Thursday, January 23, 2014

දෙමුහුම් පරිගණක

Asus සමාගම නවතම නිෂ්පාදනය වන Asus Transformer Book Trio සමගින්, ඔබට ඇවැසි නම් යතු‍රු පුව‍රුවක් සවිකොට ලැප්ටොප් උපකරණයක් ලෙස භාවිත කළ හැකි ටැබ්ලට් උපාංගයක් පරිශීලනයට අවස්ථාව ලැබෙනු ඇත. එමතුද නොව ඔබට අවශ්‍ය විටක ක්ෂණයකින් Windows 8 මෙහෙයුම් පද්ධතිය හෝ Android Jelly Bean මෙහෙයුම් පද්ධතිය අතර මා‍රුවීමටද ඉන් අවස්ථාව ලැබෙනු ඇත. මෙය විප්ලවීය වෙනසක් මෙන්ම ආකර්ෂණීය අදහසක් බව නොකිවමනායි.
මෙම Asus Transformer Book Trio ලැප්ටොප්/ටැබ්ලට් පරිගණකය වෙනත් වෙළෙඳ පොළේ ඇති ලැප්ටොප් පරිගණකයක් බවට පරිවර්තනය කළ හැකි ටැබ්ලට් උපාංගවලින් බොහෝ සේ වෙනස් වේ. මූලිකවම මෙය ලැප්ටොප් පරිගණකයක් බවට පත්වන්නේ සරල යතු‍රු පුව‍රැවක් සවිකිරීමෙන් පමණක් නොවේ. මෙහි ටැබ්ලට් උපාංගයේ මෙන්ම යතු‍රු පුව‍රැවේද වෙන වෙනම විද්‍යුත් මොළ දෙකක් ස්ථාපිතව පවතී. එනම් Android මෙහෙයුම් පද්ධතිය සඳහා Intel® Atom™ ප්‍රොසෙසරයක් සහ Windows මෙහෙයුම් පද්ධතිය සඳහා Intel® Core™ i7 ප්‍රොසෙසරයක් ලෙසිනි. එසේම Android Jelly Bean සඳහා 2GB DDR2 රැම් මතකයක්ද, 16GB /32GB /64GB යන EMMC මතක ධාරිතා සංස්කරණද තිබේ. එසේම Windows 8 සමගින් මෙයට 4GB DDR3 රැම් මතකයක් සහ 500GB/750GB/1TB යන සංස්කරණ තුනකින් පැමිණෙන HDD මතක ධාරිතාද ස්ථාපිතව තිබේ.
Asus Transformer Book Trio යන නමින්ම හැඳින්වෙන මෙය ටැබ්ලට් උපාංගයක්, ලැප්ටොප් පරිගණකයක් ලෙස භාවිත කිරීමට හැකිවන සේම, පරිගණක මොනිටරයකට සම්බන්ධ කර ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙස ක්‍රියාත්මක කිරීමටද හැකි ලෙස නිෂ්පාදනය කර තිබේ. එනම් මෙය ලැප්ටොප් එකක්, ටැබ්ලට් එකක් මෙන්ම Docking station එකක්ද ලෙසින් ක්‍රියාත්මක වේ.
මෙහි අඟල් 11.6 ක 16:9 IPS Full HD තිරයක් තිබේ. එසේම අතිශය සිහින්, සැහැල්ලු එහෙත් ශක්තිමත් නිමාවකින් යුක්ත Asus Transformer Book Trio, ඔබ අද දිනයේ දකින නවීනතම ලැප්ටොප් පරිගණකයක, නැතිනම් ටැබ්ලට් උපාංගයක ඇති සෑම සියලු පහසුකමකින්ම, විශේෂාංගයකින්ම සමන්විත වෙයි.
නවීනතම දෙමුහුම් පරිගණක උපාංග සඳහා නවතම පියවරක් ලෙස සාඩම්බරයෙන් හඳුන්වාදෙනු ලබන මෙම Asus Transformer Book Trio උපාංගය නිෂ්පාදකයන් බලාපොරොත්තු වන තරමට ජනප්‍රිය නොවනු ඇතැයි සිතීමට තුඩුදෙන එක් ප්‍රබල ක‍රැණක් තිබේ. එනම්, මෙහි ඇති මිල අධික බවයි. බොහෝවිට මෙහි ඇති විශේෂත්වයද නොසලකා පරිශීලකයන් අඩුමිල ලැප්ටොප්/ටැබ්ලට් ‍තෝරාගැනීම් වෙත යොමුවීමට මෙහි ඉහළ පිරිවැය හේතුවනු ඇතැයි බොහෝදෙනා අනතු‍රැ හඟවා සිටියි.

                                                                                                                              -Ada

0 comments:

Post a Comment