Showing posts with label Article(Normal). Show all posts
Showing posts with label Article(Normal). Show all posts

Thursday, January 23, 2014

දෙමුහුම් පරිගණක

Asus සමාගම නවතම නිෂ්පාදනය වන Asus Transformer Book Trio සමගින්, ඔබට ඇවැසි නම් යතු‍රු පුව‍රුවක් සවිකොට ලැප්ටොප් උපකරණයක් ලෙස භාවිත කළ හැකි ටැබ්ලට් උපාංගයක් පරිශීලනයට අවස්ථාව ලැබෙනු ඇත. එමතුද නොව ඔබට අවශ්‍ය විටක ක්ෂණයකින් Windows 8 මෙහෙයුම් පද්ධතිය හෝ Android Jelly Bean මෙහෙයුම් පද්ධතිය අතර මා‍රුවීමටද ඉන් අවස්ථාව ලැබෙනු ඇත. මෙය විප්ලවීය වෙනසක් මෙන්ම ආකර්ෂණීය අදහසක් බව නොකිවමනායි.
මෙම Asus Transformer Book Trio ලැප්ටොප්/ටැබ්ලට් පරිගණකය වෙනත් වෙළෙඳ පොළේ ඇති ලැප්ටොප් පරිගණකයක් බවට පරිවර්තනය කළ හැකි ටැබ්ලට් උපාංගවලින් බොහෝ සේ වෙනස් වේ. මූලිකවම මෙය ලැප්ටොප් පරිගණකයක් බවට පත්වන්නේ සරල යතු‍රු පුව‍රැවක් සවිකිරීමෙන් පමණක් නොවේ. මෙහි ටැබ්ලට් උපාංගයේ මෙන්ම යතු‍රු පුව‍රැවේද වෙන වෙනම විද්‍යුත් මොළ දෙකක් ස්ථාපිතව පවතී. එනම් Android මෙහෙයුම් පද්ධතිය සඳහා Intel® Atom™ ප්‍රොසෙසරයක් සහ Windows මෙහෙයුම් පද්ධතිය සඳහා Intel® Core™ i7 ප්‍රොසෙසරයක් ලෙසිනි. එසේම Android Jelly Bean සඳහා 2GB DDR2 රැම් මතකයක්ද, 16GB /32GB /64GB යන EMMC මතක ධාරිතා සංස්කරණද තිබේ. එසේම Windows 8 සමගින් මෙයට 4GB DDR3 රැම් මතකයක් සහ 500GB/750GB/1TB යන සංස්කරණ තුනකින් පැමිණෙන HDD මතක ධාරිතාද ස්ථාපිතව තිබේ.
Asus Transformer Book Trio යන නමින්ම හැඳින්වෙන මෙය ටැබ්ලට් උපාංගයක්, ලැප්ටොප් පරිගණකයක් ලෙස භාවිත කිරීමට හැකිවන සේම, පරිගණක මොනිටරයකට සම්බන්ධ කර ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙස ක්‍රියාත්මක කිරීමටද හැකි ලෙස නිෂ්පාදනය කර තිබේ. එනම් මෙය ලැප්ටොප් එකක්, ටැබ්ලට් එකක් මෙන්ම Docking station එකක්ද ලෙසින් ක්‍රියාත්මක වේ.
මෙහි අඟල් 11.6 ක 16:9 IPS Full HD තිරයක් තිබේ. එසේම අතිශය සිහින්, සැහැල්ලු එහෙත් ශක්තිමත් නිමාවකින් යුක්ත Asus Transformer Book Trio, ඔබ අද දිනයේ දකින නවීනතම ලැප්ටොප් පරිගණකයක, නැතිනම් ටැබ්ලට් උපාංගයක ඇති සෑම සියලු පහසුකමකින්ම, විශේෂාංගයකින්ම සමන්විත වෙයි.
නවීනතම දෙමුහුම් පරිගණක උපාංග සඳහා නවතම පියවරක් ලෙස සාඩම්බරයෙන් හඳුන්වාදෙනු ලබන මෙම Asus Transformer Book Trio උපාංගය නිෂ්පාදකයන් බලාපොරොත්තු වන තරමට ජනප්‍රිය නොවනු ඇතැයි සිතීමට තුඩුදෙන එක් ප්‍රබල ක‍රැණක් තිබේ. එනම්, මෙහි ඇති මිල අධික බවයි. බොහෝවිට මෙහි ඇති විශේෂත්වයද නොසලකා පරිශීලකයන් අඩුමිල ලැප්ටොප්/ටැබ්ලට් ‍තෝරාගැනීම් වෙත යොමුවීමට මෙහි ඉහළ පිරිවැය හේතුවනු ඇතැයි බොහෝදෙනා අනතු‍රැ හඟවා සිටියි.

                                                                                                                              -Ada

Friday, April 26, 2013

ජිපීඑස් පද්ධතියක ක්‍රියාකාරිත්වය:how GPS Works...

 
  ලොව ඔනැම තැනකදි තමන් සිටිනා තැන නිවරදිව දැනගන්න පුලුවන් නිවරදි ක්‍රමයක් තියනව.ඒ තමයි ගෝලීය ස්ථාන නිර්ණ පද්ධතිය නැත්නම (GPS:Global Positioning System)ඒක.මම මිට දින කිපයකට පෙර ඒහි ඉතිහාසය ගැන පොඩි ලිපියක් ඉදිරිපත්කලා ඒ GPS වල ඉතිහාසය නමින්.කියවල බලළම මෙතෙන්ට ඒන්න.
  ඔයා ඒ ලිපිය කියවපුවහම හිතන්න ඇති කොහොද මේ ජිපීඑස් ක්‍රියාකරන්නේ කොහොමද කියල.මේ තියෙන්නේ ඒ ගැන කෙටි සටහනක්.
අන්තර්ජාලය,න්‍යශ්ටික තාක්ශණය,සහ ජිපීඑස් තාක්ශණය යන ඒවා පිළිබද තියන පොදු දේ තමයි මේ සියලුම දේවල් නිර්මණය උනේ යුධ කටයුතු සදහා පහසුකම් සලස ගන්න.අන්තර්ජාලය වෙගයෙන් සහ පහසුවෙන් තොරතුරු හුවමාරු කරගන්න,න්‍යශ්ටික තාක්ශණය ප්‍රබල අවි නිපදවන්නත්,ජිපීඑස් තාක්ශණය විදේශයන් හිදි හමුදාවන්ට පහසුවෙන් මාර්ග සොයා ගන්නත් භාවිතා කලා.


  ගෝලීය ස්ථාන නිර්ණ පද්ධතිය ඇත්තටම පොළවට ඉහලින් රදවා ඇති මිනිසා විසින් නිපදවු චන්ද්‍රිකා 27 යුත් ජාලයකින් සමන්විතයි.ඉන් 24 පමණයි ක්‍රියාකරිව තියෙන්නේ ඉතිරි 3 තියල තියෙන්නේ යම් හෙයකින් චන්ද්‍රිකාවකට යමක් උනොත් ඒ වෙනුවට භාවිතා කරන්න.සෑම අවස්ථාවකම ඔබට ඉහල අහසේ මෙවැනි චන්ද්‍රිකා 4 වත් තියනව.
  කක්ශගත කරල තියන චන්ද්‍රිකා සමග සම්බන්ද වෙන්න පොළව මත පිහිටි මධ්‍යස්තාන 5 හරහා,ඉන් ප්‍රධාන මධ්‍යස්තානය පිහිටල තියෙන්නේ  ඇමෙරිකාවේ
Colorado වල.මේ මධ්‍යස්තාන වලට ලැබෙන තොරතුරු ඒකතු කරල යවනව ප්‍රධාන ස්ථානයට.ඒතනදි තමයි අවශ්‍යය වෙනස් කම් කරල නැවත ජිපීඑස් චන්ද්‍රිකාවට යවන්නේ.

  හරි දැන් අපට තියනව චන්ද්‍රිකා ජාලයක් සහ ඒවාට සම්බන්දිත මධ්‍යස්තාන ඒ මේ අතට තොරතුරු හුවමාරු කරගන්න පුලුවන් වෙන.ඒතකොට කොහොමද අපේ අතේ තියන දුරකථන,රථවාහන වල තියන ජිපීඑස්  පද්ධති කොහොමද වැඩ කරන්නේ?
ඔයාගේ උපකරණය කියන්නේ ජිපීඑස්  receiver ඒකක්.සරළව කිව්වොත් ඔයාගේ උපකරණයට චන්ද්‍රිකාවල ඉදල දත්ත ලැබෙනව.දත්ත කිව්වේ මොනවද?දත්ත කියල ඔයාගේ උපකරණයට ලැබෙන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවේ සිට උපකරණයට තියන දුර.ඔයා හිතනව ඇති මට මොකටද ඒකට තියන දුර මට ඔන මම ඉන්න තැන දැන ගන්නනේ කියල.හරි ඒකට තමයි මේ දුර භාවිතා වෙන්නේ.ඒම දත්ත උපයොගි කරගෙන ඔයාගේ ජිපීඑස්  ඒකට පුලුවන් ඔයා ඉන්න තැන හොයා ගන්න.
  හිතන්න ඔයා කොහෙහරි කැලයකදි අතරමං උනා කියල,ඔයා අතේ තියනව දුරකතනයක්,ඔයා ඒකෙන් කතා කරනව ඔයාගේ යාලුවෙක්ට ඒයාට පුලුවන් ඔයාට හරියටම ඔයා කතා කරන්නේ කොච්චර දුර ඉදන්ද කියන්න,ඔයා ඒයාගෙන් දුර අහගන්නව.හිතන්න ඒ  දුර 20කි.මි කියල ඔයා දැන් ඉන්නේ ඒ යාලුව ඉන්න තැන ඉදල 20කි.මි වෘතයක් ඇතුලේ.

  ඒමදි ඔයා ඒ වෘතයේ ඔනෑම තැනක ඉන්න පුලුවන් නිසා.ඒ නිසා ඔයා තව යාලුවෙක්ට කතා කරල ඒ වගේම ඔයාල දෙන්න අතර දුර අහ ගන්නව,ඉට පස්සේ ඒ අරය සහිතව වෘතයක් ඇද ගන්නව.මේ විදියට තුන් දෙනෙක්ට විතර කථා කරල දුර අහගෙන වෘත ඇදගෙන ඒවා ඒකට කැපිළ යන ස්ථානය හොයා ගන්නව ඒතමයි ඔයාගේ පිහිටුම.




  මීට සමාන තාක්ශනයක් තමයි ජිපීඑස් චන්ද්‍රිකාවල දිත් භාවිතා වෙන්නේ.ඉහළ අහසේ කක්ශගත කරල තියන චන්ද්‍රිකා තමයි ඉහත උදාහරණයේ සදහන් කල යාලුවන් විදියට ක්‍රියා කරන්නේ.ඇත්තටම චන්ද්‍රිකා පිහිටන්නේ ත්‍රිමාන අවකාශයක නිසා ඒක් ඒක් චන්ද්‍රිකාවේ සිට පොළවේ ඔබ සිටින තනට ඇති දුර අනුව අදින ගොල ඒකිනෙක ජේදනය වෙන්නේ ඉහල අවකාශයේ උනත් සියලුම දත්ත විශ්ලේෂණය කරල පොලවේ ඔබ සිටින තැන හරියටම උපකරණය මගින් පෙන්වා දෙනව.
  වඩාත් සාර්ථක ජිපීඑස්  දත්ත සැපයුමක් සදහා අවම වශයෙන් ඔබට ඉහළින් තියන චන්ද්‍රිකා 4 වත් උපකරණය සමග සම්බන්ද වෙන්න ඔන.මේ නිසා තමයි ඔබේ උපාංගයට ජිපීඑස්  දත්ත ලබා ගන්න වඩා වැඩි කාලයක් ගත වෙන්නේ.සමහර වෙලාවට ජිපීඑස්  සංඥා නොලැබි යන්නෙත් මේ නිසා,ඇත්තටම චන්ද්‍රිකා 1,2 සමග සාම්බන්ද වුනාට හරියටම තැන නිර්ණය කරගන්න බැහැ.


  ඇත්තටම ජිපීඑස්  තාක්ශණය පිටුපස සංකිර්ණ ගණනය කිරිම් තියනව.හිතා ගන්න පුලුවන්නේ ඔබේ දුරකථනේ බැටරිය ඉතා ඉකමනින් ක්ශය වෙන්නේ මොකද කියල.මේන්න මේ ගණනය කිරිම් සහ ඒවායේ නිරන්තර වෙනස් කිරිම් තමයි හේතුව.


Friday, April 19, 2013

ජිපීඑස් පද්ධති ඉතිහාසය..

  ලොව ඔනැම තැනකදි තමන් සිටිනා තැන නිවරදිව දැනගන්න පුලුවන් නිවරදි ක්‍රමයක් තියනව.ඒ තමයි ගෝලීය ස්ථාන නිර්ණ පද්ධතිය නැත්නම (GPS:Global Positioning System)ඒක.අද ලොකයේ භාවිතා වන බොහො රථවාහන වල ස්මාට් දුරකථන වල මෙය ප්‍රයොජනයට ගනිමින් ඉන්නව.මම කියන්න යන්නේ මේ GPS වල ඉතිහාසය ගැන.
   අද අපි බොහොම පහසුවෙන් භාවිතා කරන මේ ජිපීඑස් පද්ධතිය ඒකවරම නිර්මාණය වුවක් නොවෙයි.ඒහි අතිතය දෙවන ලොක යුධ සමය දක්වා දිව යනව කිව්වොත් ඔයා පුදුම වෙන්නත් පුලුවන්.මෙහි මුලාරම්භකයින් තමයි LORAN and Decca කියන රේඩියො නැවිගේශන් සේවාවන්.නමුත් මෙය පොළව මත තිබුන සන්නිවේදන පද්ධති මත සමන්විත වුවක් මිස කෘතිම චන්ද්‍රිකා මත පධනම් වුවක් නොවෙයි.
  1957 දි තමයි මිනිස් ඉතිහාසයේ පළමු වරට චන්ද්‍රිකාවක් කක්ෂ ගත කලේ.දන්නවනේ ඒ තමයි Sputnik යානය.ඒමගින් ඒවන සංඥා මොනවද කියල හදුනා ගන්න ආචාර්යය රිචඩ් බී. කර්ෂ්නර් කියන කෙනාගේ මුළිකත්වයෙන් යුතු කණ්ඩායමක් ඇමෙරිකාව පත් කලා.ඒ මගින් ලැබු අත්දැකිම් වලින් චන්ද්‍රිකා සංඥ භාවිතා කරල පොළවේ පිහිටුම සොයා ගන්නා ක්‍රමයක් හැදුවා.

  ඒ අනුව 1960 දි තමයි පළමු වරට  සැටලයිට් නැවිගේශන් සේවයක් ආරම්භ කලේ.ඒය ඇමෙරිකා නාවික හමුදාවේ ට්‍රාන්සිට් සේවයයි.ඒය සතුව චන්ද්‍රිකා 5 යුත් ජාලයක් පැවතුනා.මෙය දිගින් දිගටම දියුණු කල අතර 1978 දි නව්ස්ටාර් චන්ද්‍රිකාව කක්ෂගත කිරිම ඉතා වැදගත් සිද්ධියක් ඒය තමයි දැන් තියන ජාලයේ පළමු චන්ද්‍රිකාව ලෙස සැලකෙනව.
  ඒතැන් පටන් මේ දක්වා ඒනමින් තවත් චන්ද්‍රිකා කක්ෂගත කල.Navastar GPS කියා අදටත් ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් නිල වශයෙන් හදුන්වන්නේ මෙයයි.1978 සිට 1989 දක්වාම චන්ද්‍රිකා කක්ෂ ගත කල අතර 1989 දි ඒය සම්පුර්ණ කලේ චන්ද්‍රිකා 24 සමගිනි ඒ අනුව ජාලය තුල දැනට චන්ද්‍රිකා 31 කින් සමන්විතයි.


ඇමෙරිකානු ජාලයට විකල්ප ලෙස විවිධ රටවල් දැනටමත් සැටලයිට් නැවිගේෂන් පද්ධති නිර්මාණය කරමින් පවතිනව.රුසියාවේ ග්ලෝනස්,යුරොපයේ ගැලීලියෝ,චිනයේ කොම්පස් ඒ අතර ප්‍රධානයි.


Read more: 
             ජිපීඑස් පද්ධතියක ක්‍රියාකාරිත්වය

Saturday, October 6, 2012

අගහරු ගවේශණය:පස් සාම්පල පරීක්ශාව..


  Mars Curriosity යානය අගහරු ග්‍රහයාගේ දුවිලි සාම්පල පරීක්ශා කිරිමේ පලමු පියවර තැබිමට සුදානමින්.නාසා ආයතනය පවසන පරිදි ඔව්න් මෙය කිරිමට බලාපොරොත්තු වන්නේ වියලි දුවිලි සෙමින් කම්පණය කිරිම මගින්.
  රෝවර් යානය සතු විශාල ඉස්කොප්පයක් වැනි යමකින් වැල්ල හැරිමට නියමිතයි.ඒහි ඇති රාත්තල් 220 බර අතක් වැනි උපකරණය මගින් පොලව පැය 8 පමණ කම්පනය කරනවලු.ඉතා බර මෙහි සෙලවිම නිසා කම්පනය වු තුනි දුවිලි රෝවරය සතු රසායනද්‍රව්‍යය පරික්ශාකරන පද්ධතිය තුලට ඇතුල් වෙනව.ඒහිදි දුවිලි වල අඩංගු ලිහිසි ද්‍රව්‍යය සහ අනවශ්‍යය අවශේෂ පිරිසිදු කරනව.මෙය 2.5$ බිලියන වටින යානයේ ඇති අති සන්වේදි උපකරණ වල ආරක්ශාවට වැදගත්.
  පසුගිය අගෝස්තු මාසයේ අගහරු මත ගොඩබැමෙන් පසුව රෝවර් යානය සැතපුම් 3\10 පමන ගමන් කරමින් පින්තුර ගනිමින්,ග්‍රහයාගේ වායුගොලය අධයනය කරමින් සිටියා.
  ඒලඹෙන සතියක දෙකක කාලය තුල යානය අගහරුගේ පස හාරමින්,දුවිලි කම්පනය කර ඒවා ඒකතු කරමින්,ඉවත් කරමින් පරික්ශණ වාර 3 පමණ කිරිමට නියමිතයි.හරියට mouthwash ඒකකින් කට හෝදනව වගේ.හතරවැනි වාරයේදි තමයි ඉතාම ප්‍රවේසම් සහිතව පර්යේශණා ගාරය තුලට දුවිලි ඇතුල් කරගෙන අධ්‍යනයන් කිරිමට බලාපොරොත්තු වන්නේ.
  කාරයක් තරම් වු රෝවරය සතු සංකීර්ණ රසායනාගාරය තුලදි ජිවයේ පැවැත්මට අදාල මුලික අමුද්‍රව්‍යය අගහරු මත ඇත්දැයි පරික්ශා කරාවි.කාබන් ආශ්‍රිත සංයොග,නයිට්‍රජන්,පොස්පරස්,සල්ෆර් සහ ඔක්සිජන් ඒ අතරින් ප්‍රධානයි.මේ යානයේ රසායනාගාරය භාවිතා වන පලමු අවස්තාව.මාසයකට පසු නැවත තවත් ස්තානයකට ගොස් තවත් පස් සාම්පල් පරික්ශාකිරිමට නාසා ආයතනය කල සැලසුම් වල අඩංගුයි.
-Internet-
///////Do you want to read sinhala novels/////
           ------------click here-----------

Monday, July 30, 2012

SLPL තරඟ කාල සටහන


Date and TimeMatchWeather The Weather Channel
Sat Aug 11          
10:30 GMT | 16:00 local
16:00 IST
Nagenahira Nagas v Ruhuna Royals
R Premadasa Stadium, Colombo
N/A
Sat Aug 11          
14:30 GMT | 20:00 local
20:00 IST
Basnahira Cricket Dundee v Kandurata Warriors
R Premadasa Stadium, Colombo
N/A
Sun Aug 12          
10:30 GMT | 16:00 local
16:00 IST
Uthura Rudras v Wayamba United
R Premadasa Stadium, Colombo
N/A
Sun Aug 12          
14:30 GMT | 20:00 local
20:00 IST
Uva Next v Basnahira Cricket Dundee
R Premadasa Stadium, Colombo
N/A
Mon Aug 13          
14:30 GMT | 20:00 local
20:00 IST
Kandurata Warriors v Nagenahira Nagas
R Premadasa Stadium, Colombo
N/A
Tue Aug 14          
14:30 GMT | 20:00 local
20:00 IST
Ruhuna Royals v Uthura Rudras
R Premadasa Stadium, Colombo
N/A
Fri Aug 17          
10:30 GMT | 16:00 local
16:00 IST
Wayamba United v Uva Next
Pallekele International Cricket Stadium
N/A
Sat Aug 18          
10:30 GMT | 16:00 local
16:00 IST
Kandurata Warriors v Uthura Rudras
Pallekele International Cricket Stadium
N/A
Sat Aug 18          
10:30 GMT | 16:00 local
16:00 IST
Basnahira Cricket Dundee v Nagenahira Nagas
Pallekele International Cricket Stadium
N/A
Sun Aug 19          
10:30 GMT | 16:00 local
16:00 IST
Wayamba United v Basnahira Cricket Dundee
Pallekele International Cricket Stadium
N/A
Sun Aug 19          
14:30 GMT | 20:00 local
20:00 IST
Uthura Rudras v Uva Next
Pallekele International Cricket Stadium
N/A
Mon Aug 20          
10:30 GMT | 16:00 local
16:00 IST
Kandurata Warriors v Ruhuna Royals
Pallekele International Cricket Stadium
N/A
Mon Aug 20          
14:30 GMT | 20:00 local
20:00 IST
Nagenahira Nagas v Wayamba United
Pallekele International Cricket Stadium
N/A
Tue Aug 21          
10:30 GMT | 16:00 local
16:00 IST
Ruhuna Royals v Uva Next
Pallekele International Cricket Stadium
N/A
Tue Aug 21          
14:30 GMT | 20:00 local
20:00 IST
Uthura Rudras v Basnahira Cricket Dundee
Pallekele International Cricket Stadium
N/A
Fri Aug 24          
10:30 GMT | 16:00 local
16:00 IST
Wayamba United v Kandurata Warriors
R Premadasa Stadium, Colombo
N/A
Fri Aug 24          
14:30 GMT | 20:00 local
20:00 IST
Uva Next v Nagenahira Nagas
R Premadasa Stadium, Colombo
N/A
Sat Aug 25          
10:30 GMT | 16:00 local
16:00 IST
Basnahira Cricket Dundee v Ruhuna Royals
R Premadasa Stadium, Colombo
N/A
Sat Aug 25          
14:30 GMT | 20:00 local
20:00 IST
Kandurata Warriors v Uva Next
R Premadasa Stadium, Colombo
N/A
Sun Aug 26          
08:30 GMT | 14:00 local
14:00 IST
Nagenahira Nagas v Uthura Rudras
R Premadasa Stadium, Colombo
N/A
Sun Aug 26          
14:30 GMT | 20:00 local
20:00 IST
Ruhuna Royals v Wayamba United
R Premadasa Stadium, Colombo
N/A
Tue Aug 28          
14:30 GMT | 20:00 local
20:00 IST
1st Semi Final - TBC v TBC
R Premadasa Stadium, Colombo
N/A
Wed Aug 29          
14:30 GMT | 20:00 local
20:00 IST
2nd Semi Final - TBC v TBC
R Premadasa Stadium, Colombo
N/A
Fri Aug 31          
14:30 GMT | 20:00 local
20:00 IST
Final - TBC v TBC
R Premadasa Stadium, Colombo
N/A