Sunday, July 7, 2013

අලුත්ම පරිගණකයකට ඇතුල් කල යුතු මෘදුකාංග..

  ඔයා අලුත් පරිගණකයක්,ලැප්ටොප් ඒකක් ගත්තම ඒක තුල ස්ථාපනය කරන්න ඔන මෘදුකාංග මොනවද කියල වද වෙනව ඇති.තියන හැම දේම දාගන්න ඒකේ තෙරුමක් නැහැ.ඒ වගේම ඒ නිසා වේගය අඩු වෙන්නත් පුලුවන්.පරිගණකයට අවශ්‍යය ප්‍රමාණයට වැඩ දිලා ඒක වැඩිකාලයක් පවත්වා ගන්නවද නැත්නම් අනවශ්‍යය ප්‍රමාණයට වැඩ දිල ඒහි කල්පැවැත්ම අඩු කරගන්නවද කියල හිතන්න ඔන.ඒ නිසා තමයි අපි ඒයට දාන්න ඔන මෘදුකාංග ගැන දෙපාරක් හිතන්න ඔන.
   ඔයා පරිගණකයට මෙහෙයුම් පද්ධතියක් දාල ඒකට දානන ඔන මෘදුකාංග බා ගත කරන්න පටන් ගන්න වාඩි වෙන්න පෙර මේකත් කියවල ඉන්න.ඒතකොට වැඩෙ ගොඩක් පහසු වෙයි.

Google Chrome

  IE බ්‍රවුසර් ඒක තිබුනත් ඒක ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ වෙනත් බ්‍රවුසර් ඒකක් download කරගන්න විතරයි කියනවනේ.මිට වසර කිපයකට පෙර නම් ගොඩක් දෙනෙක් තොරා ගත්තේ ෆයර්ෆොක්ස්.නමුත් දැන් නම් වින්ඩොස් වලට හොදටම ගැලපෙන්නේ Chrome.

Dropbox

  දැන් නම් ගොඩක් දෙනෙක් cloud සේවාවන් භාවිතා කරනවනේ.ඒ අයට හොදම cloud සේවාව තමයි Dropbox කියන්නේ.ඒය විශාල ඉඩ ප්‍රමාණයක් නොමිලයේ ලබා දෙනව වගේම පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.

Evernote

  ඔයා ඉගන ගන්න කෙනෙක්ද,නිතරම ඒක ඒක දේවල් ලියා ගන්න වෙන කෙනෙක්ද?ඒහෙනම් ඔයාට අනිවාර්‍යයෙන්ම නොට් පැඩ් ඒකක් ඔන.ජනප්‍රියම ඒක තමයි Evernote කියන්නේ.ඒමගින් ඔයා ලිය දේවල්  synchronizes වෙලා වෙබ් අඩවියක තැම්පත් වෙන නිසා ඔයාට ඔන තැනක ඉදල ඒයට ඇතුල් වෙන්න පුලුවන්,mobile ඒකක් හරහා උනත්.

OpenOffice

  ඔයාට වැඩිපුරම අවශ්‍යය වෙන දෙයක් තමයි Office package ඒක.MS Office නම් සල්ලි වලට ගන්න ඔන.හැබැයි දැන් ඉට වඩා හොදින් ඒ වැඩේ නොමියේම කරගන්න පුලුවන් Office package තමයි OpenOffice.දැනට තියන Office package වලට හොදම විකල්පය තමයි OO කියන්නේ.ඒක ඔනැම මෙහෙයුම් පද්ධතියක් සමග ක්‍රියාකරනව.

7-Zip


මෙක නම් අනිත් හැම දෙයක්ම දාන්න කලින් දාගන්න ඔන ඒකක්.මොකද download කරන ගොඩක් දේවල් Zip කරලයි තියෙන්නේ.ඒවා Unzip කරගන්න 7-Zip භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම වෙනත alternatives ගොඩකුත් තියනව.කැමති ඒකක් තොරාගන්න පුලුවන්.

Malwarebytes’ Anti-Malware

  ආරක්ශාව තමයි පරිගණකයට වදගත්ම දේ.මැතකදි මයික්‍රොසොෆ්ට් සමාගම තම පාරිභෝගිකයින්ගේ ආරක්ශාව තමන්ගේම මෘදුකාංගයක් වන Microsoft Security Essentials යටතට ගත්ත,ඒ වින්ඩොස් 8 සමගම.මෙකත් Malware අයින් කරන්න හොද Antivirus ඒකක්.නමුත් නොමිලයේ ලබා දෙන Antivirus පමණක් කිසිම threat ඒකකින් සම්පුර්ණ ආරක්ශාව ලබා ගන්න බැහැ.

CCleaner

  ඔයාගේ සිස්ටම් ඒක පිළිවෙලට පිරිසිදුව තියා ගන්න ඔන නම් භාවිතා කරන්න පුලුවන් හොදම ඒක තමයි CCleaner ය.මෙය භාවිතා කරල ඔයාට අනවශ්‍යය ෆයිල් ඉවත් කර ගන්න පුලුවන්.මේආකාරයේ වැඩසටහ් අතර ඉහලින්ම ඉන්නේ මේ මෘදුකාංගය.

VLC Media Player

  තවත් වැදගත් දෙයක් තමයි ප්ලේයර් ඒක.නොයෙක් මාදිලියේ ෆයිල් සිස්ටම් රන් කර ගන්න පුලුවන්  හොද විකල්පයක් තමයි VLE ඒක.

Paint.NET

  ග්‍රැෆික් සහ චායාරූප සංස්කරණයට භාවිත කරන්න පුලුවන්.ඉතාමත් සරලව පෙර පුහුණුවක් නැති කෙනෙක්ට  උනත් භාවිතා කරන්න පුලුවන්.
Good If You Have


1 comment: