කවුළුමය පද්ධති , ප්‍රයෝජනවත් සේවාවන් හා තවත් දේ අඩංගුය. පද්ධති මෘදුකාංග හි අරමුණ හැකිතාක් දුර සුවිශේෂ භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය , විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඪාංගවල ලක්ෂණ , අමතර උපාංග සන්නිවේදනයන් , මුද්‍රණ යන්ත්‍රයන් , කියවන්නන් , විදහා පෙන්වීම් , යතුරු පුවරු හා තවත් දෑ වැනි කාර්යය ක්‍රම සම්පාදකට පරිවහණය කිරීමයි.
  • ක්‍රම සම්පාදන මෘදුකාංග (Programming software)
   සාමාන්‍යයෙන් ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිතා කරමින් පරිගණක වැඩ සටහන් හා මෘදුකාංග ලිවීමට ක්‍රම සම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි. මෙවලම් පාඨ සංස්කාරකයන්, සංග්‍රාහකයන් , පරිවර්තකයන් , බන්ධකයන් , නිදොස්කරුවන් හා තවත් දෑ අඩංගුය . සමෝධානය කළ සංවර්ධන පරිසර‍යක් (IDE) එම මෙවලම් මෘදුකාංග පොදියකට ඒකාබද්ධ කරන අතර ක්‍රම සම්පාදක හට සම්පාදනය කිරීමට , පරිවර්තනය කිරීමට , නිදොස් කිරීමට , අංශු මාත්‍රණයට , හා වෙනත් දෑ සදහා ගුණාකාර විධාන ටයිප් කිරීම / ලිවීම අවශ්‍ය නොවේ. මක්නිසාදයත් IDE සාමාන්‍යයෙන් දියුණු කළ ග්‍රාසිකාකාර පරිශීලක අතුරු මුහුණත තිබේ. (GUI – Graphical User Interface)
  • යෙදුම් මෘදුකාංග (Application software)  
   අවසන් පරිශීලකයාහට විශේෂ (පරිගණක නොවන ආශ්‍රීත) මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි. නියමානුකූල යෙදීම් කර්මාන්ත ශාලා ස්වයංක්‍රීයකරණය , ව්‍යාපාරික මෘදුකාංග , අධ්‍යාපනික මෘදුකාංග, ඹෟෂධීය මෘදුකාංග / වෛද්‍ය මෘදුකාංග , පරිගණක දත්ත ගබඩා සහ පරිගණක ක්‍රීඩා අඩංගු වේ. යෙදුම් මෘදුකාංග විශාලතම භාවිතා කරන්නන් ව්‍යාපාරිකයන් වුව ද සෑම අතින්ම පාහේ යෙදුම් මෘදුකාංග ආකාරයක් මිනිස් ක්‍රියාකාරකම් ඇති සෑම ක්ෂේත්‍රයකම භාවිතා කරයි.   

 දෘඩාංග හා මෘදුකාංග
   දෘඩාංග (Hardware) යනු පරිගනකයක ඇති භෞතික වස්තූන්ය. ඊට සාපේක්ශව මෘදුකාංග යනු භෞතිකව ස්පර්ශ කල නොහැකි දෙයකි. එමෙන්ම අපට මෘදුකාංගයක් ක්‍රියා කරවිය හැක්කේ දෘඩාංගයක් මතය, (මෘදුකාංගයක් අපට ගෝචර වන්නේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය මතය). එනම් දෘඩාංග ක්‍රියා කරනුයේ එය මත ක්‍රියා කරන මෘදුකාංගය අනුවය. මෘදුකාංගයක් යනු එය ක්‍රියාත්මක වන දෘඩාංගය සඳහා දෙන ලද උපදෙස් මාලාවකි. මෙසේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහාම නිපදවන ලද මෘදුකාංග පද්ධති මෘදුකාංග හෝ මෙහෙයුම් පද්ධති ලෙසද හැඳින්වේ.
  මෘදුකාංගයක් පරිගනකයේ ප්‍රධාන මතකය (Main Memory) මතට ප්‍රවේශ වී එහි ඇති උපදෙස් මාලාව (Instruction set) එකින් එක පිලිවෙලට (Sequence) ප්‍රධාන සැකසුම් ඒකකයට (central processing unit) ලබා දෙයි. මෘදුකාංගයක් එහි සූක්ශමතම මට්ටමේදී පවතින්නේ ද්වීමය (Binary) සංඥා මාලාවක් වශයෙනි. මේවා යන්ත්‍ර භාෂාවෙන් (Machine Language) ඇති උපදෙස් ය. ප්‍රධාන සැකසුම් ඒකකය එම උපදෙස් වලට අනුව පරිගනකයේ දෘඩාංග වලට විද්‍යුත් සංඥා නිකුත් කරයි. ඒ අනුව ක්‍රියාකාරීත්වය සිදු වේ. 

දත්ත හා මෘදුකාංග
   මෘදුකාංග තනන්නේ මිනිසුන් ගේ ජීවත් වන ලෝකයේ පවතින ගැටලු වලට විසඳුම් සෙවීමටය. විසඳුම් සෙවීමටනම් ගැටලුව පිලිබඳ තොරතුරු හා දත්ත අවශ්‍ය වේ. පරිගනකයකට ඇතුලත් කරන ලද දත්ත ගබඩා කර තබාගැනීමට, සැකසීමට, ගනනය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ එය නැවත ලබා දීමට එයට හැකිය. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ම පාලනය කරනු ලබන්නේ මෘදුකාංග මගිනි.
   මෙසේ ප්‍රධාන මතකයට ඇතුල් කරන දත්ත හා තොරතුරු, පරිගනකයේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු මතකයෙන් ඉවත් වේ. නමුත් එම තොරතුරු ද්වීතියික මතකය (ස්ථීර මතකය) මත ගබඩා කිරීමෙන් එකම දත්ත නැවත නැවත ඇතුල් කිරීමට සිදු නොවේ.
  පරිගනක සම්බන්ධ පලමු නීතිය වන GIGO (Garbage In Garbage Out) යන්නද, දත්ත හා සබැඳි අදහසකි. එයට අනුව වැරදි දත්ත ඇතුල් කිරීමෙන් ලැබෙන්නේ වැරදි ප්‍රතිදානය. නිවැරදි ප්‍රතිදානය ලබාගැනීමට නිවැරදි දත්ත ලබා දිය යුතුය.
පරිගනක ආශ්‍රිත පද්ධතියකින් නියම ප්‍රයෝජන ගැනීමටනම් එහි ඇති දත්ත...
  • නිවැරදි විය යුතුය, (Accurate).
  • යාවත්කාල විය යුතුය, (Up to date).
  • සම්පූර්ණ විය යුතුය, (Complete).
  • පරස්පර විරෝධී නොවිය යුතුය, (Consistant).
 විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්.....

Thursday, December 6, 2012

වින්ඩෝස් වල ෆොල්ඩර් පාට කිරිම..

   නිර්මාණශිලිත්වය සහ සංවිධානාත්මක බව කියන වචන දෙක ඒකටම වගේ යන දෙයක්.නිර්මාණශිලිත්වය මගින් සංවිධානාත්මක බව ඇති කර ගන්න පුලුවන්.ඒමගින් මතුවිය හැකි ප්‍රශ්න මෙන්ම වැයවන කාලයද අවම කරගත හැකියි.මෙ කාරණය පරිගණකයක් භාවිතයේදි විතරක් නෙවෙයි අපගේ ජීවිත වලටත් අදාලයි.
   හරි..හරි.. මම කියන්න හැදුවේ නම් ජිවිතේ ගැන නෙවෙයි.පරිගණකයක් භාවිතයේදි අපට මතුවන ගැටලුවක් මගහරවා ගන්න තියන ක්‍රමයක් ගැන.අපි ඩොකියුමන්ට් ඒකක් ඔපන් කරන කොට ඒ තුල තියන ෆොල්ඩර්ස්(Folders) පෙන්නේ මෙන්න මේ වගේ,


   සමහර විට මිටත් වඩා Folders තියෙන්න පුලුවන්.ඒතකොට ඒවා ඒකිනෙක හදුනාගන්න සැහෙන අමතර කාලයක් වැය කරන්න වෙනව.කොහොමද අදුරගන්න පහසුවෙන විදියට Folders පාට කරා නම්?අනෙක්වා අතරින් අවශ්‍යය දේ පහසුවෙන් වෙන් කරගන්න පුලුවන් වේවි.මෙන්න මේ වගේ.
   මේ තියෙන්නේ එහෙම Folders පාට කරගන්න පුලුවන් හොද මෘදුකාංග 3 ක්.
01.Folder colorizer
   Folder colorizer කියන්නේ softorino කියන සමාගම නිර්මාණය කල වැඩසටහනක්.මේක download කරගෙන පරිගණකයේ install කර ගන්න පුලුවන්.Install කිරිමේ දි පහල කරුනු දෙක ගැනත් සැලකිලිමත් වෙන්න.













    Activated කරගත්තට පස්සේ  Folder ඒක උඩ Right click කරල පාට තොරගන්න පුලුවන්.
02.Folderico
Folderico කියන මෘදුකාංගය Shedko සමාගමේ නිර්මාණයක්.පහසුවෙන් පරිගණකයට Install කරගන්න පුලුවන්.
Folderico software ඒකත් ඒක්ක theme 2ක් ඒනව.ඊට අමතරව theme ඔන නම් ඔයාලට නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්.
03.Folder marker free(XP)

 කලින් දෙකම වින්ඩොස් 7 වලටනේ.අපි ගොඩක් දෙනෙක් තාම XP භාවිතා කරන නිසා මේ Software ඒක ඒ අයට.

Tuesday, December 4, 2012

Infinite Gangnam Style..Cool app

   ලොකේ හැමොම ඒකම දේකට කැමති නැහැ.ඒත් සමහරුන්ට වාසනාව තියනව තමන් කරන දේට ලොකයේ බොහො දෙනෙකුගේ අවදානය දිනා ගන්න..මැතකදි ජනප්‍රිය වුන තාමත් ජනප්‍රිය Gangnam style by PSY කියන්නේ ඊට හොද උදාහරණයක්.
  ඒක pop song ඒකක්.කොරියානු pop රසිකයන් අතර ජනප්‍රිය ගායකයකුගේ සිංදුවක් ඉතා සාර්තක ලෙස ලොකය පුරා ජනතාවගේ අවධානය දිනා ගත්තා.
  Gangnam style ඒක මේ වන විට අතිසාර්ථක ලෙස බොහෝ රටවල් වල charts වල අංක ඒක වෙලා.සෑම මිනිත්තු කිපයකටම වරක් ලොකයේ කොහේහරි රේඩියොවක යනව.ඒවගේම you tube හරහා මේක නැරබු ගණන මිලියන 800 වැඩියි.


  ‘Infinite Gangnam Style‘ ඒක කියන්නේ සරල වෙබ් app ඒකක්.ඒමගින් විනාඩි 3.39 දිවෙන සින්දුව නතර නොවන, නිතරම වෙනස් වෙන තත්වයට පත් කරනව.
  මේ app ඒක හදල තියෙන්නේ Echo Nest analyzer කියන සමාගම.මෙහිදි Gangnam style සිංදුව තනි තනි beats ගොඩකට කඩල තියනව.අපි play කරපුවහම සාමාන්‍යය විදියට පටන් ගන්න සින්දුව කවදාවත් ඉවරයක් නැතුව දිගටම play වෙනව.මොකද සින්දුව නිශ්චිත කාල වලදි වෙනත් beats වලට මාරු වෙනව.ඒ සිංදුවට හානියක් නොවන විදියට.අහන කෙනාට සින්දුව පැන පැන යනව කියල තෙරෙන්නේවත් නැහැ.


  ඔයාටත් මේ සිංදුවේ වෙනස් කම් කරමින්ම ඊට සවන් දෙන්න පුලුවන්.ඒකට keyboard තියන පහල දක්වල තියන key භාවිතා කරන්න පුලුවන්.

  •     The space-bar will start and stop the song.
  •     The left and right arrow keys speed up and slow down the song.
  •     The Ctrl key will freeze the song on the current beat.
  •     The Shift key bounces the song between all the beats that sound similar.

‘Infinite Gangnam Style‘ ඒක හැම browser ඒකක් සමගම වැඩ කරන්නේ නැහැ.Chrome සහ Safari වලත් Firefox latest browser යත් සමග පමණයි ක්‍රියා කරන්නේ.

බ්ලොග් තොරතුරු සමාජජාල වෙබ් අඩවිවලට...

   ඔබ බ්ලොග් ලියන්නෙක්ද?ගොඩක් අයට තියෙන්නේ ඒක බ්ලොග් ඒකයි.නමුත් සමහර අය කිපයක් පවත්වා ගෙන යනව.ඔබ ඉන් කොහොම කෙනෙක් උනත් ඔබේ බ්ලොග් අඩවියේ අනෙක් අයට වැදගත් වෙන ලිපි තියෙන්න පුලුවන්.හරි අද මගේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නේ අලුතෙන්ම බ්ලොග් ඒකක් පටන් අරන් පවත්වාගෙන යන අයට.ඒ වගේම බ්ලොග් කිපයක් පවත්වාගෙන යන අයට.ඔබ ඒහෙම කෙනෙක්නම් ඔබේ කාර්‍ය්ය බහුලතාව වැඩි ඇති,ලිපි ලියන්න,අනුගාමිකයින් සමග අදහස් හුවමාරු කර ගන්න,ඊලගට ලියන ලිපිය ගැන තොරතුරු ඒකතු කරන්න වගේ වැඩ වලට.ඒ වගේම තව දෙයක් තියනව ඔබ විසින් කල යුතුම.ඒක තමයි ඔබේ ලිපි සමාජ ජාල වෙබ් අඩවි වලට ඒකතු කිරිම.
   මම කල යුතුම කියල කිව්වට බ්ලොග් ලිවිමේදි ඒක අත්‍යවශ්යම නැහැ.නමුත් සමාජජාල වෙබ් අඩවිවලට ලිපි යොමු කිරිම මගින් අපේ බ්ලොග් ඒකට විශාල කියවන්නන් ප්‍රමාණයක් ගෙන්න ගන්න පුලුවන්.
   නමුත් කොහොමද සමාජ ජාල වෙබ් අඩවිවලට ලිපි යොමු කරන්නේ.ඔබට ඔබ විසින්ම ඒක කරන්නත් පුලුවන්.නමුත් අපිට ඒක හැමදාම කරන ඒක කරදරයක් වෙන්නත් පුලුවන්,බ්ලොග් කිපයක් තියන අයට නම් ඒ ක්‍රමය විශාල කාලය නාස්ති කිරිමක්.හරි ඒකට විසදුම තමයි ඒ සදහා උදවු කරන වෙබ් සේවා වල සහය ලබාගන්න ඒක.මේ තියෙන්නේ ඒ අතරින් ජනප්‍රියම සේවා කිපයක්.

1)Dlvr-It
   "ඩ්ලිවර් ඉට්" කියන්නේ දැනට තියන ජනප්‍රිය සේවාවක්.ඉතා සරල පියවර කිපයක් මගින් ඔබට Twitter,Facebook,LinkedIn,Tumber,StatursNef,Delicious,Rss Feed වගේ සේවා රාශියකට ලිපි යොමු කරවන්න පුලුවන්.

2)Twitter Feed
   Twitter Feed තමයි දැනට සමාජ ජාල වෙබ් අඩවි වලට RSS Feed කරන ප්‍රසිධම සේවාව.මෙමගින් Twitter,Facebook,LinkedIn වල ලිපි පළකරන්න  පුලුවන්.


3)RSS Graffite 2.0

 ඇත්තටම භාවිතා කරන්න පුලුවන් Facebook සමග පමණයි.ඒය සතුව පහසුවෙන් අවබොධ කරගන පුලුවන් අතුරු මුහුණතක් සහිතයි.RSS Graffite 2.0 කියන්නේ Facebook app ඒකක් නිසා ඔබට FB හරහාම ඒයට ඇතුල් වෙන්න පුලුවන්.

4)Next Script
   Next Script කියල හදුන්වන මෙය WordPress අඩවි සදහා පමණක් භාවිතා කරන්න පුලුවන් plugin ඒකක්.මෙමගින් Twitter,Facebook,LinkedIn,Tumber,blogger ආදි වෙබ් සේවා රශියකට ලිපි යොමු කරන්න පුලුවන්.


5)Thumblr
  ඔබ සතුව ඇත්තේ Thumblr බ්ලොග් අඩවියක් නම් සරලවම text editor ඒක මගින් Twitter හෝ Facebook වෙත ලිපි පොස්ට් කරන්න පුලුවන්.මෙය Twitter සහ Facebook සදහා පමණක් සිමාවෙලා තියනව.


6)Posterous

මේ හරහා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි රාශියකට ලිපි යොමු කරන්න පුලුවන්.

7)Blogger
ගුගල් Blogger වෙබ් අඩවි වල ලිපි g+ වෙත post කිරිමට පමණක් මෙය භාවිතා කල හැකියි.


 

Sunday, December 2, 2012

ලස්සන අයිකන් හොයන අයට..

  අයිකන (Icons) කිවුවම හැමොම දන්නවනේ පුංචි ඉඩක් වැයවෙන,අපේ අවධානය ඉක්මනින්ම දිනාගන්න කුඩා රූප කියල.අපි නිතරම මෘදුකාංගයක්,වෙබ් අඩවියක්,ඇප් ඒකක් පහසුවෙන් අදුන ගන්නේ අයිකනය දිහා බලලා.
  ඇත්තෙන්ම අයිකන නිර්මාණ්යේ දි අදහස් කරල තියෙන්නේ පරිගණකය නවකයින්ට භාවිතය පහසු කිරිම.නමුත් අද වනවිට අයිකන මගින් පරිගණක තිරය ආක්‍රමණය කර අවසන්.
මෙහෙයුම් පද්ධති වල දියුණුවත් සමග අයිකන වල දියුණුවත් වේගවත් උනා.ඉස්සර 16bit වල තිබුණු color අයිකන දැන් 32bit color වෙලා.ඒ වගේම ඒවා දිප්තිමත් සහ පාරදෘශ්ය වෙලා.අයිකන සැහෙන දුරක් ඇවිත් තියනව.
  ඔබේ පරිගණකය costomize කරන්න හිතනවනම්,ඔරිජ්නල් ආපු අයිකන වෙනස් කරල ලස්සන වැඩි අයිකන ටිකක් දාන ඒක තමයි ඉහලින්ම තියෙන්නේ.කොහොමද ඒක කරන්නේ?වැඩිය හිතන්න දෙයක් නැහැ.ඒ සදහා මුලාශ්‍ර රාශියක් තියනව.මම අද ලිපියෙන් ඉදිරිපත් කරල තියෙන්නේ ඒ වගෙ අයිකන සොයා දෙන සර්ච් ඒන්ජින් කිපයක්.try කරල බලන්න හැම ඒකක්ම ඒකිනෙකට වෙනස්...

FindIcons
    best free icons search engines   

IconsSearch
    best free icons search engines 
VeryIcon
    best free icons search engines


















IconLet
icon search engines


IconSeeker
    free icons search engines